ධර්ම දේශනාව(බුදුසරණ 2007.11.01)
නමෝ තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
එවං මෙ සුතං එකං සමයං ආයස්මා ආනෙන්ද්‍රා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දක නිවාපෙ අචිර පරිනිබ්බුතො භගවතී තෙන බො පන සමයෙන රාජා මාගධො අජාත සත්තු වෙදෙහි පුතේතා රාජගහං ආයස්මා ආනනේද්‍රා පුබ්බනහ සමයං නිවාසෙත්වා පතතමීවචරං අදාය රාජගහං පිණ්ඩාය පාවිසි....
පින්වත්නි,
මෙම පාලි පාඨය මැදුම් සඟියේ උපරි පණ්ණාසකයට අයත් දෙවදහ වර්ගයේ ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ සඳහන්වන පාඨයකි.
අද වප් අටවක පොහෝ දින බුදුසරණ පුවත් පතේ ධර්ම දේශනාව සඳහා මා මාතෘකාව ලෙස තෝරා ගත්තේ ශීලාදී ගුණ ධර්මයන් පිළිබඳ විස්තර කෙරෙන දස ප්‍රසාදිනීය ධර්මයන් ගැනය.
මෙම දස ප්‍රසාදනීය ධර්මය අපගේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රේෂ්ඨ ධර්ම කොට්ඨාසයකි. උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසු, දිනක් ආනන්ද මහරහතන් වහන්සේ පිණ්ඩපාතය වඩින අවස්ථාවක ගෝපක මොග්ගල්ලාන බමුණාගේ වැඩ පලට වැඩියහ. එහිදී මෙම ධර්මය ගැන සාකච්ඡා කරන අවස්ථාවේ දී එම නිවසට මඟධ රාජ්‍යයේ මහාමාත්‍ය වස්සකාර බමුණා ද පැමිණියහ. මහාමාත්‍යතුමා ආනන්ද මහ රහතන් වහන්සේ දැක නමස්කාර කර ස්වාමිනී! මම පැමිණීමට පෙර වූ ධර්ම සාකච්ඡාව කුමක්දැයි ? විචාළහ. ආනන්ද මහරහතන් වහන්සේ මහ ඇමැතිතුමනි! ගෝපක මොග්ගල්ලාන බා‍්‍රහ්මණ තෙමේ මෙසේ විමසූහ.
ස්වාමීනී! අපගේ තථාගතයන් වහන්සේ යම් ධර්මයකින් යුක්ත වූයේ නම් උන්වහන්සේගේ සර්වඥතා ඥානයෙන් සියල්ල දත් සේක. එබඳු එකම භික්‍ෂුවක් දැනට ලොව ඇත්දැයි විචාළහ. බුදුරජාණන් වහන්සේ වැනි සියල්ල දත් එකඳු භික්‍ෂුවක් මෙලොව නැතැයි යනුවෙන් වදාළහ. මෙසේ සංවාදාත්මක මෙම ධර්ම සාකච්ඡාව පැවැත්වීම මෙහි විශේෂත්වයයි.
බමුණ! භාග්‍යවතුන් වහන්සේ තුළ නූපන් සිත් මාර්ග ඉපදීත්, නොහටගත් සිත් මාර්ග හටගෙන එය දැන ඉපදීමත්, නොවදාළ මාර්ගය කියන්නෙකි. මාර්ගය දන්නෙකි. මාර්ගයෙහි දක්‍ෂයෙකි. පසුව මේ මාර්ගවල ගමන් කරන ශ්‍රාවකයෝ මෙකල වාසය කෙරෙති.එසේම බුදුරජාණන් වහන්සේගේ යම් ශ්‍රමණයන් වහන්සේ ඒ අනුව යන්නාහු නම් බුදුපියාණන් වහන්සේ දැක්ක, දන්න, දැකිය හැකි පිළිසරණ ලබන අයෙකි.
බ්‍රාහ්මණයාණෙනි! මහ සංඝ සම්මුතියෙන් බොහෝ මහා තෙරුන්වහන්සේලා අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේ යැයි තබන ලද්දා වූ දැන් අප යමෙකු ගමන් කරන්නා වූ එක භික්‍ෂුවකුත් නොමැත්තේ ය. බමුණ මහා සංඝයා වහන්සේලා අප්‍රතිසරණ නොවෙමු.(පිළිසරණක් නැත්තේය) අපි සප්‍රතිසරණ වෙමු. ස්ථිර සරණ වෙමු. දහම් සරණ කොට ඇත්තෙමු.
අපි හැම විටකම පුද සත්කාර කරන්නේ නම් එවැනි භික්‍ෂූන් වහන්සේලා ඇසුරු කරන්නේ නම් ගරු සත්කාර ලබන්නට පමණක් විසීම සුදුසු නොවේ. එවැනි අයගේ යහපත් යහගුණ පමණක් ගෙන ඇසුරු කරන භික්‍ෂූන් ද ඇත්තේ ය. බ්‍රාහ්මණය, දත යුතු දේ දන්නා වූ දැක්ක යුතු දේ දක්නා වූ තථාගතයන් වහන්සේ විසින් මෙබඳු ප්‍රශ්න වලට පැහැදිලි පිළිතුරක් ‘දස ප්‍රසාදනී ධර්ම’ වශයෙන් වදාළහ. යමෙක් මේ ධර්ම පිළිපදිනතාක් බැබලෙන්නේ ය. එවැනි උත්තමයන් වහන්සේලාට සත්කාර කරම්හ. ගරු බුහුමන් කරම්හ.පුද සත්කාර ලබම්හ. එවැන්නෝ සුවසේ වසම්හ. ගරු සත්කාර දක්වන, එය ඇසුරු කරන පින්වත් සැමටද සුවසේ වාසය කළ හැක්කාහ.
පින්වත්නී! මේ ප්‍රසාදනී ධර්ම දහය හැමදෙනාගේම ප්‍රසාදයට සැප විහරණයට හේතු වෙනවා. ඒවා ආරක්‍ෂා කිරීමෙන් විනයත්, ශාසනයත් මැනවින් රැකවරණය ලැබෙනු ඇත.
ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය
කොටස් දෙකකින් යුක්තය. එය චාරිත්‍ර ශීලය හා වාරිත්‍ර සීලයයි.
චාරිත්‍ර ශීලය නම්
ගෙදර දොර පිරිසුදුව පවත්වාගෙන යෑම පරිසරය අලංකාරව තැබීම, තම වස්ත්‍රාදී ඉරී ඇත්නම් මසා ගැනීම් ආදී ගෘහ කටයුතු කිරීම්ද, ගිලනුන්, මහල්ලන් ආදි වැඩිහිටියන්ට මෙන්ම සිල්වත් ගුණවත් අයට උදව් උපකාර කිරීම් ද, වෙහෙර විහාර වල වතාවත් කිරීම් නිතර වැඳුම් කිරීම් ද මැනවින් ඉගෙන ගැනීම, උගත් දේ හොඳින් හදාරා පුරුදු පුහුණු කිරීම් ආදිය ද වේ.
වාරිත්‍ර ශීලය
දස අකුසල් නොකර, දස කුසලයන් වැඩීම, නිතරම සිල් ආරක්‍ෂා කිරීම, විනය ශික්‍ෂාවන් මැනවින් රැක ගැනීම, සුළු වරදකට පවා බිය ඇතිව විසීම, හිරි ඔතප් ඇතිව කටයුතු කිරීමාදිය හැඳින්විය හැක.
ශ්‍රැතිය හෙවත් සූතය
සති සම්පදා ඥානයෙන් යුක්ත, මනාවූ සිහියෙන් ඇසීම, සද්ධර්මය මැනවින් අසා අවබෝධක කර ගැනීම යම් ධර්ම කරුණක් මුල මැද අග හා එහි අක්‍ෂර, ව්‍යඤ්ජන ගැන පරිපූර්ණව සිටීම, අධි ශිල, අධි චිත්ත, අධිපඤ්ඤා යන ත්‍රිවිධ ශීලයන්ගෙන් සමන්නාගතව, ඇසීම (සුනාථ) දැරීම (ධාරෙථ) හැසිරීම (චරාථ) යන කරුණු අවබෝධ කිරීම හෙවත් අර්ථය හා ධර්මය සහ කාරණය නුවණින් දැනගෙන විසීම සූතය නම් වේ.
සිවු පසයෙන් ලද ලෙස සතුටුවීම
චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය යන සිවුපස ඉතා ආදර ගෞරවයෙන් පිළිගෙන දුන් අයට පින් අනුමෝදන් කර වැළඳීම, එහි රස, නීරස පිළිබඳ ගුණාගුණ නොකියා නොබලා සතුටු සිතින් පිළිගැනීම, සිවුපසය නම් සිවුරු, දානය, නිදාගන්නා ස්ථාන හා ඇඳ, පුටු, කළාල ආදිය, බෙහෙත් වර්ග වලින් ගන්නා යුෂ ආදිය වේ.
සතර ධ්‍යාන
1.චිතක්ක - සිතෙහි අරමුණ ගැනීමට උපකාර වන ස්වභාවය
2. විචාර – අරමුණෙහි සිත හැසිරීමයි, එම අරමුණ සිතින් පිරිමැදීම වේ.
3. පීති - සිතෙහි ඇතිවන පිනායන ගතිය පී‍්‍රතියයි, සතුටයි
4. සුඛ - මෙය කොටස් දෙකකට බෙදිය හැක. වේදයිත සැපය හා විමුක්ති සැපය
වේදයිත සැපය නම් – පංචකාම වස්තු කෙරෙහි ඇතිවන සතුට ලෞකික සැපයයි.
මිමුක්ති සැපය නම් – ජාති, ජරා, ව්‍යාධි ආදී සසරෙහි ඇති දුක්ඛතාවයන් ගැන මෙනෙහි කරමින් ඒවායෙන් මිදී කෙළවර ලබන සැපය, ලෝකෝත්තර සැප නැමැති නිර්වාන සැපයයි.
සෘද්ධි විධ සම්පත්
මේවා නානාප්‍රකාර වේ. නොයෙක් ලෙස ප්‍රාතිහාර්යය පෑමේ ශක්තියක් පවතී. දියෙහි නොගැටී, අහසෙහි, පොළොවෙහි පහස නොලබා, ගමන් කළ හැකි අදෘශ්‍යමාන බලවේගයකි. ඉර හඳ වූවත් අත්ලෙන් අල්ලා පිරිමැදිය හැකි බලවේගයක් මෙහි ඇත. පක්‍ෂියෙකු මෙන් සැරිසැරිය හැක.
දිව්‍ය ශ්‍රෝත ඤාණය
දිව කණින්, මනුෂ්‍ය කණින්, නොඇසිය හැකි ශබ්ද ඇසිය හැක. ලඟ හෝ දුර හෝ ඕනෑම භවයක සිටින අයගේ ශබ්ද ඇසීමේ ශක්තියක් දිව්‍ය ශ්‍රෝත ඤාණයට ඇත.
පරචිත්ත විජානන ඤාණය
පරසිත් අනුන්ගේ සිත්වල පවත්නා ස්වභාවය දැකීමේ ඤාණයයි. ඒ ඒ පුද්ගලයන්ගේ රාග සිත, විරාග සිත ආදී නානාප්‍රකර සිත දැන ගැනීමේ හැකියාවක් මෙම ඤාණය තුළ පවතී.
පුබ්බේ නිවාසානුස්සති ඤාණය
පෙර විසූ කඳ පිළිවෙල දන්නා නුවණ ඒ ඒ සත්වයා ඒ ඒ ආත්මවල කෙබඳු ලෙස සිටියා දැයි කෙබඳු ආත්මයක සිටියාදැයි ආදී පෙර භවයන්හි විස්තර දැන ගැනීමේ නුවණ මේ තුළ පවතී.
දිබ්බ චක්ඛු ඤාණය
පිරිසුදු වූ මිනිස් ආත්මයේ ඇති මිනිස් ඇස ඉක්මවා පවතින දිව්‍ය ඇසින් දැකීමේ හැකියාව මෙහි ඇත. ඉපදීම, මැරීම ලොකු කුඩා, හොඳ නරක පිළිබඳ ආත්මයන් දැකීමට මෙම දිබ්බ චක්ඛු ඤාණයෙන් ප්‍රබල ශක්තියක් පවතී.
ආශ්‍රවක්‍ෂයකර ඤාණය
කාමාදි නානාප්‍රකාර කෙළෙස් වලින් මිදී, සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති ඤාණ දර්ශනා ආදි ගුණ නුවණින් යුතු මෙය ශක්තිමත් ඤාණයකි. මෙම දස ප්‍රසාදිනී ධර්මයන් බුදුරජාණන් වහන්සේ විසින් පුරන ලද බෝධි සම්භාර ධර්මවලටද අයත්ය. මේවායින් සමහර ධර්මයෝ රහත් බව ලැබූ හෝ ලබන්නට උත්සාහ දරණ උත්තමයන්ටද සාධාරණව බල පැවැත්වේ. මෙයින් තව කොටසක් පෘථග්ජන භික්‍ෂූන් වහන්සේලාට පමණක් නොව ගිහි ජනතාවටද අවශ්‍ය කරන ධර්මයන් බව පෙනී යයි. දස ප්‍රසාදනී ධර්මයන් යනුවෙන් හැඳින්වනු ලබන්නේ තම තමන්ටම අවංකව සත්‍ය ලෙස මනසට එකඟව ප්‍රසන්නතා සිතින් යුක්තව විමසීමෙන් කටයුතු කිරීමයි. පින්වත් ඔබත්, අපත් මෙම කරුණු පිළිබඳව සිහි නුවණින් කටයුතු කර පරම සත්‍ය වූ නිවන් මඟ සලසා ගැනීමට වෙහෙස ගනිමු.
සැමට තෙරුවන් සරණයි.
No comments:
Post a Comment