ධර්ම දේශනාව(බුදුසරණ 2007.10.10)
නමෝ තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
පූති මච්ඡං කුසග්ගේන
යෝ නරෝ උපනය්හති
කුසාපි පූති වායන්ති
ඒවං බාලූප සේවනා
සම්මා සම්බුද්ධස්ස
පූති මච්ඡං කුසග්ගේන
යෝ නරෝ උපනය්හති
කුසාපි පූති වායන්ති
ඒවං බාලූප සේවනා
කාරුණික පින්වත්නි,
මහා කාරුණික භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මිනිස් වර්ගයාගේ යහපත පිණිස සැප පිණිස දියුණුව පිණිස දහම් දෙසූහ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දෙසා වදාළ හැම වචනයක්ම ලෝක සත්ත්වයාගේ යහපත පිණිසම විය. එසේ දේශනා කළ වදාළ දහම් ගාථාවකි. අද අපි තෝරාගන්නට යෙදුනේ.
යම් මිනිසෙක් කුස කණ ගසේ අගින් වුවද කුණු මස් වෙලා ගනීද බැඳ ගනීද , ඔසවාගනීද ඒ හේතුවෙන් කුස තණ ගස ද දුගඳ හමන තත්ත්වයට පත්වනවා. බාලයන්ගේ ඇසුරට යොමු වීමත් එබඳුම යැයි අපේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ වදාළා , මිනිසාගේ සම්පූර්ණ පරිහානිය සිදුවන්නේ බාලයන්ගේ ඇසුරට යොමු වීම නිසයි. බාලයන්ගේ ඇසුර හැම අයුරින්ම පිළිකුල් එකක් බව බුදුහාමුදුරුවො අපට පෙන්වා දෙනවා. මෙහි ‘බාලයා’ යන වචනයෙන් අදහස් වන්නේ වයසින් බාල අය නොව ගුණ දහමින් පෝෂණය නොවූ අයයි. වයසින් බාල අය අපට පහසුවෙන් හඳුනා ගැනීමට හැකි වුවත් ගුණ දහමින් බාල අය නම් හඳුනා ගැනීමට පහසුම නැහැ. ඒ සඳහා අපට අපගේ නුවණ හොඳට අවශ්‍ය වෙනවා. එක අතකින් පාපමිත්‍රයා, මිත්‍රප්‍රතිරූපකයා වශයෙන් හදුන්වන්නේද බාලයය. ඒ අය ලොකු කුඩා ස්තී‍්‍ර, පුරුෂ, උගත් නූගත් හැම දෙනා අතරම අඩුවක් නැතිව සිටිය හැකිය. “සමන්තා පාපමිත්තා” යනුවෙන් දේශනා කළ වදාළේ හැම පැත්තෙම හැම තැනම අඩුවක් නැතිව පවිටු මිතුරන් සිටින බවයි. එනිසා අප බොහෝ විට ප්‍රවේශම් වන්නට ඕනෑ.
බාලයාගේ චරිත බාලයාගේ ස්වභාව , බාලයාගේ ලක්‍ෂණ පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා. එය බාල පණ්ඩිත සූත්‍ර ධර්මය කියවන අයට පැහැදිලි වෙනවා. ඒ පිළිබඳව සඳහන් වන්නේ මෙහෙමයි.
“මහණෙනි , බාලයාගේ බාල ලක්‍ෂණ , බාලනිමිති, බාල චරිත තුනයි. මොනවාද ඒ තුන
1. මෙලොව බාලයා, නොසිතිය යුතු දෙය සිතනවා
2. කථා නොකළ යුතු දෙය කථා කරනවා
3. නොකළ යුතු දෙය කරනවා”
මෙම බුද්ධ දේශනාව අනුව අපට මනාව පැහැදිලි වෙනවා බාලයාගේ ස්වභාවය . ඒ වගේම අපට බාලයා කවර පුද්ගලයකු ද කියලා හඳුනා ගැනීමටත් හැකිවෙනවා. බාලයාගේ් සිතිවිලි හරිම නරකයි, හරිම විෂ සහගතයි. ලෝභය ,ද්වේෂය, මෝහය පදනම් කරගත් පාප සිතිවිලි , පාප විතර්ක මයි ඔහු සිත තුළ පවතින්නේ හැම විටම පස්කම් සැපතට ලොල් වූ ගිජු වූ අදහස්මයි ඔහුගේ සිතේ රජ කරන්නේ , ඒවා සපුරා ගැනීමට විවිධ ක්‍රමෝපායන් පිළිබඳ නිතර සිතනවා. කාමය පිළිබඳ සිතනවා. වගේම නිතර ද්වේෂ සහගත සිතිවිලිත් පහල කරගන්නවා. වෛරය, ක්‍රෝධය, පලිගැනීම, ඊර්ෂ්‍යාව ආදී දුෂ්ට සිතිවිලි මෙන්ම මෝහයට මුලාවට බර වූ මෝහ සහගත සිත් උපදවා ගන්නවා. මෙලෙස පවිටු පුද්ගලයා නො සිතිය යුතු දේ සිතනවා. එපමණින් ඔහු නො නවතියි. එම සිතිවිලි කායික , වාචසික , වශයෙන් ක්‍රියාත්මක කරන්නට පෙළඹෙයි. ඒ අනුව බොරු කීම, කේලාම් කීම පවිටු වචන කථා කිරීම , හිස් වචන කථා කිරීම වශයෙන් වචී දුශ්චරිත බොහෝ ලෙස කරනවා. එනිසයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ‘බාලයා’ නොකළයුතු කථා කරනවා කියලා. සතුන් මැරීම, සතුනට වද හිංසා පැමිණවීම ,සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, මදයට හා ප්රමාදයට හේතුවන මත්ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය භාවිතා කිරීම ආදී අනේකාකාර කායික දුශ්චරිත ද බාලයා සිදු කරනවා. මෙම ත්‍රිවිධ දුශ්චරිත ක්‍රියා බාලයාගේ ස්වභාවය අනුව අඩු වැඩි වශයෙන් සිදුවනවා. ඉහත ලක්‍ෂණ ඇති පුද්ගලයා බලවතෙක් නම්, මහා පිරිවර ඇත්තෙක් නම් මහා ධනවතෙක් නම්
ඔහු සිදු කරන විපත සුළු පටු නොවේ. සමාජයට යම් හිරිහැරයක්, කරදරයක්, හිංසාවක්, පීඩාවක්, විනාශයක්, දුකක්, ශෝකයක් සිදුවෙනවා නම් ඒ බාලයා මුල් කර ගෙනමයි සිදුවන්නේ. ලෝකය දෙස සිහිනුවණින් බලා විමසුවහොත් අපට මෙය හොඳින් වටහා ගත හැකිවෙනවා.
සිඟාලෝවාද සූත්‍ර දේශනාවේ පාප මිත්‍රයන් සතර දෙනෙකු පිළිබඳ සඳහන් වෙනවා. අඤ්ඤදත්‍ථූහර, වචී පරම , අනුප්පියභාණි, අපාය සහය යන නම්වලින් පෙන්වා දෙන්නේ ඒ සතර දෙනයි. මේ පුද්ගලයන්ගේ විශේෂ ගති ලක්‍ෂණ අනුවයි. කොටස් හතරකට බෙදා ඇත්තේ කිසිවක් නොදී කිසි සහයෝගයක් නොකර යම් යම් දේ ලබාගැනීම හෝ ඉතා ස්වල්ප යමක් දී බොහෝ දේ ලබා ගැනීමට පැමිණීම ‘අඤ්ඤදත්‍ථුහර’ පවිටු මිතුරාගේ ස්වභාවයයි. තමාට පැමිණෙන බිය උවදුරු වලින් මිදීමට කරදර බාධක වලින් විඳීමට ඔහු පැමිණෙයි. මොහුගේ පැමිණීම ඔහුගේම වාසිය උදෙසා මයි.
‘වචී පරම’ කියන විටම අපට ඔහුගේ ස්වභාවය තේරුම් ගන්නට හැකිවෙනවා. ඒ තැනැත්තාගේ සෑම ක්‍රියාවක්ම වචනයට පමණක් සීමා වෙනවා.
අතීතයෙන් සංග්‍රහ කිරීම, අනාගතයෙන් සංග්‍රහ කිරීම, අනවශ්‍ය දෙයින් සංග්‍රහ කිරීම, නැති දෙයින් සංග්‍රහ කිරීම මොහුගේ කැපී පෙනෙන ස්වභාවයයි.
මිතුරා කියන කරන සිතන හොඳ නරක දෙකම එකසේ අනුමත කරන්නේ අනුප්පිය භාණී පුද්ගලයා .එමෙන්ම සමීපයේ සිටින කල්හි ගෞරව කර ප්‍රශංසා කර, නම්බුනාම දී කථා කළත් නැති තැන බොහෝ දොස් කියයි. නින්දා කරයි, අපහාස කරයි.
සැම විටම නරකයටම, පාපයටම අපායටම යොමු කරවන්නේ අපාය සහය පවිටු මිතුරා අපායට යාමට සහයවන නිසා ‘අපාය සහය’ කියනවා. මදයට හා ප්රමාදයට හේතුවන මත්ද්‍රව්‍ය , මත්ද්‍රව්‍ය භාවිතයට හුරු කරවීම , නොකල්හි වීදි සංචාරය කිරීම, සූදුවට හා පර අඹුවන් කරා යාම ආදී අනේක විධ පාපක්‍රියාවනට ඔහුගේ අනුබලය , සහය, කැමැත්ත, පෙළඹවීම ලැබෙනවා.
මේ ස්වභාවයේ පවිටු මිතුරන් ඇසුරු කිරීමෙන් වැලකීමට සැමකල්හි නුවණැති උත්තමයෝ කටයුතු කරනවා. ඔවුන් සමග එකට විසීමට ඇසුරු කිරීමට කිසිවිටෙක පි‍්‍රය කරන්නේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ ‘අසේ වනාච බාලානං’ බාලයන් ඇසුරු නොකරන්න කියා උගන්වා වදාළා.
බාලයන් ඇසුරු කිරීමෙහි ඇති භයානක කම, නපුර පිළිබඳ බොහෝ සෙයින් අපට පෙන්වා දී තිබෙනවා. ජාතක පොත් වහන්සේ ගෙන බැලුවත්, අපට එය මැනවින් පැහැදිලි වෙනවා. ධම්ම පද ගාථා, පරීක්‍ෂා කර බැලුවත් දුදනන්ගේ ඇසුර කෙතරම් පිළිකුල් ද කියා හෙලිවෙනවා. නපුරු දුදනන්ගේ ඇසුර කිසි ලෙසකින් යහපත් වන්නේ නැහැ. එහි ඇති භයානක කම මෙලොවට පමණක් සීමා වන්නේ නැහැ. කල්ප ගණනින් දුගතිවල ඉපිද අනන්ත දුක්වලට ගොදුරු වීමටත් නිවන් මඟ වැසීයාමටත් හේතු වන්නේ බාලයාගේ ඇසුරයි.බාලයන්ගේ ඇසුරට යොමුවන කෙනෙක් කිසි දිනෙක යහපත් වන්නේ නැහැ. අවපස සඳ මෙන් මොහොතින් මොහොත පිරිහෙනවා. එනිසා එයින් වෙන්වීමම උතුම් මංගල කරුණක් වෙනවා. මේ හේතු නිසා අපේ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට මහත් කුළුණින් දේශනා කර වදාළ
පවිටු මිතුරන් ඇසුරු නොකරන්න
අධම පුරුෂයන් ඇසුරු නොකරන්න
කළණ මිතුරන් ඇසුරු කරන්න
අධම පුරුෂයන් ඇසුරු නොකරන්න
කළණ මිතුරන් ඇසුරු කරන්න
උතුම් පුරුෂයන් ඇසුරු කරන්න යනුවෙන් අපේ පැතුමක් ඒ අනුව සකසාගෙන තිබිය යුතුයි. අපි සෑම පින්කමක්ම සිදුකර අවසානයේ ‘නිවන් අවබෝධ කරන තුරු බාලයන්ගේ ඇසුරක් නොලැබේවා. කියා පතනවා. මෙය වඩාත් අවබෝධයෙන් හා සිහියෙන් කරන්නට අවශ්‍ය වෙනවා.
මෙපින් බෙලෙන්
අප සැමට බාලයන්ගේ ඇසුර නිවන් ලබනතුරු නොලැබේවා!
තෙරුවන් සරණයි !
No comments:
Post a Comment