නමෝතස්ස භගවතෝ අරහතෝ සමිමා සමිබුද්ධස්ස!
මින්
පෙර ලිපියේ සදහන් කරන්නට යෙදුණු කරැණු ඔබට මතක ඇති. එනමි බ්‍රහ්මජාල
සුත්‍රයේ දැක්වු පරිදිම බොහෝ දෙනා තථාගතයානන් වහන්සේ ගැන ප්‍රකාශ කරණුයේ
උන්වහන්සේගේ ගුණ ගායනා කරණුයේ, ශිල මාත්‍රයකින් පමණි. නමුත් උන්වහන්සේම
දේශනා කල පරිදි. එය උන්වහන්සේ අවතක්සේරැ කිරිමක් නොවන්නේද?
නිර්වාණයට පත් උතුමෝ තමුන් පිළිඹදව ස්වයං වර්ණනා කරගන්නේ නැත. විශේෂයෙන් බුදුවරයානන් වහන්සේලා එසේ නොකරති. ඒ උන්වහන්සේලා එයින් බලාපොරොත්තු වන කිසිදු ලාභ සත්කාරයක් නොමැති බැවිනි. නමුත් එයින් අනන්ත අප්‍රමාන මිනිසුන්ගේ චිත්ත ප්‍රසාදය ඇතිවන්නේ නමි, හා එය වැඩ පිණිස වන්නේ නමි බුදුවරයානන් වහන්සේලා එය නියත වශයෙන්ම කරණු ඇත.
වර්ථමාන සමාජයේ බොහෝ දෙනාගෙන් විමසා සිටි විට ඔවුන් බුදුපියානන් වහන්සේ දකිනුයේ තවත් එක් මනුෂ්‍යයෙක් වශයෙන් පමණි. ගිහියන් අතර තබා පැවිදි බොහෝ දෙනාද මෙසේ බුදුපියාණන්වහන්සේ ලඝු කොට සැලකිම වර්ථමානයේ සුලබ තත්වයක්. දැනට වසර 2500 කට පෙර බුදු රජානන් වහන්සේ ජිවමානව සිටි අවධියේ දීද මෙබදුම බුදුපියානන්වහන්සේ ලඝුකොට සැලකු බුදුපියාණන්වහන්සේ අවතක්සේරැවට පත්කල පිරිස් අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක් විය. තාක්ෂණය කාලය වෙනස් වුවද සමාජයන්හි මුලික ලක්ෂණ පරමිපරාවෙන් පරමිපරාවට නොසිදි පවත්න්නක්. අදත් ඒ තත්වය එසේමය. බුද්ධ චරිතය, බුද්ධ විලාශය බුද්ධ ඤානය අභියෝගයට ලක්කරණ ගිහි පැවිදි බෞද්ධයෝ විශාල පිරිසක් වර්ථමානයේ සමාජයේ අරක්ගෙන ඇත. උන්වහන්සේ ඒදා මෙම දේශානාව කරන්නට ඇත්තේ අද වන් දවසක සිතපහදින්නාවු තැනැත්නන්ගේ සිත් පැහැදිම සදහාම විය යුතුයැයි මම සිතමි. ඒය කොටස් වශයෙන් මෙතැන් සිට මතු ඉදිරිපත් කරනු ලැබෙමහා අන්ධකාරයක් මැදින් දිදුලන ශඩිවර්ණ ආලෝක ධාරාවක් මෙන්,ක්ලේශයන්ගෙන් බරිත අඤ්ඥාන සමාජයා විසින් වලලා දමන්නට උත්සහ දරන ඒ තථාගතයානන්වහන්සේගේ ස්වරැපය යලි යලිත් සැදැහැතියන්ගේ සිත් සතන්හි ජනිතකරවිමට සමත් සුත්‍රයක් ත්‍රිපිටකයේ මජ්ජිම නිකායේ අන්තර්ගතව ඇත. එම සුත්‍රයේ අපගේ තිලොගුරැ තථාගත සමිමා සමිබුදු රජානන් වහන්සේ, උන්වහන්සේ කවර ආකාරද යන්න පිළිබදව උන්වහන්සේ විසින්ම ශ්‍රි මුඛයෙන් දේශනා කර ඇත. මෙතැන් සිට එම ආශ්චර්‍ය වුත් ශ්‍රධ්ධාවර්ධක වුත් මහා සිහනාද සුත්‍රය කොටස් වශයෙන් ඉදිරිපත් කරණු ලැබෙ.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලාමහනුවර නගරයෙන් පිටත බටහිර පැත්තේ පිහිටි වන ලැහැබෙහි වාසය කළහ. එකල්හි සුනකඛතත නමි ලිචිඡුවිපුත්‍ර තෙම මෙ ශාසනයෙන් ඉවත්ව ගොස් නොබෝකල් ඇත්තේ වෙයි. හෙතෙම විශාලාමහනුවර පිරිස්වල මෙබදු වචන කියයි.
ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ධර්මයට වැඩිවූ, ආර්‍ය භාවයක් ඇති කිරීමට සමර්ථ විශෙෂ නුවණක් නැත්තේය. ශ්‍රමණ ගෞතම තෙම කල්පනාවෙන් සලකා නුවණින් විමසා තමහට වැටහෙන්නාවූ ධර්මයක් දෙශනාකරයි. ඒ ශ්‍රමණ ගෞතමයන් විසින් යමි අර්ථයක් සදහා ධර්මය දෙශනා කරන ලද්දේද, ඒ ධර්මය තෙම ඊට අනුරූපව ක්‍රියා කරන්නහුගේ දුක් විනාශකිරීම පිණිස පවතී., කියාය: " එකල්හි අයුෂ්මත් ශාරිපුත ස්ථවිරයන් වහන්සේ පෙරවරු කාලයෙහි හැද පාත්‍ර සිවුරුගෙන විශාලාමහනුවරට පිඩු පිණිස පැමිණියෝය. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සුනක්ඛත්ත ලිචිඡුවිපුත්‍රයා විශාලාමහනුවර පිරිස් මැද , ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ධර්මයට වැඩිවූ, ආර්‍යභාවයක් ඇති කිරීමට සමර්ථ විශෙෂ නුවණක් නැත්තේය. ශ්‍රමණ ගෞතමතෙමෙ කල්පනාවෙන් සලකා නුවණින් විමසා තමහට වැටහෙන්නාවූ ධර්මයක්
දේශනා කරයි. ඔහු විසින් යමි ප්‍රයෝජනයක් සදහා ධර්මය දෙශනා කරන ලද්දේද ඒ ධර්මයතෙම ඊට අනුව ක්‍රියා කරන්නහුගේ දුක් විනාශකිරීම පිණිස පවතී, යයි මෙසේ කියන වචනය අසන්ට ලැබුණේය.
එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විශාලා මහනුවර පිඩුපිණිස හැසිර බතින් පිසූ පිණ්ඩපාතයෙන් වැළකුනේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණියේය. පැමිණ එකපැත්තක වාඩිවිය. එකපැත්තක උන්නාවූ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙමෙ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකළේය. ,ස්වාමීනි, සුනක්ඛත්ත නමි ලිචිඡවිපුත්‍ර තෙම මෙ ශාසනයෙන් ඉවත්වගිය නොබෝ කල් ඇත්තේවෙයි. හෙතෙම විශාලාමහනුවර පිරිස් මැද මෙබදු වචන කියයි. ,ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ධර්මයට වැඩිවූ, ආර්‍යභාවයක් ඇතිකිරීමට සමර්ථ විශෙෂ නුවණක් නැත්තේය. ශ්‍රමණ ගෞතමතෙමෙ කල්පනාවෙන් සලකා නුවණින් විමසා තමහට වැටහෙන්නාවූ ධර්මයක් දෙශනා කරයි. ඒ ශ්‍රමණ ගෞතමයන් විසින් යමක් සදහා ධර්මය දෙශනා කරන ලද්දේද ඒ ධර්මය තෙම ඊට අනුව ක්‍රියා කරන්නහුගේ දුක් නැතිකිරීම පිණිස පවතී, කියායි.
ශාරිපුත්‍රය, සුනක්ඛත්ත හිස් පුරුෂතෙම කෝප වන්නෙකි. ඔහු විසින් ක්‍රෝධයෙන්ම මෙ වචන කියනලදී. ශාරිපුත්‍රය, ඒ සුනක්ඛත්ත නම හිස් පුරුෂ තෙම තථාගතයන්ගේ අගුණයක් කියන්නෙමියි සිතා තථාගතයන්ගේ ගුණයක්ම කියයි. ශාරිපුත්‍රය, තථාගතයන් විසින් යමක් සදහා ධමෟය දෙශනා කරනලද්දේද ඒ ධර්මයතෙම ඊට අනුව ක්‍රියා කරන්නහුගේ දුක් නැති කිරීම පිණිස පවතී, යයි යමෙක් කියා නමි එය තථාගතයන්ගේ ගුණයක්මය.
ශාරිපුත්‍රය, සුනඛකත්ත නමිවූ ඒ හිස් පුරුෂයාහට මා පිළිබද ධර්මාවබෝධයක් නැත්තේය. මෙ කාරණයෙන්ද ඒ භාග්‍යවත් තෙමෙ අර්හත්ය, සම්‍යක් සමබුද්ධය, අෂ්ට විද්‍යාවෙන් හා පහළොස් චරණ ධර්මයෙන් යුක්තය, සුගතය, සියලු ලෝකය දන්නේය. තමන්ට වඩා උතුමි කෙනෙක් නැත. දමනය නොකළහැකි පුරුෂයන් දමනය කිරීමෙහි සාරථියෙකු වැනිය. දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නේය. බුද්ධය, භගවත්යයි මා පිළිබද දැනීමක් නැත්තේය.
ඉහත කී අරහං ආදි නවයක් වු බුදුගුණ සංශේපයෙන්
විදාගම මහා මෛත්‍රෙය ස්වාමිපාදයන් විසින් රචිත බුදුගුණ අලංකාරයෙන්
ශාරිපුත්‍රය, සුනඛකත්ත නමි ඒ හිස් පුරුෂයාහට මා පිළිබදවූ මෙ ධර්මාවබොධයද නැත්තේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද නොයෙක් ආකාරවූ සෘද්ධි විධි විශෙෂයෙන් විදින්නාහ. කෙසේද? එක් කෙනෙක්ව බොහෝ දෙනෙක් වන්නාහ. බොහෝ දෙනෙක්ව එක්කෙනෙක් වන්නාහ. ප්‍රකට බවටද, අප්‍රකට බවටද පැමිණෙන්නාහ. භිත්ති සරසද, ප්‍රකාර සරසද, පර්වත සරසද අහසේ යමිසේද එසේ නොගැටෙමින් ගමන් කරන්නාහ. දියෙහි මෙන් පොළොවෙහිද කිමිදිමි, මතුවීමි කරන්නාහ. පොලොවෙහි මෙන් ජලයෙහිද නොකිදෙමින් යන්නාහ. පක්‍ෂියෙක් මෙන් අහසෙහි හිදගෙනම හිදීමෙන්ම: යන්නාහ. මහත් සෘද්ධි ඇති මෙ සද හිරු දෙදෙනද අතින් අල්ලන්නාහ. අතගාන්නාහ. බ්‍රහ්ම ලොකය දක්වා ශරීරයෙන් තමන්ගේ වසගයෙහි පවත්වන්නාහ.
ශාරිපුත්‍රය, සුනකඛත්ත නමි ඒ හිස් පුරුෂයාහට මා පිළිබධ මෙ ධර්මාවබොධය ද නැත්තේය. ඒ භාග්‍යවතුන්වහන්සේ මිනිස් කණ ඉක්ම සිටින්නාවූ පිරිසිදිවූ දිව කණින් දෙවියන් පිළිබදවූද මිනිසුන් පිළිබදවූද, දුරවූද, සමීපයෙහිවූද, දෙයාකාර ශබිදයන් අසයි.
ශාරිපුත්‍රය, සුනඛකත්ත නමි ඒ හිස් පුරුෂයාහට මා පිළිබදවූ මෙ ධර්මය දැනීමද නැත්තේය. භාග්‍යවතුන්වහන්සේ අන්‍යසත්‍වයින්ගේ ද අන්‍ය පුද්ගලයින්ගේද සිත තම සිතින් පිරිසිද දන්නාහ. රාග සහිත සිත රාග සහිත සිතයයි දන්නාහ. රාගරහිතසිත රාගරහිත සිතයයි දන්නාහ. හැකිලුණු සිත හැකිලුණු සිතයයි දන්නාහ. විසුරුණු සිත විසුරුණු සිතයයි දන්නාහ. මහත් බවට පැමිණි සිත මහත් බවට පැමිණි සිතයයි දන්නාහ. මහත් බවට නොපැමිණි සිත මහත් බවට නොපැමිණි සිතයයි දන්නාහ. උසස් බවට පැමිණි සිත උසස් බවට පැමිණි සිතයයි දන්නාහ. උසස් බවට නොපැමිණි සිත උසස් බවට නොපැමිණි සිතයයි දන්නාහ. සංසිදිනු සිත සංසිදිනු සිතයයි දන්නාහ. නොසංසිදිනු සිත නොසංසිදිනු සිතයයි දන්නාහ. මිදිනු සිත මිදිනු සිතයයි දන්නාහ. නොමිදිනු සිත නොමිදිනු සිතයයි දන්නාහ.
මහා සිංහනාද සුත්‍රයේ උපුටන ලද කොටසින් බුදු රජානන් වහන්සේගේ සෘධි බලය පිළිබදව දක්වන ලද හෙයින් එය ප්‍රකටව පෙනියෑම පිණිස කුද්ධක නිකායේ බුද්ධවංශ පාලියේ රතනචඞකමන කාණ්ඩය මෙතැන් සිට දක්වනු ලැබෙ.
රතනචඞකමන කාණ්ඩය යනු බුදු රජානනවහන්සේ කිඹුල්වත් පුරයට ඥාතින්ට ධර්මාවබෝදය සදහ වැඩම කල අවුස්තාවෙ ශාකයයන්ගේ මාන දුරැකිරිම පිණිස යමක මහා ප්‍රාතිහාර්‍යපා දසදහසක් සක්වල ආකාසය පුරා විහිදි පැතිරි සත්රැවන් සක්මනක් මවා එහි සකමන් කරමින්ම බුද්ධ වශය දේශනා කිරිමට හේතු පාදක වු සිදුවිමයි. එහි පාලි බසින් සිංහලට පෙරළුම පදගලපා කථාවක් මෙන් පහතින් දක්වනු ලැබෙ.
ඊලග ලිපිය හා බැදේ...

රහසත් පව් නො | කොට |
කෙලෙසරයනුත් දුරු | කොට |
නිසි වූයෙන් | පුදට |
අරහ යැයි නම කියති | මුනිඳුට |
තුන් කල්හි ම | පැවැති |
පදරුත සියල් ලොව | ඇති |
අතැඹුල සෙ දැන | ගති |
එයින් සම්මා සම්බුදුන | යෙති |
විද්දැ නැණ අට | ද |
පසළොස් සරණ ගුණය | ද |
ඇතියෙන් එමුනි | සඳ |
පිරුණු විජ්ජා චරණ නම් | ලද |
යහපත් කොට යෙතැ | යි |
සුන්දර කැනට සැපතැ | යි |
සොඳුරු බසු කියතැ | යි |
කියති ඒ මුනිරජුට සුගතැ | යි |
තුන් ලොව තතු | ලෙසට |
දැන ගෙන නොදත් | මෙලොවට |
දෙසුයෙන් නියම | කොට |
ලෝකවිදූ යැයි කියති | මුනිඳුට |
හැම ගුණයෙන් | නඳා |
සම වැඩි සතකු | ඇමදා |
දියතෙහි නැති | සඳා |
අනුත්තර යැයි කියති | මුනිඳා |
බඹ සුර යකුන් | තද |
දමනය කර තමන් | ලද |
සෙත් දී මුනිඳු | සඳ |
පුරිසදම් සාරති නම් | ලද |
බව කතරින් | එතෙර |
ලනුයෙන් සතන් හැම | වර |
තිලෝගුරු මුනි | වර |
වීය සත්තා නමින් | පුවතර |
සිව්සස් සිය | නැණින් |
දැන දැන්වීය | කුළුණින් |
දුර ලයි | අනුවණින් |
එ බදු නම් වීය ගුණ | පමණින් |
බෙදුයෙන් දහම් | කඳ |
බජනය කෙළෙන් ගුණ | කඳ |
බග දහමින් | සසඳ |
බැවින් බගවත් වීය | මුනිසඳ |
විදාගම මහා මෛත්‍රෙය ස්වාමිපාදයන් විසින් රචිත බුදුගුණ අලංකාරයෙන්
ශාරිපුත්‍රය, සුනඛකත්ත නමි ඒ හිස් පුරුෂයාහට මා පිළිබදවූ මෙ ධර්මාවබොධයද නැත්තේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද නොයෙක් ආකාරවූ සෘද්ධි විධි විශෙෂයෙන් විදින්නාහ. කෙසේද? එක් කෙනෙක්ව බොහෝ දෙනෙක් වන්නාහ. බොහෝ දෙනෙක්ව එක්කෙනෙක් වන්නාහ. ප්‍රකට බවටද, අප්‍රකට බවටද පැමිණෙන්නාහ. භිත්ති සරසද, ප්‍රකාර සරසද, පර්වත සරසද අහසේ යමිසේද එසේ නොගැටෙමින් ගමන් කරන්නාහ. දියෙහි මෙන් පොළොවෙහිද කිමිදිමි, මතුවීමි කරන්නාහ. පොලොවෙහි මෙන් ජලයෙහිද නොකිදෙමින් යන්නාහ. පක්‍ෂියෙක් මෙන් අහසෙහි හිදගෙනම හිදීමෙන්ම: යන්නාහ. මහත් සෘද්ධි ඇති මෙ සද හිරු දෙදෙනද අතින් අල්ලන්නාහ. අතගාන්නාහ. බ්‍රහ්ම ලොකය දක්වා ශරීරයෙන් තමන්ගේ වසගයෙහි පවත්වන්නාහ.
ශාරිපුත්‍රය, සුනකඛත්ත නමි ඒ හිස් පුරුෂයාහට මා පිළිබධ මෙ ධර්මාවබොධය ද නැත්තේය. ඒ භාග්‍යවතුන්වහන්සේ මිනිස් කණ ඉක්ම සිටින්නාවූ පිරිසිදිවූ දිව කණින් දෙවියන් පිළිබදවූද මිනිසුන් පිළිබදවූද, දුරවූද, සමීපයෙහිවූද, දෙයාකාර ශබිදයන් අසයි.
ශාරිපුත්‍රය, සුනඛකත්ත නමි ඒ හිස් පුරුෂයාහට මා පිළිබදවූ මෙ ධර්මය දැනීමද නැත්තේය. භාග්‍යවතුන්වහන්සේ අන්‍යසත්‍වයින්ගේ ද අන්‍ය පුද්ගලයින්ගේද සිත තම සිතින් පිරිසිද දන්නාහ. රාග සහිත සිත රාග සහිත සිතයයි දන්නාහ. රාගරහිතසිත රාගරහිත සිතයයි දන්නාහ. හැකිලුණු සිත හැකිලුණු සිතයයි දන්නාහ. විසුරුණු සිත විසුරුණු සිතයයි දන්නාහ. මහත් බවට පැමිණි සිත මහත් බවට පැමිණි සිතයයි දන්නාහ. මහත් බවට නොපැමිණි සිත මහත් බවට නොපැමිණි සිතයයි දන්නාහ. උසස් බවට පැමිණි සිත උසස් බවට පැමිණි සිතයයි දන්නාහ. උසස් බවට නොපැමිණි සිත උසස් බවට නොපැමිණි සිතයයි දන්නාහ. සංසිදිනු සිත සංසිදිනු සිතයයි දන්නාහ. නොසංසිදිනු සිත නොසංසිදිනු සිතයයි දන්නාහ. මිදිනු සිත මිදිනු සිතයයි දන්නාහ. නොමිදිනු සිත නොමිදිනු සිතයයි දන්නාහ.
මහා සිංහනාද සුත්‍රයේ උපුටන ලද කොටසින් බුදු රජානන් වහන්සේගේ සෘධි බලය පිළිබදව දක්වන ලද හෙයින් එය ප්‍රකටව පෙනියෑම පිණිස කුද්ධක නිකායේ බුද්ධවංශ පාලියේ රතනචඞකමන කාණ්ඩය මෙතැන් සිට දක්වනු ලැබෙ.
රතනචඞකමන කාණ්ඩය යනු බුදු රජානනවහන්සේ කිඹුල්වත් පුරයට ඥාතින්ට ධර්මාවබෝදය සදහ වැඩම කල අවුස්තාවෙ ශාකයයන්ගේ මාන දුරැකිරිම පිණිස යමක මහා ප්‍රාතිහාර්‍යපා දසදහසක් සක්වල ආකාසය පුරා විහිදි පැතිරි සත්රැවන් සක්මනක් මවා එහි සකමන් කරමින්ම බුද්ධ වශය දේශනා කිරිමට හේතු පාදක වු සිදුවිමයි. එහි පාලි බසින් සිංහලට පෙරළුම පදගලපා කථාවක් මෙන් පහතින් දක්වනු ලැබෙ.
ඊලග ලිපිය හා බැදේ...
Namo buddhaya,,,!
ReplyDeleteHarrah's Reno Casino & Hotel - KTNV
ReplyDeleteCasino 진주 출장안마 & Hotel Reno Reno is 전라북도 출장샵 a hotel and casino located in 안동 출장샵 Reno, Nevada, United States and is open daily 24 경상남도 출장마사지 hours. The casino has 2,100 slot machines, 문경 출장마사지