නමෝතස්ස භගවතෝ අරහතෝ සමිමා සමිබුද්ධස්ස!
මින් පෙර ලිපි 03 හිම කරැණු ඉදිරිපත් තථාගතයානන්වහන්සේගේ සෘධි ප්‍රාහිහාර්‍ය ඥානය පිළිබදවයි. මෙම ලිපියෙන් කරැණු ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන්නේ තථාගතයානන්වහන්සේ විසින් සෘධි ප්‍රාතිහාර්‍ය සමිබන්ධයෙන් දක්වන ලද ආකල්පය පිලිබදවයි. මෙ පිලිබදව තොරතුරැ අන්තර්ගත වන්නේ දිඝ නිකායේ 11 වෙනි කේවටිට සුත්‍රයෙය්. දීඝ නිකායේ සුත්‍ර, වචනාර්ථයෙන්ම දිර්ඝ වන බැවින් මෙහි එම සුත්‍රයේ සාරංශය පමණක් ඉදිරිපත් කරමි.
දිනක් කේවටිට නමි ගෘහපති තෙමෙ තථාගත බු පියානන් වෙත පැමිණ,

"ස්වාමීනි, මෙ නාලන්දා නුවර පොහොසත්ය, දියුණුය. බොහෝ ජනයා ඇත්තේය. මිනිසුන්ගෙන් ගැවසී ගත්තේය. ඔවුහු භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශේෂයෙන් පැහැදුනාහුය. ස්වාමිනි, යමෙක් මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘද්ධි ප්‍රාතිහාර්ය කරන්නේද, එවැනි එක් භික්‍ෂුවක් ප්‍රාතිහාර්ය කිරීමට නියම කරන සේක්වා. මෙසේ සෘද්ධි ප්‍රාතිහාර්ය පැවැත්වූ කල්හි මෙ නාලන්දා නුවර වාසය කරන ජනයා බොහෝ සෙයින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශේෂයෙන් පහදින්නේය".
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ කේවටිට ගෘහපති පුත්‍රයාට මෙ කාරණය කී සේක.
"කෙවටිටය, මම මෙසේ භික්‍ෂුන්ට ධර්ම දේශනා නොකරමි.
මහණෙනි, එව. ඔබ, සුදු වස්ත්‍ර අදින්නාවූ ගිහියන්ට මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘධි ප්‍රාතිහාර්ය කරව" යි කියාය.
දෙවනුවද, තෙවනුවද කේවටිට ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙ කාරණය ඉහතින් මෙන් කීයේය.
එවිට තථාගත බුදුපියානන්වහන්සේ විසින් කේවටිට ගෘහපති තෙම වෙත කරණ ලද දේශනයේ සාරංශය පහතින් දක්වනු ලැබෙ.
"කේවටිටය, මා විසින් විශේෂ ඥානයෙන් දැන අවබෝධ කොට ප්‍රකාශ කරන ලද මෙ ප්‍රාතිහාර්යයෝ තුන් දෙනෙක් වෙත්. එනමි
01)නොයෙක් මැවීමි ආදිය කිරීමෙ සෘධි ප්‍රාතිහාර්යය,
02)අනුන්ගේ සිත් දැක්වීමෙ ආදේශනා ප්‍රාතිහාර්යය,
03)අනුශාසනා කිරීමෙ අනුශාසනා ප්‍රාතිහාර්යය යන තුනයි.
සෘධි ප්‍රාතිහාර්යය
"කේවටිටය, මෙ ශාසනයෙහි භික්‍ෂු තෙම නොයෙක් අයුරු ඇති සෘධි විධි වෙන් වෙන් කොට දක්වයි. එකෙක්ව බොහෝ සේ වෙයි. බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වතය හරහට නොහැපිමෙන් යයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීමි, මතුවීමි කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කෙරෙයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිදගෙන්ම යයි. මෙ මහත් සෘද්ධි ඇති, මහත් ආනුභාව ඇති සද හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹලොව තෙක් ශරීරයෙන් වසග බව පවත්වයි."
ආදේශනා ප්‍රාතිහාර්යය
"කේවටිට, මෙ ශාසනයෙහි භික්‍ෂු තෙම අනුන්ගේ සිත දැන කියයි. සිතේ හටගත් සතුට හෝ අසතුට දැන කියයි. කල්පනා කරන ලද කරුණු දැන කියයි. විමසා බලන ලද කරුණු දැන කියයි. ඔබෙ සිතේ මෙසේ කාම සිතිවිලි වලින් යුක්තවූයේ වෙයි. ඔබෙ සිත මෙ ආකාරද වෙයි. ඔබෙ සිත මෙ මෙ දෙයක් සිතමින් පවතී යයි කියයි.
මෙ දක්වනු ලැබුයේ මෙ ශාසනයේ භික්ෂුන් විසින් දක්වනු ලබන්නාවු ප්‍රතිහාර්‍යයන් වෙ. මෙලෙස භික්ෂුන් විසින් ප්‍රතිහාර්‍ය දක්වන විට දී එම භික්ෂුන් කෙර් පැහැදුනා වු සැදැහැති ජනයා එම ප්‍රාතිහාර්‍ය ගැන ශ්‍රද්ධාව නොමැත්තාවුත් බුද්ධ ශාසනයේ පැහැදිමක් නැත්තාවුත් ජනයා වෙත මෙම කරැණු කියයි.
එහිදි තථාගතයානන්වහන්සේ,
ඒ ශ්‍රද්ධා නැත්තාවූ, නොපැහැදුනාවූ අය, ඒ ශ්‍රද්ධා ඇත්තාවූ පැහැදුන අයට මෙසේ කියන්නේය.
"පින්වත, ගන්ධාරී නමි විද්‍යාවක් ඇත්තේය. ගන්ධාර රට බොහෝ සෘෂිහු වාසය කළෝය. ඔවුන් අතරෙහි එකෙක් විසින් කරන ලද විද්‍යාවක් ගන්ධාරී නමි විය. ඒ විද්‍යාවෙන් භික්‍ෂු තෙමෙ නොයෙක් අයුරු ඇති සෘද්ධි වෙන් වෙන් කොට දක්වයි"
"කේවටිටය, මම සෘධි ප්‍රාතිහාර්යයෙහි මෙ දෝෂ හොදින් දන්නෙමි. සෘධි ප්‍රාතිහාර්යයෙන් ලජ්ජා වෙමි. අසූචි මෙන් පිළිකුල් කරමි" යි වදාළේය.
ඒ ශ්‍රද්ධා නැත්තාවූ, නොපැහැදුනාවූ තැනැත්තා, මෙසේ කියන්නේය. "පින්වත, චින්තාමණී නමි විද්‍යාවක් ඇත්තේය. ඒ විද්‍යාවෙන් භික්‍ෂු තෙමෙ අනුන්ගේ සිත දැන කියයි. ඔබෙ සිත මෙසේ මෙ මෙ දෙයක් සිතමින් පවතීයයි කියයි."
"කේවටිටය, මම ආදේශනා ප්‍රාතිහාර්යයෙහි මෙ දෝෂ හොදින් දන්නෙමි.
ආදේශනා ප්‍රාතිහාර්යයෙන් ලජ්ජා වෙමි. අසූචි මෙන් පිළිකුල් කරමි" යි වදාළේය.
මෙයින් කියවෙන්නේ උන්වහන්සේගේම වදනින් තථාගතයානන්වහන්සේ සෘධි ප්‍රාතිහාර්‍ය හා ආදේශනා ප්‍රාතිහාර්‍ය අසුචි මෙන් පිළිකුල් කල බවයි.
එසේනමි තථාගතයානන්වහන්සේ විසින් අනුමත කරන ලද ප්‍රාතිහාර්‍ය කුමක්ද?
එය අනුශාසනා කිරීමෙ අනුශාසනා ප්‍රාතිහාර්යය ලෙස හදුන්වනු ලැබෙ.
"කේවටිටය, අනුශාසනා ප්‍රාතිහාර්යය කවරේද?
"කේවටිටය, භික්‍ෂු තෙම මෙසේ අනුශාසනා කෙරෙයි. "මෙසේ කල්පනා කරවු, මෙසේ කල්පනා නොකරවු, මෙසේ මෙනෙහි කරවු, මෙසේ මෙනෙහි නොකරවු, මෙය දුරු කරවු, මීට පැමිණ වාසය කරවි" කියාය. මෙයට කේවටිටය, අනුශාසනා කිරීමෙ ප්‍රාතිහාර්යයි කියනු ලැබෙ"
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාල සේක. "කේවටිටය,
අර්හත්වූ, සම්‍යක් සමිබුද්ධවූ, විදර්ශනා ඥානය ආදී විද්‍යා අට, සීල සංවරය ආදී හසුරුවන ධර්ම පහළොව අෂ්ඨ විද්‍යා පසළොස් චරණ ධර්මයන් ගෙන් යුක්තවූ, යහපත් ගති ඇත්තාවූ, සියඵ ලෝකයන් දන්නාවූ, ශ්‍රේෂ්ඨවූ, හික්මවිය යුතු පුර්ෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, සත්‍යවූ උතුමි ධර්ම හතර චතුරාර්‍ය සත්‍ය: අවබෝධ කළාවූ, තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමෙ දෙවියන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් සහ මිනිසුන් සහිතවූ සත්ත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැක පැහැදිලි කොට ප්‍රකාශ කෙරේ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ථ සහිතවූ, සියඵ ලෙසින් සමිපූර්ණවූ, පිරිසිදුවූ සියඵ ශාසන මාර්ග බ්‍රහ්මචර්යාව ගෙන හැර දක්වති".
"ධර්මය ඇසූ අය ඒ දහම අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කෙරෙයි. ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ මෙසෙ සලකන්නේය. "ගෘහ වාසය පීඩා සහිතය. රාගාදී කෙලෙස් සහිත මාර්ගයකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහි ගෙය වහන්නහු විසින් සියලු ආකාරයෙන් සමිපූර්ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ ලියවූ හක් ගෙඩියක් මෙන් මෙම බ්‍රහ්ම චරියාවෙහි හැසිරෙන්නට නොහැක්කේය. මම කෙස් දැලි රැවුලු කපා දමා සිවුරැ හැද ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වෙන්නෙමි නමි ඉතා යහපතැයි" කියාය.
මෙ දක්වනු ලැබුයේ තථාගතයානන්වහන්සේගේ අනුශාෂනා ප්‍රාතිහාර්‍යයයි. තිලොක රාජ වු බුදුපියානන්වහන්සේ ජිවමානව වැඩසිටි සමයෙත් උන්වහන්සේගේ මහා පරිනිර්වානයෙන් පසුවත් යමෙක් තථාගතයානන්වහන්සේගේ සසුනේ පැවිදි වන්නේ නමි පැවදි වන්නේ උන්වහන්සේගේ අනුසාෂනා ප්‍රාතිහාර්‍යය නිසාය. සිත පහදවා ගන්නේ නමි සිත පහදවා ගන්නේ උන්වහන්සේගේ අනුශාෂනා ප්‍රාතිහාර්‍යය නිසාය. තිසරණ සරණ යන්නේ නමි තිසරණ සරණ යන්නේ උන්වහන්සේගේ උන්වහන්සේගේ අනුශාෂනා ප්‍රාතිහාර්‍යය නිසාය.
තථාගතයානන් වහන්සේ සංඝරත්නය විසින් මෙසේ කල යුතුය මෙසේ නොකල යුතුයැයි දේශනා කරනුයේද තථාගතයානන්වහන්සේ කරණ ලද දේශනාවමය. ධර්මය වනාහි තථාගතයානන්වහන්සේ විසින් උන්වහන්සේ විශිෂ්ඨ ඥානයෙන් පසක් කර දුන් පසු. එම ධර්මයට අනුව භික්ෂුන් වහන්සේ හා අන් සැම බෞද්ධයෙකුම කරනු ලබන දේශනා අනුශාෂනා ප්‍රාතිහාර්‍යම වන්නේය.
මෙසේ තතථාගතයානන්වහන්සේගේ ධර්මයේ පැහැදුනාවු සැදැහැති කුලපුත්‍රයන් විසින් උන්වහන්සේ විසින් දේශනා කර වදාල ශිල ප්‍රතිපත්තිය අනුගමනය කරන්නේය. එකි ශිලයේ පිහිටා. විවෙකී සුවයෙන් නිර්වානය අරමුනු කර භාවනාවට සිත යොමන්නේය පංච නිවරණ දුරැ කරන්නේය. මෙසේ භාවනා කොට ප්‍රථම ධ්‍යානයට,දෙවන ධ්‍යානයට,තෙවන ධ්‍යානයට,සිවිවන ධ්‍යානයට සිත පත් කරන්නේය, පංචස් කන්ධයේ දොස් දකිමින් නේවසංඤානාසංඤායතන ආදියට සිත පත්කරන්නේය.
ක්‍රමයෙන කලින් කි පරිදි සෘධි ප්‍රාතිහාර්‍ය ඥාන, ආදේශන ප්‍රාතිහාර්‍ය ඥාන, අභිඥා ඥාන උපද වන්නේය. අභිඥා ඥාන උපදවා
"ඔහු සත්ත්වයන්ගේ මරණින් පසු උත්පත්තිය දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. හේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ, නපුරුවූ, දුක්වූ, නිරයට පැමිනෙත්, නැතහොත් යහපත් පැමිණීමවූ ස්වර්ග ලොකයට පැමිණියෝයැයි දකියි. මෙයින් විචිකිචිචාව දුරැ කොට
"ඔහු සිතේ පැසවන කෙලෙස් පහකිරීමෙ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු මෙ දුකයයි තතු ලෙස දැනගණී මෙ දුක් ඉපදීමෙ හේතුවයයි තතු ලෙස දැනගණී, මෙ දුක් නැති කිරීමයයි තතු ලෙස දැනගණී, මෙ දුක් නැති කිරීමෙ මාර්ගයයි තතු ලෙස දැනගණී, මෙ පැසවන කෙලෙස්යයි තතු ලෙස දැනගනී. මෙ පැසවන ක්ලේශයන්ගේ හේතුයයි තතු ලෙස දැනගනී,
මෙසේ දැක සිත සිත නිවන කරා යොමු කරයි.
ඉන් අනතුරැව මෙම සුත්‍රයේ සදහන් වන්නේ තතාගතයානන්වහන්සේ විසින් විසින් දේශිත පෙරවු එක්තරා සිද්ධියකි.
කේවටිටය. පෙර වූ දෙයක් කියමි. මෙ භික්‍ෂු සංඝයා අතුරෙහිමවූ එක්තරා භික්‍ෂුවක් හට මෙවැනි අදහසක් පහළ වූයේය.
"පඨවිධාතු, ආපෝධාතු, තේජෝධාතු, වායෝධාතු යන මෙ සතර මහා භුතයෝ කවර තැනෙක්හි කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදීන පරිදි විනාශ වන්නාහූදැ" යි කියාය.
එනමි මෙ භික්ෂුවට හටගත්තාවු ගැටලුව වුයේ මෙ සසර පිළිබද ගැටලුවයි. නැතහොත් සංස්කාර පිළිබද ගැටලුවයි.
මෙම භික්ෂුව භාවනා කොට දිව්‍ය ලොවට යා හැකි වනනාවු සෘධියක් උපදවන ලදි. ක්‍රමයෙන් සදෙවි ලොවි සිවිවරමි දෙවිවරැන්, ආදින්ගෙන් මෙම ගැටලුවට පිළිබද විමසා පිළිතුරක් නොලැබු කල, මහා භ්‍රහ්මයා වෙත පැමිණ මෙම ගැටලුව විමසා සිටින ලදි. එහි දී සංවාදය,
"මහණ, යමි හේතුවකින් නුඹ වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා මෙ ප්‍රශ්නය විසදීම පිණිස බඹලොව දක්වා පිටත සෙවීමට පැමිණියෙහිද, මහණ, එබැවින් නුඹවහන්සේ විසින් මෙ කරණය වරදවා කරන ලද්දේය, අපරාධයක් කරන ලද්දේය.මහණ, නුඹවහන්සේ වැඩිය මැනව. ඒ භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණ මෙ ප්‍රශ්නය ඇසුව මැනව. යමි ආකාරයකින් භාග්‍යවතුන් වහන්සේ නුඹවහන්සේට ප්‍රකාශ කරන සේක්ද එපරිද්දෙන් එය පිළිගත මැනවයි" මහාබ්‍රහ්මතෙම කීයේය.
"කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම ශක්තිමත් පුරුෂයෙක් හකුළාගත් අතක් දිගුකරන්නේ හෝ යමිසේද, දිගුකළ අතක් හකුළන්නේ යමිසේද, ඒ ආකාරයෙන් බ්‍රහ්ම ලෝකයෙන් නොපෙනී ගොස් මාගේ ඉදිරියේ පහළවූයේය. කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම වැද එක් පැත්තක උන්නේය. ඒ භික්‍ෂුතෙම මා මෙසේ ප්‍රශ්න කළේය."
"ස්වාමීනි, පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මෙ සතර මහා භුතයෝ කවර තැනෙක කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදිනා පරිදි විනාශ වන්නාහුදැයි" කියාය.
"කේවටිටය, මෙසේ ඇසූ කල මම ඒ භික්‍ෂුවට මෙ කරණය කීවෙමි. "මහණ, පෙර පැවති කරුණක් කියමි. මුහුදෙහි යාත්‍ර කරන්නාවූ වෙළෙන්දෝ වෙරළ දකින ගති ඇති කවුඩු, උකුසු යන මොවුන් අතුරෙන් කුරුල්ලෙකු ගෙන නැවෙන් මුහුදට බැසගනිත්ද, ඔවුහු වෙරළ නොදක්නාවූ බැවින් වෙරළ දකින ගති ඇති කුරුල්ලා මුදත්. ඉදින් ඒ කුරුල්ලා හාත්පස වෙරළ දක්නේද ඒ වෙරළ දෙසට යන්නේය. ඉදින් ඒ කුරුල්ලා හාත්පස වෙරළ නොදක්නේ නමි ඒ නැවටම ආපසු එයි. මහණ, එපරිද්දෙන්ම ඔබ යමි හේතුවකින් බ්‍රහ්ම ලෝකය දක්වා සොයන්නේ මෙ ප්‍රශ්නය විසදන්නෙකු වෙතට නොපැමිණියෙහිද එහෙයින් නැවත මාගේ සමීපයටම හැරී ආයේහිය.
මහණ, ඒ ප්‍රශ්නය මෙසේ නොඇසිය යුතුයි. කෙසේද?
"ස්වාමීනි, පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මෙ සතර මහා භුතයෝ කවර තැනෙක කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදිනා පරිදි විනාශ වන්නාහුදැයි" කියාය. මහණ, මෙ ප්‍රශ්නය ඇසිය යුත්තේ මෙසේය.
"කුමකට පැමිණ කුමක් හේතුකොට ගෙන පස්, දිය, ගිනි, වායු යන සතර මහා භුතයෝ නොපිහිටත්ද හෙවත් පිහිටීම නොලබත්ද? කවර තැනෙක්හි දීර්ඝවූ හෝ කොටවූ හෝ සියුමිවූ හෝ මහත්වූ හෝ ප්‍රියවූ හෝ අප්‍රියවූ හෝ උපාදාය රූප රැස මහා භුතයන් නිසා පවත්නා කුඩා රූපධාතු සමූහය නොපිහිටාද හෙවත් පිහිටුම නොලබාද? කවර තැනෙක කුමකට පැමිණ, නාමයත් රූපයත් ෆසිතත් කයත්: ඉතිරි නොවී නිරුද්ධවෙද?" කියාය.
එහි විවරණය මෙසේ වෙයි.
"නුවණින් දැනගත යුතුවූ ඇසින් නොදැක්ක හැකිවූ ඉපදීමි, නැතිවීමි කොන් නැති හැම පැත්තෙන්ම පැමිණිය හැකි තොටවල් ඇති මෙ නිර්වාණ ධාතුවට පැමිණ, පස්, දිය, ගිනි, වායු යන සතර මහා භුතයෝ පිහිටීම නොලබත්. මහා භුතයන් නිසා පවත්නා කුඩා රූපයෝ නොපිහිටත්.මෙහි නාම රූප දෙක ඉතිරි නොවී නිරූද්ධ වෙයි. විඤ්ඤාණ සිත නිරෝධයෙන් මෙ නාම රූප රාශිය මෙ නිර්වාණයට පැමිණ ඉතිරි නොවී නැවත නූපදින පරිදි නිරුද්ධ වෙයි".
මෙම කථාවෙන් තතාගතයානන් වහන්සේ දේශනාකර සිටින්නේ කුමක්ද? දෙවියන් බ්‍රහ්මයන් සහිත ලොකයේ සංසාරය නැමති ගැටලුවට පිළිතුරැ දිය හැකි එකම තැනැත්තන් වහන්සේ උන්වහන්සේ වන බවය. උන්වහන්සේ දේශනා කලධර්මය පිළිපැදිමෙන්ම මෙම ගැටලුවට පිළිතුරැ ලැබෙන බවය. භික්ෂුව විසින් උපදවන ලද ප්‍රාතිහාර්‍ය ඥානයෙන් ඔහුට ඵලක් නොවිය. එබැවින් එම විශිෂ්ඨ ඥානයන් යොදාගත යුත්තේ නිර්වාණය අරමුණු කරමින් පමණක් වන බවය. නිවනට මාවත තනාගැනිමට පමණක් වන බවය.
එබැවින් මෙම නොයෙක් මැවීමි ආදිය කිරීමෙ සෘධි ප්‍රාතිහාර්යය, අනුන්ගේ සිත් දැක්වීමෙ ආදේශනා ප්‍රාතිහාර්යය ආදියට බුදු සසුනේ ලැබෙනුයේ අසුචි පිඩක වටිනා කමක් පමණි. මක්නිසාද යත් ඒවායින් සංසාර දුක්ඛයට පිලිතුරක් නොලැබෙන බැවිනි.

සමිපුර්ණ සුත්‍රය මෙතනින් කියවන්න
දීඝ නිකාය
11. කේවටිට සුත්‍රය
මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නුවර සමීපයෙහිවූ පාවාරිකා සිටාණන්ගේ අඹ වනයේ වාසය කරන සේක. එවිට කේවටිට තෙමෙ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැද එකත්පස්ව උන්නේය. ගෘහපති පුත්‍ර කේවටිට භාග්‍යවතුන් වහන්සේට මෙ කාරණය කීවෙය.
"ස්වාමීනි, මෙ නාලන්දා නුවර පොහොසත්ය, දියුණුය. බොහෝ ජනයා ඇත්තේය. මිනිසුන්ගෙන් ගැවසී ගත්තේය. ඔවුහු භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශේෂයෙන් පැහැදුනාහුය. ස්වාමිනි, යමෙක් මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘද්ධි ප්‍රාතිහාර්ය කරන්නේද, එවැනි එක් භික්‍ෂුවක් ප්‍රාතිහාර්ය කිරීමට නියම කරන සේක්වා. මෙසේ සෘද්ධි ප්‍රාතිහාර්ය පැවැත්වූ කල්හි මෙ නාලන්දා නුවර වාසය කරන ජනයා බොහෝ සෙයින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශේෂයෙන් පහදින්නේය".
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ කේවටිට ගෘහපති පුත්‍රයාට මෙ කාරණය කී සේක.
"කෙවටිටය, මම මෙසේ භික්‍ෂුන්ට ධර්ම දේශනා නොකරමි. මහණෙනි, එව. ඔබ, සුදු වස්ත්‍ර අදින්නාවූ ගිහියන්ට මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘධි ප්‍රාතිහාර්ය කරව" යි කියාය.
දෙවනුවද, තෙවනුවද කේවටිට ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙ කාරණය ඉහතින් මෙන් කීයේය.
"කේවටිටය, මා විසින් විශේෂ ඥානයෙන් දැන අවබෝධ කොට ප්‍රකාශ කරන ලද මෙ ප්‍රාතිහාර්යයෝ තුන් දෙනෙක් වෙත්. එනමි නොයෙක් මැවීමි ආදිය කිරීමෙ සෘධි: ප්‍රාතිහාර්යය, අනුන්ගේ සිත් දැක්වීමෙ ආදේශනා ප්‍රාතිහාර්යය, අනුශාසනා කිරීමෙ අනුශාසනා ප්‍රාතිහාර්යය යන තුනයි. කේවටිටය, එයින් සෘද්ධි ප්‍රාතිහාර්ය කවරේද?
"කේවටිටය, මෙ ශාසනයෙහි භික්‍ෂු තෙම නොයෙක් අයුරු ඇති සෘධි විධි වෙන් වෙන් කොට දක්වයි. එකෙක්ව බොහෝ සේ වෙයි. බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වතය හරහට නොහැපිමෙන් යයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීමි, මතුවීමි කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කෙරෙයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිදගෙන්ම යයි. මෙ මහත් සෘද්ධි ඇති, මහත් ආනුභාව ඇති සද හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹලොව තෙක් ශරීරයෙන් වසග බව පවත්වයි."
"මෙසේ නොයෙක් සෘධි විධි වෙන් වෙන් කොට දක්වන්නාවූ, ඒ සෘද්ධිමත් භික්‍ෂුව පැහැදුනාවූ එක්තරා ශ්‍රද්ධාවන්තයෙක් දකීද, ඒ පැහැදුනාවූ ශ්‍රද්ධාවන්තයා ශ්‍රද්ධා නැත්තාවූ, නොපැහැදුනාවූ එක්තරා එකකුට භික්‍ෂුවගේ මහත් සෘද්ධි ඇති බවද, මහා ආනුභාව ඇති බවද, "පින්වත, ඇත්තෙන්ම පුදුමය, පින්වත, ඇත්තෙන්ම ඉතා පුදුමය" යි කියන්නේද,
ඒ ශ්‍රද්ධා නැත්තාවූ, නොපැහැදුනාවූ අය, ඒ ශ්‍රද්ධා ඇත්තාවූ පැහැදුන අයට මෙසේ කියන්නේය. "පින්වත, ගන්ධාරී නමි විද්‍යාවක් ඇත්තේය. ගන්ධාර රට බොහෝ සෘෂිහු වාසය කළෝය. ඔවුන් අතරෙහි එකෙක් විසින් කරන ලද විද්‍යාවක් ගන්ධාරී නමි විය. ඒ විද්‍යාවෙන් භික්‍ෂු තෙමෙ නොයෙක් අයුරු ඇති සෘද්ධි වෙන් වෙන් කොට දක්වයි" කියාය.
කේවටිටය, ඒ කුමකැයි සිතන්නෙහිද? ඒ ශ්‍රද්ධා නැත්තාවූ, නොපැහැදුනාවූ තැනැත්තේ, ඒ ශ්‍රද්ධා ඇත්තාවූ පැහැදුන තැනැත්තාට මෙසේ කියන්නේදැ"යි ඇසූ සේක. "ස්වාමිනි, කියන්නේය" යි කීයේය.
"කේවටිටය, මම සෘද්ධි ප්‍රාතිහාර්යයෙහි මෙ දෝෂ හොදින් දන්නෙමි. සෘද්ධි ප්‍රාතිහාර්යයෙන් ලජ්ජා වෙමි. අසූචි මෙන් පිළිකුල් කරමි" යි වදාළේය.
"කේවටිටය, ආදේශනා ප්‍රාතිහාර්යය කවරේද?
"කේවටිට, මෙ ශාසනයෙහි භික්‍ෂු තෙම අනුන්ගේ සිත දැන කියයි. සිතේ හටගත් සතුට හෝ අසතුට දැන කියයි. කල්පනා කරන ලද කරුණු දැන කියයි. විමසා බලන ලද කරුණු දැන කියයි. ඔබෙ සිතේ මෙසේ කාම සිතිවිලි වලින් යුක්තවූයේ වෙයි. ඔබෙ සිත මෙ ආකාරද වෙයි. ඔබෙ සිත මෙ මෙ දෙයක් සිතමින් පවතී යයි කියයි. ඒ භික්‍ෂුතෙම ප්‍රසන්නවූ එක්තරා ශ්‍රද්ධාවන්තයෙක් දකීද, "මෙබදු භික්‍ෂුවක් මම දුටුවෙමි" යි ඒ ශ්‍රද්ධාවන්තවූ ප්‍රසන්න තැනැත්තා ශ්‍රදධා නැත්තාවූ, අප්‍රසන්නවූ යමි කෙනෙකුට භික්‍ෂුහුගේ මහත් සෘද්ධි ඇති බවද, මහා ආනුභාව ඇති බවද, ඇත්තෙන්ම ඉතා පුදුමයකැයි කියන්නේද,
ඒ ශ්‍රද්ධා නැත්තාවූ, නොපැහැදුනාවූ තැනැත්තා, මෙසේ කියන්නේය. "පින්වත, චින්තාමණී නමි විද්‍යාවක් ඇත්තේය. ඒ විද්‍යාවෙන් භික්‍ෂු තෙමෙ අනුන්ගේ සිත දැන කියයි. ඔබෙ සිත මෙසේ මෙ මෙ දෙයක් සිතමින් පවතීයයි කියයි."
"කේවටිටය, ඒ කුමකැයි සිතන්නෙහිද? ඒ ශ්‍රද්ධා නැත්තාවූ, නොපැහැදුනාවූ තැනැත්තේ, ඒ ශ්‍රද්ධා ඇත්තාවූ පැහැදුන තැනැත්තාට මෙසේ කියන්නේදැ" යි ඇසූ සේක. "ස්වාමිනි, කියන්නේය" යි කීයේය.
"කේවටිටය, මම ආදේශනා ප්‍රාතිහාර්යයෙහි මෙ දෝෂ හොදින් දන්නෙමි. ආදේශනා ප්‍රාතිහාර්යයෙන් ලජ්ජා වෙමි. අසූචි මෙන් පිළිකුල් කරමි" යි වදාළේය.
"කේවටිටය, අනුශාසනා ප්‍රාතිහාර්යය කවරේද?
"කේවටිටය, භික්‍ෂු තෙම මෙසේ අනුශාසනා කෙරෙයි. "මෙසේ කල්පනා කරවු, මෙසේ කල්පනා නොකරවු, මෙසේ මෙනෙහි කරවු, මෙසේ මෙනෙහි නොකරවු, මෙය දුරු කරවු, මීට පැමිණ වාසය කරයි" කියාය. මෙයද කේවටිටය, අනුශාසනා කිරීමෙ ප්‍රාතිහාර්යයි කියනු ලැබෙ"
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාල සේක. "කේවටිටය, අර්හත්වූ, සම්‍යක් සමිබුද්ධවූ, විදර්ශනා ඥානය ආදී විද්‍යා අට, සීල සංවරය ආදී හසුරුවන ධර්ම පහළොව අෂ්ඨ විද්‍යා පසළොස් චරණ ධර්මයන් ගෙන් යුක්තවූ, යහපත් ගති ඇත්තාවූ, සියඵ ලෝකයන් දන්නාවූ, ශ්‍රේෂ්ඨවූ, හික්මවිය යුතු පුර්ෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, සත්‍යවූ උතුමි ධර්ම හතර චතුරාර්‍ය සත්‍ය: අවබෝධ කළාවූ, තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමෙ දෙවියන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් සහ මිනිසුන් සහිතවූ සත්ත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැක පැහැදිලි කොට ප්‍රකාශ කෙරේ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ථ සහිතවූ, සියඵ ලෙසින් සමිපූර්ණවූ, පිරිසිදුවූ සියඵ ශාසන මාර්ග බ්‍රහ්මචර්යාව ගෙන හැර දක්වති".
"ධර්මය ඇසූ අය ඒ දහම අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කෙරෙයි. ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ මෙසෙ සලකන්නේය. "ගෘහ වාසය පීඩා සහිතය. රාගාදී කෙලෙස් සහිත මාර්ගයකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහි ගෙය වහන්නහු විසින් සියලු ආකාරයෙන් සමිපූර්ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ ලියවූ හක් ගෙඩියක් මෙන් මෙම බ්‍රහ්ම චරියාවෙහි හැසිරෙන්නට නොහැක්කේය. මම කෙස් දැලි රැවුලු කපා දමා සිවුරැ හැද ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වෙන්නෙමි නමි ඉතා යහපතැයි" කියායි.
"ඔහු පසු කාලයක සමිපත් රාශියක් හැර, නෑ පිරිස් හැර කෙස් දැලි රැවුලු කපා දමා සිවුරැ හැද ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වෙ. ඔහු ප්‍රධාන සංවර ශීලයෙන් යුක්තවූයේ, යහපත් හැසිරීමෙන් හා වරද නැති පැවැත්මෙන් යුක්ත වූයේ ස්වල්ප වූත් අකුසලයන්හි විශේෂයෙන් භය දක්නා ගති ඇත්තෙක් වූයේ, යහපත්වූ ශරීරයෙන්, වචනයෙන්, ක්‍රියාවෙන් යුක්තවූයේ, ශික්ෂාපද සමාදන්ව එහි මොනවට හික්මෙයි. පිරිසිදුවූ ජීවිත පැවතුමි ඇත්තේ වෙයි. ශීලයෙන් යුක්ත වූයේ වෙයි. ඉන්ද්‍රිය විෂයෙහි වැසූ දොරටු ඇත්තේ වෙයි. ආහාරයෙහි පමණ දන්නේ වෙයි. මනා සිහියෙන් හා හරි ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. සන්තෝෂයෙන් යුක්ත වෙයි".
"කේවටිටය, භික්‍ෂු නමක් කෙසේ නමි සීල සමිපන්න වෙද? කේවටිටය, මෙ සස්නෙහිවූ භික්‍ෂු නමක් ප්‍රාණ වධය හැර, ඉන් සමිපූර්ණයෙන් වැළැක්කේය. බහා තබන ලද දඩු ඇත්තේ මහා තබන ලද ආයුධ ඇත්තේ, පවි කිරීමෙහි ලජ්ජා ඇත්තේ කරුණාවන්ත වූයේ, සියඵ ප්‍රාණීන් කෙරෙහි හිත අනුකමිපාව ඇතුව වාසය කෙරෙයි."
"නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සමිපුර්ණයෙන් වැළැක්කේ දුන් දෙයම ගන්නේ, දුන් දෙයම කැමතිවන්නේ සොර නොවූ පිරිසිදුවූ සිතින් යුතුව වාසය කෙරෙ"
"අබ්‍රහ්මචර්යාව හැර උතුමි පැවතුමි ඇත්තේ ස්ත්‍රිපුරුෂ සංසර්ගය නමිවූ ග්‍රාම ධර්මයෙන් වෙන් වූයේ බ්‍රහ්බචාරී වෙයි."
"බොරු කීමෙන් දුරුව, ඉන් සමිපූර්ණයෙන් වැළැක්කේ සැබෑ තෙපුල් කියන්නේ, සැබැවින් සැබව ගළපන ගති ඇතුව ස්ථිර කතා ඇත්තේ ඇදහිය යුතු වචන ඇත්තේ ලෝකයා අතර විරුද්ධ කතා ඇති නොකෙරේ"
"පිසිණු බස් හැර ඉන් සමිපූර්ණයෙන් වැළැක්කේ මෙතනින් අසා මොවුන් බිදවීම පිණිස මෙතැනින් නොකියන ගති ඇත්තේද, මෙසේ භෙදවූවන් ගළපන්නේ, සමගිවූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබල දෙන්නේ සමගියෙන් ඇලුමි බහුල කොට ඇත්තේ සමගි කමිහි ඇලුනේ සමගිකමිහි සතුටුවන ගති ඇත්තේ සමගිය ඇති කරන තෙපුල් කියන්නේය."
"පරුෂ වචනය, හැර සමිපූර්ණයෙන් වැළැක්කේ, යමි වචනයක් නිදොස් වෙද, කණට සැපද, ප්‍රේමණීයද, සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ සිත් ප්‍රිය කරන්නේද, එබදු වචනම කියන්නේවෙ"
"හිස්වූ ප්‍රලාප කථා හැර ඉන් සමිපූර්ණයෙන් වැළැක්කේ, කාලයට සුදුසු කථා කරන්නේ, සිදුවූ තෙපුල්ම කියන්නේ, අර්ථයෙන් යුක්තවූ ධර්මයෙන් යුක්තවූ විනය සමිබන්ධවූ තෙපුල් කියන්නේ, සුදුසු කල්හි, උපමා හා කරුණු සහිතවූ, සීමා ඇති අර්ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වෙ. මෙසේ ඒ හිස් වචනයෙන් වැළැක්මද, දියුණුවට හේතුවන වචන කීමද මෙ ඔහුගේ සීලය වෙ"
"තණ ගස්, වැල් සිදීම, බිදීම ආදියෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ, එක් වෙලේ වළදන කෑම ඇත්තේ, රාත්‍රි කෑමෙන් හා අවෙලෙහි කෑමෙන් සමිපූර්ණයෙන් වැළැක්කේය."
"මල්, ගද විලවුන් පැළදීම, ඉන් සැරසීම, අඩුතැන් පිරවීමෙන් අලංකාර කිරීම යන මෙයින් සමිපූර්ණයෙන් වැළැක්කේය."
"උස් අසුන් මහ අසුන් යන මෙයින් වැළැක්කේය."
"රන්රිදී මසුරන් පිළිගැන්මෙන් සමිපූර්ණයෙන් වැළැක්කේය."
"අමුවූ ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් සමිපූර්ණයෙන් තොර වූයේය."
"අමුමස් පිළිගැන්මෙන් සමිපූර්ණයෙන් තොරවූයේද, ස්ත්‍රින් හා ගැහැනු ළමයින් පිළිගැන්මෙන් සමිපූර්ණයෙන් තොර වූයේද වෙ. වැඩකරුවන් වැඩකාරියන් පිළිගැන්මෙන් සමිපූර්ණයෙන් තොර වූයේ කුකුළන්, හූරන්, ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන්, කෙත්, වත් යන මෙ පිළිගැන්මෙන්ද සමිපූර්ණයෙන් තොර වූයේය".
"ගිහියන්ගේ දූත මෙහෙවරය, ගෙන් ගෙට යන මහත් මෙහෙවරය යන මෙයින් සමිපූර්ණයෙන් තොර වූයේ වැළැක්කේය."
"ගනුදෙනු කිරීමය, තරාදි ආදියෙන් වංචා කිරීමය, රන් හා නොරන් මිශ්‍ර වංචා කිරීමය, වී ආදිය මැනීමෙන් වංචා කිරීමය, හිමියන් අහිමි කිරීම ආදිය සදහා අල්ලස් ගැනීමය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලෝහ රන් රිදීයයි අගවා වංචා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයෝගය යන මෙයින් සමිපූර්ණයෙන් වැළැක්කේය."
"කැපීමය, මැරීමය, බැදීමය, සැගවී සිට වස්ත්‍ර පැහැර ගැනීමය, ගමි නියමිගමි ආදිය පැහැරීමය, බලහත්කාර කමින් වස්ත්‍ර පැහැර ගැනීමය යන මෙයින්ද සමිපූර්ණයෙන් වැළැක්කේය, මෙ ඔහුගේ සීල වෙ"
සුලු සීලය නිමියේය
"සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ගස් ආදිය වැවීමෙහි යෙදී වාසය කරත්.මෙබදුවූ බීජ ගාම භුත ගාමයන් සිදීමි, බිදීමි ආදියෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ වෙ නම
මෙයද ඔහුගේ එක් සීලයක් වෙ"
"එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙනලද කෑම කා ආහාර වර්ග බීම වර්ග දෙවෙනි දිනටතබා ප්‍රයෝජන ගැන්මය, අයිතියට නොගත් සිවුරු ආදිය යාන නමි වහන් දෙකකින් වැඩි සයන, සුගන්ධයන්, තල සහල් ආදිය තැන්පත් කොට තබා ප්‍රයෝජන ගැන්මයයි කියන ලද පසුවට තබා ප්‍රයෝජන ගැන්මෙහි යෙදීවාසය කරත්. මෙබදුවූ සන්නිධිකාර පරිභෝගයන් වැළකී වෙසේ නමි එසේම මන්ත්‍රපිරවීමෙන් නෘත්‍ය ආදී විසුඵ දැක්මෙන් සමිපූර්ණයෙන් වැළකේ නමි මෙයද ඔහුගේ සීලයක් වෙ. එසේම දූ කෙළියෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි. උස් අසුන් මහ අසුන්හි හිදීමි ආදියෙන් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි. සැරසීමි අලංකාර කිරීමි ආදියෙහි යෙදීමෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි. පහත් කථාවෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි.දෝෂාරෝපන කථාවෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි. දූත භාවය,හසුන් ගෙනයාම යන මෙයින් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි. කුහක වංචා ප්‍රයෝග ආදියෙන් වැළැක්මක් වෙ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි."
"සමහර මහණ බමුණෝ මෙන් යාග හෝම ආදී හේතුවෙන් සාමුදුකා ශාස්ත්‍රය, නිමිති ශාස්ත්‍රය හේතුවෙන්කරන ලාමක ජීවිකාවෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ වෙද මෙයද ඔහුගේ එක් සීලයෙකි."
"සමහර මහණ බමුණෝ මෙන් ලක්‍ෂණ බැලීමෙන් කරන පහත් විද්‍යාවන් නිසා කරන වැරදි ජීවිකාවෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි."
"සමහර පහත් බමුණෝ මෙන් රජුන්ගේ බැහැර යෑම ඒම ජය පරාජය ආදී පහත් විද්‍යා හේතුවෙන් කරනවැරදි ජීවිකාවෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි."
"සමහර මහණ බමුණෝ මෙන් චන්‍ද්‍රග්‍රහණ, සූර්‍යග්‍රහණ යනාදියේ විපාක කීමෙ පහත් විද්‍යාවන් හේතුකොට ගෙන කරන ලාමක ජීවිකාවෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි."
"සමහර මහණ බමුණෝ මනා වැසි දැති වන්නේය, මනා වැසි නැති වන්නේය ආදී ලෝකයට සිදුවන දේ
ගැන ශාස්ත්‍ර ඉගෙනීමයයි මෙසේ පහත් විද්‍යාවන් කරණ කොට වැරදි ජීවිකා කෙරෙත්.මෙසේවූ පහත් විද්‍යා හේතුවෙන් වන වැරදි ජීවිකාවෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි."
"සමහර මහණ බමුණෝ ආවාහ කරවීමය, විවාහ කරවීමය, නූල් බැදීමය, මන්ත්‍ර ජප කිරීමය, කැඩපත්හි දේවතාරෝපණය කොට ප්‍රශ්න ඇසීමය, ගැහැනු දරුවන්ගේ ශරීරයෙහි දේවතාරෝපණය කොට ප්‍රශ්න
ඇසීමය, කටින් ගිනිදැල් පිට කිරීමය, ශ්‍රී දේවිය කැදවීම ආදී පහත් ක්‍රියාවෙන් වැරදි ජීවිකා කෙරෙත්. මෙබදුවූ පහත් විජ්ජාවන් කරන වැරදි ජීවිකාවෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි."
"සමහර පින්වත් මහණ බමුණෝ ශාන්ති කිරීම, මන්ත්‍ර කිරීමය, භුරි කර්මය, පණ්ඩකයා පුරුෂයෙකු කිරීමය, පුරුෂයා පණ්ඩක කිරීමය ආදී මෙබදු පහත් විද්‍යා කරණ කොට වැරදි ජීවත් වීමෙන් ජීවිකා කෙරෙත්. මෙබදුවූ වැරදි ජීවිකාවෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි."
කේවටිටය, මෙසේ ශීල සමිපන්නවූ භික්‍ෂුහට භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ඔහුගේ ශීල සංවරය හේතුකොට ගෙන කිසිතැනකදී නොඋපදින්නේ කුමක් මෙන්ද යත් කේවටිටය, ක්‍ෂත්‍රියාභිෂෙකයෙන් මුදුනෙහි අභිෂේක ලද්දාවූ, සතුරන් නැති කළාවූ ක්‍ෂත්‍රිය රජෙක් කිසියමි සතුරෙක්ගෙන් කිසි භයක් නොදක්නේද, එපරිද්දෙන්ම, මහරජ, ශීල සමිපන්නවූ භික්‍ෂු තෙමෙ භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ශීලසංවරය
හේතුකොට කිසි තැනකදී නොදක්නේය. ආර්‍යවූ මෙ ශීල රාශියෙන් යුක්තවු ඒ භික්‍ෂු තෙම, තමන් තුල පිරිසිදුවූ කායික චෛතසික සැපය විදියි. කේවටිටය, මෙසේ දැක්වූ ශීලයෙන් යුක්තවූ භික්‍ෂුව ශීලසමිපන්න නමි වෙ"
"කේවටිටය, භික්‍ෂුව කෙසේ නමි ඉන්ද්‍රියයන්හි වැසූ දොරටු ඇත්තේද? මහරජ, මෙ සස්නෙහි භික්‍ෂු තෙමෙ,
ඇසින් රූපයක් දැක එහි නොඇලේ, එහි නොපෙළඹෙන්නේය. ඇස් ඉන්ද්‍රයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ සිතට ඇතුල් වන්නාහුද, එබදු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. ඔහු තමාගේ ඇස් ඉන්ද්‍රිය රකී, ඇස් ඉන්ද්‍රියෙහි සංවරයට පැමිණේ. එසේම කන් ඉන්ද්‍රියෙහිද, නාස් ඉන්ද්‍රියෙහිද,දිවි ඉන්ද්‍රියෙහිද, සිත් ඉන්ද්‍රියෙහිද සංවරයට පැමිණේ. එබදුවූ භික්‍ෂුව උතුමිවූ ශීල රාශියෙන් යුක්තවූයේ අභ්‍යන්තරයෙහි පිරිසිදුවූ අධි විත්ත සැපය විදියි. මහරජ, මෙසේ වූ භික්‍ෂු තෙමෙ ඉන්ද්‍රියන්හි වසන ලද දොරටු ඇත්තේ වෙයි."
කේවටිටය, භික්‍ෂුව කෙසේ නමි සිහියෙන් හා මනා ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙද?
මහරජ, මෙ සස්නෙහි භික්‍ෂු තෙම ඉදිරියට යෑමෙහිද, ආපසු යෑමෙහිද, ඉදිරි බැලීමෙහිද, වටපිට බැලීමෙහිද,
අත් පා හැකිලීමෙහිද, දිගු කිරීමෙහිද, දෙපට සිවුරය, පාත්‍රය, සිවුරය යන මෙ දේ දැරීමෙහිදී අනුභව කිරීමය,
පානය කිරීමය, වැළදීමය, රස විදීමය යන මෙහිද මළ මුත්‍රා පහකිරීමිද, නුවණින් ආදීනව සලකා කරන්නේය.
යෑමි, සිටීමි, හිදීමි, සැතපීමි, නිදි තොරකිරීමි, කථා කිරීමි, නිශ්ශබිදව සිටීමි යන මෙ දේ මනා නුවණින් දැන කරන්නේය. කේවටිටය, මෙසේ කරන්නාවූ භික්‍ෂු තෙමෙ සිහියෙන් යුක්තවූයේ යහපත් නුවණින් යුක්ත වූයේ වෙයි."
කේවටිටය, භික්‍ෂු තෙමෙ කෙසේ සතුටු වූයේ වෙද?
කේවටිටය, භික්‍ෂු තෙමෙ යන්තමි කය වැසීමට තරමිවූ සිවිරෙන්ද, ආරක්‍ෂාව ප්‍රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද, සතුටු සිත් ඇත්තේ වෙ. ඔහු යමි යමි තැනකට යේ නමි අට පිරිකරය පිළිබද වූදේ පමනක් ගෙනයයි. මෙසේ වූ භික්‍ෂු තෙමෙ සන්තෝෂයෙන් යුක්ත වෙ.
ඒ භික්‍ෂු තෙමෙ කැලයද, ගහක් මුලද, සොහොන්ද ඉතා දුරවූ කැලෑ වාසස්ථානද, බොහෝ ඉඩකඩ ඇති තැන් සහ තණගුහාද යන මෙ ස්ථාන ආශ්‍රය කෙරෙයි. ඔහු පසුබත් කාලයෙහි පිණ්ඩපාත ආහාරයෙන් වැළැක්කේ,
පර්‍යංඞකය බැද කකුල් අකුලුවා හිද ශරීරයේ උඩු කොටස කෙලින් තබා නිවණෙහිම සිත එලවා, ඒ නිවණම අරමුණු වශයෙන් සිත ඉදිරියෙහි පිහිටුවාගෙණ හිදී.
"ඔහු ලෝකයෙහි ලෝභය පහකොට ලොභ රහිත සිතින් යුක්තව වාසය කෙරේ. ලොභ සිත වෙන් කොට පිරිසිදු කෙරේ. සිත කෙලෙසන්නාවූ ක්‍රෝධය පහකොට ක්‍රෝධයෙන් දුරුවූ සිත් ඇතිව පණ ඇති සියලු සතුන් කෙරෙහි හිතානුකමිපා ඇත්තේව වාසය කරයි. ක්‍රෝ දොෂයෙන් වෙන්ව සිත පිරිසිදු කෙරේ. කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරු කොට කය සිත පිලිබද පහවූ අලස බව ඇත්තේ පිරිසිදු හැගීමි ඇත්තේ, සිහි ඇත්තේ යහපත් ප්‍රඥා ඇත්තෙක්ව වෙසේ. අලස බව දුරු කොට සිත පිරිසිදු කෙරේ. උඩුගුබව හා කුකුස දුරුකොට සංසිදුනු සිත් ඇතිව වාසය කෙරේ. ඇතුලත සංසිදුනු සිත් ඇත්තේ, සිතඋඩගු බව හා කුකුසෙන් පිරිසිදු කෙරේ. විචිකිචිජාව සැකය දුරුකොට පහකළ විචිකිචිජා ඇත්තේ කුශල ධර්ම විෂයෙහි සැක නැතිව වෙසේ. විචිකිචිජාවෙන් සිත පිරිසිදු කෙරේ.
"කේවටිටය, යමිසේ පුරුෂයෙක් ණය ගෙණ කර්මාන්තයන්හි යොදන්නේද, ඔහුගේ ඒ කර්මාන්තයෝ දියුණුවන්නාහු නමි ඒ ණය නැති බව මුල්කොට ගෙණ බලවත් සතුටක් ලබන්නේය.
කේවටිටය, යමිසේ රෝගයෙන් පෙළෙන දුක් ඇත්තාවූ, දැඩිගිලන් බව ඇති පුරුෂයෙක් වන්නේද ඒ
පුරුෂයා පසු කාලයක ඒ ආබාධයෙන් මිදෙන්නේ නමි, ඔහු ඒ කාරණය මුල්කොට බලවත් සතුටක් ලබන්නේය.
කේවටිටය, යමිසේ පුරුෂයෙක් සිරගෙයි බැදුනේ වෙද, ඔහු පසු කලක පීඩා නැතුව සැපසේ ඒ සිරගෙයින් මිදෙන්නේය.
ඔහු සිරගෙයින් මිදීම නිමිති කොට බලවත් සතුටක් ලබන්නේය.
"කේවටිටය, යමිසේ සිය කැමැත්තෙන් යමක් කරන්නට නොහැකි අනුන්ට යටත්වූ තමා කැමති ගමනක් ඒ වූ පරිදි යා නොහැකි, වැඩ කරුවෙක් වන්නේද, ඔහු පසු කලක ඒ දාස භාවයෙන් මිදෙන්නේ, තමාම අධිපති කොට ඇත්තේ අනුන්ට යටත් නොව තමාගෙන්ම යැපෙන්නේ, ඔහු ඒ දාසභාවයෙන් මිදීම හේතුකොට බලවත් සතුටක් ලබන්නේය.
"කේවටිටය, යමිසේ ධනවත්වූ භොග සමිපත් ඇති පුරුෂයෙක් ආහාර දුර්ලභවූ භය සහිතවූ, දීර්ඝ වූ, කාන්තාර මාර්ගයකට පැමිණෙන්නේද ඔහු මද කලකින් ඒ කාන්තාර මාර්ගය ඉක්මවා යන්නේ සොර සතුරන්නේ පීඩා නැති ගමිමානයකට සැපසේ ක්‍රමයෙන් පැමිණෙන්නේද, ඒ පුරුෂයා ඒ කාන්තාර මාර්ගය එතර කිරීම නිමිතිකොට බලවත් සතුටක් ලබන්නේය.
"කේවටිටය, ණය යමිසේද, රෝගය යමිසේද, හිරගේ යමිසේද, දාසභාවය යමිසේද,දීර්ඝ කාන්තාර මාර්ගය යමිසේද එපරිද්දෙන් භික්‍ෂු තෙමෙ පහ නොකළ පඤ් චනීවරණ කුසල් වළක්වන කරුණු පහ තමා කෙරෙහි ලා නුවණින් දකී තමන් තුළ ලා දක්නේය.
"පහකළාවූ මෙ කුසල් වළක්වන කරුණු පහ තමා කෙරෙහි නැතැයි නුවණින් දක්නාවූ ඒ භික්‍ෂුහට සතුටු ආකාරය උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රිතිසහගත සිත් ඇත්තහුගේ නාම කය වෙදනාදී ස්කන්ධ හතර සංසිදෙයි. සංසිදුනුකය ඇති තැනැත්තේ කායික චෛතසික සැපය විදියි. සැප ඇත්තහුගේ සිත සමාධියට එකග බවට පැමිණෙයි. "ඒ භික්‍ෂු තෙමෙ වස්තුකාම ක්ලේශ කාමයන්ගේන් වෙන්වූයේම, අකුශල ධර්මයන් කෙරෙන්ද වෙන්වූයේම අරමුණෙහි සිත පැමිණවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම සහිතවූ, සිතෙහි විවෙකයෙන් උපන් ප්‍රීතියම සැපකොට ඇති, පළමුවෙනි ධ්‍යාන කුසල චිත්තය තමා තුළ ඉපදවීමි වශයෙන් ඊට පැමිණ එම ධ්‍යානයෙහි වාසය කෙරේ. ඔහු විවෙකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් මෙ සකල ශරීරයම සැපවත් කෙරෙයි. සමිපූර්ණ්යෙන් පුරවයි. සැම තන්හි පතුරවයි. ඒ ඔහුගේ පළමුවනි විවෙකයෙන් උපන් ප්‍රීති සැපයෙන් සකල ශරීරයෙහිම පළමුවනි ධ්‍යානයෙන් යුත් සැපය පැතිරෙයි. "කේචටිටය, මෙයද අනුශාසනා ප්‍රාතිහාර්යයයි කියනු ලැබෙ. දෙවැනි ධ්‍යානයටද තුන්වැනි ධ්‍යානයටද හතරවැනි ධ්‍යානයටද පැමිණ වාසය කෙරේද, කේවටිටය, මෙයද අනුශාසනා ප්‍රාතිහාර්යයයි කියනු ලැබෙ".
"නැවතද, කේවටිටිය ඒ භික්‍ෂු තෙමෙ මෙසේ සිත එකගවූ කල්හි, දීප්තිමත්වූ කල්හි කෙලෙස් රහිතවූ කල්හි, ක්ලේශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි කටයුත්තට සුදුසුව සිටි කල්හි, කමිපා නොවන බවට පැමිණි කල්හි විදර්ශනාඥානය ඉපදවීම පිණිස සිත එලවා තබයි. මාගේ මෙ ශරීරය වනාහි රූපයෙන් යුක්තය සතර මහා භුතයන්ගේ හේතුවෙන් හටගත්තේය. මවිපියන් නිසා හටගත්තේ ආහාරයෙන් වඩනා ලද්දේය. අනිත්‍ය බවය ඇග, ඉලීමය, පිරිමැදීමය, බිදීමය, විනාශය, යන මෙ දේ ස්වභාව කොට ඇත්තේය. මාගේ මෙ විඤ් ඤාණය ශරීරය ආශ්‍රය කෙලේ වෙයි. මෙහිම බැදී සිටියේය.
"කේවටිටිය, මෙ ඵලයද, දැක්ක යුතු විපාක ඵලයන්ට වඩා බොහෝසේ මනොඥය, බොහෝසේ ශ්‍රේෂ්ඨද වෙයි.
"ඔහු මෙසේ ධ්‍යානයෙන් සිත එකගවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් නැතිවූ කල්හි, ක්ලේශ පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, නොසැලෙන බවට පැමිණි කල්හි, මනොමයවූ රූපයක් මනා කොට නිපදවීම පිණිස සිත එලවා තබයි. වෙසෙසින් නමයි. ඔහු ආකාරවත්වූ මනොමයවූ ධ්‍යාන සිතින් නිපදවනලද ශරීරය හා අතපය ආදී අවයව ඇති විකල නොවූ ඉදුරන් ඇති මෙ ශරීරයෙන් අන්‍යවූ ශරීරයක් හොද ලෙස සාදයි.
කේවටිටය, එසේම භික්‍ෂුතෙමෙ මෙසේ සිත සමාධිගතවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, ක්ලේශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කමිපා නොවන භාවයට පැමිණි කල්හි, සිතින් උපදවන කය මැවීම පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට ඊට නමයි. ඔහු මෙ කයින් රූ ඇති සිතින් මවන ලද, සියලු ශරීරය හා අතපය ආදී අවයව ඇති, නොපිරිහුනු ඉන්ද්‍රිය ඇති වෙන කයක් මවයි. කේවටිටය, මෙයද අනුශාසනා ප්‍රාතිහාර්යයයි කියනු ලැබෙ.
"ඔහු ඊට පසු සෘඩිවිධි පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඔහු නොයෙක් අයුරු ඇති සෘඩිවිධි වෙන් වෙන් කොට අනුභව කෙරෙයි. එකෙක්ව බොහෝ සේ වෙයි. බොහෝ සේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වතය හරහට, නොහැපෙමින් යයි. දියෙහි මෙන් කිමිදීම මතුවීම කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කෙරෙයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පරියංකයෙන් හිද ගෙනම යයි. මෙ මහත් සෘඩි ඇති, මහත් ආනුභාව ඇති සද හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹ ලොව තෙක් ශරීරයෙන් වසග බව පවත්වයි. "කේවටිටය, මෙයද අනුශාසනා ප්‍රාතිහාර්යයයි කියනු ලැබෙ
"ඔහු ඊට පසු දිව්‍ය කණ සමිබන්ධ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඒ භික්‍ෂුව පිරිසිදුවූ මිනිස් බව ඉක්මවූ දිව්‍ය කණ සමිබන්ධ ඥානයෙන් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරෙහිවූද, සමීපයෙහිවූද, දෙයාකාර ශබ‘ධයන් අසයි. ඔහු මෙසේ මිනිස් කණ ඉක්මවූ දිව්‍ය කණ සමිබන්ධ ඥානයෙන් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරෙහිවූද, සමීපයෙහිවූද, දෙයාකාර ශබිධයන් අසයි. "කේවටිටය, මෙයද අනුශාසනා ප්‍රාතිහාර්යයයි කියනු ලැබෙ.
"ඔහු පර සිත් දැනගන්නා ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඔහු අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිද දනියි. ලෙඃකික හිත් අතුරින් උසස් වූ සිත අනුත්තර සිත යයි දනියි. සමාධිගත වූ සිත සමාධිගත යයි දනියි. සමාධිගත නොවූ සිත සමාධිගත නොවූ සිත යයි දනියි. ක්ලේෂයෙන් මිදුනු සිත, මිදුනු සිත යයි දනියි. නොමිදුනු සිත නොමිදුන සිත යයි දනියි.කේවටිටය, මෙයද අනුශාසනා ප්‍රාතිහාර්යයයි කියනු ලැබෙ
හේ තෙමෙ නොයෙක් විදියේ පෙර විසීම සිහිකෙරෙයි. එක් ජාතියක්ද, දෙජාතියක්ද ආදී වශයෙන් නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශ වන හෝ හැදෙන කල්පයන්ද, මෙසේ ආකාර සහිතව, දැක්වීමි සහිතව නොයෙක් විදියේ පෙර ජීවිත සිහි කෙරෙයි. කේවටිටය, මෙයද අනුශාසනා ප්‍රාතිහාර්යයයි කියනු ලැබෙ
"ඔහු සත්ත්වයන්ගේ මරණින් පසු උත්පත්තිය දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. හේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ, නපුරුවූ, දුක්වූ, නිරයට පැමිනෙත්, නැතහොත් යහපත් පැමිණීමවූ ස්වර්ග ලොකයට පැමිණියෝය. "කේවටිටය, මෙයද අනුශාසනා ප්‍රාතිහාර්යයයි කියනු ලැබෙ.
"ඔහු සිතේ පැසවන කෙලෙස් පහකිරීමෙ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු මෙ දුකයයි තතු ලෙස දැනගණී මෙ දුක් ඉපදීමෙ හේතුවයයි තතු ලෙස දැනගණී, මෙ දුක් නැති කිරීමයයි තතු ලෙස දැනගණී, මෙ දුක් නැති කිරීමෙ මාර්ගයයි තතු ලෙස දැනගණී, මෙ පැසවන කෙලෙස්යයි තතු ලෙස දැනගනී. මෙ පැසවන ක්ලේශයන්ගේ හේතුයයි තතු ලෙස දැනගනී,
"මෙ ප්‍රාතිහාර්ය තුන මා විසින් තමන්ගේ විශේෂ ඥානයෙන් දැන අවබෝධ කොට ප්‍රකාශ කරන ලද්දාහුය".
"කේවටටය, පෙර වූ දෙයක් කියමි. මෙ භික්‍ෂු සංඝයා අතුරෙහිමවූ එක්තරා භික්‍ෂුවක් හට මෙවැනි අදහසක් පහළ වූයේය. "පඨවිධාතු, ආපෝධාතු, තේජෝධාතු, වායෝධාතු යන මෙ සතර මහා භුතයෝ කවර තැනෙක්හි කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදීන පරිදි විනාශ වන්නාහූදැ" යි කියාය.
"කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම යමි ආකාරයකින් සිත එකගවූ කල දිව්‍ය ලෝකයට යන මාර්ගයයි කියන ලද සෘධිවිධඥානය පහළ වන්නේද, එවැනි සමාධියකට සමවැදුනේය. කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම චාතුර්මහාරාජික දෙවියෝ වෙත පැමිණ ඒ දෙවියන්ගෙන් මෙ කාරණය ඇසුයේය. "ඇවැත්නි, පඨවිධාතු, ආපෝධාතු, තේජෝධාතු, වායෝධාතු යන මෙ සතර මහා භුතයෝ කවර තැනක කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නොපවතින පරිදි විනාශ වන්නාහූදැ" යි කියාය. කේවටිටය, මෙසේ කී කල චාතුර්මහාරාජික දෙවියෝ ඒ භික්‍ෂුවට මෙ වචන කීවෝය. "මහණ, මෙ කාරණය අපිද නොදනිමු. අපට වඩා රූප සමිපත්තියෙන් හා ප්‍රඥා ආදී ගුණවලින් යුක්තවූද, ශරීර වර්ණය, පිරිවර ආදියෙන් ඉතා උතුමිවූ සතරවරමි රජ කෙනෙක් ඇත්තාහුය. මෙ කාරණය, ඒ සතරවරමි මහ රජහූ දන්නාහුය". කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම සතරවරමි රජුහු වෙත පැමිණ ඒ සතරවරමි රජුගෙන්ද මෙ කාරණය ඇසුවෙය. කේවටිටය, මෙසේ ඇසූ කල සතරවරමි රජහූ ඒ භික්‍ෂුවට මෙ වචන කීවෝය. "මෙ කාරණය අපිද නොදනිමු. අපට වඩා රූප සමිපත්තියෙන් හා ප්‍රඥා ආදී ගුණවලින් යුක්තවූද, ශරීර වර්ණය, පිරිවර ආදියෙන් ඉතා උතුමිවූ තාවතිංස නමි දෙවිකෙනෙක් ඇත්තාහුය. මෙ කාරණය, ඒ තාවතිංස මහ රජහූ දන්නාහුය".
කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම තවිතිසා වැසි දෙවියෝ වෙත පැමිණ ඒ දෙවියන්ගෙන් මෙ කාරණය ඇසුවෙය. මෙසේ ඇසූ කල තවිතිසා වැසි දෙවියෝ ඒ භික්‍ෂුවට "මෙ කාරණය අපිද නොදනිමු. මහණ, අපට වඩා රූප සමිපත්තියෙන් හා ප්‍රඥා ආදී ගුණවලින් යුක්තවූද, ශරීර වර්ණය, පිරිවර ආදියෙන් ඉතා උතුමිවූද, දෙවියන්ට ප්‍රධානවූ ශක්‍ර නමි දෙවිකෙනෙක් ඇත්තේය. මෙ කාරණය, දෙවියනට ප්‍රධානවූ ඒ ශක්‍ර නමි දෙවියා දන්නේය".
"කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම ශක්‍රදෙවි තෙම වෙත පැමිණ ඒ දෙවියන්ගෙන් මෙ කාරණය ඇසුවෙය. මෙසේ ඇසූ කල ශක්‍ර දෙවියා ඒ භික්‍ෂුවට "මෙ කාරණය මමද නොදනිමි. මහණ, අපට වඩා රූප සමිපත්තියෙන් යුක්තවූද, ශරීර වර්ණය, පිරිවර ආදියෙන් ඉතා උතුමිවූද යාම නමි දෙවිකෙනෙක් ඇත්තාහුය. මෙ කාරණය, ඒ යාමදෙවියෝ දන්නාහුය". කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම යාම දෙවියෝ වෙත පැමිණ යාම දෙවියන්ගෙන් මෙ කාරණය ඇසුවෙය. මෙසේ ඇසූ කල තවිතිසා වැසි දෙවියෝ ඒ භික්‍ෂුවට "මෙ කාරණය අපිද නොදනිමු. මහණ, අපට වඩා රූප සම‘පත්තියෙන් යුක්තවූද වර්ණය සම‘පත් ආදියෙන් ඉතා උතුමිවූද සුයාම නමි දිව්‍යපුත්‍රයෙක් ඇත්තේය. ඒ දිව්‍යපුත්‍රයා මෙ කාරණය දන්නේය".
"කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම සුයාම නමි දිව්‍යපුත්‍රතෙම වෙත පැමිණ සුයාම දිව්‍යපුත්‍රයාගෙන් මෙ කාරණය ඇසුවෙය. සුයාම දිව්‍යපුත්‍රයා මෙ වචන කීයේය. "මෙ කාරණය මම නොදනිමි. මහණ, අපට වඩා රූප සමිපත්තියෙන් යුක්තවූද, වර්ණ සමිපත් ආදියෙන් උතුමවූද තුසිත නමි දෙවි කෙනෙක් ඇත්තාහ. ඒ තුසිත දෙවියෝ මෙ කාරණය දන්නාහුය". කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම තුසිත දෙවියෝ වෙත පැමිණ තුසිත දෙවියන්ගෙන් මෙ කාරණය ඇසුවෙය. මෙ ඇසූ කල තුසිත දෙවියෝ ඒ භික්‍ෂුවට මෙ වචන කීවෝය. "මහණ, මෙ කාරණය අපිද නොදනිමු. මහණ, අපට වඩා රූප සි‘පත්තියෙන් යුක්තවූද වර්ණය සිමිපත් ආදියෙන් ඉතා උතුමිවූද සන්තුෂිත නමි දිව්‍යපුත්‍රයෙක් ඇත්තේය. ඒ සන්තුෂිත දිව්‍යපුත්‍රයා මෙ කාරණය දන්නේය".
"කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම සන්තුෂිතදිව්‍යපුත්‍රයා වෙත පැමිණ, සන්තුෂිත දිව්‍යපුත්‍රයාගෙන් මෙ කාරණය ඇසුවෙය. මෙසේ ඇසූ කල සන්තුෂිත දිව්‍යපුත්‍රයා ඒ භික්‍ෂුවට මෙ වචන කීයේය. "මෙ කාරණය මම නොදනිමි. මහණ, අපට වඩා ඉතා රූප සමිපත් ආදියෙන් යුක්තවූද, වර්ණ සමිපත් ආදියෙන් උතුම්වූද නිමිමානරති නමි දෙවි කෙනෙක් ඇත්තාහ. මෙ කාරණය ඒ දෙවියෝ දන්නාහුය".
"කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම නිමිමානරති දෙවියන් වෙත පැමිණ, නිමිමානරති දෙවියන්ගෙන් මෙ කාරණය ඇසුවෙය. ඒ දෙවියෝ ඒ භික්‍ෂුවට මෙ වචන කීවෝය. "මහණ, අපිද නොදනිමු. මහණ, අපට වඩා රූප සමිපත්ති ආදියෙන් යුක්තවූද, වර්ණ සි‘පත් ආදියෙන් උතුමිවූද සුනිමිමිත නමි දිව්‍යපුත්‍රයෙක් ඇත්තේය. මෙ කාරණය ඒ දිව්‍යපුත්‍රයා දන්නේය".
"කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම සුනිමිමිත නමි දිව්‍යපුත්‍රයා වෙත පැමිණ, සුනිමිමිත දිව්‍යපුත්‍රයාගෙන් මෙ කාරණය ඇසුවෙය. මෙසේ ඇසූ කල සුනිමිමිත දිව්‍යපුත්‍රයා, "මෙ කාරණය මමද නොදනිමි. මහණ, අපට වඩා රූප සමිපත්ති ආදියෙන් යුක්තවූද, වර්ණ සමිපත්තියෙන් උතුමිවූද පරනිමිමිත වසවත්ති නමි දෙවි කෙනෙක් ඇත්තාහුය. මෙ කාරණය ඒ දෙවියෝ දන්නාහුය".
"කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම පරනිමිමිත වසවත්ති නමි දෙවියන් වෙත පැමිණ, පරනිමිමිත වසවත්ති නමි දෙවියන්ගෙන් මෙ කාරණය ඇසුවෙය. කේවටිටය, මෙසේ ඇසූ කල ඒ පරනිමිමිත වසවත්ති දෙවියෝ, "මහණ, මෙ කාරණය අපිද නොදනිමු. මහණ, අපට වඩා රූප සමිපත්ති ආදියෙන්ද, වර්ණ සමිපත් ආදියෙන්ද උතුමිවූ වසවත්ති නමි දිව්‍යපුත්‍රයෙක් ඇත්තේය. මෙ කාරණය ඒ දිව්‍යපුත්‍රයා දන්නේය".
"කේවට්ටය, එවිට ඒ භික්‍ෂුතෙම වසවත්ති නමි දිව්‍යපුත්‍රයා වෙත පැමිණ, වසවත්ති නමි දිව්‍යපුත්‍රයාගෙන් මෙ කාරණය ඇසුවෙය. මෙසේ ඇසූ කල ඒ වසවත්ති දිව්‍යපුත්‍රයා ඒ භික්‍ෂුවට, "මහණ, මෙ කාරණය මමද නොදනිමි. මහණ, අපට වඩා රූප සමිපත්ති ආදියෙන් යුක්තවූද, වර්ණ සමිපත්තියෙන් උතුමිවූද බ්‍රහ්මකායික නමි දෙවි කෙනෙක් ඇත්තාහුය. මෙ කාරණය ඒ දෙවියෝ දන්නාහුය".
"කේවටිටය, එවිට ඒ භික්‍ෂු තෙම යමිසේ සිත එකග වූ කල්හි බඹලොව යන මාර්ගය පහළ වූයේද, එබදූවූ සමාධියට සමවැදුනේය. කේවටිටය, ඉක්බිති ඒ භික්‍ෂු තෙම බ්‍රහ්ම කායික නමි දෙවියන් වෙත පැමිණ, ඒ බ්‍රහ්ම කායික දෙවියන්ගෙන් මෙ කාරණය ඇසුවෙය. "මෙ කාරණය අපිද නොදනිමු, මහණ, අපට වඩා ඉතා රූප සමපත් ආදියෙන් යුක්තවූද, යස ඉසුරු ආදියෙන් උතුමිවූද, සියල්ලන් මැඩපවත්වා සිටියාවූද, අන්‍යයන් විසින් මැඩපැවැත්විය නොහැක්කාවූද, ඒකාන්තයෙන් සියල්ල දන්නාවූ සියලු ජනයා තමා යටතෙහි පවත්වන්නාවූ
ලෝකයට අධිපතිවූ, ලෝකය සාදන්නාවූ, ලෝකය මවන්නාවූ, සත්වයන් කොටස් වලට බෙදන්නාවූ පුරුදු කරන ලද ධ්‍යාන ඇත්තාවූ, උපන්නාවූද උපදින්නාවූද සියලු සත්වයන් හට පියවූ මහාබ්‍රහ්මවූ බ්‍රහ්මයෙක් ඇත්තේය. මෙ කාරණය ඔහු දන්නේය". "ඇවැත්නි, ඒ මහාබ්‍රහ්ම තෙම දැන් කොතනදැයි" ඇසුවෙය. "මහණ, බ්‍රහ්මතෙම යමි තනෙකදැයි කියා හෝ බ්‍රහ්මතෙම යමි ස්ථානයකදැයි කියා හෝ අපි නොදනිමු. මහණ, එසේ වුවත් යමිසේ නිමිති ලකුණු දකින්ට ලැබෙත්ද, එලියක් හටගනීද, බැබලීමක් පහළවෙද යන මෙ එක පූර්ව ලකුණක් මහාබ්‍රහ්මයාගේ පහළවීම ගැන ඇත්තේය".
"කේවටිටය, එවිට ඒ බ්‍රහ්මතෙම ටික වෙලාවකින්ම පහළවූයේය. එවිට ඒ භික්‍ෂුතෙම, ඒ මහාබ්‍රහ්මයා වෙත පැමිණ බ්‍රහ්මයාගෙන් මෙ කාරණය ඇසුවෙය."
"කේවටිටය, මෙසේ ඇසූ කල ඒ මහාබ්‍රහ්ම තෙම ඒ භික්‍ෂුවට මෙසේ කීයේය. මහණ, මම බ්‍රහ්ම වෙමි, මහාබ්‍රහ්ම වෙමි. සියල්ලන් මැඩපවත්වා සිටින්නාවූ ප්‍රධානියා වෙමි. අනුන් විසින් මැඩපැවැත්විය නොහැක්කෙක් වෙමි. ඒකාන්තයෙන් සියල්ල දක්නෙමි. සියලු ජනයා වසගයෙහි පවත්වමි. ලොවට ප්‍රධාන දෙවියා වෙමි. ලෝකයට කර්තෘ වෙමි. ලෝකය මවන්නෙක් වෙමි. ලෝකයට උත්තම වෙමි. සත්වයන් කොටිඨාශ වලට බෙදන්නෙක් වෙමි. පුරුදු කරන ලද ධ්‍යාන ඇත්තෙමි. උපන්නාවුද, උපදින්නාවූද සියලු සත්වයන්ට පියා වෙමි".
"කේවටිටය, දෙවනුවද ඒ භික්‍ෂුතෙම ඒ මහාබ්‍රහ්මයාට මෙ කාරණය කීයේය.
"ඇවැත්නි, මම ඔබගෙන් මෙසේ අසමි. ඇවැත්නි, පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මෙ සතර මහා භුතයෝ කවර තැනෙක කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදිනා පරිදි විනාශ වන්නාහුදැයි" කියාය.
"කේවටිටය, දෙවනුවද ඒ මහාබ්‍රහ්මතෙම ඉහතින් මෙන් ඔහු ගැනම කීවෙය".
"කේවටිටය, තෙවනුවද ඒ භික්‍ෂුතෙම ඒ මහාබ්‍රහ්මයාට මෙ කාරණය කීයේය.
"ඇවැත්නි, මම ඔබගෙන් මෙසේ නොඅසමි. ඔබ බ්‍රහ්මයෙක් වූවෙහිද, මහාබ්‍රහ්මයෙක් වූවෙහිද, ලොවට ප්‍රධාන දෙවියා වූවෙහිද, ලෝකයට කර්තෘ වූවෙහිද, ලෝකයට උත්තම වූවෙහිද, සත්වයන් කොටස් වලට බෙදන්නෙක් වූවෙහිද, පුරුදු කරන ලද ධ්‍යාන ඇත්තෙක් වූවෙහිද, උපන්නාවුද උපදින්නාවූද සියලු සත්වයන්ට පියා වූවෙහිදැයි" කියාය.

"කේවටිටය, එවිට ඒ මහාබ්‍රහ්මතෙම ඒ භික්‍ෂුව අතින් අල්වාගෙන එක් පැත්තකට පමුණුවා, ඒ භික්‍ෂුවට මෙ කාරණය කීයේය. "මහණ, මෙ බ්‍රහ්ම කායික දෙවියෝ මා මෙසේ දනිත් මහාබ්‍රහ්මයා විසින් නොදක්නාලද කිසිවක් නැත්තේය, මහාබ්‍රහ්මයා විසින් අවබෝධ නොකරනලද කිසිවකුත් නැත්තේයයි කියාය. එහෙයින් මම ඔවුන් ඉදිරියෙහි මෙ කාරණය නොදන්නා බව ප්‍රකාශ නොකෙළෙමි. මහණ, පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මෙ සතර මහා භුතයෝ යමි තැනෙක ඉතිරි නොවී නැවත නූපදිනා පරිදි විනාශ වන්නාහුද යන මෙ කාරණය මමද නොදනිමි" කියාය.
"මහණ, යමි හේතුවකින් නුඹ වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා මෙ ප්‍රශ්නය විසදීම පිණිස බඹලොව දක්වා පිටත සෙවීමට පැමිණියෙහිද, මහණ, එබැවින් නුඹවහන්සේ විසින් මෙ කරණය වරදවා කරන ලද්දේය, අපරාධයක් කරන ලද්දේය.මහණ, නුඹවහන්සේ වැඩිය මැනව. ඒ භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණ මෙ ප්‍රශ්නය ඇසුව මැනව. යමි ආකාරයකින් භාග්‍යවතුන් වහන්සේ නුඹවහන්සේට ප්‍රකාශ කරන සේක්ද එපරිද්දෙන් එය පිළිගත මැනවයි" මහාබ්‍රහ්මතෙම කීයේය.
"කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම ශක්තිමත් පුරුෂයෙක් හකුළාගත් අතක් දිගුකරන්නේ හෝ යමිසේද, දිගුකළ අතක් හකුළන්නේ යමිසේද, ඒ ආකාරයෙන් බ්‍රහ්ම ලෝකයෙන් නොපෙනී ගොස් මාගේ ඉදිරියේ පහළවූයේය. කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම වැද එක් පැත්තක උන්නේය. ඒ භික්‍ෂුතෙම මා මෙසේ ප්‍රශ්න කළේය."
"ස්වාමීනි, පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මෙ සතර මහා භුතයෝ කවර තැනෙක කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදිනා පරිදි විනාශ වන්නාහුදැයි" කියාය.
"කේවටිටය, මෙසේ ඇසූ කල මම ඒ භික්‍ෂුවට මෙ කරණය කීවෙමි. "මහණ, පෙර පැවති කරුණක් කියමි. මුහුදෙහි යාත්‍ර කරන්නාවූ වෙළෙන්දෝ වෙරළ දකින ගති ඇති කවුඩු, උකුසු යන මොවුන් අතුරෙන් කුරුල්ලෙකු ගෙන නැවෙන් මුහුදට බැසගනිත්ද, ඔවුහු වෙරළ නොදක්නාවූ බැවින් වෙරළ දකින ගති ඇති කුරුල්ලා මුදත්. ඉදින් ඒ කුරුල්ලා හාත්පස වෙරළ දක්නේද ඒ වෙරළ දෙසට යන්නේය. ඉදින් ඒ කුරුල්ලා හාත්පස වෙරළ නොදක්නේ නමි ඒ නැවටම ආපසු එයි. මහණ, එපරිද්දෙන්ම ඔබ යමි හේතුවකින් බ්‍රහ්ම ලෝකය දක්වා සොයන්නේ මෙ ප්‍රශ්නය විසදන්නෙකු වෙතට නොපැමිණියෙහිද එහෙයින් නැවත මාගේ සමීපයටම හැරී ආයේහිය. මහණ, ඒ ප්‍රශ්නය මෙසේ නොඇසිය යුතුයි. කෙසේද? "ස්වාමීනි, පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මෙ සතර මහා භුතයෝ කවර තැනෙක කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදිනා පරිදි විනාශ වන්නාහුදැයි" කියාය. මහණ, මෙ ප්‍රශ්නය ඇසිය යුත්තේ මෙසේය.
"කුමකට පැමිණ කුමක් හේතුකොට ගෙන පස්, දිය, ගිනි, වායු යන සතර මහා භුතයෝ නොපිහිටත්ද හෙවත් පිහිටීම නොලබත්ද? කවර තැනෙක්හි දීර්ඝවූ හෝ කොටවූ හෝ සියුමිවූ හෝ මහත්වූ හෝ ප්‍රියවූ හෝ අප්‍රියවූ හෝ උපාදාය රූප රැස: මහා භුතයන් නිසා පවත්නා කුඩා රූපධාතු සමූහය නොපිහිටාද හෙවත් පිහිටුම නොලබාද? කවර තැනෙක කුමකට පැමිණ, නාමයත් රූපයත් ෆසිතත් කයත්: ඉතිරි නොවී නිරුද්ධවෙද?" කියාය.
එහි විවරණය මෙසේ වෙයි.
"නුවණින් දැනගත යුතුවූ ඇසින් නොදැක්ක හැකිවූ ඉපදීමි, නැතිවීමි කොන් නැති හැම පැත්තෙන්ම පැමිණිය හැකි තොටවල් ඇති මෙ නිර්වාණ ධාතුවට පැමිණ, පස්, දිය, ගිනි, වායු යන සතර මහා භුතයෝ පිහිටීම නොලබත්. මහා භුතයන් නිසා පවත්නා කුඩා රූපයෝ නොපිහිටත්. මෙහි නාම රූප දෙක ඉතිරි නොවී නිරූද්ධ වෙයි. විඤ්ඤාණ සිත නිරෝධයෙන් මෙ නාම රූප රාශිය මෙ නිර්වාණයට පැමිණ ඉතිරි නොවී නැවත නූපදින පරිදි නිරුද්ධ වෙයි".
භාග්‍යවතුන් වහන්සේ මෙ ධර්මය වදාළ සේක. සතුටු සිත් ඇති කේවටිට නමි ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාව සතුටින් පිළිගත්තේය.

මැදුමි සිල් නිමියේය

මහ සිල් නිමියේය

කේවටිට සූත්‍රය නිමි.
No comments:
Post a Comment