පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

Thursday, June 6, 2013

ඉන්දරතන හිමියන්ගේ පරමත්ත පාරමිතාව අපට ආධ්‍යාත්මික අවියකි

උපුටා ගැනීම by

2013 වෙසක්‌ සඳින් නිකුත් වූයේ අන්ධකාරයකි. ඒ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විරාජමානව වැඩසිටින දළදා මාලිගාව අභියස දුටුවන් කම්පා කරවන අන්දමින් සිදුවූ, මේ වන විට මෙරට ලොකු කුඩා සියලු දෙනා හොඳින්ම දන්නා සංසිද්ධිය නිසාය. උද්ඝෝෂණයකට මිනිසුන් කැඳවා ගැනීම දේශපාලන ඇයි හොඳයිකම් මත හෝ කීයක්‌ හෝ අතමිට මොළවා කළ හැක. එහෙත් යම් පරමාර්ථයක්‌ වෙනුවෙන් බලපෑම් කරනු වස්‌ තම සිරුර ගිනි ගෙන දැවෙනතෙක්‌ ඉවසා සිටිය හැකි පුද්ගලයන්? එබඳු භික්‌ෂූන් වහන්සේ ගැන කලකට ඉහතදී වියට්‌නාමයෙනුත් මෑතකදී ටිබෙටයෙනුත් අසන්නට ලැබිණි. සිරුර ගිනි ජාලාවක්‌ වූ පසුව වියරුවෙන් කෑමොර දෙමින් දිවයනු වෙනුවට තමා සම්පූර්ණයෙන්ම අඩපණව ඇදවැටෙන තෙක්‌ තමන් වහන්සේ පෙනී සිටින පරමාර්ථය පුනරුච්ඡාරණය කරමින් ඔබමොබ ඇවිදගිය බෝවත්තේ ඉන්දරතන හිමියන් අතීතයේ ජීවිත පරිත්‍යාගයෙන් රට දැය සසුන රැකගත් කවර නම් අභීත බුද්ධ පුත්‍රයන් වහන්සේ සමග ගළපාගත යුතුදැයි සිතීමටවත් සිහි එළවා ගැනීමට අපට බොහෝ වේලා ගත විය. උන් වහන්සේ පිළිබඳව පළවූ හා පළවන හැම ප්‍රවෘත්තියක්‌ම විශේෂාංගයක්‌ම ඇරඹුනේ ‘ගව ඝාතනයට එරෙහිව ගිනි තබාගෙන අපවත්වූ හිමිනම…..’ ආදී වශයෙන් බවද කනගාටුවෙන් අප සිහිපත් කරන්නේ ස්‌වකීය ජීවිත පූජාවට මත්තෙන් උන් වහන්සේ මේ අකාරුණික සමාජයේ කාට හෝ කියවා දැනුවත් වන්නට ලියා තුබූ කුඩා සටහනෙහි අවධාරණය කරනු ලැබ තිබූ අයථා අන්‍යාගමිකකරණයට ප්‍රතිපත්තිමය වශයෙන් එරෙහිවීමේ කාලීන දැඩි අවශ්‍යතාව වැනි දැවැන්ත කරුණු ඉතා සරල ලෙස එහෙත් ක්‍රමෝපායිකව හෑල්ලුවට ලක්‌ කර තිබීම නිසාය. ඇතැමෙක්‌ මෙම සංසිද්ධිය හෙළාදැකීමට මහායාන, හීනයාන සම්ප්‍රදායන් ගැන පමණක්‌ නොව නිකාය ඉතිහාසය පවා පිරික්‌සීමට උත්සුක වූහ.
ඉන්දරතන හිමියන්ගේ ජීවිත පූජාව ‘සියදිවි නසාගැනීමක්‌’ බව තහවුරු කිරීමට වෙරදරන්නා වූ අදිසි ‘බෞද්ධ න්‍යායවාදීන්’ තුළ මෙම අවාසනාවන්ත සිදුවීමෙහි හේතු-ඵල සබඳතාව පිළිබඳව ඇති මුග්ධ දෘෂ්ටිය අප සිත්හි ඇති කරන්නේ කම්පනයකි. සර්වාගමික පූට්‌ටුව නමැති පැණි හැළියට පැන කටමත්තටම ගිලී පැනි බොමින් මනෝරාජික සුවයක පසුවූ අපේ ලොකු කුඩා උන්නාන්සේලාගේත් ඒ නිකායේ ඇබිත්තයන්ගේ බමන ප්‍රීති ප්‍රමෝදයට ඉන්දරතන හිමියන්ගේ ‘ගරු ඇවත’ බාධා කර තිබේ. ශ්‍රී ලංකාද්වීපය සිංහල බෞද්ධ දේශයක්‌ය යන්න දෙසවන වැකීම පවා වහකදුරු වී සිංහල බෞද්ධත්වයට එරෙහි මතවාදයක්‌ සමාජගත කරනු පිණිස කුලියට ලියන පරදේසක්‌කාර කුලීS හේවායින්ගේ උතෝපීය න්‍යායන්ට අනුව ඉන්දරතන හිමියන්ගේ ‘ක්‍රමවේදය’ ‘බරපතළ සමාජ හිංසනයක්‌’ද වී තිබේ. උන් වහන්සේ ‘ගිනි තබාගැනීම’ නම් වූ ඵලයට පදනම් වූ හේතුව කුමක්‌දැයි යුක්‌තියුක්‌තව විමසීම මේ කවුරු කවුරුත් හිතාමතාම අමතක කිරීමට තරම් අකාරුණිකවීම අපට හඬගා සපථ කරන සත්‍යයන් දෙකක්‌ ඇත. පළමුවැන්න, බෞද්ධ සමාජ සංස්‌ථාවේ සෝදාපාළුව ඉදිරියේදී ගුප්ත ලෙස මුනිවත රැකීමට පමණක්‌ නොව එම සෝදා පාළුවට එරෙහිව දියත්වන ඕනෑම තීරණාත්මක සටනක්‌ දියාරු කරවන සුළු, පාවාදෙන සුළු න්‍යායයන් ගොඩ නැංවීමට බුදුසමය පවා අපහරණය කරන පිරිසක්‌ බවට ඔවුන් පත්කරනු ලැබ ඇති බවය. ඔවුන් අත්විඳිමින් සිටින්නා වූ මේ ‘සමාජ සංහිඳියාව’ ඉන්දරතන හිමියන්ගේ ‘හිංසාකාරී හැසිරීම’ විsසින් බරපතළ කම්පනයකට ලක්‌ කර තිබේ. එහෙයින් ඔවුහු මේ සංසිද්ධියෙහි ‘ඵලයට’ නිරන්තරයෙන් දෙස්‌දෙවොල් තබමින් සිටිති. අප ඔවුන්ගෙන් විමසා සිටින්නේ පරමත්ත පාරමිතාවකදී අනුන් වෙනුවෙන් ස්‌වකීය ජීවිතාශාව පවා අතහැරීමේ අවස්‌ථා කොතෙකුත් නම් බෝධි සත්ත්වයාණන් වහන්සේගේ ජීවිතය ආශ්‍රයෙන් පෙන්වාදිය හැකිද යන්නයි.
මේ අනුව අපට පිළිගැනීමට සිදුවී ඇති දෙවන සත්‍යය නම් මෙබඳු සංසිද්ධියක්‌ විග්‍රහ කර ගැනීමේදී පවා මේ සමාජය ඉදිරියේ ප්‍රබුද්ධයන් වගකිවයුත්තන් ලෙස පෙනී සිට ප්‍රකාශ නිකුත් කරන පැවිදි, ගිහි කවුරුත් මතවාදීමය වශයෙන් බෞද්ධ දෘෂ්ටිකෝණයක නොපිහිටා කටයුතු කරන බවය. සිංහලකම, ආගම දහම හා බැඳුණු දේශීය ගොවිතැනෙහි ඓතිහාසික තිරසාරභාවය ගැන ලෝකයම කතාකරද්දී, ‘කෘෂි ආර්ථික විද්‍යාත්මකව’ ගවයින් නොමරා සිටිය නොහැකි බව දෙසා බාමින් මිනිසුන්ගේ කුස්‌ පුරවනු පිණිස මරාදමනු ලබන එක්‌ සත්ත්ව කොට්‌ඨාසයක්‌ පිළිබඳව ඉන්දරතන හිමියන් සපථ කළ කරුණාව බාල බොළඳ ඉල්ලීමක්‌ බවට හුවාදැක්‌වීමට වෙරදැරීම එබඳු එක්‌ නින්දිත අවස්‌ථාවකි. එම ප්‍රකාශ ඔස්‌සේ අපට ඉස්‌මතු වී පෙනෙන්නේ කෘෂි ආර්ථික විද්‍යාවට වඩා ලාබෙට හරක්‌ මස්‌ ටිකක්‌ ගිල දැමීමට ඇති අවස්‌ථාව ගිලිහීයයිද යන ජුගුප්සාජනක භීතියයි. වඩාත් උපහාසාත්මක කරුණ නම් සිංහල බෞද්ධ මිනිසුන්හට පශු පාලනය තිරසාරව සිදුකිරීමට නම් නිබඳවම ගවමස්‌ බුදින ‘සහෝදර ජාතියක්‌ද’ සිටිය යුතු බව නිර්දේශ කිරීමට තරම් ඒ කෘෂි ආර්ථික දර්ශනය ‘හලාල්’ වී ‘ජාතික සමගිය සමගද ඒකාබද්ධ වී’ තිබීමයි.
සමහරුන් සිතන්නේ ඉන්දරතන හිමියන් සිය සිරුරට ගිනි තබා ගැනීම හදිසියේ පහළ වූ මනෝභාවයකින් සිදුකළ බවය. එහිමියන්ගේ සමාජ දේශපාලනික අතීතය පරීක්‌ෂා කිරීමේදී උන් වහන්සේ බෞද්ධ සමාජ සංස්‌ථාවේ පරිහානියට එරෙහිව සැලකිවයුතු සටනක නිරතවී සිට ඇති බව ඉතාම පැහැදිලිය. එහෙත් උන් වහන්සේ සමාජමය හා දේශපාලනික ප්‍රතිගාමීත්වයේ හේතුවෙන් බරපතළ පරාරෝපනයකට ලක්‌ව සිටි බවත් ඉඳුරාම පැහැදිලිය. අනතුරුව උන් වහන්සේ තමන් වහන්සේ නියෝජනය කළ දේශපාලන කඳවුරට හෝ වෙනත් කිසිවකුවත් ගල් කැටක්‌ ගෙන දමා ගැසුවේ නැත. ඒ වෙනුවට උත්තරීතර පරමාර්ථ රැසක්‌ පෙරදැරි කරගෙන මේ නිර්වින්දිත සමාජය අවදි කරවන සුළු අන්දමින් පරමත්ත පාරමිතාවක නිරතවූහ. උන් වහන්සේ පන්සලේ දේපළ බෙදා ගැනීමට නොහැකිව, නොඑසේනම් වෙනත් නොමනා ක්‍රියාවක නිරතවී මේ සමාජයට මුහුණදිය නොහැකිව ‘සියදිවි නසා’නොගත් බව කවුරුත් සිහියට නගා ගැනීම වටී. එහෙයින් ඉන්දරතන හිමියන් කළ පූජාවට අංශුමාත්‍ර වශයෙන් හෝ සැසඳිය හැකි කැපකිරීමක්‌ කළ නොහැකි ඇස්‌ පනාපිට සිදුවන ජාතික ශාසනික විනාශයට එරෙහිව කට අරින්නට බය උන්නාන්සේලාත් ඇබිත්තයෝත් උන්වහන්සේගේ මහා පාරමිතාවට නින්දිත අර්ථකථන සපයා තම නොහැකියාවේ විළි වසාගැනීමට උත්සාහ නොකළ යුතු බව අපි අවධාරණය කරමු. ඉන්දරතන හිමියන්ගේ ජීවිත පූජාව වරදක්‌ නම් එහි වගකීම උන් වහන්සේ මත පමණක්‌ පටවා ‘නිවැරදිකරුවන්’ වීමටත්, උන් වහන්සේට තිබුනේ ‘ජීවත් වෙමින් සටන්
කිරීම යෑයි’ වැදි බණ කීමටත් හදිසි වී සිටින ඊනියා බෞද්ධ න්‍යායවාදීන් එම සිදුවීමට හේතු පාදක වූ සමාජ තත්ත්වයන් වෙනස්‌ කිරීමට සුළුවෙන් හෝ උත්සාහ නොකළ බව බොදු බල සේනාවෙහි විශ්වාසයයි. උන්වහන්සේට ජීවත් වෙමින් සටන් කිරීමට තිබූ අවස්‌ථාව අහිමි කළෝද උන්මය. මෙය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ මෙබඳු සිදුවීමක්‌ වාර්තා වූ ප්‍රථම වතාව මෙන්ම එය එක්‌ නිමේශයකින් ලොව පුරා ව්‍යාප්ත වූ ද අවස්‌ථාවකි. එහෙත් එම සිදුවීම සම්බන්ධයෙන් බහුතර ජනතාව බෞද්ධයන් යෑයි උදම් අනන මේ ධර්මදීපයේ සමස්‌ත සමාජ ප්‍රතිචාරය කෙතරම් දුර්වලද? එය බොහෝ දෙනකුට වැල් ටෙලි නාට්‍යයක තවත් ජවනිකාවක්‌ පමණක්‌ වූ සෙයකි. සමාජය ඊට ප්‍රතිචාර දැක්‌වූයේ ඉන්දරතන හිමියන් උන්වහන්සේගේ පෞද්ගලික අරමුණක්‌ වෙනුවෙන් පෙනී සිටි ලෙසිනි. මේ නිර්වින්දිත තත්ත්වය දෙස බලා ඉන්දරතන හිමියන්ගේ පූජාවට ගරහන පිරිසද, උන් වහන්සේ 21 වන සියවසට නුසුදුසු යෑයි කටමැත දොඩවන පිරිසද අපට මතක්‌ කරන්නේ මේ සමාජය සිංහල බෞද්ධ අනන්‍යතාවයෙන් කෙතරම් නම් ඈත්වී ඇතිද යන බවයි.
අපට යාබද ඉන්දියාවේ දුම්රියක්‌ පීලිපැන්නද ප්‍රවාහන ඇමැති ඉල්ලා අස්‌වේ. අප මේ යෝජනා කරන්නේ රජයට ඉල්ලා අස්‌වීමට නොවේ. එහෙත් පක්‌ෂයක බලය අවදානමට ලක්‌වෙද්දී මධ්‍යම රාත්‍රියේ වුව අමාත්‍ය මණ්‌ඩල රැස්‌වීම් කැඳවන මෙරට ‘සිංහල බෞද්ධ’ දේශපාලන සංස්‌කෘතියට හදිසි කැබිනට්‌ රැස්‌වීමක්‌ හෝ පවත්වා මේ තත්ත්වය ගැන කතා කිරීමේ යුතුකමක්‌ තිබිණි. වගකිවයුතු තවත් අමාත්‍යවරයෙකු මෙම තත්ත්වයට ප්‍රතිචාර වශයෙන් ‘ගව ඝාතනය තහනම් කිරීම එතරම් පහසු නොවන බව’ ජනමාධ්‍ය අමතා කියා තිබිණි. ඒ අතර උන්වහන්සේට පෙට්‍රල් සැපයූ පුද්ගලයා සොයා පුළුල් පරීක්‍ෂණ ඇරඹීම වැනි විසුළු කථාද අසන්නට ලැබිණි. මේ ඉන්දරතන හිමියන්ගේ පරමාර්ථ පිළිබඳ වගකිවයුත්තන්ගේ විග්‍රහයේ දිග පළලෙහි ස්‌වභාවයයි. ‘රජය බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය පිරිනමන්නේය’ කියා ව්‍යවස්‌ථාවෙහි ලියා තිබුණද එය හුදු ප්‍රකාශයක්‌ පමණක්‌ බව යළි යළිත් අප කියන්නේ එනිසාය. බෞද්ධ සමාජ සංස්‌ථාවේ පුරෝගාමියා හෝ කුල දේවතාවා වූ භික්‌ෂූන් වහන්සේගේ විනාශයම පැතූ තවත් පිරිසකගේ මන්දස්‌මිතයට හේතුව එක්‌ අභීත බුද්ධ පුත්‍රයකු හෝ මෙලොවින් සමුගැනීමෙන් උපන් කුරිරු සතුට බව අපි දනිමු. සමාජය ඉදිරියේ සාධූන් මෙන් පෙනී සිටින ඒ සාපරාධී අපරාධකරුවන්ටත්, ඉන්දරතන හිමියන්ගේ ජීවිත පූජාවට නිගා කරමින් උන් වහන්සේ ඝාතනයට වෙරදරන පාපතර මුග්ධයින්ටත් බොදු බල සේනාවෙහි අපි එක්‌ සත්‍යයක්‌ අවධාරණය කරමු. ඒ, නුඹලාගේ කැණහිලු අභිප්‍රායන් පරදා දැමුමට ඉන්දරතන හිමියන්ගේ පරමාදර්ශී පූජාවෙහි පණිවුඩය අප ආධ්‍යාත්මික අවියක්‌ කරගන්නා බවය. පුරන් අප්පු පාවාදෙනු වෙනුවට තම මරණය තෝරාගත් කුඩාපොළ රාහුල පරපුර තවමත් නොඅවසන් බව ස්‌ඵුට කරමින් පරමත්ත පාරමිතාවක්‌ පුරා, නිවනට ඇති දුර ලඝූ කරගත් ඒ අභීත උතුම් බුද්ධ පුත්‍රයාණන්ගේ පරමාර්ථ ඉටු කිරීමට දිවි හිමියෙන් කැපවන බවට ද අපි ප්‍රතිඥ දෙන්නෙමු.

සබ්‍රහ්මචාරියකුගේ සහකම්පනය

උපුටා ගැනීම  by

කතිකාවකට සුදුසුම කාලය මේ එළැඹ ඇත. අප දැන් පසුකර යමින් සිටින්නේ භීම චින්තන යුගයකි. එය මධ්‍යතන යුගය තරම්ම රුදුරු හා දරුණු යුගයකි. සියලු ප්‍රකාශන මාධ්‍ය අත්හදා බලා ඉනික්‌බිති අඳුර විනිවිදින්නට,සත්‍ය කෙරෙහි අඬහැර නගන්නට, ඒ වෙනුවෙන් කථිකාවතක්‌ ගොඩනගාගන්න, සරලවම අපි යන්නේ කොයි පාරේ දැයි කියන්න, සිය සිරුරට ගිනි අවුළුවා ජීවිත පූජාකරන්නට නූතන මධ්‍යතන යුගයේ යතිවරයකු වූ බෝවත්තේ ඉන්දරතන හිමියෝ එඩිතර වූයේ යටකී අඳුර විනිවිදිය යුතු නිසාය.
එම ජීවිත පූජාව අර්ථ දක්‌වන්න මම අසමත් වෙමි. එනිසා එයට ජාතක ගැට පද අටුවා ලියන්නට තරම් මා එඩිතර නොවෙමි. මා හදෙහි ඇත්තේ ධර්ම සංවේගයකි. මේ ලියන්නේ උන්වහන්සේ පැතූ දෙය එම බලවේග තුළම විකිණීයාම වැළැක්‌වීමේ අරමුණෙන් හා වම් උරයෙන් අඟ වසනා යතිවරයකු වෙනුවෙන් වම් උරයෙන් ඇඟ වසා නවකඩය අඳිනා සබ්‍රහ්මචාරියකුගේ සහකම්පනයයි.
එම ජීවිත පූජාව දුටු විට මාගේ රෝමාන්තය තුළ සසලවීමක්‌ උපන්නා සත්තය. ඉන් අනතුරුව මා තුළ සැරිසැරුයේ සොක්‍රටීස්‌ දාර්ශනිකයාය. ත්‍රිපිටකය පෙරලා බලා එම ක්‍රියාව විග්‍රහ කරන්නට තරම් මා දිරිමත් නොවන්නේ එම සත්‍ය උන්වහන්සේ නොදැන සිටි බව මා නොඅහදන බැවිනි. බුද්ධියට වැටහුණද හදවතට නොවාවන සමාජ අවගමනයක අඳුර වෙනුවෙන් සියල් සිරුර දවාලුයේ එබැවිනි. ත්‍රිපිටකය පිළිබඳව අපට තර්කයක්‌ නොමැත. එසේම උන්වහන්සේටද නොමැත.
සොක්‍රටීස්‌ සත්‍ය වෙනුවෙන් වස පානය කළ මිනිසා. සොක්‍රටීස්‌ගේ මර්ණ වාක්‍ය ඔබ දන්නේද?
‘මට මැරෙන්නටත් නුඹලාට ජීවත්වන්නටත් කාලය එළැඹ ඇත. එහෙත් අප දෙගොල්ලන්ගෙන් වඩා හොඳ ලැබෙන්නේ කාටද යන්න දන්නේ දෙවියන් පමණි’
දළදා වහන්සේට නමස්‌කාර කරමින් මේ පවත්නා ජුගුස්‌සාජනක සමාජ, ආර්ථික රටාව සිඳලන ලෙස මරණීය හෝරාවේදී පැවැසූ බෝවත්තේ ඉන්දරතන හිමියෝ පැවැසූ වදන් හා සොක්‍රටීස්‌ ගේ වදන් තුළ ඇත්තේ ව්‍යාකරණමය, භාෂාමය වෙනසක්‌ පමණි. චින්තනමය හා අපේක්‌ෂාමය අතින් ඇත්තේ විශ්මය දනවන සුලු සමානකමකි.
සොක්‍රටීස්‌ගේ මරණීය වටපිටාව සන්සුන්ය. එහෙත් සිතුවිලි එඩිතරය. බෝවත්තේ හිමියන්ගේ අවසන් හෝරාව නොසන්සුන් වටපිටාවකය. එහෙත් සිතුවිලි එඩිතරය. ගිනිගත් සිරුර මිහිමත නොසැතපුනේ එනිසාය.
සොක්‍රටීස්‌ගේ මරණයෙන් කැළඹුණු නුවරු එම මරණයට වගකිවයුතු අයගේ මුහුණු නොබලන තැනට වැඩ යෙදූහ.
තත්තවඥ වූ නීතිඥවරු හා උසාවිය, පොළොව කැරකැවෙන්නේ නැතැයි කියන්නට සොක්‍රටීස්‌ට ඇයද සිටියහ. එහෙත් ඔහු පැවැසුවේ,
‘මේ උගත් නීතිඥ මහත්වරුන් මට උපදෙස්‌ දෙන නිසා මා කියනවා පොළොව කැරකැවෙන්නේ නැහැ කියලා. ඒත් ඒක එහෙම්මම කැරකැවෙනවා.’
ඉන්දරතන හිමියන්ගේ අත් පත්‍රිකාව හා මාධ්‍යට පැවැසූ වදන් තුළ ඇත්තේ මෙයම නොවේද?
මෙය ජීවත පූජාවක්‌ මිසක දිවිනසා ගැනීමක්‌ නොවන බව කියන්නට එම ගින්න නිසි ලෙස වටහා ගත්තන්ටවත් එයින් ඇතිවන කම්පනය බුද්ධිය අවදි කිරීමටවත් ප්‍රමාණවත් නොවන තරම් සමාජය අඳුරේ බව දන්නා නිසාය.
‘තුන්වන ලෝක යුද්දයේදී පරිහරණය කරන යුද අවි ගැන මම නොදනිමි. ඒත් හතරවැනි ලෝක යුද්ධයේදී පොලු මුගුරු, ගල්කැට යුද අවි ලෙස පරිහරණය කරනු ඇත.’ මේ ඇල්බට්‌ අයින්ස්‌ටයින්ගේ කියමනකි. බුදුදහමේ ඉගැන්වෙන මුරුගසන් වැසි වසිනා අවදියද මෙයම වේ. මේ පහළව ඇත්තේ කලි යුගයේ වනචාරී අවදියයි.
මා ඔබෙන් ඉල්ලා සිටින්නේ ධර්ම සංවේගයට පත්වන ලෙසය. එය රහතුන්ට අයත් ධර්මතාවකි. එහෙත් එහි ආසන්නයට හෝ පැමිණිය හැකිය.
ඉන්දරතන හිමියන්ගේ ක්‍රියාව දිවිහානිකර ගැනීමකි පවසා කඳවුරු බඳිනා විට මෝඩකම, වෛරය හා අන්තවාදය ඇසුරේ පෝෂණය වූ දැක්‌මක්‌ ඔබව යටපත් කරගෙනු යනු ඇත.
මෙය වීර ක්‍රියාවකැයි ඔබ කඳවුරු බඳින්නේ නම් එයට යුක්‌ති යුක්‌ත වූ උන්වහන්සේගේ ජීවිත පූජාව අර්ථවත්වන ලෙස මෙම හායන පක්‌ෂයෙහි ඇති සමාජ ප්‍රවණතා නවතා දැමීමට උත්සුක විය යුතුය. එසේ නොවන්නේ නම් එය ආත්ම වංචාවකි. විජීගිෂාවකි. (පිළිකුල්සහගත ආශාවකි)
ඔබට ආරෝහ පරවිඥනය උපදින්නේ නම් මැනවි. මින් ඉදිරියට වසර හැටක්‌ පමණ වෘද්ධයකුගේ තැන්පත් පැසුණු බුද්ධියකින් ලොව බලන සිතුවිල්ලකි එය.
ඔබට කිව යුත්තක්‌ ඇත. අප ලැඡ්ජා විය යුතුය. සිරිදේවමිත්ත ධර්මපාල හිමියෝ අපවත්වන්නේ නැවත ලක්‌දෙරණ නූපදින ප්‍රාර්ථනාවෙනි. කැප්පෙටිපොල හිස සිඳලන්නට අවසර දෙන්නේ පාවා දෙන්නන්ගේ දේශය අතහරිමිනි. කුඩාපොල හිමියන් අපවත් වන්නේ උන්වහන්සේට වෙඩිතබන්නට අණ දුන් ටොරින්ටන් ආණ්‌ඩුකාරවරයාව සිහිපත් කරන්නට ස්‌මාරක හදනා රටකය. (එහෙත් කුඩාපොල හිමියන් අනුස්‌මරණය කරන්නට දෙයක්‌ ඒ රටේ නොමැත) හසලක ගාමිණී කුලරත්න විරුවා දිවි පුදන්නේ ජාතියම ඔහුගේ පවුලට කළ යුතු යුතුකම් නොතකා වැඩකරන රටකය. බෝවත්තේ ඉන්දරතන හිමියෝ දිවි පුදන්නේ එම මරණය අර්ථකථනය කරන්නට කඳවුරු බඳිනා රටකය. එය තවත් එක්‌තරා කතා මාතෘකාවක්‌ කොට රට කරවන රටකය.
සහකම්පනය නූපදින්නේ මන්ද? සසල නොවන්නේ මන්ද? උන්වහන්සේගේ ජීවිත පූජාව ඉක්‌මන් වූයේ අප සැමගේ දුර්දාන්තකම නිසාය. සත්ව හිංසනය, ආගමික අපයෝජනය හා ජාතික අනන්‍යතාවයෙහි පවත්නා විකෘතිභාවය වළක්‌වන මෙය සැබවින්ම මිදුණු ඇටයක්‌ කළ යුතු දේශයක්‌ නොවන්නේද?
ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටයයි. මුතු ඇටය යනු මුක්‌ත හෙවත් මිදුණු ඇටය යන්නයි. බෙල්ලාගේ කුසින් මිදුන ඇටය මුතු ඇටයයි. ලංකාව ඉන්දියන් සාගරයේ මිදුනු ඇටයකි. එහෙත් එය භෞතික මිදීමකි. සමාජ, සංස්‌කෘතික හෝ ආගමික අතින් නොවේ. අපට කිසිදා මිදී ජීවත්විය නොහැකිය. එහෙත් අප ඉවසිය යුත්තේ සංස්‌පර්ශය මිසක ආක්‍රමණය නොවේ. දැන් පෝෂණය වන්නේ සමාජ, ආර්ථික, දේශපාලනික සංස්‌පර්ශය නොවේ. ආක්‍රමණයකි. එසේ මිදීමට අප තවත් ලේ ඉල්ලා සිටින්නේ මන්ද? ආකල්පමය වෙනසකට නොයන්නේ ඇයි?
ඉන්දියානු හිටපු ජනාධිපතිතුමන් අබ්දුල් කලාම් මහතා මෙසේ පවසන්නේ ගිනිතටු නම් තම ස්‌වයං ආපදානයෙහිය.
‘අප සැම ඉපිද සිටින්නේ දිව්‍යමය ගින්නක්‌ සහිතවය. අපගේ ප්‍රයතන එම ගින්නට තටු ලබාදී එහි සත්භාවයේ ආලෝකයෙන් ලෝකය ඒකාලෝක කිරීම විය යුතුය.’
අපගේ ඇඟ තුළ ස්‌වභාවයෙන්ම ගින්නක්‌ ඇත. නැතිනම් උණක්‌ ඇත. එය වැඩිවූ කලත්, අඩු වූ කලත් රෝගයකි. අවශ්‍ය වන්නේ එයට තටු ලබාදීමකි. නිධන්ගතව ඇති යහපත් බව දැනුම, ආකල්ප හා කුසලතාවන්ට ඉස්‌මතු වන්නට ඉඩදිය යුතුය. එහි සද්භාවය ආලෝකයක්‌ මතුවනු ඇති. එයින් ලොව එළිය කළ යුතුව ඇත.
ඉන්දරතන හිමියෝ සියල් සිරුර අවුලුවා දිවි පිදූහ. ඒ අපගේ සද්භාවය ගින්නට තටු ලබාදෙනු පිණිසය. අප රොද බැඳිය යුතුව ඇත. ඒ මානව යහපත පිණිසය. සත්‍යය පමාවිය හැකිය. එහෙත් නෑවිදින් සිටින්නේ නැත.
‘පොළොව මත ජීවිතය පැවැත්වීම හා මානව සෞඛ්‍ය වැඩිකිරීමට නම් මිනිසා ශාකභක්‌ෂක ආහාරයට පරිණාමය විය යුතුය.’ මෙය අයින්ස්‌ටයින්ගේ කියමනකි. උන්වහන්සේ අපෙන් ඉල්ලා සිටින්නේ එයයි.
‘ඔබ ධනය හා ගෞරවය සඳහා ඔබගේ ඥනය හා සත්‍ය පාවා දෙනවාදැයි මම අසමි’. මෙය සොක්‍රටීස්‌ගේ කියමනකි. බෝවත්තේ ඉන්දරතන හිමියෝ ඇසුවේ එයයි. මෙම සිදුවීමට ජාතක අටුවා ගැටපද නොලියා අප අපම මෙම ප්‍රශ්න අසමින් ධර්ම සංවේගය පළ කළ යුතුව ඇත.
අනිච්චං සංඛතං සබ්බං වියොගන්තං චලා චලං
අනිසය, වියොවගය, සසලය ලොව ඇති සියලු දහම්.
අපවත්වී වදාළ පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන්ට අමා නිවන අත්වේවා!

Wednesday, May 22, 2013

සම්මා සම්බුදු ගුණ

උපුටා ගැනීම (බුදුසරණ 2010.06.19)



නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
ආරකත්තා හතත්තාච
කිලේසාරීන සෝ මුනී
හත සංසාර චක්කාරෝ
පච්චයාදීනවා රහෝ
නර හෝ කරෝති පාපානි
අරහංතේන වුච්චතී”තී


මහා කාරුණික සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා!

 
                   කාරුණික පින්වත්නි,

ශාක්‍ය මූනීන්ද්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නම් වූ උතුමන් වහන්සේ පහළවීම නිසා අප කවුරුත් හරිම වාසනාවන්තයි. ඒ බුදු සසුනේ පිළිවෙත් පුරන්න භාග්‍යය ලැබූ අප හරිම වාසනාවන්තයි. ඒ බුදුපියාණන් වහන්සේ ගැන සිතන්න හොඳ වාසනාවන් සිතක් අපි ලැබුවා. ඒ බුදු ගුණ බුදු බණ අහන්න වාසනාවත් දෙසවන් පත් ලැබුණා. බුදු ගුණයට දෝත නඟා වඳින්න වාසනාවන් දෑතක් ලැබුණා. සියලු කායික මානසික දුක් වේදනා සංහිඳුවා ගන්නට සසර දුක් නිමා කරන්නට බුදු ගුණ බුදු බණ ඔස්සෙ මහා පිහිටක් අපට ලැබුණා.
පින්වත්නි, ඔය ඇත්තන්ගෙ සිත්වලට අරහං බුදුගුණ සුවඳ බෙදා දෙන්නයි අද මගේ බලාපොරොත්තුව . ඉහත සදහන් ගාථාවෙ අදහස විමසමු. “සෝ මුනී”, ඒ මුනින්ද්‍රයන් වහන්සේ
“කිලේසාරීනං” ,කෙළෙස් නමැති සතුරන් “ආරකත්තා” , දුරු කළ නිසාත් “හතත්තාච” , කෙළෙස් නැසු නිසාත්
“හත සංසාර චක්කාරෝ - “ සංසාර චක්‍රයාගේ අර නැසු නිසාත් “ පච්චයාදීනඤ්ච ,” සියලු පූජාවනට
“අරහෝ” , සුදුසුවන නිසාත් “රහෝ” රහසින්වත්
පාපානි, “පව්කම් නකරෝති”, නොකරන ලද නිසාත්,
“තේන, ඒ ඒ කරුණු නිසාත්,” අරහං “අරිහත්ය” යි
“පවුච්චති”, කියනු ලැබේ.

මේ ගාථාවෙන් අරහං ගුණයට අර්ථ පහක් දී තිබෙනව. මුලින්ම කියැවුණේ වාසනා සහිත සියලු කෙළෙසුන් කෙරෙන් දුරු වු නිසා අරහං කියන බව. මොනවද මේ වාසනා කියල කිවුවෙ? අපි මුලිනුත් වාසනාව ගැන කතා බහ කළානෙ.
කෙළෙස් දුරුකළ මහ රහතන් වහන්සේලාගේ සන්තානවලත, කෙළෙස් දුරු නොකළ අයගෙ චිත්ත සන්තානවලත්, ඇසූ දුටු අය නොපහදින යම් යම් ගති පුරුදු තිබෙනව.
එක මහ රහතන් වහන්සේ නමක් වැඩ හිටිය බුද්ධ කාලයේ , අනෙක් අයට වසලය ආදී පහත් විදිහට කතා කළා. මේ ගැන බොහොම දෙනා නොපැහැදීමට ලක්වුණා. බුදුරජාණන් වහන්සෙ වදාළ ඒ පෙර සංසාර කෙලෙස් පුරුදු කියලා. බුදුරජාණන් වහන්සේගෙ බුදු සිතේ මේ වාසනා ගති, සංසාර කෙලෙස් පුරුදු සහමුලින්ම දුරු වුණා.
පින්වත්නි, ඔබටත් මේ වගේ ගති පුරුදු තිබෙනව නම් ඒ නරක පුරුදු දැන්ම අත හරින්න. නැතිනම් ඒවා ඔබටම දුක පිණිස පවතිනව. ඊළඟට කෙළෙස් සතුරන් කියන්නෙ කවුද? කෙළෙස් කියන්නෙ කිළිටි සිතිවිලි නරක නපුරු සිතිවිලි සිත දූෂිත කරන සිතිවිලි. අද දවස, හෙට දවස, මතුභවය සියලු අනර්ථය සිදු කරණ, දුක දොම්නස, කණගාටුව , පසුතැවිල්ල ඇති කරණ සිතිවිලිවලට කෙළෙස් කියනව. සරල නිදර්ශන කීපයක් ගනිමු.
ඔබ රූපයක් දකිනව. පිරිමි හරි ගැහැණු හරි වෙනයම් දෙයක් හරි දකිනව. දැන් ඔබේ දෑසට අරමුණක් ලැබිල. අරමුණ ගැන දැන් හිතනව. එයා හරි ලස්සනයි. කොණ්ඩය ලස්සනයි. මුහුණ ලස්සනයි. ඒ ඇඳුමට වඩාත් ලස්සනයි. ගමන ලස්සනයි. ඔය විදිහට ඒ රූපය ගැන ආශා කරණව. ඇලෙනව, බැඳෙනව, වසඟ වෙනව. දැන් ඒ සිත පුරාම වැගිරෙන්නෙ, ආශාව ,රාගය, කෑදරකම, උපාදානය, දැන් සිත කිළිටිවෙලා, කෙළෙස්බරයි. ඒ සිතිවිල්ල ඔස්සෙ උපදින්නෙ අසහනය, නොඉවසීම.
ළඟට ඇසට ලැබුණු ඒ අරමුණ ගැන අකමැත්තෙන්, නොමනාපයෙන් අසුබවාදීව සිතන්න. දැන් සිතේ පහළ වන්නෙ මොනවාද? නොකැමැත්ත, නොමනාපය, ගැටීම , තරහව, ද්වේශය, ක්‍රෝධය ,වෛරය, පලිගැනීම, ඒත් සිත කිළිටි වෙනව නේද? කෙළෙස් බරයි. ඒ නිසාවෙන් සිදු වන්නෙත් දුකම නේද? ඒ වගෙම බලන්න සමහරු ඉන්නවනෙ, අපි මහ ඉහළ කුලවල අපි ධනවත් අය අපි බලවත් අය, අපි තමා සිල්වත්, අපි තමා උගත් කිය කියා තමන්ව මැන ගන්නව. ඔය මැන ගැනිල්ල තමා මානය කියන්නෙ, ඒකත් සිත කිළිටි කර ගැනිල්ලක්.
මහා අසහනයක් දුකක්, අනුන්ගෙ දියුණුව, සැපත දැකල සමහරු ඊර්ෂ්‍යා කරණව. කෙළෙස් , රූප, ශබ්ද, ගන්ධ, රස, සපර්ශ, අරමුණු, මේ හැම දේ ගැනම ඇතිවන ඇලීම ගැටීම සිතට මහ බරක්, ජලයට දුගඳ, සුගඳ කොයිදේ එකතු වුණත් වෙන්නෙ දූෂිත වෙන එකනෙ. ඒ දෙකම නැති ජලය ඉතාම පිරිසුදුයි. ඒ වගෙ ඇලීම ගැටීම සහමුලින් නැති කළ සිත ඉතාම පිරිසුදුයි. බලගතුයි. බුදුරජාණන් වහන්සේගෙ බුදු සිතත් එබඳුයි.
බුදුපියාණන් වහන්සෙ තමන් වහන්සෙගෙම නුවණින් රාග, ද්වේෂ, මෝහාදි සියලු කෙළෙස් සතුරන් සිඳ දැමුව , සංසාර බැමි සහමුලින් සිඳ දැමුව.
සසර සංසාරෙ කියන්නෙ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙහෙම.
“ඛන්ධානං පටිපාටි ධාතු ආයතනනාන්ච
අබ්බොජ්චින්නං වත්තමානං - සංසාරෝති පවුච්ඡතී”

“ඛන්ධානං” පඤ්චස්කන්ධයන්ගෙන් -ධාතු ආයතනානිච,
අටළොස් ධාතු සහ ආයතන හයක් “අබ්බොෂ්චින්නං”

නොසිඳීමෙන් “වත්තමානං” පවත්නා “ පටිපාටි” , පිළිවෙල
“සංසාරෝති” සංසාරයයි
“පවත්තති” කියනු ලබනව.

මොනවද පඤ්චස්කන්ධ? ඔබටත් මටත් භවයෙන් භවය නොසිඳී පවතින,රූප වේදනා සංඥා සංඛාර ,විඤ්ඤාණ කියන පහට අටළොස් ධාතු කියන්නෙ මොනවාද?
ඒ තමා චක්ඛුධාතු, රූප ධාතු, චක්ඛු විඤ්ඤාණ ධාතු , සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ඝාණ ධාතු, ගන්ධ ධාතු, ඝාණ විඤ්ඤාණ ධාතු, ජිව්හා ධාතු, රස ධාතු, ජිව්හා විඤ්ඤාණ ධාතු, කාය ධාතු ඵොට්ඨබ්බ ධාතු, කාය විඤ්ඤාණ ධාතු, මනෝ ධාතු ධම්ම ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු ඊළඟට ආයතන හය නැත්නම් සළායතන කියන්නෙ මොනවද? චක්ඛායතන සෝතායතන ඝාණායතන ජිව්හායතන , කායායතන, මනායතන, ඒ වගේම බාහිර ආයතන හයකුත් තියෙනව. ඒ තමා රූපායතන, සද්දායතන, ගන්ධායතන, රසායතන, ඵොට්ටබ්බායතන ධම්මායතන, මේ සියලුම දේ නොසිඳී පැවතගෙන එන පටිපාටියට තමා සංසාරය කියන්නෙ. මේවා ඉපදී ඉපදී මැරී මැරී නොයෙක් ගතිවල නැවත ඉපදෙමින් ගමන් කරණ හින්දයි සංසාර චක්‍රය කියන්නෙ.
අපි දැන් පඤ්චස්කන්ධය ගැන විස්තර ටිකක් සොයා බලමු. මෙයින් රූප නැත්නම් රූපස්කන්ධ ගැන විමසමු. පඨවි ධාතු හෙවත් තද බවින් යුක්ත කොටස් ආපෝ ධාතු හෙවත් වැගිරෙණ ජලය වැනි කොටස් තේජෝ ධාතු හෙවත් ශරීරයේ සිසිලස හරි උණුසුම හරි වායෝ ධාතු හෙවත් වැනෙන , සැලෙන ගතියෙන් යුක්ත දේවල්. අපේ ශරීරය කුණප හැටියට කොටස් තිස් දෙකකට බෙදෙනව. කුණප කියන්නෙ කුණු ගඳ ගහන, කුණුවෙන කියන එක මොනවද ඒ කොටස්? කෙස්,ලොම් , නියපොතු, දත්, සම, මස්, නහර ඇට, ඇට මිදුළු, වකුගඩු, හෘදය, අක්මාව, ඇලදිව, බඩදිව, පපුමස, පැසුණූ ආහාර, නොපැසුණු ආහාර , උදරය , අශුචි, හිස් මොළ කියන මේවා තද මොළොක් ගතියෙන් යුක්තයි. පඨවි ධාතුවට අයත් පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මේදය, කබ, කඳුළු , කෙල, සොටු, සඳ මිදුළු, මුත්‍ර වගෙ දියර කොටස් ආපෝ ධාතු, ශරීරයේ පවතින උණුසුම සිසිල්බව තේජෝ ධාතුවට අයත් අපි ගන්න හෙලන සුළඟ ශරීරයේ තැනින් තැන දිව යන සුළඟ, වායෝ ධාතුව ඒ වගෙම රූප දැකීමට මුල්වන ඇහේ ඔප ගතිය හෙවත් චක්ඛු ප්‍රසාදය, ශබ්ද ඇසීමට මුල්වන සෝත ප්‍රසාදය, ගඳ සුවඳ දැනීමට මුල් වෙන ඝාන ප්‍රසාදය, රස දැනීමට මුල් වෙන ජිව්හා ප්‍රසාදය, පහස දැනීමට මුල්වෙන කාය ප්‍රසාදය, ඇසට අරමුණූ වන රූපාරම්මනය, කණට අරමුණු වන ශබ්දාරම්මනය, නාසයට අරමුණු වන ගන්ධාරම්මනය, කයට අරමුණු වන ස්පර්ශය, ස්ත්‍රිභාවය හඟවන , ස්ත්‍රිභාව රූපය, පුරුෂ භාවය හඟවන පුරුෂ භාව රූප හදය වස්තුරූපය ,ජීවිතේන්ද්‍රිය, වැනි දහ අට වැදෑරුම් රූප රූප්කන්ධයට අයිතියි. මේ හැම රූපයක්ම කැඩෙනව, බිඳෙනව, කුණු වෙනව, ලෙඩ වෙනව, ජරා වෙනව, ගඳ ගහනව, විනාශවෙන සුළුයි, මේව කාගෙද? මම කියන එක්කෙනාගෙ මගේදැයි සිතා බලන්න.
ඊළඟට වේදනාස්කන්ධ විඳීම් ගොඩ ඒ මොනවද? සැප විඳීම දුක් විඳීම මධ්‍යස්ථ විඳීම සොම්නස දොම්නස වගෙ හැම විඳීමක්ම මීට අයත්. මේව කාගෙ විඳිම්ද? කවුද විඳින්නෙ? මම විඳින්නෙ. මගේ විඳිම්, මේ විඳීම් තමා ජීවත් වෙනව කියන්නෙ. ඒකට ලොකු පොඩි භේද නැහැනේ. හැම විදිහයකම හඳුනා ගැනීම් සංඥාස්කන්ධ සංස්කාර කියන්නෙ කළ කී දේවල එකතුව. පින් එක් රැස් කරණ වනෙ .
මිය ගිය අයට පින් දෙන්න, අපල උවදුරු ගෙවෙන්න. ජනපි‍්‍රය වෙන්න, දෙව් මිනිස් සැප ලබන්න , පරලොව සුගතිගාමි වෙන්න. ඒ වගෙ නොයෙක් බලාපොරොත්තු ඉටු කර ගැනීමෙ ආශාවෙන් කරන පින්කම් පුඤ්ඤාභිසංඛාර කළ කී හැම පවක්ම අපුඤ්ඤාභිසංඛාර, ධ්‍යාන, සෘධිබල ලැබීමේ ආශාවෙන් කරන සමථ භාවනාවලින් ලබන අනේඤ්ඤාභි සංඛාර මෙම සංස්කාරස්කන්ධයට අයිතියි. ඔය ගොඩටද ඔබත් වැටිල ඉන්නෙ?
කාමාවචර ,රූපාවචර, අරූපාවචර , ලෝකෝත්තර හැටියට බෙදී යන සිත්වල එකතුව තමා විඥානස්කන්ධ මේ පඤ්චස්කන්ධය හදා ගත්තෙ අපිමයි. මම , මට, වගේ කියල උපාදානයෙන් බැඳි බැඳි අපි අපිමයි මෙය හදා ගන්නෙ. අපේ බුදුරජාණන් වහන්සේ මේ පඤ්චස්කන්ධය හට ගැනීමෙ හේතු සියල්ලම, සසර බැමි සියල්ලම සහමුලින් නැති කළා. මේ නිසාම උන් වහන්සේගෙ සිත අරිහත් වුණා. වන්දනීයාති වන්දනීය වුණා. පූජනීයාති පූජනීය වුණා. පරම පූජාර්හ වුණා. සියලු පුජාවනට සුදුසු වුණා. ඒ බුදු සිතේ රහසින්වත් පාප සිතිවිල්ලක් පහළ වුණේ නැහැ. එවැනි උතුම් බුදු සිතක පිරිසුදුකම මොන තරම්ද කියල වර්ණනා කරල අවසන් කළ නොහැකියි.බුදුරජාණන් වහන්සෙගෙ

අරහං බුදු ගුණය මෙනෙහි
කිරීමෙන් පවා
සිත පිරිසුදු වෙනව. සිත සන්සුන් වෙනව.
“අරහං අරහෝති නාමේන
අරහං පාපං නකාරයේ
අරහත්ත ඵලං හෝතී
අරහං නාමතේ නමෝ
අරහං බුදු ගුණ සිසිලසින් ඔබ සැමට යහපත උදාවේවා! බුදු සරණයි

ඇලීම අත්හැර සැනසීම ලබන්න

උපුටා ගැනීම(බුදුසරණ 2013.04.25)



නමෝ තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
අචිචෙන්තිකාල තරයන්ති රත්තියො
වයො ගුණා අනුපුබ්බං ජහන්ති
එතං භයං මරණෙ පෙක්‍ඛ මානො
ලොකාම්සං පජතෙ සන්තිපෙක්ඛා

ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි,
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායේ සඳහන් ඉතා වැදගත් ගාථාවක් පළමුව දැක්වෙනවා. මේ ගාථාව දේශනා කිරීමට හේතු වූයේ දෙවියකු විසින් දක්වන ලද අදහසක් නිමිතිකොට ගෙනයි. බුදුරදුන් ජේතවනාරාමයේ වැඩ සිටිය දී ‘නන්ද’ නමින් හැඳින් වූ දෙවියකු එක්තරා දිනක මධ්‍යම රාත්‍රියේ දී පැමිණ ගාථාවකින් කදිම අදහසක් ප්‍රකාශ කළා. එයින් පැවසෙන්නේ කාලය අනුක්‍රමයෙන් ගෙවෙමින් ගමන් කොට රෑ දවල් ඉක්ම යන බවත්, ඒ අනුව සියලු සත්ත්වයන් ජීවත් විය යුතු කාලයද අනුක්‍රමයෙන් අවසන් වෙමින් මරණයට පත්වීමේ බියත් ඇති කරන බවයි. මෙසේ මරණයට මුහුණ පෑමට පෙර සෑම දෙනාම සැප ලබා ගැනීමට කැමැති නම් නොපමාව පින් කරන්න ඕන යන අදහස ‘නන්ද’ නම් දෙවියා බුදුරදුන් හමුවේ ප්‍රකාශ කළා.
ඔරලෝසුවක් ‘ටික් ටික්’ යන හඬ නඟමින් තත්පර ගණන් ගෙවා අවසානයේ පැය ගණන් ද ඉකුත් වීමෙන් දිවා රෑ අවසන් කොට ගමන් කිරීමෙන් එක් අවුරුද්දක් අවසන් කරනවා. මෙයට දින කීපයකට පෙර එවැනි අවුරුද්දක් ගෙවී ගොස් සිංහල අලුත් අවුරුද්ද එළඹීමත් සමඟ මේ රටේ බොහෝ අය රතිඤ්ඤා පත්තු කළා. පී‍්‍රතියෙන් උදම් ඇනුව පෞද්ගලික මට්ටමින් සලකන විට ලෝවැසි සෑම දෙනා ම අවුරුද්දේ සියලු දිනයන් අතුරෙන් එක දිනයක කිරිබත් හෝ කේක් කමින් පී‍්‍රතියට පත් වෙනවා. ඒ උපතින් වසරක් ගෙවා තමා උපන් දිනය එළඹීම නිසයි.
වසරක් ගෙවී තවත් වසරක් ගෙවේ නම් උපන් දිනයක් ළඟා වූයේ ය යන අදහස ගැඹුරින් සලකන විට පෙනී යන්නේ ජීවත් විය යුතු ආයු ප්‍රමාණයෙන් එක් වසරක් අඩු වූ බවයි. යම් කෙනෙකුගේ ආයුෂ අවුරුදු අනූවක් සේ සිතුවොත් ඒ බව දැන සිටින තැනැත්තාට තම ආයුෂ අසූ අට නොවේ නම් අසූනවය එළඹුනු කල්හි මා ජීවත් වන්නේ තව වසර දෙකක් හෝ එකක් පමණක් යයි සිහියට නැගුණු විට කලින් මෙන් රතිඤ්ඤා පත්තු කරමින් හෝ කිරිබත් නොවේ නම් කේක් වැනි දේ භුක්ති විඳිමින් සතුටින් ජීවත් විය හැකි දැයි සිතා බලන්න. මා මරණයට භය නෑ යයි සමහර අය ප්‍රකාශ කළත් විචාරාත්මකව සිතන විට පෙනී යන්නේ උපන් සෑම දෙනාම මරණය නිසා බියට පත්වන බවයි.
දෙවියන් බුදුරදුන් හමුවෙහි ප්‍රකාශ කරන ලද්දේ මොහොතක් පාසා අපගේ ගත මෙන්ම සිත ද ඇතිව, පැවැතී, විනාශයට පත් වෙමින් ගමන් කරන බවයි. අභිණ්හ පච්චවෙක්ඛිතබ්බ සූත්‍රයේ දී සෑම දෙනාම නිරන්තරයෙන් සිහියේ තබා ගත යුතු යයි පෙන්වා දුන් කරුණු අතුරින් කවර හෝ අවස්ථාවක හුස්ම ටික හෙළන්නට සිදුවන බව සිත්හි තබා ගෙන කටයුතු කළ යුතු බව සඳහන් වෙනව. එසේ නම් ඒ බිය ජනක මරණයට මුහුණ පෑමට පෙර මතු තමන්ට අවශ්‍ය සැප සම්පත් ලබා ගැනීම සඳහා ‘පුඤ්ඤානි කයිරාථ සුඛාවහානි’ යනුවෙන් පින් කරන්නය යැයි දෙවියන් ප්‍රකාශ කළා.
සැප ලැබීම සඳහා බුදුරදුන් පෙන්වා දුන් ප්‍රධාන පින්කම් තුනකි. එනම් දාන, සීල, භාවනා යන ඒවාය. සත්ත්වයා මැරෙමින් නැවත ඉපදෙමින් මේ සසර ගමන් කිරීමට ප්‍රධාන හේතුව තණ්හාව බව බුද්ධත්වයට පත්ව ප්‍රථමයෙන් දේශනා කළ ‘දම්සක් පැවතුම්’ සූත්‍රයේ දී ‘යායංතණ්හා පොනෝභවිකා’ යනුවෙන් පෙන්වා දුන්නා. බලවත් දුක ඇති කිරීමට දැඩි ලෙස බලපාන මේ තණ්හාව තරමක් හෝ දුබල කළ හැක්කේ පරිත්‍යාගය හෙවත් දීම නිසායි. ඒ උතුම් ක්‍රියාව ත්‍රිවිධ කුසල ක්‍රියාවන් අතුරෙන් ප්‍රථමයෙන් දැක්වෙනවා. දෙඅත් දෙපා ආදී අවයවයන් මෙන්ම ඇස් කන් නාස් ආදී ඉන්ද්‍රියන් ද සමඟ සෑම දෙනෙකුගේම කට නුසුදුසු අන්දමට නොයොදවා මැනවින් සංවර කර ගැනීම සීලයට අයත් වෙනවා. එහෙත් මොන තරම් දන් දුන්නත් කවර අන්දමේ උසස් පරිත්‍යාග කළත්, මුළු ශරීරයම මනා වූ සංවරයෙන් තබා ගෙන ජීවත් වූවත් ඒවා තුළින් සදාකාලික ශාන්තිය හෙවත් සැපත ළඟා කරගන්න පුළුවන්කමක් නෑ.
දානය හෙවත් පරිත්‍යාගය තුළින් කාමාවචර කුසල් රැස් වෙනවා. ඒ කුසල් නිසාම කිසිවෙකුට පරම සැපත උදාකර ගන්න බෑ. සිදු වන්නේ අපමණ සැප ඇති සදෙව් ලොවෙන් එකක නැත්නම් අප ජීවත්වන මනුෂ්‍ය ලෝකය යන කාම ලෝක සතෙන් එකක උත්පත්තිය ලබා ගැනීමයි. මෙලොව වශයෙන් සැළකුවත් මේ දක්වා අතීතයේ සිදු කරන ලද සාමාන්‍ය අකුසල කර්ම වලින් ලැබෙන්නට තිබෙන විවිධ කරදර ලෙඩ දුක් බොහෝ දුරට මැඩ පවත්වා සැපවත්ව ජීවත් වීමට එදිනෙදා සිදු කරන දාන ශීල යන ද්විද යහපත් ක්‍රියාවන් හේතු වෙනවා. සෑම ලෝකයකටම උපත පවතින නිසා ඒ සමඟම ජරාව, ව්‍යාධිය සමඟ මරණය යන තුන් බිය පහ වී නැති බවත් ඒ නිසාම ශෝක, පරිදේව, ඇතිවන බවත් සිතට ගන්න ඕන.
සැප ලැබීමට පින් කරන්නයයි දෙවියන් සඳහන් කළ අදහස තාවකාලික සැපයකට පමණක් හේතුවන නිසා ඒ අදහස සම්පූර්ණයෙන් බුදුරදුන් අනුමත කළේ නෑ. ‘ලෝකාමිසං පජහේ සන්ති පෙෙක්‍ඛා’ යනුවෙන් ඉන්ද්‍රියන්ගේ මාර්ගයෙන් ආහාර කොට ගන්නා රූපාදී ආරම්මණයන්ගෙන් ඉවත්වීමේ අවශ්‍යතාව උන්වහන්සේ අවධාරණය කොට වදාළ අපේ සිත, ඇස උපයෝගී කොට ගෙන විවිධ රූපවල ඇලෙනවා. එසේ නැතිනම් අපේ සිත කණ උපයෝගී කොටගෙන විවිධ ශබ්ද වල ඇලෙනවා. මේ අන්දමට නාසය, දිව, ශරීරය යන මේවා පිළිවෙළින් ගඳ, රස, ස්පර්ශ යන ඒවාට ආසා කරමින් ඇලෙනවා. ‘යායං තණ්හා නන්දිරාග සහගතා’ යනුවෙන් බුදුරදුන් දක්වා වදාළේ එයයි.
මේ ඇලීම, තණ්හාව, ආශාව, කාමය ආදී විවිධ වචන වලින් ධර්ම ග්‍රන්ථයන්හි දක්වා තිබෙනවා. දැල් වූ ගිනි හුලක් අනුක්‍රමයෙන් දැවෙමින් අවුත් අවසානයේ තමාගේ ශරීරයට ද විපත්ති කරනවා. ඉතා ලස්සනට පෙනෙන ගිනි අඟුරු ගොඩට රැවටී වැළඳ ගන්නට ගියහොත් දරුණු ලෙස පිළිස්සෙනවා. යම් කෙනෙක් සර්පයෙකුගේ හිස ළඟින් අල්ලා ගතහොත් බුරුල් කොට අතහරින්ට සැරසෙත්ම දෂ්ඨ කිරීමෙන් බලවත් සේ විපතට පත් වෙනවා. මෙවැනි උපමා ගෙන හැර දක්වමින් දේපල හා වස්තුවට පමණක් නොව රූප, ශබ්ද ආදිය කෙරෙහි ඇලීම නිසා බලවත් දුක් උපදින බව බුදුරදුන් පෙන්නා දී තිබෙනවා.
සැපයයි සිතා ගමන් කරන කාමසුඛල්ලිකානු යෝගී ජීවන ක්‍රමය යහපත පිණිස හේතු නොවන බවත්, සම්පූර්ණයෙන් අනාර්ථකාරී වන බවත් බුදුරදුන් පෙන්නා දී තිබෙනවා. ඇතිනම් සැපයයි කියා සිතුවත් ඒ ඇතිකමම දුකට හේතුවන බව සිතන්න ඕන. අප ලබා ඇති මේ මනුෂ්‍ය තත්ත්වය පුදුම මහන්සියකින් කුසල් රැස්කොට ගැනීමෙන් හිමි කොට ගත් එකක්. ඒ ලබා ඇති මනුෂ්‍ය ජීවිතය තමාට ම බරක් නොවන ලෙස සැහැල්ලු අන්දමට පවත්වාගෙන යාම අපේ වගකීම. අද සමාජයෙහි බොහෝ අය ගේ, දොර, යාන, වාහන, ඇඳුම්, පැළඳුම්, කෑම්, බීම් ආදී බාහිර දේ කෙරෙහි බෙහෙවින් ඇලුම් කරනවා. ඒවා ලබා ගැනීමට උත්සාහ කරනවා. එහෙත් අවශ්‍ය කරන්නේ බාහිර ආටෝපවත් අනර්ථකාරී පැවැත්මට වඩා අභ්‍යන්තරය සාරධර්මයන්ගෙන් සපිරුණු අධි ප්‍රඥාව උදාකරගත හැකි මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමයි. ඒ සඳහා ත්‍රිවිධ කුසල ක්‍රියාවන්ගෙන් පෙන්වා දුන් භාවනාව කෙරෙහි අපේ අවධානය යොමු වන්න ඕන. එවිට බාහිර සැප සම්පත් වලට වඩා ලෝකෝත්තර සැපත උදාකර ගැනීමට ඇති එකම මඟ විදර්ශනා ප්‍රඥාව උපදවා ගැනීම බව අවබෝධ වෙනවා. ඒ මඟින් ලෝකයේ ඇති සෑම දේකම අනිත්‍ය ස්වභාවයත් ඒ නිසාම දුක් හටගන්නා බවත්, එසේ වීමට හේතුව මගේයයි ගත හැකි කිසිවක් නැති බවත් අවබෝධ කර ගන්න පුළුවනි. සැපත උදාකර ගැනීමට ඇති මඟ මෙයයි.

ඔබ සැමට සැප ලැබේවා!

Tuesday, December 25, 2012

සිවු සඟරා වත

උපුටා ගැනීම (බුදුසරණ 2010.01.07)



ලොවුතුරා දහම තුළින් අප සසර ගමන කෙටි කර ගැනීමට ලැබෙන ශක්තිය අප්‍රමාණ ය. අප කාගේත් දිවි පවත්නා කාලය ඉතා අල්ප ය. ඒ අල්ප දිවියෙන් පිනට දහමට යොමු කෙරෙන කාලය බොහෝ සෙයින් ඊටත් වඩා අල්ප ය. ගෙවී ගෙන යන කාලය පිළිබඳව සිතා බලන හැම විට අතීත ආවර්ජනයේදී සතුටුවීමට හැකි අතීතයක් තිබේ ද?. නොමැති නම් අනාගත කාලය සුචරිත දහමින් ආලෝකවත් කර ගන්නට වර්තමානය පිරිසුදු පිවිතුරු කර ගත යුතු කාලය එළඹී ඇත.

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස


‘’චත්තාරිමානි භික්ඛවේ සගහවත්ථුනි කතමානි චත්තාරි දානං, පෙය්‍යවජ්ජං, අත්ථචරියා සමානත්තතා ඉමානි ඛො භික්ඛවේ චත්තාරි සංග්‍රහ වත්ථුනීති’

තථාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලොවට වැඩ පිණිස දේශනාකොට වදාළ කරුණු හතරක් ඉහත සූත්‍ර පාඨයට ඇතුළත් වේ. එනම් දානය, පි‍්‍රය වචනය, අර්ථය පිණිස කටයුතු කිරීම, සමානාත්මතාව - දුක සැප සමව බෙදාගෙන ජීවත්වීම යන ඒ සතර කරුණුය.
මෙ කරුණු හතර මිනිස් වර්ගයා තුළ දියුණුකර ගැනීමෙන් සිදුවන යහපත විමසා බලමු. නව වර්ෂයකට පියමං කරන අප විසින් ගෙවී ගිය කාලයට වඩා එළඹෙන කාලය යහපත් කර ගැනීමට මෙම කරුණු සතර දියුණු කිරීම සඳහා අධිෂ්ඨාන කළ යුතුව ඇත.
සුගත තථාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ නිර්මල සම්බුදු සසුන අපට දායාද වූයේ සංසාරගත මහානුභාව සම්පන්න කුසල ශක්තිය නිසා බැව් අප නිතර සිහි කටයුතුය. ලොවුතුරා දහම තුළින් අප සසර ගමන කෙටි කර ගැනීමට ලැබෙන ශක්තිය අප්‍රමාණය. අප කාගේත් දිවි පවත්නා කාලය ඉතා අල්පය. ඒ අල්ප දිවියෙන් පිනට දහමට යොමු කෙරෙන කාලය බොහෝ සෙයින් ඊටත් වඩා අල්ප ය.
ගෙවී ගෙන යන කාලය පිළිබඳව සිතා බලන හැම විට අතීත ආවර්ජනයේදී සතුටුවීමට හැකි අතීතයක් තිබේ ද?. නොමැති නම් අනාගත කාලය සුචරිත දහමින් ආලෝකවත් කර ගන්නට වර්තමානය පිරිසුදු පිවිතුරු කර ගත යුතු කාලය එළඹී ඇත.
මන්ද යත් වසරක් නිමා වී නව වර්ෂයකට පා තබන මොහොතේ අප ජීවිත සමාපත්තියට යොමුවිය යුතුය. ගතකළ ජීවිතය පිළිබඳව ආපසු හැරී බැලිය යුතුය. අප කාගේත් යම්යම් මතකයේ පවතින විශේෂ දිනයන් අනුස්මරණය කරනු ලැබේ. එනම් ජන්ම දින විවාහ පත් වූ දින ආදී වශයෙනි. එම දිනයන් ඇතැම්විට අනුස්මරණය කිරීම යථාර්ථයෙන් තොරව ඇතැම් අයකු සිදු කරනු දැකිය හැකිවේ. සමහර කුඩා දරුවන්ගේ ජන්ම දින සමරන ඇතැම් මව්පියන්ගේ බහුරු කෝලන් හා වැරැදි ආදර්ශ දෙන අවස්ථා ගැන දක්නට ලැබේ. මවුපියවරුන් ඥාතීන් හිතවතුන් ඒකරාශිකර විවිධ සාද පවත්වා ආශිර්වාදයන් හෝ සුබ පැතීමක් අපේක්ෂා කැරේ.
එම නිසා යම් යම් විශේෂ සන්ධි ස්ථානයන් සිහි කරන මොහොතේ ලොව්තුරා දහම මුසුව ඒ දිනයන් සැමරීම තුළින් මහත් ලෝක ශාන්තියක් ඉටුවන්නේ ය. එම නිසා මේ එළඹෙන වර්ෂය නව සුබ වර්ෂයක් කර ගැනීමට අප හැම අධිෂ්ඨාන කර ගන්නවා නම් වියයුත්තේ ගතකළ වර්ෂය තුළ අප සිත, කය, වචනය යන තිදොරින් සිදු වී ඇති අඩුපාඩු , හොඳ නරක දෑ පිළිබඳව ආවර්ජනා කිරීමයි. නොදැන හෝ සිදු වී ඇති කාය දුශ්චරිතාදී අකුසලයන් නැවත මේ වර්ෂය තුළත් ඉදිරියටත් නොවීමට අදිටන් කර ගැනීමයි.
සිදු කොට ඇති මව්පිය උපස්ථානාදී කුසල ධර්මයන් නැවත නැවතත් තම දිවිය සාර්ථක කරගන්නට රත්නත්‍රයේ ආශිර්වාද ලබා ගැනීමය. එම නිසා නූපන් අකුසල් නූපදවා ගැනීමට අධිෂ්ඨාන කළ යුතුය. උපන් කුසල් වැඩිදියුණු කර ගැනීමට අදිටන් කළ යුතුය.
තිදොරේ සංවරය ඇතිකරලමින් සදාචාර සම්පන්න ඇවතුම්, පැවතුම් ඇති ගුණ ගරුක දිවියක් ගෙවීමට අධිෂ්ඨාන කරගත යුතු කාලයත් මිනිසත් බව ලබා ඇති කාලය වේ. එලඹෙන වර්ෂයට පා තැබුණ මොහොතේ කළයුතු වන්නේ අප නිරතුරු අප දිවිය පිවිතුරු කරන ඉහත කරණු හතරට අපගේ අවධානය යොමු කිරීම තුළින් ඒ සුචරිතවත්බව අප තුළ ක්‍රමයෙන් දියුණු කර ගැනීමය.
දැඩි ලෝභයෙන්, මුසපත් නොවී තම ආහාර වේලෙන් කොටසක් හෝ සතෙකුට පවා දීමෙන් හෝ දාන චේතනාව දියුණු කළ හැකිය. දීම අන් අයට හිතවත් පුද්ගලයෙකු කරගන්නේය. පි‍්‍රය පරිවාර සම්පත් ලබන්නෙකු වන්නේය.
පි‍්‍රය මව්පියන් හිතවතුන් ලැබීමට හේතු වන්නේය. දානය හෙවත් පරිත්‍යාගය තිදොරම පිරිසුදු කරන මාහැඟි කුසල කර්මයක් වන්නේය. එබවැනින් මේ වර්ෂය තුළ දානය හැකි තරම් සිදු කර ගැනීමට අධිෂ්ඨාන කළ යුතුය.
අප නිවස තුළ සමගිය සමාදානය ඇතිවන්නේ පි‍්‍රය වචනය තුළිනි. බොරුවෙන් කේලමෙන් පරුෂ, හිස් වචනයෙන් වෙන්වීම තුළින් අපගේ වාචසික සංවරය තුළින් අප අන් අයට පි‍්‍රයශීලි පුද්ගලයෙක් වන්නේය. එ බැවින් පි‍්‍රය වචනය අප දිවිය තුළ වචනයෙ පිරිසුදු බවටත් පරිවාර සම්පත් ලබන්නටත් අප අපගේ විශ්වාස කටයුතු පුද්ගලයෙකු වන්නටත් හේතු වන්නකි. තමාටත් අන් අයටත් අර්ථ පිණිස හැසිරීම අර්ථචර්යාවයි.
කාය දුෂ්චරිතාදී අකුසල කර්මයන්ගෙන් බැහැරව අර්ථ පිණිස, තමන්ටත් අන් අයටත් යහපත පිණිස කටයුතු කිරීම වනාහී මහා කල්‍යණ ගුණැතියන් විසින් සිදු කරන්නෙකි.
සැමගේ දියුණුවට අර්ථයෙන් අනුශාසන කරමින් පරහිතකාමීව තද මසුරු අය ත්‍යාගශීලින් කරවීම,නොහික්වුණු පුද්ගලයා හික්මවාලීම ආදී වශයෙන් අවිචාරී පුද්ගලයා සදාචාර සම්පන්න කිරීම ධර්ම දේශනා කරවීම, ධර්ම සාකච්ඡා කිරීම, උපදේශන පැවැත්වීම ආදි තුළින් අපට අර්ථය පිණිස කටයුතු කළ හැකි වේ. තථාගත බුදුපියාණන් වහන්සේ සෑම බුදු ගුණයන් තුළින්ම අර්ථය පිණිස කටයුතු කර ඇති ආකාරය සිතා බලා ඒ සම්බුදු සිරිත ආදර්ශයට ගන්න.
මේ නව වසර තුළ සතර සංග්‍රහ වස්තුවෙන් සියලු ලෝ වැසියන් සම මෙත් සිතින් කටයුතු කිරීමට ශක්තිය ලැබේවා!