පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
Sunday, July 21, 2013
බුදු ගුණ අනන්ත යි ෴ 10
151. සෝ භගවා ඉතිපි අනාරම්භවිමුත්තෝ:- ඇරඹීම් වලින් තොර නිවනෙහි මිදුණු සිත් ඇති හෙයින් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනාරම්භවිමුත්ත’ වන සේක.
152. සෝ භගවා ඉතිපි අනාතුරෝ:- කෙළෙසුන්ගෙන් ආතුර නො වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනාතුර’ වන සේක.
153. සෝ භගවා ඉතිපි අනාලයප්පත්තෝ:- ආලය ක්ෂය වීම නම් වූ නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනාලයප්පත්ත’ වන සේක.
154. සෝ භගවා ඉතිපි අනාලයෝ:- ඇල්ම දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනාලය’ වන සේක.
155. සෝ භගවා ඉතිපි අනින්දිතෝ:- කරුණු සහිත ව කිසිවෙකුගෙනුත් නින්දා නො ලබන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනින්දිත’ වන සේක.
156. සෝ භගවා ඉතිපි අනිස්සුකී:- ඉරිසියා රහිත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිස්සුකී’ වන සේක.
157. සෝ භගවා ඉතිපි අනිදස්සනප්පත්තෝ:- සංස්කාර මගින් නො දැක්විය හැකි වූ නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිදස්සනප්පත්ත’ වන සේක.
158. සෝ භගවා ඉතිපි අනිරාකතජ්ඣානෝ:- නො නැසූ ධ්‍යාන ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිරාකතජ්ඣාන’ වන සේක.
159. සෝ භගවා ඉතිපි අනිකේතවිහාරී:- බාහිර ආයතන නම් වූ වාසස්ථානයේ නො වසන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිකේතවිහාරී’ වන සේක.
160. සෝ භගවා ඉතිපි අනිමිත්තවිහාරී:- නිමිති රහිත විහරණයේ වසනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිමිත්තවිහාරී’ වන සේක.
161. සෝ භගවා ඉතිපි අනිච්ඡෝ:- කැමැත්ත බැහැර කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිච්ඡ’ වන සේක.
162. සෝ භගවා ඉතිපි අනිස්සිතෝ:- කිසිදු සංස්කාරයක් ඇසුරු නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිස්සිත’ වන සේක.
163. සෝ භගවා ඉතිපි අනිකේතසාරී:- බාහිර ආයතන නම් වූ වාසස්ථානයෙහි නො හැසිරෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිකේතසාරී’ වන සේක.
164. සෝ භගවා ඉතිපි අනීතිහමදස්සී:- තමන් වහන්සේ ගේ ප්‍රත්‍යක්ෂයෙන් ම දහම් දකිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනීතිහමදස්සී’ වන සේක.
165. සෝ භගවා ඉතිපි අනීතිකප්පත්තෝ:- සියළු උපද්‍රව දුරු වීම නම් වූ නිර්වාණයට පත් වී වදාළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනීතිකප්පත්ත’ වන සේක.
166. සෝ භගවා ඉතිපි අනීඝෝ:- අකුසල් නිසා ඇති වන සියලු දුක් දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනීඝ’ වන සේක.
167. සෝ භගවා ඉතිපි අනීතිකධම්මප්පත්තෝ:- සියලු විපත් දුරු වූ නිවනට පැමිණ වදාළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනීතිකධම්මප්පත්ත’ වන සේක.
168. සෝ භගවා ඉතිපි අනුප්පත්ථසදත්ථෝ:- පිළිවෙලින් තම අර්ථයට පැමිණි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුප්පත්ථසදත්ථ’ වන සේක.
169. සෝ භගවා ඉතිපි අනුධම්මචාරී:- ධර්මයට අනුව ජීවිතය පවත්වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුධම්මචාරී’ වන සේක.
170. සෝ භගවා ඉතිපි අනුස්සුකෝ:- සංස්කාර රැස් කිරීම කෙරෙහි උත්සාහ රහිත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුස්සුක’ වන සේක.
171. සෝ භගවා ඉතිපි අනුස්සිතෝ:- මානයෙන් හුවා නො දක්වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුස්සිත’ වන සේක.
172. සෝ භගවා ඉතිපි අනුපාරම්භචිත්තෝ:- දොස් රහිත සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපාරම්භචිත්ත’ වන සේක.
173. සෝ භගවා ඉතිපි අනුත්‍රාසී:- කිසි කලෙක ත්‍රාසයට පත් නො වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුත්‍රාසී’ වන සේක.
174. සෝ භගවා ඉතිපි අනුපලිත්තෝ:- ලෝකයෙහි නො තැවරෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපලිත්ත’ වන සේක.
175. සෝ භගවා ඉතිපි අනූපයෝ:- කිසිඳු ක්ලේෂයකට සමීප නො වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනූපය’ වන සේක.
බුදු ගුණ අනන්ත යි ෴ 09
131. සෝ භගවා ඉතිපි අනධිමුත්තෝ:- අකුසලයන් හි නො යෙදුනු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනධිමුත්ත’ වන සේක.
132. සෝ භගවා ඉතිපි අනධිවරෝ:- තමන් වහන්සේට වඩා උසස් කෙනෙකුන් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනධිවර’ වන සේක.
133. සෝ භගවා ඉතිපි අනලසෝ:- අලසබව දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනලස’ වන සේක.
134. සෝ භගවා ඉතිපි අනතිමානෝ:- අතිමාන නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනතිමාන’ වන සේක.
135. සෝ භගවා ඉතිපි අනභිනතෝ:- සංස්කාර කෙරෙහි රාගයෙන් නැඹුරු නො වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනභිනත’ වන සේක.
136. සෝ භගවා ඉතිපි අනපනතෝ:- සංස්කාර කෙරෙහි ද්වේශයෙන් නො ගැටුනු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනපනත’ වන සේක.
137. සෝ භගවා ඉතිපි අනනුගතන්තරෝ:- කෙළෙසුන්ට අනුව ගිය සිතක් නො පැවැත්වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනනුගතන්තර’ වන සේක.
138. සෝ භගවා ඉතිපි අනත්තුක්කංසිකෝ:- තමන් හුවා නො දක්වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනත්තුක්කංසික’ වන සේක.
139. සෝ භගවා ඉතිපි අනවස්සුතෝ:- කෙළෙස් නො වැගිරෙන ජීවිතයක් ගතකළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනවස්සුත’ වන සේක.
140. සෝ භගවා ඉතිපි අනවක්කන්තදේහවා:- කිසිවෙකු විසිනුදු නො මැඩලිය හැකි සිරි සිරුරු දරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනවක්කන්ත දේහවා’ වන සේක.
141. සෝ භගවා ඉතිපි අනජ්ඣෝසිතෝ:- කෙළෙසුන් තුළ නො ම ගිලුනු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනජ්ඣෝසිත’ වන සේක.
142. සෝ භගවා ඉතිපි අනායාසෝ:- නො වෙහෙසෙන සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනායාස’ වන සේක.
143. සෝ භගවා ඉතිපි අනාසවෝ:- ආශ්‍රව දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනාසව’ වන සේක.
144. සෝ භගවා ඉතිපි අනානාකථිකෝ:- දහම් කථාවෙන් බැහැර වූ වෙනත් කථා නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනානාකථික’ වන සේක.
145. සෝ භගවා ඉතිපි අනායූහෝ:- කිසිවක් රැස් නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනායූහ’ වන සේක.
146. සෝ භගවා ඉතිපි අනාගු:- නො නිසි කිසිවක් නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනාගූ’ වන සේක.
147. සෝ භගවා ඉතිපි අනානුගිද්ධෝ:- කිසිවකට ගිජු නො වනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනානුගිද්ධ’ වන සේක.
148. සෝ භගවා ඉතිපි අනාවරණදස්සී:- ආවරණ විනිවිද සියලු දේ දකිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනාවරණදස්සී’ වන සේක.
149. සෝ භගවා ඉතිපි අනාවත්තිධම්මෝ:- පෙරලා කිසි කලෙක සසරට නො එනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනාවත්තිධම්ම’ වන සේක.
150. සෝ භගවා ඉතිපි අනාවිලසංකප්පෝ:- නොකැළඹුණු සංකල්ප ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනාවිලසංකප්ප’ වන සේක.
බුදු ගුණ අනන්ත යි ෴ 08
111. සෝ භගවා ඉතිපි අනත්ථිකෝ:- කිසිදු සංස්කාරයකින් අර්ථයක් නො පතන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනත්ථික’ වන සේක.
112. සෝ භගවා ඉතිපි අනස්සාවී:- තෘෂ්ණා රහිත දිවියක් ගත කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනස්සාවී’ වන සේක.
113. සෝ භගවා ඉතිපි අනවජ්ජෝ:- නිවැරදි දිවි පැවතුම් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනවජ්ජ’ වන සේක.
114. සෝ භගවා ඉතිපි අනභිජ්ඣාලූ:- දැඩි ලෝභය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනභිජ්ඣාලූ’ වන සේක.
115. සෝ භගවා ඉතිපි අනභිභූතෝ:- කිසිවෙකුටත් යටපත් කළ නො හැකි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනභිභූත’ වන සේක.
116. සෝ භගවා ඉතිපි අනවස්සුතචිත්තෝ:- කෙළෙසුන්ගෙන් තෙත් නො වූ සිතක් දැරූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනවස්සුතචිත්ත’ වන සේක.
117. සෝ භගවා ඉතිපි අනල්ලිතෝ:- සසරට නො ඇලුනු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනල්ලිත’ වන සේක.
118. සෝ භගවා ඉතිපි අනන්වාහතචේතසෝ:- කෙලෙසුන්ගෙන් නො පෑරුණු සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්වාහතචේතස’ වන සේක.
119. සෝ භගවා ඉතිපි අනන්ධකරණෝ:- අන්ධභාවයට පත් කරණ නීවරණ ධර්මයන් දුරු කරවන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්ධකරණ’ වන සේක.
120. සෝ භගවා ඉතිපි අනඤ්ඤථාභාවී:- වෙනස් නො වන ගුණයන් ගෙන් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනඤ්ඤථාභාවී’ වන සේක.
121. සෝ භගවා ඉතිපි අනන්තපඤ්ඤෝ:- අනන්ත ප්‍රඥා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්තපඤ්ඤ’ වන සේක.
122. සෝ භගවා ඉතිපි අනන්තඤාණෝ:- අනන්ත ඤාණයන් ගෙන් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්තඤාණ’ වන සේක.
123. සෝ භගවා ඉතිපි අනන්තතේජෝ:- අනන්ත තේජසකින් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්තතේජ’ වන සේක.
124. සෝ භගවා ඉතිපි අනන්තයසෝ:- අනන්ත යසසින් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්තයස’ වන සේක.
125. සෝ භගවා ඉතිපි අනන්තජිනෝ:- අන්ත රහිත නිවන දිනා ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්තජින’ වන සේක.
126. සෝ භගවා ඉතිපි අනන්තගෝචරෝ:- පමණ කළ නො හැකි නිවන ගෝචර කොට ගෙන වසනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්තගෝචර’ වන සේක.
127. සෝ භගවා ඉතිපි අනන්තවණ්ණෝ:- අනන්ත ගුණවර්ණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්තවණ්ණ’ වන සේක.
128. සෝ භගවා ඉතිපි අනන්තගුණසාගරෝ:- අනන්ත ගුණ සයුරක් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්තගුණසාගර’ වන සේක.
129. සෝ භගවා ඉතිපි අනන්තගුණසඤ්චයෝ:- අනන්ත ගුණ පිඬක් බඳු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්තගුණසඤ්චය’ වන සේක.
130. සෝ භගවා ඉතිපි අනන්තපටිභානවා:- අනන්ත වැටහීම් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්තපටිභානවා’ වන සේක.
112. සෝ භගවා ඉතිපි අනස්සාවී:- තෘෂ්ණා රහිත දිවියක් ගත කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනස්සාවී’ වන සේක.
113. සෝ භගවා ඉතිපි අනවජ්ජෝ:- නිවැරදි දිවි පැවතුම් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනවජ්ජ’ වන සේක.
114. සෝ භගවා ඉතිපි අනභිජ්ඣාලූ:- දැඩි ලෝභය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනභිජ්ඣාලූ’ වන සේක.
115. සෝ භගවා ඉතිපි අනභිභූතෝ:- කිසිවෙකුටත් යටපත් කළ නො හැකි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනභිභූත’ වන සේක.
116. සෝ භගවා ඉතිපි අනවස්සුතචිත්තෝ:- කෙළෙසුන්ගෙන් තෙත් නො වූ සිතක් දැරූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනවස්සුතචිත්ත’ වන සේක.
117. සෝ භගවා ඉතිපි අනල්ලිතෝ:- සසරට නො ඇලුනු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනල්ලිත’ වන සේක.
118. සෝ භගවා ඉතිපි අනන්වාහතචේතසෝ:- කෙලෙසුන්ගෙන් නො පෑරුණු සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්වාහතචේතස’ වන සේක.
119. සෝ භගවා ඉතිපි අනන්ධකරණෝ:- අන්ධභාවයට පත් කරණ නීවරණ ධර්මයන් දුරු කරවන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්ධකරණ’ වන සේක.
120. සෝ භගවා ඉතිපි අනඤ්ඤථාභාවී:- වෙනස් නො වන ගුණයන් ගෙන් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනඤ්ඤථාභාවී’ වන සේක.
121. සෝ භගවා ඉතිපි අනන්තපඤ්ඤෝ:- අනන්ත ප්‍රඥා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්තපඤ්ඤ’ වන සේක.
122. සෝ භගවා ඉතිපි අනන්තඤාණෝ:- අනන්ත ඤාණයන් ගෙන් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්තඤාණ’ වන සේක.
123. සෝ භගවා ඉතිපි අනන්තතේජෝ:- අනන්ත තේජසකින් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්තතේජ’ වන සේක.
124. සෝ භගවා ඉතිපි අනන්තයසෝ:- අනන්ත යසසින් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්තයස’ වන සේක.
125. සෝ භගවා ඉතිපි අනන්තජිනෝ:- අන්ත රහිත නිවන දිනා ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්තජින’ වන සේක.
126. සෝ භගවා ඉතිපි අනන්තගෝචරෝ:- පමණ කළ නො හැකි නිවන ගෝචර කොට ගෙන වසනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්තගෝචර’ වන සේක.
127. සෝ භගවා ඉතිපි අනන්තවණ්ණෝ:- අනන්ත ගුණවර්ණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්තවණ්ණ’ වන සේක.
128. සෝ භගවා ඉතිපි අනන්තගුණසාගරෝ:- අනන්ත ගුණ සයුරක් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්තගුණසාගර’ වන සේක.
129. සෝ භගවා ඉතිපි අනන්තගුණසඤ්චයෝ:- අනන්ත ගුණ පිඬක් බඳු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්තගුණසඤ්චය’ වන සේක.
130. සෝ භගවා ඉතිපි අනන්තපටිභානවා:- අනන්ත වැටහීම් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්තපටිභානවා’ වන සේක.
Sunday, June 30, 2013
බුදු ගුණ අනන්ත යි…!!! 7
91. සෝ භගවා ඉතිපි අසාරත්තෝ:- කිසිඳු අයුරකින් නො ඇලෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසාරත්ත’ වන සේක.
92. සෝ භගවා ඉතිපි අසමයවිමුත්තෝ:- සැමකල්හි ම විමුක්ත වූ සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසමයවිමුත්ත’ වන සේක.
93. සෝ භගවා ඉතිපි අසිතෝ:- ලෝකය ඇසුරු නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසිත’ වන සේක.
94. සෝ භගවා ඉතිපි අසිප්පජීවී:- ශිල්පයකින් ජීවිතය නො පවත්වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසිප්පජීවී’ වන සේක.
95. සෝ භගවා ඉතිපි අස්සාසකෝ:- මුළු තුන් ලොවට ම සැනසුම සදනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අස්සාසක’ වන සේක.
96. සෝ භගවා ඉතිපි අසම්මූළ්හවිහාරී:- මෝහය දුරු වූ නිවනෙහි වාසය කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසම්මූළ්හවිහාරී’ වන සේක.
97. සෝ භගවා ඉතිපි අසෝකෝ:- ශෝකය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසෝක’ වන සේක.
98. සෝ භගවා ඉතිපි අස්සද්ධෝ:- ලොව්තුරු දහම් තමන් වහන්සේ ම දැනගෙන අන් අයෙකු කෙරෙහි ශ්‍රද්ධාවට නො යනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අස්සද්ධ’ වන සේක.
99. සෝ භගවා ඉතිපි අසය්හසාහී:- නො ඉවසිය හැකි දේ ඉවසන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසය්හසාහී’ වන සේක.
100. සෝ භගවා ඉතිපි අසංගමානසෝ:- කිසි තැනක නො ඇලෙන මනසක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසංගමානස’ වන සේක.
101. සෝ භගවා ඉතිපි අසේඛෝ:- නිවන් මග තුළ තමන් වහන්සේ ම හික්මී, තව දුරට ත් හික්මිය යුතු නො වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසේඛ’ වන සේක.
102. සෝ භගවා ඉතිපි අනංගණෝ:- අංගණ නම් වූ ළාමක අකුසල් දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනංගණ’ වන සේක.
103. සෝ භගවා ඉතිපි අනපෙක්ඛෝ:- අපේක්ෂා රහිත සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනපෙක්ඛ’ වන සේක.
104. සෝ භගවා ඉතිපි අනගාරියුපේතෝ:- ගිහි සැප හැර දමා අනගාරික බවට පැමිණි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනගාරියුපේත’ වන සේක.
105. සෝ භගවා ඉතිපි අනන්දි:- කැමැත්ත දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්දි’ වන සේක.
106. සෝ භගවා ඉතිපි අනඝෝ:- හැම දුකින් නිදහස් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනඝ’ වන සේක.
107. සෝ භගවා ඉතිපි අනඤ්ඤපෝසී:- අන් කිසිවෙක් පෝෂණය නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනඤ්ඤපෝසී’ වන සේක.
108. සෝ භගවා ඉතිපි අනන්තදස්සී:- අනන්ත නිවන දකිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්තදස්සී’ වන සේක.
109. සෝ භගවා ඉතිපි අනවජ්ජභෝජී:- මිත්‍යා ආජීවයෙන් තොර වූ නිවැරදි භෝජන ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනවජ්ජභෝජී’ වන සේක.
110. සෝ භගවා ඉතිපි අනඤ්ඤනෙය්යෝ:- වෙන කිසිවෙක් විසින් නිවනට නො පැමිණවිය යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනඤ්ඤනෙය්ය’ වන සේක.
බුදු ගුණ අනන්ත යි…!!! 6
76. සෝ භගවා ඉතිපි අසත්තෝ:- කිසිවකට නො ඇලෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසත්ත’ වන සේක.
77. සෝ භගවා ඉතිපි අසමධුරෝ:- අසමාන වීර්යය ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසමධුර’ වන සේක.
78. සෝ භගවා ඉතිපි අසන්තාසී:- කිසි දිනෙක ත්‍රාසයට පත් නො වනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසන්තාසී’ වන සේක.
79. සෝ භගවා ඉතිපි අසඨෝ:- කපටිකම් නැති ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසඨ’ වන සේක.
80. සෝ භගවා ඉතිපි අසදිසෝ:- සමාන කෙනෙකුන් නොමැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසදිස’ වන සේක.
81. සෝ භගවා ඉතිපි අසංඛෝභෝ:- කිසි විටෙක කැළඹිය නො හැකි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසංඛෝභ’ වන සේක.
82. සෝ භගවා ඉතිපි අසංඛතප්පත්තෝ:- අසංඛත නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසඛතප්පත්ත’ වන සේක.
83. සෝ භගවා ඉතිපි අසම්මෝහධම්මෝ:- මුළා නො වන ස්වභාවයෙන් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසම්මෝහධම්ම’ වන සේක.
84. සෝ භගවා ඉතිපි අසම්මෝහාධිමුත්තෝ:- මෝහය ක්ෂය කිරීම නම් වූ නිවන ප්‍රත්‍යක්ෂ කොට සිටිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසම්මෝහාධිමුත්ත’ වන සේක.
85. සෝ භගවා ඉතිපි අසජ්ජමානෝ:- කිසිවිටෙක නො ගැටෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසජ්ජමාන’ වන සේක.
86. සෝ භගවා ඉතිපි අසම්භීතෝ:- කිසිවකින් භීතියට පත් නො වනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසම්භීත’ වන සේක.
87. සෝ භගවා ඉතිපි අසන්තසන්තෝ:- කිසිකලෙක තැති නො ගන්නා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසන්තසන්ත’ වන සේක.
88. සෝ භගවා ඉතිපි අසංසයෝ:- සංකා රහිත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසංසය’ වන සේක.
89. සෝ භගවා ඉතිපි අසාරම්භෝ:- එකටෙක කිරීම් දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසාරම්භ’ වන සේක.
90. සෝ භගවා ඉතිපි අසංහාරියෝ:- කෙළෙසුන් විසින් පැහැරගත නො හැකි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසංහාරිය’ වන සේක.
බුදු ගුණ අනන්ත යි…!!! 5
61. සෝ භගවා ඉතිපි අපායකුසලෝ:- කුසල් පිරිහෙන ආකාරයන් දැන ගැනීමේ දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපායකුසල’ වන සේක.
62. සෝ භගවා ඉතිපි අපිහාලූ:- කිසිවකට ත් ප්‍රිය නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපිහාලූ’ වන සේක.
63. සෝ භගවා ඉතිපි අපුරෙක්ඛරානෝ:- සසර පෙරටුකොට ගෙන නො සිටිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපුරෙක්ඛරාන’ වන සේක.
64. සෝ භගවා ඉතිපි අපේතකද්දමෝ:- කාම මඩ බැහැර කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපේතකද්දම’ වන සේක.
65. සෝ භගවා ඉතිපි අපේතසෝකෝ:- ශෝකය බැහැර කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපේතසෝක’ වන සේක.
66. සෝ භගවා ඉතිපි අපේතභයභේරවෝ:- බිය තැති ගැනීම් බැහැර කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපේතභයභේරව’ වන සේක.
67. සෝ භගවා ඉතිපි අසමෝ:- සමාන යැ යි දැක්වීමට වෙනත් කිසිවෙකු නැති හෙයින් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසම’ වන සේක.
68. සෝ භගවා ඉතිපි අසමසමෝ:- බුදු රජාණන් වහන්සේලාට ම පමණක් සමාන වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසමසම’ වන සේක.
69. සෝ භගවා ඉතිපි අසංසට්ඨෝ:- පිරිසෙහි නොම ඇලෙනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසංසට්ඨ’ වන සේක.
70. සෝ භගවා ඉතිපි අසංගචිත්තෝ:- කෙලෙස් දුරු වූ සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසංගචිත්ත’ වන සේක.
71. සෝ භගවා ඉතිපි අස්සත්ථෝ:- නිවනෙහි සැනසෙන හෙයින් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අස්සත්ථ’ වන සේක.
72. සෝ භගවා ඉතිපි අසහායෝ:- එකලා ව නිවනට පත් වී වදාළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසහාය’ වන සේක.
73. සෝ භගවා ඉතිපි අසම්මූළ්හෝ:- කිසි දිනෙක මුලා නො වනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසම්මූළ්හ’ වන සේක.
74. සෝ භගවා ඉතිපි අසංසග්ගරාමෝ:- පිරිසෙහි නො ඇලීම නිවහන කොට වසනා හෙයින් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසංසග්ගරාම’ වන සේක.
75. සෝ භගවා ඉතිපි අසංකිලිට්ඨචිත්තෝ:- නො කිලිටි සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසංකිලිට්ඨචිත්ත’ වන සේක.
බුදු ගුණ අනන්ත යි…!!! 4
46. සෝ භගවා ඉතිපි අප්පටිබද්ධචිත්තෝ:- කිසිවකට නො බැඳුනු සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිබද්ධචිත්ත’ වන සේක.
47. සෝ භගවා ඉතිපි අප්පහීනෝ:- දුරු නො වන ගුණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පහීන’ වන සේක.
48. සෝ භගවා ඉතිපි අපණ්ණකෝ:- අවිරුද්ධ පිළිවෙතෙහි පිහිටි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපණ්ණක’ වන සේක.
49. සෝ භගවා ඉතිපි අපගබ්භෝ:- නැවත මව් කුසක නො නිඳන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපගබ්භ’ වන සේක.
50. සෝ භගවා ඉතිපි අපරිඩය්හමානෝ:- කෙළෙස් ගින්නෙන් නො දැවෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපරිඩය්හමාන’ වන සේක.
51. සෝ භගවා ඉතිපි අපචයෝ:- සංසාරය නො වඩන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපචය’ වන සේක.
52. සෝ භගවා ඉතිපි අපරිහානධම්මෝ:- කිසි දිනෙක නො පිරිහෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපරිහානධම්ම’ වන සේක.
53. සෝ භගවා ඉතිපි අපචයගාමී:- සසර නො වැඩෙන මගෙහි වඩිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපචයගාමී’ වන සේක.
54. සෝ භගවා ඉතිපි අපරාජිතෝ:- මරුට නො පැරදුණු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපරාජිත’ වන සේක.
55. සෝ භගවා ඉතිපි අපචිතෝ:- තිලොවෙන් ම පිදුම් ලද හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපචිත’ වන සේක.
56. සෝ භගවා ඉතිපි අපරිමිතදස්සී:- අපරිමිත දෑ දකිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපරිමිතදස්සී’ වන සේක.
57. සෝ භගවා ඉතිපි අපරිත්තෝ:- අල්ප නො වූ ගුණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපරිත්ත’ වන සේක.
58. සෝ භගවා ඉතිපි අප්පටිඝෝ:- ගැටීම දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිඝ’ වන සේක.
59. සෝ භගවා ඉතිපි අපළාසී:- අන් අයගේ ගුණ නො ගරහන හෙයින් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපළාසී’ වන සේක.
60. සෝ භගවා ඉතිපි අපළායි:- කිසි දිනෙක මර යුධයෙන් පලා නොයනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපළායි’ වන සේක.
බුදු ගුණ අනන්ත යි…!!! 3
31. සෝ භගවා ඉතිපි අප්පසද්දකාමෝ:- නිහඬබව කැමැති වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පසද්දකාම’ වන සේක.
32. සෝ භගවා ඉතිපි අප්පදුට්ඨමනසංකප්පෝ:- නිර්දෝෂී සංකල්පනා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පදුට්ඨමනසංකප්ප’ වන සේක.
33. සෝ භගවා ඉතිපි අප්පගබ්භෝ:- නො ගැලපෙන ඇවැතුම්-පැවතුම් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පගබ්භ’ වන සේක.
34. සෝ භගවා ඉතිපි අප්පකිච්චෝ:- අල්ප ක්‍රියා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පකිච්ච’ වන සේක.
35. සෝ භගවා ඉතිපි අප්පමිද්ධෝ:- නිදි දුරු කිරීම සිදු කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පමිද්ධ’ වන සේක.
36. සෝ භගවා ඉතිපි අප්පට්ඨෝ:- අල්ප කටයුතු ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පට්ඨ’ වන සේක.
37. සෝ භගවා ඉතිපි අප්පමාදරතෝ:- නො පමා බව කැමති වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පමාදරත’ වන සේක.
38. සෝ භගවා ඉතිපි අප්පමජ්ජතෝ:- කෙලෙස් මත් බව දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පමජ්ජත’ වන සේක.
39. සෝ භගවා ඉතිපි අප්පටිච්ඡන්නකම්මන්තෝ:- නො සැඟවුණු ක්‍රියා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිච්ඡන්නකම්මන්ත’ වන සේක.
40. සෝ භගවා ඉතිපි අප්පමාණවිහාරී:- පමණ කළ නො හැකි විහරණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පමාණවිහාරී’ වන සේක.
41. සෝ භගවා ඉතිපි අප්පසද්දස්සවණ්ණවාදී:- නිහඬබව වර්ණනා කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පසද්දස්සවණ්ණවාදී’ වන සේක.
42. සෝ භගවා ඉතිපි අප්පමත්තෝ:- ප්‍රමාදී නොවනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පමත්ත’ වන සේක.
43. සෝ භගවා ඉතිපි අප්පාහාරෝ:- කුසට සෑහෙන අහරින් යැපෙනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පාහාර’ වන සේක.
44. සෝ භගවා ඉතිපි අප්පටිකුජ්ඣතෝ:- කිසි විටෙක ත් පෙරළා නො කිපෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිකුජ්ඣත’ වන සේක.
45. සෝ භගවා ඉතිපි අප්පටිඝෝ:- ගැටීම දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිඝ’ වන සේක
බුදු ගුණ අනන්ත යි…!!! 2
16. සෝ භගවා ඉතිපි අකෝධනෝ:- ක්‍රෝධ නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකෝධන’ වන සේක.
17. සෝ භගවා ඉතිපි අකෝපෝ:- කෝපය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකෝප’ වන සේක.
18. සෝ භගවා ඉතිපි අක්ඛාතාරෝ:- තුන් ලොවට ම සදහම් පවසන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අක්ඛාතාර’ වන සේක.
19. සෝ භගවා ඉතිපි අක්ඛෙය්‍යසම්පන්නෝ:- සදහම් පදයන් ගෙන් යුක්ත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අක්ඛෙය්‍යසම්පන්න’ වන සේක.
20. සෝ භගවා ඉතිපි අක්ඛණවේදී:- සිව් සස් (චතුරාර්ය සත්‍යයන්) දකිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අක්ඛණවේදී’ වන සේක.
21. සෝ භගවා ඉතිපි අක්ඛදස්සෝ:- සදහම් විනිශ්චයෙහි ප්‍රධානී වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අක්ඛදස්ස’ වන සේක.
22. සෝ භගවා ඉතිපි අඛිල:- කෙළෙස් හුල් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අඛිල’ වන සේක.
23. සෝ භගවා ඉතිපි අප්පටිමෝ:- කිසිවෙකු හා සැසඳිය නො හැකි වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිම’ වන සේක.
24. සෝ භගවා ඉතිපි අප්පටිසමෝ:- ප්‍රතිසම පුද්ගලයෙක් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිසම’ වන සේක.
25. සෝ භගවා ඉතිපි අප්පටිභාගෝ:- කිසිවෙකු ගේ කොටස් කරුවෙක් නොවනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිභාග’ වන සේක.
26. සෝ භගවා ඉතිපි අප්පටිපුග්ගලෝ:- ප්‍රති පුද්ගලයෙක් නොමැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකෝප’ වන සේක.
27. සෝ භගවා ඉතිපි අප්පිච්ඡෝ:- කැමැත්ත දුරු කොට අල්පේච්ඡ වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පිච්ඡ’ වන සේක.
28. සෝ භගවා ඉතිපි අප්පතිට්ඨෝ:- සසරෙහි නො පිහිටි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පතිට්ඨ’ වන සේක.
29. සෝ භගවා ඉතිපි අප්පදුට්ඨෝ:- දෝස රහිත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පදුට්ඨ’ වන සේක.
30. සෝ භගවා ඉතිපි අප්පමෙය්යෝ:- පමණ කළ නො හැකි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පමෙය්‍ය’ වන සේක.
බුදු ගුණ අනන්ත යි…!!! 1
01. සෝ භගවා ඉතිපි අකම්පිතෝ :- කිසිවකට ත් කම්පා නො වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකම්පිත’ වන සේක.
02. සෝ භගවා ඉතිපි අකංඛෝ :- සැකයෙන් තොර වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකංඛ’ වන සේක.
03. සෝ භගවා ඉතිපි අකප්පියෝ :- තෘෂ්ණා සංකල්පනාවන් නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකප්පිය’ වන සේක.
04. සෝ භගවා ඉතිපි අකතඤ්ඤූ :- කිසිවකින් සකස් නො කළ අකත නම් වූ නිර්වාණය දැන ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකතඤ්ඤූ’ වන සේක.
05. සෝ භගවා ඉතිපි අකථංකථී :- කෙසේ ද, කෙසේ ද, යනුවෙන් ඇතිවෙන විමති නො මැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකථංකථී’ වන සේක.
06. සෝ භගවා ඉතිපි අකන්ටකෝ :- කෙලෙස් කටු දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකන්ටක’ වන සේක.
07. සෝ භගවා ඉතිපි අකාමකාමී :- කාමයන් නො පතන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකාමකාමී’ වන සේක.
08. සෝ භගවා ඉතිපි අකාචෝ :- කෙළෙස් පටල නැති හෙයින් ද, නුසුදුසු කර්ම නො කරන හෙයින් ද ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකාච’ වන සේක.
09. සෝ භගවා ඉතිපි අකිරියවාදී :- ළාමක වූ පාපී අකුසල් නො කිරීමට දහම් දෙසනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකිරියවාදී’ වන සේක.
10. සෝ භගවා ඉතිපි අකිඤ්චනෝ :- කිඤ්චන නම් වූ රාග, ද්වේශ, මෝහ දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකිඤ්චන’ වන සේක.
11. සෝ භගවා ඉතිපි අකුතෝභයෝ :- කිසි තැනක බියක් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකුතෝභය’ වන සේක.
12. සෝ භගවා ඉතිපි අකුක්කුචෝ :- කුකුස් නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකුක්කුච’ වන සේක.
13. සෝ භගවා ඉතිපි අකුහෝ :- කුහක කම් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකුහ’ වන සේක.
14. සෝ භගවා ඉතිපි අකුසීතවුත්තී :- කුසීත පැවතුම් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකුසීතවුත්තී’ වන සේක.
15. සෝ භගවා ඉතිපි අකේටුභිනෝ :- කෛරාටික ගති නොමැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකේටුභින’ වන සේක.
Thursday, June 27, 2013
ඔබ භාවනාවට බිය ද?
අද සමාජයේ සමහරු
භාවනාවේ යෙදීමට කැමැති වුණත් ඊට බයයි. මේ පිළිබඳ මොනතරම් විස්තර බුද්ධ
දේශනාවල ඇතුළත් දැ යි බොහෝ අය දන්නේ නැහැ. සූත්‍ර දේශනා පමණක් 18,000 ක පමණ
ප්‍රමාණයක් තවමත් සුරක්ෂිතව තිබෙන බව අදටත් ඇතැම් බෞද්ධයන් නො දන්නා
කාරණාවක්.
දැන් මේ දේශනා බොහෝමයක් සිංහලට පරිවර්තනය වී තිබෙන නිසා ඔබට මේ පිළිබඳ අවබෝධය ලබා ගැනීම ඉතා පහසු වී තිබෙනවා.
තවත් සමහරුන් සිතන්නේ
භාවනාවට පුද්ගලයකු යොමුවන්නේ ඒ තැනැත්තා ගේ් ජිවිතයේ පවතින කිසියම්
ගැටලුවක් හෝ කරදරකාරී තත්ත්වයක් නිසා බව යි. බුද්ධ දේශනා පිළිබඳ අල්පමාත්‍ර
හෝ දැනීමක් ඇත්නම් මෙවැනි මිථ්‍යා මතවල කිසිවකු එල්බ ගන්නේ නැහැ. එහෙත් අද
සමාජයේ බහුතරයකට මේ දේශනා ගැන වැටහීමක් නොමැති නිසා මෙවැනි මතමයි වඩාත්
ප්‍රචලිත ව තිබෙන්නෙ.
කෙසේ වෙතත් ගරුතර
ස්වාමීන් වහන්සේ පවසන්නේ මෙවැනි මත පැතිරී තිබෙන්නේ අප වැනි රටවල පමණක් බව
යි. ඉන්දියාවේ බහුතර ජනතාවක ගේ මතය මීට හාත්පසින්ම වෙනස්. බටහිර රටවල පවා
මිනිසුන් භාවනාව ගැන අවබෝධයකින් යුතුව යි කටයුතු කරන්නේ.
මම ඔබට මේ සඳහා හොඳ
උදාහරණයක් දක්වන්නම්. මා වරක් ධර්ම ප්‍රචාරය සඳහා ඇමරිකාවට යන්නට සූදානම්
වූ විට එහි රේගුª නිලධාරියෙක් මගෙන් ඇසුවා එහි යෑමට අදාළ හේතුව ගැන. මා
කීවා මා එහි යන්නේ භාවනාව ඉගැන්වීමට යි කියා. ඒ පිළිතුරින් ඔහු ඉතාමත්
සතුටට පත් වුණා. ඔහු මට කියනවා ඉතා හොඳයි, මාත් ඉතා කැමැතියි භාවනාවට කියා.
ඉතින් බලන්න එවැනි රටක
දී භාවනාවට ඉහළ අගයක් හිමිවීමටත්, අපේ වැනි රටක එය එසේ නො වීමටත් හේතුව
කුමක් ද කියා. ඇත්තටම බටහිර රටවල උදවිය බුදුදහම කරා යොමු වන්නේ දැනුම ඔස්සේ
නො වේ. භාවනාව ඔස්සේ ම යි. බටහිර රටවල ජනපි‍්‍රය මාතෘකා දෙකක් තිබෙනවා. ඒ
තමයි යෝග සහ භාවනාව. ඒ අය ශාරීරික සුවතාව සඳහා යෝග යොදා ගන්නවා. භාවනාව
යොදා ගැනෙන්නේ මානසික සුවතාව සඳහා යි. දැන් අපේ රටේ බැලුවොත් මේ දෙක ම නැහැ
නේද? අපේ මිනිස්සු මේ දෙකට ම ගරහනවා. මොකක්ද මේ පෙරදිග ඇතිවුණු පිරිහීම?
මා ඔබට කියන්නම් මේ පිරිහීමේ රහස මොකක්ද කියලා.
මේ රටවල ඉන්නවා මානසිකව
ඔද්දල් වූ ජනතාවක් කාම පිපාසිත වූ. මේ අයට ජීවිතයේ කිසි ම අවබෝධයක් නැහැ.
වින්දනය පමණක් ඉලක්ක කරගෙන හිස් ජීවිතයි මේ අය ගත කරමින් ඉන්නේ. මේ හිස්
පුද්ගලයන් විසින් සමාජය තුළ ඇති කරන ලද මතයක තමයි අපේ බහුතරයක් එල්ලීගෙන
ඉන්නේ.
තවත් මතයක් අපේ රටේ
බොහෝ ප්‍රචලිතයි. එනම් භාවනා කිරීමෙන් සිහි විකල් වියහැකි යැයි කියන මතය
යි. ඇත්තෙන්ම එහෙම දෙයක් නැහැ. භාවනා කළා කියා එහෙම වන්නේ නෑ.
ඕනෑම මානසික රෝගියෙක්
මානසික රෝගී බවට පත් වන්නේ කල්පනා කිරීමෙන්. කිසිවෙක් තමන්ට පීඩාවක් ඇතිවන
ආකාරයට වැරැදි යමක් කරන බව දිගින් දිගටම කල්පනා කළ විට එහෙම රෝගී වෙනවා.
මානසික රෝගයක මූලාරම්භය අමතක වීම. බලාගත් අත බලාගෙන සිටීම, ඒ වාගේ ම විකෘති
ආකාරයට දිගින් දිගටම එක ම දෙයක් ගැන සිතමින් සිටීම ආදිය යි. මේ සියල්ල ම
පුද්ගලයකුට පහසු වන්නේ ඒ පුද්ගලයා හුදෙකලා වූ විට යි. මානසික රෝගි බවට
පත්වීමට සූදානම් පුද්ගලයා හැමවිට ම උත්සාහ දරන්නේ හුදෙකලා වීමටයි. හුදෙකලා
වීමට ඇති කැමැත්ත නිසා ම මෙවැනි අය භාවනා කිරීමට යොමු වෙනවා. ඒත් ඇත්ත
වශයෙන් ම ඔහුට තියෙන රෝගයක්. ඔහුට ඒ ගැන දැනීමක් නැහැ. ඉතින් මෙවැන්නෙක්
කිසි ම විටෙක නිවැරැදි ආකාරයට භාවනාවේ යෙදෙන්නේ නැහැ. ඔහු කරන්නේ ඔහුට
ආවේනික කල්පනාවේ නිමග්න වී සිටීමක්. භාවනා ඉරියව්වෙන් සිටිමින් ම කල්ගත
වෙද්දී ඔහුගේ රෝගය උත්සන්න වනවා. දැන් මේ පුද්ගලයා ගැන රාවයක් පැතිරෙනවා
භාවනා කිරීම හේතුවෙන් සිහි විකල් වී තිබෙන බවට. ඒත් ඇත්තට ම මේ පුද්ගලයා
තුළ එතෙක් පැවැති ආබාධයකුයි මෙසේ උත්සන්නව ඇත්තේ.
අනෙක් අතට සිහි විකල්
වන්නේ භාවනාව නිසා නම් භාවනා නොකරන අයට මෙවැනි රෝගී තත්ත්වයක් ඇති නො විය
යුතුයි. ඒත් අපි දන්නවා කිසි ආගම් බේදයකින් තොරව පුද්ගලයන් ගේ සිහි විකල්
තත්ත්වය ඇතිවනවා කියා. බලන්න කතෝලික හා ඉස්ලාම් වැනි ආගම් අදහන අයට භාවනා
උගන්වන්නේ නැහැ. ඒ ආගම්වලට භාවනාව අදාළ නැහැ. ඒත් ඒ ආගම්වලට අයත් අය,
මානසික රෝගී බවට පත්වන්නේ නැත්ද?
මූලික කාරණාව තමා, අපේ
රටේ මිනිසුන් අතර මත ප්‍රචලිත කර තියෙනවා භවනා කළා ම තමයි පිස්සු වැටෙන්නේ
කියලා. තවත් දෙයක් තියෙනවා. කසින භාවනාව නම් කිසිම කෙනෙකුට උචිත නැහැ. මා
එය කිසිම විටෙක නිර්දේශ කරන්නේත් නැහැ. මෙතැනදී වන්නේ වර්ණයක් දෙස බලාගෙන
භාවනා කිරීමයි. ඒත් මේ විදියට භාවනා කළා ම අභ්‍යන්තර වශයෙන් සතිපට්ඨානයෙන්
ලබා ගත හැකි දේ ලැබෙන්නේ නැහැ. චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ආදී ලෙස
යෝනිසෝමනසිකාරයේ යෙදෙන්නට බැහැ. ඒ කෙනා කරන්නේ කිසියම් වර්ණයක් අරමුණු
කරගෙන භාවනා කිරීම පමණයි. අන්න එතැන දී මේ පුද්ගලයා තුළ කිසියම් මානසික
වශයෙන් දුර්වලතාවයක් පැවතියා නම් එය ඉස්මතු වීමේ ඉඩකඩ ඇති වෙනවා. ඇත්තට ම
අතීත කාලේ ආරණ්‍යවල කසින භාවනාව වැඩූ හාමුදුරුවරුන්ට මෙවැනි ප්‍රශ්න ඇති වී
තිබෙනවා. මෙන්න මේ දේ භාවනාව ගැන වැරැදි මතයක් පැතිර යෑමට විශාල හේතුවක්
වුණා.
‘භාවනා’ යන්නෙහි අරුත
‘වැඩීම’ යන්න යි. නැතහොත් යම්කිසි දෙයක් ගොඩනැඟීම. දැන් ආනාපාන සතියෙන්
කරන්නේ සිහිය ගොඩනැගීම, වීරිය සහ නුවණ ගොඩනැගීම ආදිය. මෛත්‍රී භාවනාවෙන්
කරන්නේ, මෙත් සිත ගොඩ නැගීම, අසුබ භාවනාවෙන් කෙරෙන්නේ, විරාගය ගොඩනැගීම.
යථාභූත ඥානය ගොඩ නංවන්න පුළුවන් අනිත්‍ය භාවනාවෙන්. මේ අනුව චිත්ත සමාධියක්
කරා පිවිස වැඩි කලක් ගත කළ හැකි ක්‍රම බුදුරජාණන් වහන්සේ පෙන්වා දී
තිබෙනවා. ඉතින් ඇත්ත වශයෙන් ම මෙවැනි දේ වෙනත් ආගම්වල නැහැ.
බුදු දහමෙන් උපුටා ගත් යමක් මිස, ඒ අයට භාවනා
නැහැ. දැන් අපි දන්නවා
මේ විදිහට බුදු දහමෙන් ක්‍රම උපුටාගෙන සමහර අය භාවනා කරනවා. ඒත් එවැනි අය
භාවනාවේ යෙදෙන්නේ අවබෝධයකින් තොරව නිසා එසේ කිරීමෙන් සිහි විකල් වී යා
හැකියි. මෙය භයානක තත්ත්වයක්. ඔබ හොඳින් වටහාගත යුතු කාරණාවක් මා කියන්නම්.
මේ කාරණාව වටහා නො ගෙන නම් ඔබ කිසි විටෙක භාවනාවට යොමුවන්නට එපා. මනසක්
ගොඩ නංවන්නට නම්, මනස පිළිබඳ විග්‍රහ ඉදිරිපත් කොට ඇති විද්‍යාවක්
අවශ්‍යයි. සරල සාමාන්‍ය දෙයක් ගැන ඔබ හිතා බලන්න. කිසිවකුට මාවතක් සකසන්නට
වුවමනා නම්, ඒ මාවත සැකසීමට අදාළ විද්‍යාව ඔහු උගත යුතුයි. ගොඩනැගිල්ලක්
සෑදීමේදීත් ඊට අදාළ ශිල්පීය දැනුම ලබා සිටිය යුතුයි නේද? එසේ නම් මනසක් ගොඩ
නංවන්නට නිකම් පුළුවන්ද? මනස දියුණු කළ හැකි ශිල්පීය ඥානය තිබෙන්නේ කොතැන
ද? එය ඇත්තේ බුදු දහම තුළ පමණයි.
අනෙක් අතට පුද්ගලයන්
දහසක් ගෙන බැලුවොත් එයින් දෙතුන් දෙනකුට මානසික ප්‍රශ්න තිබෙනවා වන්නට
පුළුවන්. ඒත් එහෙමයි කියා අපට අනෙක් නවසිය අනූ අට දෙනා ම අත්හැර දමන්නට
පුළුවන්ද?
දැන් මං අපේ භාවනා
වැඩසටහන්වල දී භාවනා ක්‍රම උගන්වනවා. ඒවා මොනවා ද? මෛත්‍රී‍්‍ර භාවනාව;
මෛත්‍රී චිත්තයෙන් නිතර ඉන්නැයි කියන එක. බුද්ධානුස්සතිය; බුදු ගුණ සිහි
කරමින් ඉන්නැයි කියා කීම. ඊළඟට අනිත්‍ය යැයි කියන දේ සිතමින් සිටින්නට
උපදෙස් දීම. ආනාපාන සතියේ දී සිත තැන්පත් කර ගැනීමට පෙළඹවීම.
ඉතින් ඔබට ම පෙනෙනවා
ඇති මේ සියලු දේ භයානක නම්, යහපත් දේ මොනවා ද? මේවා නොසිතිය යුතු නම්,
සිතිය යුත්තේ් මොනවා ගැන ද? එසේ නම් අප නිතරම කල්පනා කරන්නේ රූපවාහිනියෙන්
පෙන්වන, රේඩියෝවකින් අසන දෙයක් ගැන. නැතිනම් පත්තරවලින් කියවන දේ ගැන.
ඒ කියන්නේ පුද්ගලයා
නිතර ම අසහනයෙන්, රාගයෙන්, ද්වේශයෙන් හෝ මෝහයෙන් සිටිය යුතුය යන්නයි.
ඇත්තටම මිනිස්සු මේ විදිහට මානසිකව පීඩා විඳිමින් තමයි හැමවිටම ඉන්නේ. ඒත්
ඔවුන් පීඩා විඳිමින් ඉන්නා බව ඔවුන්ම දන්නේ නැහැ. මෙහි අනතුර පොදු ජනතාව
දකින්නෙත් නැහැ. මෙය තමයි, බහුතර ජනතාවක් වෙලී සිටින අවිද්‍යාව.
අවිද්‍යා සහගත පුද්ගලයා
මනස සුවපත් කිරීම ගැන කිසිවක් දන්නේ නැහැ. හැබැයි ඉස්සර වඩා දැන් සමාජයට
යම් පමණකින් හෝ භාවනාව ගැන අවබෝධයක් තිබෙන බව පෙනෙනවා.
ඉස්සර නම් තරුණ දරුවෙක් භාවනා කළොතින් හැමෝම කලබල වුණා. හැමෝම හිතුවේ, මේ දරුවට මොකක් හරි ප්‍රශ්නයක් කියලා.
හැබැයි ඔබ අතර ම
විදේශිකයෙක් එහෙම භාවනා කරනවා නම් අපේ අය ඒ ගැන ඉතා ඉහළින් කතා කරනවා. අපේ
අයට ම තමයි, මෙතැනදීත් ගැරැහුම. මෙතැන දී එක දෙයක් අපට වැටහෙනවා. එනම් මේ
අය භාවනාව වර්ණනා කරන්නේත්, ඒ වාගේ ම ඊට ගරහන්නේත් අවබෝධයෙන් නොවේ ය කියන
කාරණාව යි.
ඇත්තට ම භාවනාවට
යොමුවීමෙන් පුද්ගලයකුට විශාල සුවපත් භාවයක් ඇතිවෙනවා. සුවදායී මානසිකත්වයක්
ගොඩනැගෙනවා. මෙය නිවැරැදිව උදා කර ගැනීමට නම් පොදුවේ ඒ ගැන පුළුල්ව
සාකච්ඡා කළ යුතුයි.
භාවනාවක් පිළිබඳ උපදෙස්
අප රහසේ තබාගතහොත්, ඒ කියන්නේ රහස් බණ කියන්නට ගියෝතින් එතැන අනතුරක්
තිබෙනවා ම යි. දැන් රටපුරා තැන් තැන්වල පෞද්ගලිකව භාවනා උපදෙස් දෙනවා නේ,
රහසිගතව. එහෙම දේ බුදු දහමේ නොමැති බව ඉතා පැහැදිලිව ඔබ වටහා ගත යුතුයි. අප
භාග්‍යවතුන්වහන්සේ ගේ ධර්මය, විවෘත වීමෙන් ම යි බබළන්නේ. මේ බව උන්වහන්සේ
පැහැදිලිව ම දේශනා කළා. වැසුණා ම එය බබළන්නේ නැත.
එසේ නම් කිසිවෙක් මෙය විවෘත නො කොට සඟවන්නේ නම්, එය කිසියම් සැකකටයුතු යමක්.
මෙය ඉතා බරපතල වන්නේ මේ
උපදෙස් ගත් කෙනාට එය ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් පැවතීම යි. ඇයි ද
කියනවා නම් මේ කතාබහ ඇතිවන්නේ දෙදෙනෙකු අතර පෞද්ගලිකව මිස, විවෘත පරිසරයක
දී නො වන නිසයි.
භාවනාව සම්බන්ධව අද
සමාජයේ ප්‍රකටව පවතින විවිධ මති මතාන්තර ගැන වාද විවාද පවත්වමින් සිටින්නට
බොහෝ අය කැමැතියි. එහෙත්, ධර්මය යනු පහුරකි. එය උපයෝගී කරගෙන අප එතෙර විය
යුතුයි. එයින් බැහැරව තමන්ගේ පාණ්ඩිත්‍යය අන් අයට ප්‍රදර්ශනය සඳහා විවිධ
දෘෂ්ටි ගොඩනගාගෙන ඒවා තලු මරමින් සිටීම, කිසිසේත් උචිත නැත. බුදුරජාණන්
වහන්සේ තම ධර්මය පහුරකට උපමා කර ඇත්තේ, එතෙරවීමට යන කාරණාව පදනම් කරගෙන ම
යි.
අනෙක් අතට රහස් කමටහන්
දෙන උදවිය පවසන්නේ, මිනිසුන් අතර සිටින රාග, ශ්‍රද්ධා, දේවේශ, මෝහ ආදී
චාරිතානුකූලව උපදෙස් දීමයි මෙතැනදී සිදුවන්නේ කියා.
ඉතින් මේක නම්
ප්‍රශ්නෙ, බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ම දේශනා කොට තිබෙනවා, ද්වේශය තිබෙන
කෙනා මෛත්‍රිය වැඩිය යුතුයි කියා. ඉතින් කිසිවකුට දැනෙනවා නම් තමාට ද්වේශය
නිතර ඇතිවන බව, ඒ පුද්ගලයා මෛත්‍රී භාවනාව අත්හදා බැලිය යතුයි. මමත්වය
වැඩිනම් අනිත්‍ය දකින්නට සිත මෙහෙයවිය යුතුයි.
ඉතින් මේ උපදෙස්
කිසිවෙක් අද පිළිගන්නවා නම්, මේ ධර්මය අදත් සන්දිට්ඨික යි. (සන්දිට්ඨිකය
යනු, මේ ජීවිතයේ දී ම අවබෝධ කළ යුතුය යන්න යි)
මේ ධර්මය හැමදාමත් ස්වක්ඛාතයි. (මැනවින් දෙසන ලද) අකාලික යි (ඕනෑ ම කාලයක දී අවබෝධ කළ හැක)
බුද්ධ කාලීන ව හෝ
වත්මනේ දී ආදී ලෙස ධර්මයේ ස්වභාවය වෙනස් නො වේ. අප ඉතා හොඳින් මේ කාරණා
වටහා ගත යුතුයි. මෙයින් පසුව තමයි භාවනාව හුරුකළ යුතු. මේ අනුව බලන කල අප
කළ යුතු බුද්ධ දේශනා ප්‍රකට කරවීම ම යි.
අනෙක භාවනාවක් දියුණු
කරනවාය යන්නේ් අදහස තමන් ම තමන්ගේ් දුර්වලතා මෙන් ම කුසලතා ද හඳුනාගෙන, තමා
තමාව ම පිළිසරණ කර ගැනීම යි. ධර්මය තුළ පිහිටා තමා ගේ දුර්වලතා මැඩ ගැනීමට
උත්සාහ දැරීම තමයි, මෙතන දී සිදු වන්නේ. මෙය කිසිසේත් ම, අඳුරේ අතපත
ගාමින් යන ගමනක් නො වේ. මේ සඳහා ඉතා වටිනා මාර්ගෝපදේශ සියල්ල ධර්මයේ
ඇතුළත්.
දැන් අපේ භාවනා
වැඩසටහන්වලට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඇදී ඒමට එක ම හේතුව, ධර්මය ප්‍රකට වීම
යි. එසේ නැතිව, ධර්මය යනු මහමෙවුනා අසපු සංචිතයන්හි පෞද්ගලික උරුමයක් නො
වේ. එය විවෘත යමක්, එය අප ජනතාවට විවෘත කර දුන්නා, එපමණයි.
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
සාකච්ඡා කළේ -
තනුජා ධර්මපාල
බුදු සරණ අන්තර්ජාල කලාපයේ පළ වූ ලිපියකි.
මිහිඳු මාහිමි ගෙන් යොවුන් දූ පුතුන්ට..
මා අදරැති පින්වත් පුතණුවෙනි, දියණියෙනි,
මා සිතන්නේ ඔබට මා ගැන
අමතක නැතිව ඇති. පළමුවෙන් ඔබේ සුන්දර දිවයිනට මා පැමිණෙද්දී මෙහි එන්නට
අහස් යානා හෝ මොටෝ රිය හෝ නෞකා හෝ තිබුණේ නෑ. සැබැවින්ම අපට ඇවැසි වූයේත්
නෑ. සමණමුළුවෙක් වශයෙනුයි අප පැමිණියේ. උදේනි නුවර විදිසායෙහි පිහිටි මහ
සෑ මළුවෙන් අහසට නැඟුණු අපි අම්බස්‌ථල සෑ අසල ඇති ගල් කුලට පැමිණිවිට මා
සිතටත් සිසිලසක් දැනුණා. එදා ඔබ පරපුරේ රජුවැ සිටි දෙවන පෑතිස් නිරිඳුන්
මට මුණ ගැසුණේ ඔවුන් නැකැත් කෙළිය සමරන්නට දඩ කෙළියෙහි ගොස් සිටියදීය.
දෙවියන් හා කතා බස් කොට මුවකුගේ වෙසින් දෙව්පුතකු එවන ලද්දේ ද මා විසිනි.
“තිස්‌ස” කියා මා ඔබේ රජු අමතද්දී හේ තැති ගත්තා. නමුත් “ධර්මරාජ වූ
ලෝකනාථයන්ගේ සව් වූ සමණ පුතුන් වනාහී අපි වෙමු”යි කී කල්හි හේ තුටු වුණා.
අඹ පැනය ඇසූ වේලෙහි ඔහු පිළිවදන් දුන් අයුරු සැබැවින්ම අසිරිමත්. ඔබේ රජ
පරපුරේ සිටි නයුවන් දැක්‌වූ විසාරද ප්‍රඥ පාටවය ගැන මා බෙහෙවින්ම තුටු
වුණා.
ඇත්පිය උපමාවෙන් යුතු
බුදු වදන් ඔහුට පැවසූ වේලෙහි දෙවන පෑතිස් නිරිඳුන් පමණක් නොවේ, මැති
ඇමැත්තන් ද බුදු වජන්හි අරුත් වටහාගෙන තිසරණ ගතවැ සැදැහැ සිත්හි මුල් බැස
ගත් අයුරු සිතන විට මට මහා ආනන්දයක් දැනේ. ලෝකනාථයන් වහන්සේගේ අසිරිමත්
සිරි සදහම් එකිනෙක පෙන්වා දෙද්දී එදා ඔබ මුතුන්මිත්තන් විස්‌මිත සොම්නසකින්
යුතුව එය ඇසූ අයුරු තවමත් සිහිවේ. ඇතොවුරෙහි සිටි අනුලාවන් ඇතුළු ඒ කෝමළ
ස්‌ත්‍රීන් සැණෙකින් මගඵල ලැබූ අයුරු තවමත් සිහිවේ. මහජන මුළුවට දහම් දෙසනු
පිණිස සකස් කැරුණේ ඇත්හල යි. ඔවුනට දිව්‍ය විමාන ගැන විමානවත්ථුවෙන් බණ
කියද්දී, දුක් ත ප්‍රේත ලොව ගැන පේතවත්ථුවෙන් බණ කියද්දීත්, ආර්ය සත්‍යය
නොදැන යන සසර ගමන ගැන ඔවුන් බියෙන් සලිතව ගියා. ඉක්‌බිති සත්‍ය සංයුක්‌තය
නම් බුදුවජන් පවසද්දී ඔවුන් මගඵල ලැබුවේ දස දහස් ගණනිනුයි.
ම පියාණන් වූ දම්සෝ
නිරිඳාණන් ඔබේ සොඳුරු දිවයිනට මහත් සේ පෙම් බැන්ඳා. මා නැගෙණියන් වූ සඟමිත්
තෙරණින් දකුණු මහබෝ ශාඛා වැඩමවද්දී ම පියාණන් මහත් සේ සතුටු වුණා. හේ
දඹදිවෙන් දකුණු පස පිහිටි මේ රම්‍ය දිවයිනෙහි අප ශාස්‌තෘ වූ ගොයුම්ගොත්
බුදුරජුන්ගේ සසුන පිහිටන වග ඇසූ තැන් පටන් මේ රම්‍ය දිවයිනට මහත් සේ ඇළුම්
කළා. එදා දෙව් නා බඹුන්ගේ අපමණ පුද පෙළහරින් දඹකොළපටුනට මහබෝ ශාඛා වැඩි
වේලෙහි දෙවන පෑතිස් නිරිඳුන් අපමණ සොම්නසින් පිළිගත්තා. මහබෝ ශාඛාව මේ
හෙළදිවින් පුදද්දී ධරතීමාතා තුන් යලක් සළිත වෙමින් සාදු හඬ දුන්නා. දඹකොළ
පටුනෙහි පටන් අනුරපුර බෝ මැඬ පිහිටන මළුව දක්‌වා රඹ තුරින් හා පුන් කළසින්
මඟ දෙපස සරහා සුදු වැලි අතුරා මල් වැසි වස්‌සමින් වෙසඟ පුන් පොහෝ දිනයෙහි ඒ
මහබෝ ශාඛා මළුවෙහි පිහිටැවූ කල්හි ධරතී මාතා තුන් යලක් සළිත වෙමින් සාදු
හඬ දුන්නා. ම පියාණන්ගේ අනුසස් පරිදි දඹදිවෙන් මෙහි පිටත් වෙන්නට පළමු
මහබෝ ශාඛාව දඹදිවින් අභිෂේක ලැබුවා. යළිදු අනුරපුර මළුවෙහි පිහිටි කල්හි
ඔබේ දිවයිනෙහි රාජාභිෂේකය පළමුව කරන ලද්දේ ඒ බෝ ශාඛාවටයි. දඹදිව රාජාභිෂේකය
කරනුයේ යම් අයුරින් ද, ඒ අයුරින් මැ අනවතප් විලෙන් ගෙනා පැන් මහාබෝ ශාඛාවට
ඉසින ලද්දේ ක්‌ෂත්‍රීය කන්‍යාවන් විසිනි. ඒ වෙසක් පොහෝ දිනයෙහි දෙවන
පෑතිස් නිරිඳුන් රාජාභරණ හා කිරීටය බෝ ශාඛාවට පළඳවා අබිසෙස් කොට පූජා
පැවැත්වූ දින පටන් ඒ බෝ ශාඛාව මේ දිවයිනෙහි බෝ රජු බවට පත් වුණා. එදා දෙවන
පෑතිස් තෙමේ දොරටුපාල වෙස් ගෙන පූජාව නිම වෙන තෙක් බෝ ශාඛාව මුර කළ
අයුරු මට තවමත් සිහිවේ. ඉක්‌බිති කිරීටයත්, රාජාභරණත් පැළැඳගත් දෙවන
පෑතිස් නිරිඳුන් මහත් අභිමානයෙන් යුතුව බෝධියට ලක්‌දිව පූජා කළා. එකල්හි ද
ධරතී මාතා සලිත වෙමින් සාදු හඬ දුන්නා.
මා ප්‍රිය දරුවෙනි,
යොවුන් අරිට්‌ඨයන් ප්‍රමුඛ ඔබ පරපුරෙහි යොවුන් දරුවන් ගෞතම බුදු සසුනෙහි
පැවිදි වූයේ සිය දහස් ගණනිනුයි. නිකෙලෙස් හද මඬලක් දරා ගෞතම බුදුන්ගේ
ළයෙහි උපන් අරහත් ශ්‍රාවක දරුවන් වන්නට තරම් අසිරිමත් පුණ්‍ය මහිමයකින්
හෙබි ඔවුන් ථූපාරාම සෑ මළුවෙහි විනය සංගායනා කරද්දී ධරතීමාතා යළිත් වරක්
සලිතව තුන් යලක් සාදු හඬ දුන්නා. මා ඔබට දහම් දෙසුවේ දීප භාෂාවෙනුයි.
මාගධී හෙවත් පාළි භාෂාවෙන් මා දරා සිටි තෙවලා බුදු වජන් ඒ අයුරින්ම ඔබ
පරපුරෙහි යොවුන් සමණ දරුවන්ට වනපොත් කරවද්දී ඔවුන් පිපාසිත මුවපොව්වන්
සිහිල් පැන් වළඳන ලෙසින් මහත් ආශාවෙන් තම ළයෙහි දරා ගත්තා. එහි අරුත් හෙළ
බසින් පවසද්දී ඒවා ද මහත් බැතියෙන් තම ළයෙහි දරා ගත්තා. ගොයුම් සම්බුදු
සසුන දෙවි මිනිසුන්ගේ හිත සුව උදෙසා සුරකිනු පිණිස දිවි පරදුවට තබා ඔවුන්
වෙහෙසුණා. එකල මා ඔවුන්ට ඉගැන්නූයේ බුදු බව පැතීමේ මහායානය නොවේ. බෝසත්
වන්දනාව ද නොවේ. ගෞතම බුදුන්ගේ නිමල දහමයි. එහි කියෑවෙන්නේ ශ්‍රාවකයකුවැ
දහමේ හැසිර සුගතියෙහි ඉපදීමටයි. එසේ සුගති රැකවරණය ලබමින් භව සයුරින්
එතෙරවීමටයි. නිමල බුදුදහම එයයි දරුවෙනි.
මා ප්‍රියාදර දූ
පුතුනි, එකල ඔබ පරපුරෙහි යොවුන් දරුවන් දැක්‌වූ කුසලතාව නම් දඹදිවෙහි සිටි
මහා පින්වතුන්ගේ කුසලතාවට කිසිසේත් දෙවැනි නොවුණි. මා පිරිනිවන් පානා
තෙක්‌ම මේ දිවයිනේ රැඳුණේ එනිසාය. ම පියාණන් වූ දම්සෝ මහ නිරිඳුන් පවා මෙහි
ඉපිද කුදුතිස් මහතෙරුන් නමින් සසුන බැබලවූයේ එනිසාය. අකුසල් දරුවැ කුසල්
මතුවැ ගොස් රජ නිරිඳුන් ප්‍රමුඛ කොට මැති ඇමැත්තන් ප්‍රමුඛකොට සකල ජනයා
දහමෙහි හැසිරුණු කල්හි වෛර සිත් බැහැරකොට මෙත් සිතින් බැබලුණ කල්හී මේ
රම්‍ය වූ දිවයින සකල සම්පතින් පිරී ඉතිරී ගියා. බත බුලතින්, කිරියෙන්
පැණියෙන් සරු වුණා. පෙරදිග ධාන්‍යාගාරය වුණා. ඉන්දීය සයුරෙහි මුතු ඇටය
වුණා. දහම් දිවයින වුණා. ගෞතම බුදුරජුන්ගේ විදුරසුන් මහ බෝ පිහිටි දඹදිව
තලයටත් වඩා මේ රම්‍ය දිවයින පූජනීය වුණා.
මා ප්‍රිය දරුවෙනි, එකල
දඹදිව දකුණු පෙදෙසෙහි විසූ චෝල රජවරුන් මේ කුඩා දිවයිනෙහි පිරී ඉතිරී ගිය
රන්, රිදී, මුතු, මැණික් කෙරෙහි ලොල් බැඳ මේ දිවයිනට අරක් ගත්තේ පස්
පියුමෙන් සුසැදි විලක් ඩැහැ ගන්නා දානව රකුසන් ලෙසිනුයි. එහෙත් ඔවුනට පවා
බුදුරජුන්ගේ ශ්‍රාවකයන්වීම විනා වෙන කිසිවක් කරගත නොහැකි වුණා. නමුත් මා
විසින් මේ දිවයිනෙහි ඔබට දහම් දෙසුවේ, ඔබේ පරපුරෙහි දරුවන් සසුන්ගත කෙරුවේ
හෙලදිව්වාසීන් විසින් බුදු සසුන සුරැක පතළ කැරවීම පිණිස ම ය. චෝලයන්ට ඇවැසි
නම් ඔවුන්ට ද මේ දිවයිනෙන් සසුන් පිළිවෙත ගෙන ගොස් චෝල දේශය බැබළවිය
හැකිය. සැබැවින්ම දරුවෙනි, එය වූයේය. එකල දඹදිව දකුණු පෙදෙස රහතුන්ගෙන්
බැබලුණේ. කාංචිපුරය ගෞතම බුදුරජුන්ගේ නිමල දහමේ තෝතැන්න විය.
පින්වත් දරුවෙනි,
ලෝකනාථ වූ අප ශාස්‌තෘන් වහන්සේගේ ධර්මය රැකගන්නට අසීරු වූයේ “සියලු දුකින්
නිදහස්‌වීම පිණිස නිවන් සාක්‌ෂාත් කිරීම පිණිස මේ සිවුරු මට ලබාදී මා
පැවිදි කරන්නැ”යි කියා ආචාර්ය පරපුරෙන් මහණකම ලබාගත් පැවිද්දන් නිසා ම ය.
ඔවුන්ගෙන් වෙන්නට තිබෙන අතවර දුටු මහාකස්‌සප මහතෙරුන් පළමුවෙනි සංගායනාව
කොට තෙවලා බුදු වදන මැනැවින් පිහිටැවූ සේක. එහෙත් දරුවෙනි, සියවසක් යන්නට
පළමුව නිවන් මඟට නිසි, විනයට අවිනය හෙළන්නට විලිබිය නැතිව බැසැගත්තෝ ද අන්
කිසිවෙක් නොව පැවිද්දෝ ම ය. දෙවන ධර්ම සංගායනාව කොට උතුම් බුදු වජන් බේරා
ගන්නට මහා තෙරවරුන් සමත් වුණා.
අහෝෘ පින්වත් දරුවෙනි,
ගෞතම සසුනෙහි පැවිදි වූ ශ්‍රමණයන් කොටසේ කීපයකට බෙදිය හැකිය. ඔවුන්ගෙන්
එක් ශ්‍රමණ කොටසක් උතුම් නිවන් මඟෙහි හැසිර ආර්ය සත්‍යය ඉස්‌මතු කොට බුදු
සසුන බැබලෙව්වා. තව ශ්‍රමණ කොටසක් එයින් යෑපෙමින් ජීවත් වුණා. තවත්
ශ්‍රමණ කොටසක් එයින් යෑපෙමිනුත් ඒ සම්බුදු වදන් ලඝූ කොට තම තම
මතිමතාන්තරයන් ගරු කොට බුදු වදන කෙලෙසන්නට පටන් ගත්තා. තවත් ශ්‍රමණ කොටසක්
ඒ බුදු වදන් ඇසුරෙන් මගඵල ලබනා මාවතෙහි සැක උපදවන කරුණු මතුකරමින් සසුන්
මඟ විපරීත කළා. එවිට බුදු සසුන බබලවන මහතෙරපාණන් වහන්සේලා වහා පෙරට වැඩ ඒ
විපරීත මත බැහැරකොට ගෞතම බුදු සසුනෙහි ශ්‍රාවකයන් වන්නට ඇති ඉඩකඩ යළි
පිහිටුවමින් තුන්වෙනි ධර්ම සංගායනාව කළා. එයට මුල් වූයේ මා ආචාර්යපාද වූ
මොග්ගලීපුත්තතිස්‌ස මහතෙරපාණන් හා ම පියාණන් ය.
දරුවෙනි, දක් ණාපථයෙහි
උදේනි නුවර මා යුවරාජව සිටිද්දී නිතර ඇසුරු කරන ලද්දේ ෙච්තියගිරියෙහි වැඩ
සිටි උතුම් සඟරුවනයි. රජකම කෙරෙහි මා සිත්හි ඇති ඇල්ම ටිකෙන් ටික දුරු
වුණා. සසරෙහි බිය දැනුණා. සුළු කලක් රජ කොට බොහෝ කලක් අපා දුක් විඳි
රජවරුන් ගැන මා ඇසූ නිසාම සිත බැඳී ගියේ සිහසුනට නොව සසුනටයි. “පුත, තෙපි
සසුන් මඟෙහි පහන්වැ ගියහු ද? ලෝකනාථයන් වහන්සේගේ සසුනෙහි පිළිවෙත් පුරා
මගඵල පසක් කරන්නට ද තෙපිත් රිසියෑහු ද?”කියා ම පියාණන් පැළලුප් නුවරට මා
කැඳවා විමසූ වේලෙහි නිම්හිම් නැති ආනන්දයක් ම සිතෙහි පැන නැංගා. පියකරු
ළඳුන් පිරිවරා මදිරා පානයෙහි ගිජුවැ කාමාසක්‌තව ගෙවන ඒ රාජකීය ජීවිතයට වඩා
තුන් සිවුර ගත දරා පාත්‍රය ද රැගෙන පිඬුසිඟා හැසිර රුක් සෙවණක හිඳ බවුන්
වඩා ඒ නිවන් මඟ පසක් කරන්නේ කවදාදෝයි සිතමින් සිටි මා හට මෙය කණෙහිලු
මීයක් බඳු විය. මා සැණෙකින් ම පියාණන්ගේ පා අබියස වැඳ වැටුණා. “භවත්
මහරජාණෙනි, සැබැවින්ම ඒ මට රිසි යෑ. ලෝකනාථයන් වහන්සේගේ අමාදහම් සිසිලස ලබා
සැනසෙන්නට ඇත්නම් එයින් ලබනා සැපයෙන් සොලොස් කලාවෙන් එකකට ද මේ රජ සැප
නොවටින බව මම දනිමි මහරජාණෙනි.” එවිට ම පියාණන් කඳුළු වෑහෙන නෙතින් මා
වැළඳගෙන “අදරැති පුත, සැබවින්ම තොප ද අසිරිමත් යෑෘ රන් බඳුනෙක් හි සිංහ
තෙලක් බඳු තොප විසින් අසිරිමත් බුදුවජන් ලයෙහි රුවාගෙන අමා නිවන් පසක්
කිරීම මැනැවි. දෙවි මිනිසුන්ගේ හිත සුව පිණිස හැසිරීම මැනැවි.”
මා ප්‍රිය දරුවෙනි,
එකල්හි පැළලුප් නුවර අශෝකාරාමයෙහි දී සසුන් බිමට වන් මා තුන් වසරක් තුළ
මුළු තෙවලා බුදුවජන් ධරන්නට සමත් වුණා. එහි නිධාන කතාවන් ද ධරන්නට සමත්
වුණා. මා ඔබ දිවයිනට වැඩමැ වූයේ ඒ නිමල බුදු දහම සමගිනි. මා ඇති කළ සඟ
පරපුර උතුම් ගෞතම සසුනෙහි ශ්‍රාවක දරුවන් වී සසුන් පිළිවෙත සරු කරන්නට
වෙහෙසෙද්දී තුන් වෙනි සංගායානාවෙන් පළවාහරින ලද සසුන් වෙස් ගත් ශ්‍රමණයින්
විසින් මහත් විපතක් කරන ලදී. දුර දිග බැලීමෙහි කුසලතා රහිත වූ ඔවුන් සතර
අගතියෙන් යුතුව පිඹුරුපත් සකසන ලද්දේ නිර්මල සඟරුවන බැහැර කිරීමටය. ඒ
වෙනුවෙන් ඔවුන් ලෝකනාථයන් වහන්සේ තහනම් කොට වදාළ දෙය වූ පෙළ දහම සංස්‌කෘත
භාෂාවට නගන ලදී. තම තමන්ට රිසි පරිද්දෙන් බුදු බව පැතීමෙහි කතා බහන ලදී.
මගඵල පසක් කිරීම හීනයාන යෑයි දරා බෝසත් වන්දනාව පෙරට ගෙන බුදුබව පැතීමට
පොළඹවන ලදී. ඔවුන්ගේ ව්‍යාජ බෝසතුන්ගේ නම් ගම් දහස් ගණනකිනිදු අවසන් කළ
නොහැකිය.
වේද භාෂාවෙන් හෙවත්
සංස්‌කෘත භාෂාවෙන් තිබුණේ බමුණන්ගේ වේදය පමණි. ප්‍රාමාණික ග්‍රන්ථ වශයෙන්
එය පිළිගත් ඔවුන් අන් දහමක් තම දහමට අභියෝගයක් වෙතැයි නොසිතන ලද්දේ
සංස්‌කෘතයෙන් තිබුණේ වේදය පමණක් නිසාවෙනි. එහෙත් සසුනෙන් නෙරපා දමන ලද
ව්‍යාජ පැවිද්දන් බෝසත් වන්දනාව පෙරටු කරගත් සංස්‌කෘතයට හරවන ලද දහමට
බමුණන් බිය විය. ඉක්‌බිති බමුණන් විසින් ඒ සංස්‌කෘතයෙන් තිබුණු දහම කියවා
එයට එරෙහිව වාද විවාද නගන්නට පටන් ගත්හ. එවිට නාලන්දා වැනි මහා සරසවි
බිහිකොට මහායානිකයන් කරන ලද්දේ බමුණු දහමට එරෙහිව තම අධ්‍යයන විෂය පුළුල්
කිරීමයි. ගෞතම බුදු වදන් පසෙකලා වේද වේදාන්තයන් හා සම තැන් ගැනීමට පමණක්
නොව එය යට කොට තම මතය මතු කරන්නටත් ඔවුන් වෙහෙසුණා. නාලන්දාව වැනි ඔවුන්ගේ
සරසවිවල අධ්‍යයන භාෂාව වූයේ සංස්‌කෘතයි. බමුණන් අනේකවිධ තපස් රැක පෙළහර
පාන කල්හි මේ ව්‍යාජ සංස්‌කෘත ශ්‍රමණ පඬිවරුන් එයට සමවන්නට යන්ත්‍ර මන්ත්‍ර
තන්ත්‍ර ආරම්භ කළා. ජ්‍යෝතිෂ විශාරදවරුන් වුණා. වාද විවදයන්ට නිසි
නොයෙකුත් න්‍යායන් බිහි කළා. “වාද විවාද පිණිස මාගේ දහම හදාරන්නට ගියහොත්
ඔවුන් විනාශ වන්නේ සර්පයා වලිගයෙන් අල්ලන්නට ගොස් විනාශ වන මිනිසා මෙන්”
බව අලගද්දූපම සූත්‍රයෙහි වදාළ බුදු වදන ඔවුන් බැහැර කළා.
වාද විවාදවලින් ව්‍යාජ
ශ්‍රමණයන් ජය ගත් කල්හි ඔවුන් සව්දිය පිරුවේ එම පෙදෙස් වැසි සියලු බමුණු
කැල නාලන්දාවේ දාසයන් බවට පත් කිරීමෙනි. බමුණන් ජයගත් කල්හි ඔවුන් සව්දිය
පුරන ලද්දේ සියලු ශ්‍රමණවරුන්ගේ ගෙල සිඳලීමෙනි. මෙසේ කෙමෙන් කෙමෙන් වාද
විවාද උග්‍ර වෙමින් තිබියදී නිමල බුදු දහම තමනට අභියෝගයක් වෙතියි සැලකූ
මහායානිකයන් වාද විවාද කොට එය ද දඹදිවින් අතුරුදන් කරන ලද්දේය. සුවිසල්
රුකක් වසා ගත් පිළල රැසක් පරිද්දෙන් මහායානය පැතිර ගොස් තිබියදී බුදු බව
පතන බෝසත් වේශයෙන් ඔවුන් කරන ලද්දේ බුදු සසුන අතුරුදන් කිරීමයි. මෙසේ
බමුණන්ගේ අධික වෛරයට පාත්‍ර වූ ව්‍යාජ ශ්‍රමණයන්ගේ ආධ්‍යාත්ම බලය දකුණු
දඹදිව උපන් සංකරාචාර්ය නම් වූ අන්තවාදී සිව බැතිමතා විසින් වනසන ලදී.
ඉනික්‌බිතිව සියවස් කීපයක් පුරා කෙමෙන් කෙමෙන් වැඩී ආ අන්තවාදී ඒක දේව
වාදයෙහි උමතු බලවේගය වන මුසල්මාන් ආක්‍රමණයට බමුණන්ගේ සහය ලැබිණි. “එම්බා
මුසල්මානුවෙනි, නුඹලාට මේ රට ගන්නට ඇවැසි නම් කාෂායවස්‌ත්‍රධාරී බියකරු
සේනාව වැනැසිය යුතුය. ඔවුන්ගේ යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර සහ දර්ශන ඉගැන්වෙන
සේනා මූලස්‌ථාන වන නාලන්දාව වැනි තැන් ගිනිබත් කළ යුතුය.” යන වදන් ඇසූ
ඔවුන් ද තම මතයෙන් උමතුව සේනා සහිත මාරයාගේ සහයෙන් ඔද වැඩී ව්‍යාජ ශ්‍රමණ
පරපුර දඹදිවින් අතුගා දමන ලදී. මෙසේ ගෞතම බුදුසසුන දඹදිවින් අතුරුදන් විය.
එහෙත් බමුණන්ගේ බිය තුනී වූයේ නැත. ඉන්දීය සයුරෙහි මුතු ඇටයක් තිබේ. එහි
නිමල බුදුදහම බබලයි. යම් හෙයකින් ඔවුන් බලවත්ව පැමිණ යළිත් වේදය වනසන්නට
පුළුවනි. එයට පෙර එම දිවයින ද වැනැසුව මනාය. ව්‍යවහාර වර්ෂයෙන් නව වැනි
සියවසෙහි රාමායණ නම් වූ මිත්‍යා ප්‍රබන්ධය කරන ලද්දේ සිව භක්‌තිකයන්
විසිනි. දකුණු දඹදිව සිටි සියලු පැවිද්දන් වැනැසූ බමුණන් විසින් වෙහෙර
විහාර සිව මන්දිර බවට පත් කරන ලදී. රාමායණය නිරතුරුව ජප කරන ලදී. තම
දෙවියන් යෑයි කියාගත් රාමාගේ බිසව වන සීතා පැහැරගත් රකුසන්ගේ ද්වීපයෙහි
සිටි රාවණයා මරා දැමූ අනුහස් නැවත පෙන්විය යුතු යෑයි කියා රජවරුන් පොළඹවන
ලදී. ධර්මද්වීපය රකුසන්ගේ ද්වීපය බවට පත් කළ බමුණ දහම පිළිගත් කාලිංගමාඝයා
ලක්‌දිව වෙහෙර විහාර වනසා ගිනි තබන ලදී. පර්සියාවෙන් ආනයනය කළ ව්‍යාජ
අනුකරණවාදී සිව ඇදහිල්ලෙන් පන්නරය ලැබූ කෲරත්වය විසින් මහායානිකයන්ගේ
තන්ත්‍රයානයෙන් උපුටා ගත් කාම පූජා මිශ්‍රකොට ශිවලිංග පූජාව ධර්මද්වීපයෙහි ද
පවත්වන ලදී.
පින්වත් දරුවෙනි, ගෞතම
ලෝකනාථයන් වහන්සේගේ වදන් සැබෑ කරමින් දකුණින් පහළ වූ පළමුවෙනි විජයබාහු
නරපතියා විසින් මෙම දහම් දිවයින අසීරුවෙන් බේරා ගන්නා ලදී. කාලිංගමාඝයාගේ
හිංසාවෙන් දුබල වූ සසුන පැරකුම් නරපතියා විසින් යළි ඔසවන ලදී. එහෙත් කෙමෙන්
කෙමෙන් ලක් බුදුසසුනත් පැළලුප් නුවරින් පැමිණි ශාක්‍ය පරපුරේ ලේ ධාතුවෙන්
මිශ්‍ර වූ හෙළයා දුබල වන්නට විය. පින්වත් දරුවෙනි, ඔබේ සොයුරු ද්වීපය වූ
මාලදිවයිනෙහි සියලු ශ්‍රමණ දරුවන් වනසා වෙහෙර විහාර වනසා අන්තවාදී ඒක
දේවවාදය මුසල්මානුවන් විසින් ස්‌ථාපිත කරන ලදී. ඔබගේ මෙම රම්‍ය දිවයිනට
මුසල්මානුවන්ගේ බැල්ම වැටෙන්නට පළමු ඒක දේවවාදයේ බටහිර අන්තවාදයේ ග්‍රහණයට
ඔබේ මුතුන් මිත්තන් හසුවිය. වරින් වර නාමමාත්‍රික වශයෙන් පවා නොසිට පැවිදි
ශ්‍රමණයන් අතුරුදන් වූ අවස්‌ථා තිබේ. ගෞතම සසුනට වින කරන මහායාන මතයන්
විසින් සසුනෙහි මූලික සංකල්පය උඩු යටිකුරු කරන ලදී. සසරේ බිය තොර කරන ලදී.
රාජබලය ද ධර්ම බලය ද නැතිවී ගිය අබල දුබල නිවට නියාලු හරසුන් ජන කැලක් බවට
ලක්‌දිව්වැසියන් පත්වන කල්හි ගෞතම සසුන රකින්නට මා මහත් වෙහෙසෙන් සැකසූ
සසුන් පරපුර වඳ වී යන කල්හි මා සිත්හි සංවේගයයි උපන්නේ.
ඒක දේවවාදයෙන් වැඩී ගිය
ව්‍යාජ විද්‍යා ලෝකය විසින් කාම උමතුව බිහි කරන ලදී. යොවුන් දූ දරුවන් හට
දහම සිතීම පවා අකැප කරන ලදී. දහමේ හැසිරීම පවා විලිබිය උපදවන කරුණක් කරන
ලදී. ඔවුන්ගේ කාම උමතුවේ ප්‍රේම සුනාමිය ලොව පුරා පතුරුවන ලදී. ගෞතම සසුන
තුළින් යොවුන් දරුවන් ලද දෑ අභිමානය හා මානව ගුණය බැහැර කරන ලදී. නමුත්
දරුවෙනි, ඒ අකාලික දහමේ ඔබට කියනා මේ සොඳුරු උපදෙස් බලන්න. සිඟාලක දරු හට
ලෝකනාථයන් වහන්සේ මේ දහම වදාළ අයුරු කෙතරම් අසිරිමත් දෘ දරුවෙනි, අගති
සතරෙකි. එයින් අගතියට නොයන්න. එනම් ඡන්දයෙන් අගතියට යැමත්, ද්වේෂයෙන්
අගතියට යැමත්, භයෙන් අගතියට යැමත්, මෝහයෙන් අගතියට යැමත් ය. මා අදරැති
දරුවෙනි, අගතියට ගියහොත් ඔබ පිරිහෙන්නේ අඳුරු වී යන සඳක් මෙනි.
දරුවෙනි, දුක කරා යන
කරුණු සයෙන් වළකින්න. මත්පැන් හා මත්ද්‍රව්‍ය සේවනය නොකරන්න. නොකල්හි පාර
තොටේ ඇවිද නොයන්න. අරුත්සුන් කාම ප්‍රසංගවලින් ධනය වනසා නොගන්න. දූ
කෙළියෙහි නොයෙදෙන්න. පවිටු පුද්ගලයන් සමග මිතුරුදම් නොපවත්වන්න. අලසව
නොසිටින්න. පින්වත් දරුවෙනි, ඔබ මේවාට ගිජු වුවහොත් මේවා පුරුදු කළහොත්
වැනසෙන නිසාවෙනි ඔබේ ශාස්‌තෘ වූ ලෝකනාථයන් වහන්සේ ඔබට එය වදාළේ.
මා අදරැති දරුවෙනි,
සැබෑ මිතුරෙක් වන්න. සැබෑ මිතුරා මිතුරාගෙන් කිසිවක් ලබාගැනීම පිණිස ඔහු
රවටා ලන මිතුරු වෙස් ගත් “අඤ්ඤදත්ථුහරයෙක්” නොවේ. සැබෑ මිතුරා තම
මිතුරාගේ වටිනා කාලය සහ ඔහුගේ කාර්යභාරය වැනැසෙන පරිද්දෙන් ඔහු නොමඟ යවන
කතාවට නතු කොට ඔහු පමා කරවන “වචීපරමයෙක්” නොවේ. සැබෑ මිතුරා ඔහුගේ මිතුරු
බව සුරැකිනු පිණිස ඔහු කරන පව අනුමත කිරීමත්, පින අනුමත කිරීමත්, ඔහු
ඉදිරියේ ගුණ කීමත්, ඔහු නැති තැන නින්දා කිරීමත් කරන “අනුපියභාණියෙක්”
නොවේ. සැබෑ මිතුරා සතුටු වන්නේ තම මිතුරා අපායට වැටෙනු දැකීම නොව සුගතියෙහි
ඉපදෙනු දැකීමෙනි. එනිසා සැබෑ මිතුරා අපාගතවීමට හේතුවන දෙයින් තම මිතුරාව
වෙලා ඔහුගේ ලාභ ප්‍රයෝජන ගැනීමෙහි යෙදෙන “අපාය සහායක” මිත්‍රයෙක් නොවේ.
පින්වත් දරුවෙනි, කළණ
මිතුරෙක් වන්න. කළණ මිතුරා තම මිතුරාව නොමඟින් රැක ගනියි. ඔහු යහපතේ
යොදවයි. ඔහු අනතුරෙන් බේරයි. පවින් වළක්‌වයි. අකුසලයෙන් වළක්‌වයි. පෙර
නොඇසූ දහම අසන්නට සලස්‌වයි. පිනෙහි යොදවයි. සුගතියට මග කියා දෙයි. සැබෑ
මිතුරා තම මිතුරාගේ පිරිහීම ගැන නොසතුටු වෙයි. දියුණුවෙහි තුටු වෙයි.
මිතුරාට අභූත චෝදනා කිරීමට ඉඩ නොදෙයි. ඔහුගේ ගුණ මතු කරයි. එවැනි මිතුරෙක්
වෙන්න.
මා ප්‍රිය දරුවෙනි,
දැහැමි දරුවන්ගේ පෙරදිග දිශාව නම් මවුපියන්ය. දකුණු දිශාව නම්
ආචාර්යවරුන්ය. බටහිර දිශාව නම් අඹුදරුවන්ය. උතුරු දිශාව නම් මිතුරන්ය. යට
දිශාව නම් සේවකයන් ය. උඩ දිශාව නම් ශ්‍රමණ බමුණන් ය. පින්වත් දරුවෙනි,
කිසිදා මවුපිය ද්‍රෝහියෙක් නොවෙන්න. ඔබ දුබල මාපියන් සුරකින්න. ඔවුන්ගේ
කටයුතුවලට සහාය වෙන්න. කුල පරපුර රැකගන්න. මාපිය වස්‌තුව සුරකින්න. සුගති
ගමනට සහය වෙන්න, සැබෑ කුල දරුවෙක් වෙන්න.
මා ප්‍රිය දරුවෙනි,
කිසිදා ආචාර්ය ද්‍රෝහියෙක් නොවෙන්න. ආචාර්යවරයා ඔබව හික්‌මවයි. ඔබට තම දහම
උගන්වයි. විනයෙහි පිහිටුවයි. උසස් පුද්ගලයන්ට ඔබව හඳුන්වා දෙයි. සමාජයට
ඔබව හඳුන්වා දෙයි. එනිසා ආචාර්යවරුන් දැක හුනස්‌නෙන් නැගිටින්න. උවටැන්
කරන්න. වතාවත් කරන්න. සකසා ඉගෙන ගන්න. ආචාර්ය ගෞරවයෙන් යුතු වෙන්න.
පින්වත් දරුවෙනි,
ලෝකනාථ වූ ඔබේ ශාස්‌තෘන් වහන්සේ ඔබට භව සයුරෙන් එතෙරවීමට පමණක් නොව,
සුගතියෙහි ඉපදීම පිණිස ද පිහිට වූයේ ලොව දකිනා එකම ඇස උන්වහන්සේ නිසාවෙනි.
පින්වත් දරුවෙනි, වැලන්ටයින් නම් වූ මිත්‍යා කාම මායාවට හසු නොවී තිලොවග
ගුරු වූ ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් වී උන්වහන්සේව මුළු
හදවතින්ම සරණ යන්න. ලොවෙහි යථාර්ථය දැකීම සත්‍යයට ආශා කරන අප සියලු දෙනාටම
අයත් අද්විතීය උරුමයකි. ඒ උරුමයට ආශා කරන්න. ඔබේ රම්‍ය දිවයිනට ගෞතම
බුදුරජුන්ගේ සොඳුරු දහම හඳුන්වා දී මාගේ මුළු දිවිය ම ඔබේ පරපුර සුවපත්
කරන්නට කැපවූ නිසාවෙනි ඔබට මේ ලියන්නේ. නිවන් පුර සිට ඔබ අමතන මා, ඔබේ
අදරැති මෙත් සිතිනි මිහිඳු මා හිමි…!
෴ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි..
Wednesday, June 26, 2013
ඔබේ ඔය මහන්සිය හිස් අතින් මැරෙන්නද?
මේ ජීවන ගමනේදී ඔබේ ක්‍රියාකාරකම් පැහැදිලිව කොටස් දෙකකට බෙදාගන්න. එකක් ඔබගේ සැපය උදෙසා කරන ක්‍රියාවන්. අනෙක අනුන් උදෙසා කරන ක්‍රියාවන් හැටියට. මෙතැනදී අනුන් උදෙසා කරන ක්‍රියාවන් හැටියට ගැනෙන්නේ රැකියා, ව්‍යාපාර, ගොවිතැන්, පවුල් ජීවිතය සහ සමාජීය ජීවිතය සමග බැඳුණු සියලුම වගකීම්. මේ සියල්ල අනුන් උදෙසායි ඔබ කරන්නේ කියලා දකින්න.
තමා තමාටවත් අයිති නැතිකොට අනුන් කෙසේ තමාට අයිතිවෙන්නද කියන ධර්මතාවය අවබෝධ කර ගැනීමට ඇති ඔබට, මෙලොව පරලොව සැබෑම සැපය උදාවනුයේ තම වගකීම පටලවා නොගැනීමෙන් පමණක්‌මය. සත්වයා අප්‍රමාණ දුක් විඳින සතර අපායන් අභිබවා, මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ඔබ ලැබුවේ පෙර ජීවිතයේ කරන ලද ව්‍යාපාර, ගොවිතැන්, රැකිරක්‍ෂා නිසා නොවේ. පෙර ජීවිතයේ සිදුකරගත් කුසල් සංස්‌කාරයන් නිසාමය. එහෙයින් එවන් මහඟු අවස්‌ථාවක් සලසාදීම පිළිබඳව පිංවත් ඔබ කෘතගුණ සැලකිය යුත්තේ කුසල් ධර්මයන්ටමය.
‘වෙලාව තිබුණොත් පංසල් යනවා’ ‘නිවාඩු තිබුණොත් සිල් සමාදන් වෙනවා’ ‘වැඩ ඉවර වුණොත් පිංකමට යනවා’…. වර්තමාන සමාජයේ මෙවැනි වචන භාවිතය ඉතාමත් වැඩි නේද? එහෙම ප්‍රකාශ කරන පිංවතාගේ කාර්යබහුල ජීවිතයට වර්තමනා සමාජයේ ලොකු වටිනාකමක් ලැබෙනවා. අපිට ඇහෙනවා සමාජයේදී කියනවා ‘අහවලාට දැන් වගකීම් කටයුතු වැඩියි. ඒ නිසා පිංකමට එන්නේ නැහැ. සිල්ගන්න යන්නේ නැහැ. පංසලට එන්න වේලාවක් නැහැ’ වැනි අදහස් ප්‍රකාශවෙනවා. මෙවැනි නොවටිනා වටිනාකම් ඔබ ඔබේ කරගත්තොත් වටිනා මනුෂ්‍ය ජීවිතය ඔබෙන් ගිලිහී යන බව ඔබ සිහි තබාගන්න ඕනේ. මෙවැනි අයට මැරෙන මොහොතේ මතකයට එන්නේ රැකියාව, ව්‍යාපාරය, ගොවිබිම උපාදානයයි. ඊට පස්‌සේ ප්‍රේත ලෝකයේ ඉපදිලා උපාදානය කරගත් තැනම දිගින් දිගට ඉන්න පුළුවන්. හැබැයි මනුෂ්‍යයෙක් හැටියට නම් නෙමෙයි. ප්‍රේතයෙක් හැටියටයි.
පිංවත් ඔබට මේ කාරණය හොඳින් පැහැදිලිවෙන්න, භික්‍ෂුවක් සමාධියෙන් පසුවන විට දර්ශනය වූ ප්‍රේත මහත්මයකුගේ කථා පුවතක් මෙහි සටහන් කරනවා.
මේ මහත්මයා හිටපු දේශපාලනඥයෙක්. සහජයෙන්ම උරුම බලකාමී ගති ලක්‍ෂණ මේ මහත්මයාට මනුෂ්‍ය ජීවිතයේදී තිබුණා. මේ මහත්මයා හදිස්‌සියේ මැරුණාට පස්‌සේ උපත සකස්‌වෙන්නේ ප්‍රේත ලෝකයේයි. ඒ පරදත්ත රූප ජීවී ප්‍රේත ස්‌වභාවයක්. හොඳ ශක්‌තිමත් කළු පැහැති ශරීරයක්, සුදුපාට සරමක් කැහිපොට ගසා ඇඳලා, අත් සහිත සුදු මේස් බැනියමක් සරමට යටකර ඇඳලා…. බොහොම කඩිසර ප්‍රේතයෙක්. මොහු දැන් ප්‍රේත ලෝකයේ සැරිසරනවා. ඔහු හැසිරෙන ප්‍රදේශය ගැන කියන්න භික්‍ෂුව දන්නේ නැහැ. සමහර විට ඔහුගේම මැතිවරණ ආසනයේ වෙන්න පුළුවන්. හැබැයි මේ ප්‍රේත දේශපාලනඥයා දුකකින් නෙමෙයි ප්‍රේත ජීවිතය තුළ සිටින්නේ. මනුෂ්‍ය ජීවිතයේදී දේශපාලකයෙක් වශයෙන් ජනතා සේවයක් ලෙසින් කළාවූ ‘දන්දීම’ නිසා.
එම යහපත් ක්‍රියාවන් හේතුවෙන් මොහුට ආයුෂ, සැප, බලය වැඩි ප්‍රේත ජීවිතයක් ලැබිලා තියෙන්නේ. මනුෂ්‍ය ජීවිතයේදී තම දේශපාලන භූමිකාව යම් සේ සටන්කාමීව ගත කළද, එවැනි සටන්කාමීත්වයකින් ‘මමයි චණ්‌ඩියා’ කියන්න වාගේ ස්‌වභාවයකින් තමයි මොහුව භික්‍ෂුවට දර්ශනය වී ඇත්තේ.
මේ කථා පුවතින් පැහැදිලිවෙනවා ඇති පිංකම් කිරීමට, කුසල් දහම් වැඩීමට, ශීලයක් සමාදන්වීමට විවේකයක්, වෙලාවක් නොතිබුණ කාර්යබහුල, අවිවේකී මහත්වරුන් ප්‍රේත ලෝකයේත් ගතකරන කාර්යබහුල ජීවිතයේ ස්‌වභාවය. මොහු ප්‍රේත ලෝකයේත් චණ්aඩියා වගේ දේශපාලනය කරන්නේ මනුෂ්‍යයන් සමග නෙවෙයි. ප්‍රේත ලෝකයේම සිටින දේශපාලන ප්‍රේතයින් සමගයි. මනුෂ්‍ය ලෝකයේ වගේම ප්‍රේත ලෝකයේද සිටිනවා, දේශපාලනය උපාදානය කරගෙන මැරිලා නිල් පාට, කොලපාට, රතුපාට කමිස ඇඳගත් ප්‍රේතයින්. රැවුල කොණ්‌ඩය වවාගත් ප්‍රේතයින්.
ඔබ අහලා ඇති ‘මම මැරුණත් නිල්, කොල, රතු,…..’ ‘මාව කැපුවත් මගේ ලේ නිල්පාටයි, කොළ, රතු… පාටයි’ වැනි දේශපාලනය උපාදානය කරගත් දේශපාලන සාමාජිකයින්. මෙවැනි අය තමයි මරණින් මතු, දේශපාලන ප්‍රේතයින් වශයෙන් උපත ලබන්නේ. මේ අය සමග තමයි දැන් ඉහත ප්‍රේත දේශපාලනඥයා දේශපාලනය කරන්නේ. මොහු දැන් තමාට විරුද්ධ අනික් පාටවල ප්‍රේතයින්ව තමන්ගේ මැතිවරණ බලසීමාවෙන් පන්නනවා ඇති. පහරදෙනවා, බියගන්වනවා ඇති. දැන් මොහු ගතකරන ප්‍රේත ජීවිතය තුළ අකුසල්මයි රැස්‌වෙන්නේ. ධර්මයක්, හොඳක්, නරකක්, ශීලයක් මොහු දන්නේ නැහැ. ඒ නිසා දුකෙන් දුකටම ඇදීයාම පමණයි සිද්ධවෙන්නේ. මේ කථාව කියවලා පිංවත් ඔබට සිතුණොත් රතු ඉර වැදුණත් කමක් නැහැ, වැටුප් කැපුණත් කමක් නැහැ, නිවාඩු වැටුණත් කමක් නැහැ, ලොක්‌කා බැන්නත් කමක් නැහැ, ලබන පාර පැරදුනත් කමක් නැහැ මම මුල්තැන දෙන්නේ මගේ ධර්ම මාර්ගයටයි’ කියලා. පිංකම් කිරීම කුසල් දහම් කිරීම යොදාගන්නේ අංක එකටයි කියලා. කැපෙන වැටුප මිල කරන්න පුළුවන් වුණත් ව්‍යාපාරයේ පාඩුව මිල කරන්න පුළුවන් වුණත් මේවා කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳිලා සතර අපායට වැටුණොත් එම දුක ප්‍රමාණය කරන්න බැහැයි කියලා, එය ඔබ ලැබූ භාග්‍යයක්‌මයි.
තෙරුවන් කෙරෙහිම, ශීලය දානය කෙරෙහිම විශ්වාසය තබන්න. ඔබව සැබෑම සැපයට ඔසවා තබන රැකියාව, ව්‍යාපාරය, ගොවිතැන, දේශපාලනය වන්නේ කුසල් දහම් බවම දකින්න.
සමාජයේ ජීවත්වන කාර්යබහුල පිංවතුන්ලාට පසළොස්‌වක පොහොය දිනයට පංසලකට යන්න විවේකයක් නැහැ. නමුත් ඒ පිංවතාට කිව්වොත් රාජකාරි මට්‌ටමෙන් මාසයක් ඇමරිකාවට එන්නය කියලා, ඔහු සිය පවුලත් සමගම එහි යන්න හදන්නේ. ඒ නිසා මෙහි තිබෙන්නේ කාර්යබහුල බව නොවෙයි, කාමච්ජන්දයන් කෙරෙහි ඇතිකරගත් දැඩි තෘෂ්ණාවයි. ඔය තෘෂ්ණාව තමයි ඊළඟ භවයේ උපතට අදාළ උපාදානය සකස් කර දෙන්නේ. මෙතැනදී දුප්පත්, පොහොසත් කියලා උපාදානයේ වෙනසක් නැහැ.
භික්‍ෂුවක් සමාධියෙන් පසුවෙනවිට අරමුණුවෙනවා භික්‍ෂුව වැඩසිටින කුටියට ආසන්නව තිබෙන කුඹුරු යායක්. එම කුඹුරුයාය තුළ අමුඩයක් හැඳගත් උස, සිහින්, වර්ණ සැප බලයෙන් හීන ප්‍රේතයින් දෙදෙනෙක් උදළු දෙකක් කරතබාගෙන සිටිනවා. අමුඩය ගසාගෙන සිටින නිසා මේ ගොවි ප්‍රේතයින් දෙදෙනා මීට පෙර පරම්පරාවේ සිට මියගිය දෙදෙනෙක් විය යුතුයි. සමහරවිට ඇඳුම් පැළඳුම් දන් නොදීම නිසා එහි අකුසල් විපාකය වීමටද පුළුවන්. මෙයත් තෘෂ්ණාව නිසා සකස් කරගත් ප්‍රේත ජීවිත දෙකක්. පෙරදී සඳහන් කළ කෝටිපති දේශපාලකයා වගේ නෙමෙයි, දුප්පත් ගොවි මහත්වරු දෙදෙනෙක්.
අපිට පෙනෙනවා ගම්මාන වල ජීවත්වන විට මිනිසුන් කාලසටහන් සකස්‌කරගෙනයි පිංකම් කරන්නේ. හේන කොටන කාලයට, අස්‌වැන්න නෙළන කාලයට ඒ පිංවතුන් පිංකම්, පන්සල, දානය, ස්‌වාමීන්වහන්සේ අමතක කරනවා. නොදන්නකම නිසාම දෙවැනි තැනටයි දමන්නේ. මුල් තැන අදාළ ගොවිතැන් කටයුත්තටයි දෙන්නේ. කිසිම තර්කයක් නැහැ, එම පිංවතුන් ගොවිතැන, එහි අස්‌වැන්න නිසයි ජීවත්වන්නේ කියන එකට. එයට මුල්තැන දෙන්න ඕනේ. නැතිනම් ඔවුනුත් අපිත් බඩගින්නේ. එහෙත් මෙතැනදී භික්‍ෂුව සඳහන් කරන්නේ ගොවිතැනට නෙමෙයි දිව්‍ය ලෝකයට යන්න ලැබුණත්, පිංකම් උදෙසා දිනකට, නැතිනම් මාසයකට වැයකරන කාලය අහිමි කරගන්න එපා. මොකද ඒ කෙටි කාලයයි ඔබ ඔබ වෙනුවෙන් යමක් කරගන්නාවූ කාලය බවට පත්වෙන්නේ. සැබෑම සැපය උදෙසා කරගන්නාවූ ආයෝaජනය වෙන්නේ. එම නිසා කටයුතු සැලසුම් කරනකොට කුසල් දහම්වලට මුල්තැන දෙන්න. අනිත් කටයුතු වීර්යයෙන් යුතුව කුසලයට බාධාවක්, අඩුවක් නොවන සේ සිදුකරන්න.
දුකට හේතුවන වී බුසල් සියයක් වෙනුවෙන් ඔබට ලැබිය හැකි උතුම් දිව්‍ය සැපයක් අහිමි කරගන්න එපා. වී බුසල් සියයක් ඔබේ පරලොව සුගතියත් කියන කාරණා දෙකම සාර්ථක කරගන්න උත්සහ ගන්න. එසේ නොවී ඔබත් අංක එක ගොවිතැනට දුන්නොත් අදාළ ගොවි ප්‍රේතයින් දෙදෙනා මෙන් (වර්තමානයේ අමුඩ නැති නිසා) කොට කලිසම් ඇඳගත් ප්‍රේතයින් ලෙස ඉපදීමට අවශ්‍ය උපාදානය, ඔබගේ තෘෂ්ණාව විසින් ඔබට සකස්‌කර දෙනු ඇත.
මේ භවයේ ඇති බියකරු බව නිසාමය බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ තම හිස ගිණිගත්තෙක් ඒ ගින්න නිවන්න වෙහෙසගන්නේ යම්සේද, මේ භව ගින්න නිවාදැමීමට එවැනි වෙහෙසක් ගන්න’ කියලා. එම ගිනි නිවෙන මාර්ගයට අවතීර්ණ වෙන්න කියලා. එසේ නොවුනොත් වැස්‌සෙන්, නියඟයෙන්, සුළඟින් විනාශවෙන අස්‌වැන්න දෙස බලමින් පසුතැවෙමින්ද, අවසානයේ ප්‍රේත ලෝකයේදී ඔබගේ ගොවිබිමේ හිමිකරුවා වීමට ඔබට පුළුවන්. එමනිසා පිංවත් ඔබ ව්‍යපාරයට, ගොවිතැනට, රැකියාවට, ඉඩකඩම්, දූ දරුවාට ඇති තෘෂ්ණාවට වඩා වැඩි කැමැත්තක් පිංකම් කෙරෙහි, කුසල් දහම් කෙරෙහි ඇතිකරගන්න. මොකද තෘෂ්ණාව හේතුවෙනුයි උපාදානය සකස්‌කර දෙන්නේ. උපාදානයයි ඊළඟ භවය සකස්‌කර දෙන්නේ.
Posted on June 18, 2013 by dahamsabava
Tuesday, June 25, 2013
සසර පින පතළ කළ අසම සම රූ මහිම.
බුදුරජාණන්
වහන්සේ නමක් ලෝකයට පහළ වීමට පෙර ලෝකයේ ‘බුද්ධ කෝලාහලයක්’ පැතිරී යනවා.
බුදු කෙනෙක් පහළ වන්නට පෙර ලෝකයේ මිනිසුන්ගේ ගතිගුණවල විශාල පරිවර්තනයක්
සිදුවනවා. අප මේ බුද්ධ කාලයේ ඉතිහාසය පරීක්ෂා කර බැලීමේදී පෙනෙනවා මුලින්ම
තිබුණේ වේදග්‍රන්ථ ඇදහීම බව. ඊට පස්සේ ඒක ඊට වඩා ප්‍රගතිශීලි මට්ටමින් ‘
බ්‍රාහ්මණ’ නමින් දියුණු වුණා. ඊට පස්සේ උපනිස කියලා මිනිසුන් කල්පනා කර
ගොඩනගාගත් ආගමික මතිමතාන්තර තම තමන්ම ප්‍රශ්නකර විසඳන යුගයක් ඇතිවුණා.
ගුරුවරයා ළඟ ගෝලයා නතර වී ඉගෙන ගන්න කාලයක් ආවා.
එවැනි
කාල පරිච්ඡේදයක බුදු කෙනෙක් පහළවීම පිළිබඳ දෝංකාරයක් පැතිර යද්දී සෘෂිවරු
නිරන්තරයෙන්ම සොයන්න ගත්තා කවුද මේ බුදුකෙනා? බුදුවරයකුගේ ලක්ෂණ මොනවාද?
බුදුවරයකු සොයාගන්නේ කෙසේද? කියලා.
ඔබ
දන්නවා සෘෂිවරු විසින් නොයෙක් ආකාරයේ වේදග්‍රන්ථ, ආයුර්වේද ආදිය නිපදවලා
තිබෙනවා වගේ, ලක්ෂණ ශාස්ත්‍රයත් නිපදෙව්වා. එහි තිබෙන්නේ ශාරීරික අංග ලක්ෂණ
වලින් බුදුවරයකු හඳුනාගන්නා ආකාරය යි. මේ ලක්ෂණ ශාස්ත්‍රය ඒ කාලයේ බොහෝ
බ්‍රාහ්මණ පණ්ඩිතවරු හදාරලා තිබුණා. මේ ලක්ෂණ ශාස්ත්‍රය වෙනම විෂයයක්.
හැබැයි,
ඒ වනකොට බොහෝ දෙනා දැනගෙන සිටියා මේ මහපුරුෂ ලක්ෂණ තිස්දෙකම තිබෙන කෙනා
බුද්ධත්වයට පත්වනබව. ගිහි ගෙදර සිටියොත් චක්‍රවර්ති රජ බවට පත්වෙනවා කියලා.
බුදුරජාණන් වහන්සේ නමක් බාහිර ලෝකයාට දැනගන්නට තිබෙන මූලික කාරණයක් ලෙස
ප්‍රකට වුණේ මහ පුරුෂ ලක්ෂණයි. ඉතිං ඔබත් ඒ පුරුෂ ලක්ෂණ හිමි භාග්‍යවතුන්
වහන්සේ කෙරෙහි සිත පහදවා ගන්න.
බුදු
න්වහන්සේට මේ මහා පුරුෂ ලක්ෂණ හිමිවන්නට හේතුවූයේ සම්බුද්ධත්වයට පත්වීමට
ප්‍රථම මනුෂ්‍ය ලෝකයේදී පෙර ගත කළ බොහෝ ජීවිතයන්හිදී සිදු කළ කායික, වාචික
මානසික පුණ්‍ය කර්මයන්ගේ බල මහිමය යි.
මෙහි
එක් ප්‍රතිඵලයක් වන්නේ මනුලොවින් චුත වී බොහෝ කාලයක් සැප ඇති සුගතියේ
ඉපදීමයි. එහි අනෙක් ප්‍රතිඵලය වූයේ බුද්ධත්වයට පත්වන මනුෂ්‍ය ජීවිතයේදී මේ
මහා පුරුෂ ලක්ෂණවලින් යුක්ත දේහයක් හිමිවීමයි. භාග්‍යවතුන් වහන්සේම
උන්වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණ එකින් එක ශ්‍රාවක පිරිසට විස්තර කර දී තිබෙනවා.
භාග්‍යවතුන්
වහන්සේ පෙර ගතකළ බොහෝ ජීවිතවලදී කාය සුචරිතයේ, වාග් සුචරිතයේ හා මනෝ
සුචරිතයේ යෙදීම නිසා එහි පුණ්‍ය විපාකය ලෙස උන්වහන්සේට මනාව පිහිටි සිරිපා
යුග හිමි වුණා.
අමනුෂ්‍යයන්ගෙන්,
සොරුන්ගෙන් සිදුවිය හැකි උවදුරු වළක්වා බොහෝ දෙනාට දැහැමි රැකවරණය
සළසාදීමත් බොහෝ පිරිවර සහිතව දන්පැන් පූජා කිරීමත් ආදී පුණ්‍ය කර්මවල විපාක
හේතුවෙන් සක් ලකුණින් සැදි සොඳුරු පා යුගද හිමි වුණා.
පෙර
බොහෝ ජාතින්හිදී ප්‍රාණඝාතයෙන් වැළකී සිට ප්‍රාණඝාතයට ලැජ්ජා ඇතිව,
දඬුමුගුරු භාවිතා නොකර සියලු සතුන් කෙරෙහි හිතානුකම්පීව වාසය කිරීම
හේතුවෙන් උන්වහන්සේට දික් ඇඟිලිත්, බ්‍රහ්මයකු සේ සෘජු වූ දේහ විලාසයකුත්
හිමි වුණා.
රසවත්
වූ ආහාර, වැළඳිය හැකි ප්‍රණීත දෑ , අෂ්ටපාන වර්ග ආදිය බොහෝ දෙයින් දන්
දීමෙන් රැස්කරගත් පුණ්‍ය මහිමයෙන් උන්වහන්සේට පිරිපුන් මාංශයන්ගෙන් යුතු
සත් තැනකින් උස් වූ දේහ විලාසයක් හිමිවුණා.
දානයෙන්,
පි‍්‍රය වචනයෙන් බොහෝ දෙනාට හිතසුව පිණිස පවතින අර්ථචරියාවෙන් හා
සමානාත්මතාවයෙන් යන සතර සංග්‍රහ වස්තුවලින් සෑම කෙනෙකුටම සංග්‍රහ කිරීමේ
විපාකයෙන් උන්වහන්සේට මේ මනුලොවදී මත්තෙහි ගොප් ඇට ඇති පායුගත්, උඩුකුරු වූ
අංජන නීල ලෝමත් හිමිවුණා.
පෙර
බොහෝ ජීවිතවලදී උන්වහන්සේ විවිධ ශිල්ප විද්‍යා ධර්ම ශාස්ත්‍ර මනාව දැනගෙන
අන් අයට කරුණාවෙන් ක්‍රමානුකූලව ඉගැන්වූවා. එහි පුණ්‍ය විපාකයක් ලෙස ඕලු
මුවන් ගේ බඳු කෙණ්ඩා උන්වහන්සේට හිමිවුණා.
කුසලය
යනු කුමක්ද? අකුසලය යනු කුමක්ද? කුමක් වරද සහිතද? කුමක් වරද රහිත ද? කුමක්
සෙවිය යුතුද? කුමක් නො සෙවිය යුතුද? මා විසින් කුමක් කිරීමෙන් බොහෝ කල්
හිතසුව පිණිස පවතින්නේ ද? යනාදී කරුණු කාරණා ගැන නැවත විචාරමින් අකුසලයෙන්
දුරු වී, කුසල් දහම් වැඩු නිසා උන්වහන්සේට දුහුවිලි පොදක් තරම්වත් නො රැඳෙන
ඉතා සියුම් සොඳුරු සමක්ද හිමි වුණා.
නොකිපෙන
සුළුව නො ගැටී, ක්‍රෝධ රහිතව, නො කිපුණ සිත් ඇති ව වාසය කිරීමත්, සියුම්
වූ මෘදු වූ ඇතිරිලි, පොරෝන, සියුම් ලෙස ෂයන ලද පලස් ආදී බොහෝ දේ දන් දීම
නිසාත්, උන්වහන්සේට රන්වන් පැහැයෙන් බබළන සමක් හිමි වුණා.
මව
හා පුතු ද, පුතු හා මවද, පියා හා පුතු ද, පුතු හා පියාද, සොහොයුරා හා
සොයුරියද, සොයුරිය හා සොයුරාද, වශයෙන් අසමගියෙන් සිටි පිරිස් සමගි කර,
ඔවුන්ගේ එකමුතුව දෙස බලා බොහෝ සතුටට පත්වීම නිසා එහි විපාක වශයෙන් කෙමියක
බහා ලූ දෙයක් බඳු පුරුෂ නිමිත්ත හිමිවුණා.
පෙර
බොහෝ භවයන්හි දී මහජනතාවට සංග්‍රහ කිරීමේදී, මොහු මෙයට සුදුසු ය, මෙම
පුද්ගලයා සංග්‍රහයට සුදුසු ය ආදී වශයෙන් ඒ ඒ පුද්ගලයා ගේ ස්වභාවය මැනැවින්
තේරුම් ගෙන ඒ ඒ පුද්ගලයන්ට සම සිත් ඇතිව සංග්‍රහ කිරීමේ පුණ්‍ය විපාක ලෙස
නුග රුකක් සේ උස මහතින් සම වූ දේහයකින් යුතුව සිටගෙන සිටියදීම අත්වලින් දණ
මඬල පිරිමැදීමටත් උන්වහන්සේට හැකි වුණා.
පෙර
බොහෝ ජීවිතවලදී උන්වහන්සේ මෙත් සිත පුරුදු කළා. මේ සත්ත්වයන් කෙසේනම්
ශ්‍රද්ධාවෙන් සීලයෙන්, ධර්ම ශ්‍රවණයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් දියුණු
වන්නද? ධනයෙන් දියුණු වෙන්නද? දෙපා සිවුපා ආදී සතුන්ගේ අඹුදරුවන්ගේ
නෑදෑයන්ගේ මිතුරන්ගේ සම්බන්ධතා කෙසේ දියුණු වෙයිද? මේ ආකාරයට කරුණාවෙන්
සියලු දෙනාට හිතසුව පිණිස, සැප පිණිස, හේතුවන පරිදි මෙත් සිතින් ජීවත්
වුණා. එනිසා සිංහ රාජයකු සේ අභිමානවත් දේහයත් සමව වට වූ දේහයත්, මසින්
පිරුණු පිටකරත් හිමිවුණා.
දඬු
මුගුරු අවි ආයුධ ආදිය භාවිතා කර හෝ සත්ත්වයන් පීඩාවට පත්වන ස්වභාවයේ කිසි
ක්‍රියාවක් සිදු නො කිරීමේ පුණ්‍ය විපාකයෙන් ආහාරය සමව රස විඳිය හැකි අග්‍ර
රස නහර හිමිවුණා.
උන්වහන්සේ
ගත කළ බොහෝ ජීවිතවලදී කිසි කෙනකු දෙස කෝපයෙන් ඇස් ඔරොවා හෝ හිස් ඇල කොට
ඇස් කොණින් බැලීම හෝ සිදු නොකර සෘජු ලෙස, සෘජු සිත් ඇතිව ඇස් විවෘත කොට සෑම
කෙනෙක් දෙසම යහපත් චේතනාවෙන්, පැහැදිලි දෙනෙතින් බැලූ නිසා නිල්වන් වූ
පිරිපුන් ඇස් ගොබ උන්වහන්සේට හිමිවුණා.
කාය
සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය දන්දීම, සීල සමාදානය, පෙහෙවස්
සමාදන්වීම මවට පියාට උපස්ථාන කිරීම මහණුන් පිදීම ආදී කුසල කර්ම නිසා
පිරිපුන් නළල් තලයක් හිමි වුණා.
බොරු
කීමෙන් වැළකී සිට සත්‍යවචන කතා කරමින්, විශ්වාසයෙන් යුතුව අන් අයට පිළිගත
හැකි වචන කථා කරමින් ලෝකයා රවටන්නා වූ වචන කථා නො කරමින් බොහෝ ජීවිතවල වාසය
කිරීමේ හේතුවෙන් දෙබැම අතර ඌර්ණ රෝම ධාතුවත්, එක් ලෝම කූපයකින් එක් ලෝමය
බැගින් ඇති වීමත් හිමි වුණා.
කේලාම්
බසින් වැළකී, අන් අය බිඳවීමක් නොකර, කිසිවකු බිඳවීම පිණිස වෙනත් අයද
පෙළෙඹවීමක් නොකර, සමගියෙන් සිටින අය තවත් සමඟි කිරීමේ සහ සමගිවූ අය දැක
සතුටු වීමේ හේතුවෙන් උන්වහන්සේට හිදැස් රහිත වූ දත් සතළිහක් හිමි වුණා.
සැඩපරුෂ
වචනයෙන් වැළකි කණට පි‍්‍රය වූ සිතට සැනසිලි වූ නිර්දෝෂි වූ වචන බොහෝ
ජීවිතවල කථාකළ නිසා බ්‍රහ්මයකු සේ ගැඹුරු හඬ ඇති කුරවි කොවුළකු ගේ හඬ බදු
බ්‍රහ්ම ස්වරයත්, දික් වූත් පුළුල් වූත් දිවත් හිමි වුණා.
අර්ථ
පිණිස නොපවතින වචනවලින් වැළකී සත්‍ය වචන කථා කර අන් අයට වැඩ සලසන කුසල්
උපදවන වචනම කථා කළ හෙයින් සිංහයකුගේ මෙන් පිරිපුන් උඩු හා යටි හණු හිමි
වුණා.
ගතකළ
බොහෝ ජීවිතවල දී සිදු කළ කර්මාන්ත වෙළෙඳාම් ආදියෙහි දී කිරුම් මිනුම් වලදී
වංචා නොකර, අල්ලස් නො ගෙන නොයෙක් උපාය සිදු කර අන් අය රවටා හෝ සැඟ වී
අන්සතු දේ උදුරා ගෙන හෝ මිථ්‍යා ජීවයෙන් වැළකී සිට යහපත් ජීවිකාවෙන් වාසය
කළ නිසා උන්වහන්සේට සුදෝ සුදු සම දත් හිමි වුණා.
ඉතින්
මේ මිහිමත වැඩසිටිය මේ උතුම් සම්බුදුරජාණන් වහන්සේට හිමි වී තිබුණු මහා
පුරුෂ ලක්ෂණ එසේ හිමි වූයේ, බුද්ධත්වයට ප්‍රථම ගතකළ මිනිස් ජීවිතවල දී
රැස්කළ මහා පුණ්‍ය ධර්මවල ප්‍රතිඵල ලෙස බව වටහාගෙන කුසල සම්පන්න, සීලවන්ත,
පින්වන්ත ජීවිත ගත කිරීමට ඔබත් අධිෂ්ඨාන කර ගන්න.
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ගෞතම බුදු සසුන දිගු කල් පැවතීමට නම්..
බුද්ධ
ශාසනය යනු බුදුරජාණන් වහන්සේ නමක් විසින් ලෝකයට දායාද කරදෙන අතිශයින් ම
පාරිශුද්ධ වූ දෙයක්. බුද්ධ ශාසනයට විවිධ නම් පාවිච්චි කරනවා. බ්‍රහ්මචරිය,
සද්ධර්මය, ශාස්තෘ ශාසනය ආදී වශයෙන් හඳුන්වනවා. මෙවැනි නොයෙකුත් නම් වලින්
බුදුරජාණන් වහන්සේ විසින් ශාසනය විස්තර කරනවා. බුද්ධ ශාසනය ‘නවාංග ශාස්තෘ ශාසනය’
යන නමිනුත් හඳුන්වනවා. එය අංග නවයකින් යුක්ත නිසා. අද අපෙන් කෙනෙක්
ඇසුවොත් නවාංග ශාස්තෘ ශාසනය කුමක්ද කියලා, එයට පිළිතුරක් දිය හැකි වන්නේ
ඉතා ටික දෙනෙකුට යි. ඒ නවාංග ශාස්තෘ ශාසනය අපි ඉගෙනගත යුතුයි.
සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන නවය යි ඒ. මේ නවය පිළිබඳ සෑම බෞද්ධයකුටම දැනුමක් තිබිය යුතු යි. ඒ දැනුම ඇති අයට බුද්ධ ශාසනයේ යහපත උදෙසා බොහෝ දේ කළ හැකියි.
ඔබ මෙසේ දරාගන්න, නවාංග ශාස්තෘ ශාසනය…
සුත්ත-
යනු බුදුරජාණන් වහන්සේ නමක් විසින් කරනු ලබන දේශනා වලට කියන නමක්. එය අපි
සූත්‍ර යනුවෙන් සිංහලෙන් හඳුන්වනවා. කරණීය මෙත්ත සූත්‍රය, ධම්මචක්ක
සූත්‍රය, රතන සූත්‍රය, ආදී දේශනා වලට ‘දේශනාව‘ යන අර්ථය ඇතිව තමයි, සූත්‍රය
යන නම භාවිතා වන්නේ. සූත්‍ර යනු බුද්ධ දේශනා යි.
ගෙය්‍ය-
යනුවෙන් හඳුන්වන්නේ සමහර සූත්‍ර දේශනා වලදී, ඒ දේශනාව දේශනා කරන අතරතුර දී
හෝ දේශනාව අවසානයේදී ගාථා වලින් යම් යම් දහම් කරුණු සම්පිණ්ඩනය කර
ඉදිරිපත් කළ ඒවාටයි. මේ ගාථාවලින් කරන ලද දේශනා තමයි භාග්‍යවතුන්වහන්සේ
‘ගෙය්‍ය’ නමින් වදාරා තිබෙන්නේ.
වෙය්‍යාකරණ-
වෙය්‍යාකරණ කියා කියන්නේ යම් කිසි දහම් කරුණක් මාතෘකා කරගෙන, ඒ දහම් කරුණ
සවිස්තරව ඉදිරිපත් කිරීම යි. අපි දන්නවා ධම්මචක්ක පවත්තන සූත්‍රයේ
වෙය්‍යාකරණ ඒ සූත්‍රය අවසානයේ තිබෙන බව. මේ වෙය්‍යාකරණ වදාරන කල්හි
ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන් දහම් ඇස පහළ කර ගත්තා යනුවෙන් දැක්වෙනවා.
අනන්ත
ලක්ඛණ සූත්‍රයේ සඳහන් වනවා. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ වෙය්‍යාකරණය
වදාරන කල්හි පස්වග භික්ෂූන්ගේ සිත් උපාදාන රහිතව සියලු ආශ්‍රවයන්ගෙන්
නිදහස් වුණා බව. දම්සක් පැවැතුම් සූත්‍රයේ විස්තර වන්නේ, චතුරාර්ය සත්‍ය
යි. අනන්ත ලක්ඛණ සූත්‍රයේදීත් චතුරාර්ය සත්‍ය විස්තර වූවත්, එහිදී
දුක්ඛාර්ය සත්‍යයට අදාළ පංච උපාදානස්කන්ධයෙහි අනාත්ම ලක්ෂණය ගැඹුරින්
විස්තර වනවා. මේවා තමයි වෙය්‍යාකරණ කියලා කියන්නේ. එනම් දහම් පදයක් විස්තර
ලෙස දේශනා කිරීමයි.
ගාථා-
ගාථා වල විශේෂත්වය අපි මැනවින් හඳුනාගත යුතුයි. ඇතැම් අවස්ථාවලදී
භාග්‍යවතුන් වහන්සේ යම් සිදුවීමක් නිමිති කරගෙන එක් ගාථාවක් දේශනා කර
නිශ්ශබ්ද වනවා. එවිට ඒ දේශනාව එතනින් සමාප්තයි. එයට කියනවා ‘ගාථා’ කියලා.
උදාන-
සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ යම් යම් ප්‍රසාදජනක හෝ සංවේග ජනක කරුණු
නිමිතිකරගෙන උන්වහන්සේගේ් හදවතෙහි පැන නගින හැඟීම් දහම් කරුණක් වශයෙන්
මුවින් පිටකරනවා. විශ්මයජනක කරුණකදී හෝ ශෝකජනක කරුණකදී ‘බුදු අම්මෝ’ ‘අනේ
අපොයි’ ආදී වදන් අපේ මුවින් පිට වනවා. ඒ අපේ කල්පනාවේ සීමාව තුළ යි. නමුත්
බුදු කෙනෙකුගේ හදවතෙහි පැන නැගුණු දේ පිට වන්නේ දහම් පදයකිනු යි. ධර්ම
කරුණුයි. ඒවා තමයි, ‘උදාන’ කියා කියන්නේ. උදාන, ශාස්තෘ ශාසනයට අයිති
කොටසක්.
ඉතිවුත්තක-
ඉතිවුත්තක කියා කියන්නේ, බුදුරජාණන් වහන්සේගේ දේශනා වලින් අදහස් කරන ලද දේ
මෙසේ යැයි තහවුරු කොට දරා ගැනීම පිණිස සිහියේ රඳවා ගත යුතු විශේෂ දහම්
කරුණු කොටසකු යි. ඒවා තමයි ඉතිවුත්තක. භාග්‍යවතුන් වහන්සේගේ දවසේ මේ
ඉතිවුත්තක කුජ්ජුත්තරා උපාසිකාව විසින් දරාගෙන මතක තබාගෙන තිබෙනවා.
ජාතක-
ජාතක යනුවෙන් හඳුන්වන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අතීත ජීවන තොරතුරු ඇතුළත්
කතා යි. එම තොරතුරු සූත්‍ර දේශනාවල; බුද්ධ දේශනාවල දහම් කරුණු හා
සම්මිශ්‍රව දේශනා කොට තිබෙනවා.
අබ්භූත ධම්ම-
බුදු කෙනකුගේ ජීවිතය තුළ සහ ලෝකය තුළ තිබෙන ආශ්චර්ය අද්භූත දේ බුදුරජාණන්
වහන්සේ නමක් විසින් හෙළිදරව් කරනවා. ශාස්තෘ ශාසනයට අයත් ‘අද්භූත ධම්ම’
යනුවෙන් සඳහන් වන්නේ, ඒවා යි.
වේදල්ල- වේදල්ල යනු, ප්‍රශ්නෝත්තර වශයෙන්; සාකච්ඡාවෙන් සිදු වන දහම් කරුණු විමසීමක්. මෙයත්, නවාංග ශාස්තෘ ශාසනයට අයිති එකක්.
භාග්‍යවතුන්
වහන්සේ වදාළා, මේ කොටස් නවයෙන් යුත් ශාස්තෘ ශාසනය බොහෝ කලක් පැවතීමට නම්
එය අවබෝධ කරන පිරිස් සිටිය යුතු බව. එසේ එය අවබෝධ කරන පිරිස් නො සිටියහොත්,
ඒ ධර්මය සමාජයෙන් ඈත් වනවා. ධර්ම මාර්ගයට බාධක කරුණු සමාජය තුළ
බලවත්වීමෙන්, ඒ සමාජය තුළ අර්බුද හටගන්නවා. භාග්‍යවතුන් වහන්සේගේ
ශ්‍රාවකයන් තුළ හටගන්නා වූ ධර්ම අවබෝධයට බාධක වූ එම අර්බුද වැළැක්වීමට
උන්වහන්සේ විසින් පනවන ලද ශික්ෂා පදවලටයි ‘විනය’ කියලා කියන්නේ.
උන්වහන්සේ වදාළා බුද්ධ ශාසනය බොහෝ කලක් පැවැතීමට විනයත් අවශ්‍ය යි කියලා. විනය යනු, ශික්ෂා පද යි.
ඒ
වගේම උන්වහන්සේ තම ශ්‍රාවකයන්ට ප්‍රාතිමෝක්ෂ අනුදැන වදාළා. එනම් මසකට
දෙවරක් ශ්‍රාවකයන් විසින් ආරක්ෂා කරන්නා වූ විනය ශික්ෂාපද පිළිබඳ විනය
උදෙසීමක් කළ යුතු බවයි. එය ‘පාමොක් උදෙසීම’ නමින් හැඳින්වෙනවා. ශික්ෂා පදත්, පාමොක් උදෙසීමත්; ශාසනය දිගු කල් පැවැතීමට උපකාර වනවා.
එනිසා,
ඔබ හොඳට මතක තබාගත යුතුයි, බුද්ධ ශාසනයක් වෙනත් කිසිවකුට අතුරුදන් කළ
නොහැකි බව. බුදු සසුන අතුරුදන් කරන්න පුළුවන් වන්නේ, ශ්‍රාවක පිරිසටම යි.
භාග්‍යවතුන් වහන්සේ වදාළා, මේ ශාසනය වෙනත් හේතු නිසා අතුරුදන් වන්නේ නැති
බව. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන භෞතික පදාර්ථවල වෙනස්කම් නිසා මේ ශාසනය
අතුරුදන් වන්නේ නෑ. විවිධ පුද්ගලයන් ශාසනය තුළම ඉඳලා ශාසනය අතුරුදන් කරන බව
යි, බුදුරදුන් දේශනා කළේ. මේ ශාසනයට ඇතුළත් වන අය නිසා ම තමයි, ශාසනය
අතුරුදන් වන්නේ. එසේ නම් මේ ශාසනය අතුරුදන් නොවීමට නම් කළ යුතු වන්නේ,
නවාංග ශාස්තෘ ශාසනය මනා කොට ඉගෙනගෙන, ශික්ෂා පද මැනවින් ආරක්ෂා කරගෙන මේ
කරුණු නිරන්තරයෙන් පාරිශුද්ධ ලෙස පැවැත්වීමයි. එනිසා ගිහි පින්වතුන් විසින්
නවාංග ශාස්තෘ ශාසනය පුරුදු කිරීමත්, ශික්ෂා පද මැනවින් රැකීමත් කළ යුතු
යි. පැවිදි ශ්‍රාවකයන් විසින් නවාංග ශාස්තෘ ශාසනය පුරුදු කිරීමත්, ශික්ෂාපද
ආරක්ෂා කිරීමත්, දින දහ හතරකට වතාවක් හෝ මසකට දෙවරක් ප්‍රාතිමෝක්ෂය
උදෙසීමත් කළ යුතු යි.
මේ ආකාරයට බුද්ධ ශාසනය තුළ සිටින පැවිදි – ගිහි දෙපාර්ශ්වයම මේ කාරණා සම්පූර්ණ කළහොත් ගෞතම බුද්ධ ශාසනය බොහෝ කල් පවතිනු ඇත.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
බුදු සරණ අන්තර්ජාල කලාපයේ පළ වූ ලිපියකි.
Subscribe to:
Posts (Atom)