පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

Thursday, June 20, 2013

බුදු රජානන් වහන්සේ ප්‍රතිහාර්‍ය 01 කොටස

     නමෝතස්ස භගවතෝ අරහතෝ සමිමා සමිබුද්ධස්ස!


මින් පෙර ලිපියේ සදහන් කරන්නට යෙදුණු කරැණු ඔබට මතක ඇති. එනමි බ්‍රහ්මජාල සුත්‍රයේ දැක්වු පරිදිම බොහෝ දෙනා තථාගතයානන් වහන්සේ ගැන ප්‍රකාශ කරණුයේ උන්වහන්සේගේ ගුණ ගායනා කරණුයේ, ශිල මාත්‍රයකින් පමණි. නමුත් උන්වහන්සේම දේශනා කල පරිදි. එය උන්වහන්සේ  අවතක්සේරැ කිරිමක් නොවන්නේද?

නිර්වාණයට පත් උතුමෝ තමුන් පිළිඹදව ස්වයං වර්ණනා කරගන්නේ නැත. විශේෂයෙන් බුදුවරයානන් වහන්සේලා එසේ නොකරති. ඒ උන්වහන්සේලා එයින් බලාපොරොත්තු වන කිසිදු ලාභ සත්කාරයක් නොමැති බැවිනි. නමුත් එයින් අනන්ත අප්‍රමාන මිනිසුන්ගේ චිත්ත ප්‍රසාදය ඇතිවන්නේ නමි, හා එය වැඩ පිණිස වන්නේ නමි බුදුවරයානන් වහන්සේලා එය නියත වශයෙන්ම කරණු ඇත.

වර්ථමාන සමාජයේ බොහෝ දෙනාගෙන් විමසා සිටි විට  ඔවුන් බුදුපියානන් වහන්සේ දකිනුයේ තවත් එක් මනුෂ්‍යයෙක් වශයෙන් පමණි. ගිහියන් අතර තබා පැවිදි බොහෝ දෙනාද මෙසේ බුදුපියාණන්වහන්සේ ලඝු කොට සැලකිම වර්ථමානයේ සුලබ තත්වයක්. දැනට වසර 2500 කට පෙර බුදු රජානන් වහන්සේ ජිවමානව සිටි අවධියේ දීද මෙබදුම බුදුපියානන්වහන්සේ ලඝුකොට සැලකු බුදුපියාණන්වහන්සේ අවතක්සේරැවට පත්කල පිරිස් අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක් විය. තාක්ෂණය කාලය වෙනස් වුවද සමාජයන්හි මුලික ලක්ෂණ පරමිපරාවෙන් පරමිපරාවට නොසිදි පවත්න්නක්. අදත් ඒ තත්වය එසේමය. බුද්ධ චරිතය, බුද්ධ විලාශය බුද්ධ ඤානය අභියෝගයට ලක්කරණ ගිහි පැවිදි බෞද්ධයෝ විශාල පිරිසක් වර්ථමානයේ සමාජයේ අරක්ගෙන ඇත. උන්වහන්සේ ඒදා මෙම දේශානාව කරන්නට ඇත්තේ අද වන් දවසක සිතපහදින්නාවු තැනැත්නන්ගේ සිත් පැහැදිම සදහාම විය යුතුයැයි මම සිතමි. ඒය කොටස් වශයෙන් මෙතැන් සිට මතු ඉදිරිපත් කර‍නු ලැබෙ‍මහා අන්ධකාරයක් මැදින් දිදුලන ශඩිවර්ණ ආලෝක ධාරාවක් මෙන්,ක්ලේශයන්ගෙන් බරිත අඤ්ඥාන සමාජයා විසින් වලලා දමන්නට උත්සහ දරන ඒ තථාගතයානන්වහන්සේගේ ස්වරැපය යලි යලිත් සැදැහැතියන්ගේ සිත් සතන්හි ජනිතකරවිමට සමත් සුත්‍රයක් ත්‍රිපිටකයේ මජ්ජිම නිකායේ අන්තර්ගතව ඇත. එම සුත්‍රයේ අපගේ තිලොගුරැ තථාගත සමිමා සමිබුදු රජානන් වහන්සේ, උන්වහන්සේ කවර ආකාරද යන්න පිළිබදව උන්වහන්සේ විසින්ම ශ්‍රි මුඛයෙන් දේශනා කර ඇත. මෙතැන් සිට එම ආශ්චර්‍ය වුත් ශ්‍රධ්ධාවර්ධක වුත් මහා සිහනාද සුත්‍රය කොටස් වශයෙන් ඉදිරිපත් කරණු ලැබෙ.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලාමහනුවර නගරයෙන් පිටත බටහිර පැත්තේ පිහිටි වන ලැහැබෙහි වාසය කළහ. එකල්හි සුනකඛතත නමි ලිචිඡුවිපුත්‍ර තෙම මෙ ශාසනයෙන් ඉවත්ව ගොස් නොබෝකල් ඇත්තේ වෙයි. හෙතෙම විශාලාමහනුවර පිරිස්වල මෙබදු වචන කියයි.

ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ධර්මයට වැඩිවූ, ආර්‍ය භාවයක් ඇති කිරීමට සමර්ථ විශෙෂ නුවණක් නැත්තේය. ශ්‍රමණ ගෞතම තෙම කල්පනාවෙන් සලකා නුවණින් විමසා තමහට වැටහෙන්නාවූ ධර්මයක් දෙශනාකරයි. ඒ ශ්‍රමණ ගෞතමයන් විසින් යමි අර්ථයක් සදහා ධර්මය දෙශනා කරන ලද්දේද, ඒ ධර්මය තෙම ඊට අනුරූපව ක්‍රියා කරන්නහුගේ දුක් විනාශකිරීම පිණිස පවතී., කියාය: " එකල්හි අයුෂ්මත් ශාරිපුත ස්ථවිරයන් වහන්සේ පෙරවරු කාලයෙහි හැද පාත්‍ර සිවුරුගෙන විශාලාමහනුවරට පිඩු පිණිස පැමිණියෝය. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සුනක්ඛත්ත ලිචිඡුවිපුත්‍රයා විශාලාමහනුවර පිරිස් මැද , ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ධර්මයට වැඩිවූ, ආර්‍යභාවයක් ඇති කිරීමට සමර්ථ විශෙෂ නුවණක් නැත්තේය. ශ්‍රමණ ගෞතමතෙමෙ කල්පනාවෙන් සලකා නුවණින් විමසා තමහට වැටහෙන්නාවූ ධර්මයක්

දේශනා කරයි. ඔහු විසින් යමි ප්‍රයෝජනයක් සදහා ධර්මය දෙශනා කරන ලද්දේද ඒ ධර්මයතෙම ඊට අනුව ක්‍රියා කරන්නහුගේ දුක් විනාශකිරීම පිණිස පවතී, යයි මෙසේ කියන වචනය අසන්ට ලැබුණේය.

එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විශාලා මහනුවර පිඩුපිණිස හැසිර බතින් පිසූ පිණ්ඩපාතයෙන් වැළකුනේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණියේය. පැමිණ එකපැත්තක වාඩිවිය. එකපැත්තක උන්නාවූ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙමෙ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකළේය. ,ස්වාමීනි, සුනක්ඛත්ත නමි ලිචිඡවිපුත්‍ර තෙම මෙ ශාසනයෙන් ඉවත්වගිය නොබෝ කල් ඇත්තේවෙයි. හෙතෙම විශාලාමහනුවර පිරිස් මැද මෙබදු වචන කියයි. ,ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ධර්මයට වැඩිවූ, ආර්‍යභාවයක් ඇතිකිරීමට සමර්ථ විශෙෂ නුවණක් නැත්තේය. ශ්‍රමණ ගෞතමතෙමෙ කල්පනාවෙන් සලකා නුවණින් විමසා තමහට වැටහෙන්නාවූ ධර්මයක් දෙශනා කරයි. ඒ ශ්‍රමණ ගෞතමයන් විසින් යමක් සදහා ධර්මය දෙශනා කරන ලද්දේද ඒ ධර්මය තෙම ඊට අනුව ක්‍රියා කරන්නහුගේ දුක් නැතිකිරීම පිණිස පවතී, කියායි.

ශාරිපුත්‍රය, සුනක්ඛත්ත හිස් පුරුෂතෙම කෝප වන්නෙකි. ඔහු විසින් ක්‍රෝධයෙන්ම මෙ වචන කියනලදී. ශාරිපුත්‍රය, ඒ සුනක්ඛත්ත නම හිස් පුරුෂ තෙම තථාගතයන්ගේ අගුණයක් කියන්නෙමියි සිතා තථාගතයන්ගේ ගුණයක්ම කියයි. ශාරිපුත්‍රය, තථාගතයන් විසින් යමක් සදහා ධමෟය දෙශනා කරනලද්දේද ඒ ධර්මයතෙම ඊට අනුව ක්‍රියා කරන්නහුගේ දුක් නැති කිරීම පිණිස පවතී, යයි යමෙක් කියා නමි එය තථාගතයන්ගේ ගුණයක්මය.

ශාරිපුත්‍රය, සුනඛකත්ත නමිවූ ඒ හිස් පුරුෂයාහට මා පිළිබද ධර්මාවබෝධයක් නැත්තේය. මෙ කාරණයෙන්ද ඒ භාග්‍යවත් තෙමෙ අර්හත්ය, සම්‍යක් සමබුද්ධය, අෂ්ට විද්‍යාවෙන් හා පහළොස් චරණ ධර්මයෙන් යුක්තය, සුගතය, සියලු ලෝකය දන්නේය. තමන්ට වඩා උතුමි කෙනෙක් නැත. දමනය නොකළහැකි පුරුෂයන් දමනය කිරීමෙහි සාරථියෙකු වැනිය. දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නේය. බුද්ධය, භගවත්යයි මා පිළිබද දැනීමක් නැත්තේය.


ඉහත කී අරහං ආදි නවයක් වු බුදුගුණ සංශේපයෙන්
රහසත් පව් නො කොට
කෙලෙසරයනුත් දුරු   කොට
නිසි වූයෙන්      පුදට
අරහ යැයි නම කියති  මුනිඳුට


තුන් කල්හි ම     පැවැති
පදරුත සියල් ලොව   ඇති
අතැඹුල සෙ දැන  ගති
එයින් සම්මා සම්බුදුන  යෙති


විද්දැ නැණ අට   
පසළොස් සරණ ගුණය  
ඇතියෙන් එමුනි  සඳ
පිරුණු විජ්ජා චරණ නම්   ලද


යහපත් කොට යෙතැ  යි
සුන්දර කැනට සැපතැ  යි
සොඳුරු බසු කියතැ  යි
කියති ඒ මුනිරජුට සුගතැ යි


තුන් ලොව තතු     ලෙසට
දැන ගෙන නොදත්  මෙලොවට
දෙසුයෙන් නියම      කොට
ලෝකවිදූ යැයි කියති    මුනිඳුට


හැම ගුණයෙන්  නඳා
සම වැඩි සතකු        ඇමදා
දියතෙහි නැති    සඳා
අනුත්තර යැයි කියති   මුනිඳා


බඹ සුර යකුන්       තද
දමනය කර තමන්   ලද
සෙත් දී මුනිඳු      සඳ
පුරිසදම් සාරති නම්   ලද


බව කතරින්     එ‍තෙර
ලනුයෙන් සතන් හැම    වර
තිලෝගුරු මුනි         වර
වීය සත්තා නමින්   පුවතර


සිව්සස් සිය  නැණින්
දැන දැන්වීය   කුළුණින්
දුර ලයි    අනුවණින්
එ බදු නම් වීය ගුණ  පමණින්


බෙදුයෙන් දහම්    කඳ
බජනය කෙළෙන් ගුණ   කඳ
බග දහමින්       සසඳ
බැවින් බගවත් වීය    මුනිසඳ

විදාගම මහා මෛත්‍රෙය ස්වාමිපාදයන් විසින් රචිත බුදුගුණ අලංකාරයෙන්

ශාරිපුත්‍රය, සුනඛකත්ත නමි ඒ හිස් පුරුෂයාහට මා පිළිබදවූ මෙ ධර්මාවබොධයද නැත්තේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද නොයෙක් ආකාරවූ සෘද්ධි විධි විශෙෂයෙන් විදින්නාහ. කෙසේද? එක් කෙනෙක්ව බොහෝ දෙනෙක් වන්නාහ. බොහෝ දෙනෙක්ව එක්කෙනෙක් වන්නාහ. ප්‍රකට බවටද, අප්‍රකට බවටද පැමිණෙන්නාහ. භිත්ති සරසද, ප්‍රකාර සරසද, පර්වත සරසද අහසේ යමිසේද එසේ නොගැටෙමින් ගමන් කරන්නාහ. දියෙහි මෙන් පොළොවෙහිද කිමිදිමි, මතුවීමි කරන්නාහ. පොලොවෙහි මෙන් ජලයෙහිද නොකිදෙමින් යන්නාහ. පක්‍ෂියෙක් මෙන් අහසෙහි හිදගෙනම හිදීමෙන්ම: යන්නාහ. මහත් සෘද්ධි ඇති මෙ සද හිරු දෙදෙනද අතින් අල්ලන්නාහ. අතගාන්නාහ. බ්‍රහ්ම ලොකය දක්වා ශරීරයෙන් තමන්ගේ වසගයෙහි පවත්වන්නාහ.


ශාරිපුත්‍රය, සුනකඛත්ත නමි ඒ හිස් පුරුෂයාහට මා පිළිබධ මෙ ධර්මාවබොධය ද නැත්තේය. ඒ භාග්‍යවතුන්වහන්සේ මිනිස් කණ ඉක්ම සිටින්නාවූ පිරිසිදිවූ දිව කණින් දෙවියන් පිළිබදවූද මිනිසුන් පිළිබදවූද, දුරවූද, සමීපයෙහිවූද, දෙයාකාර ශබිදයන් අසයි.


ශාරිපුත්‍රය, සුනඛකත්ත නමි ඒ හිස් පුරුෂයාහට මා පිළිබදවූ මෙ ධර්මය දැනීමද නැත්තේය. භාග්‍යවතුන්වහන්සේ අන්‍යසත්‍වයින්ගේ ද අන්‍ය පුද්ගලයින්ගේද සිත තම සිතින් පිරිසිද දන්නාහ. රාග සහිත සිත රාග සහිත සිතයයි දන්නාහ. රාගරහිතසිත රාගරහිත සිතයයි දන්නාහ. හැකිලුණු සිත හැකිලුණු සිතයයි දන්නාහ. විසුරුණු සිත විසුරුණු සිතයයි දන්නාහ. මහත් බවට පැමිණි සිත මහත් බවට පැමිණි සිතයයි දන්නාහ. මහත් බවට නොපැමිණි සිත මහත් බවට නොපැමිණි සිතයයි දන්නාහ. උසස් බවට පැමිණි සිත උසස් බවට පැමිණි සිතයයි දන්නාහ. උසස් බවට නොපැමිණි සිත උසස් බවට නොපැමිණි සිතයයි දන්නාහ. සංසිදිනු සිත සංසිදිනු සිතයයි දන්නාහ. නොසංසිදිනු සිත නොසංසිදිනු සිතයයි දන්නාහ. මිදිනු සිත මිදිනු සිතයයි දන්නාහ. නොමිදිනු සිත නොමිදිනු සිතයයි දන්නාහ.


මහා සිංහනාද සුත්‍රයේ උපුටන ලද කොටසින්  බුදු රජානන් වහන්සේගේ සෘධි බලය පිළිබදව දක්වන ලද හෙයින් එය ප්‍රකටව පෙනියෑම පිණිස කුද්ධක නිකායේ බුද්ධවංශ පාලියේ  රතනචඞකමන කාණ්ඩය මෙතැන් සිට දක්වනු ලැබෙ. 


රතනචඞකමන කාණ්ඩය යනු බුදු රජානනවහන්සේ කිඹුල්වත් පුරයට ඥාතින්ට ධර්මාවබෝ‍දය සදහ වැඩම කල අවුස්තාවෙ ශාකයයන්ගේ මාන දුරැකිරිම පි‍ණිස යමක මහා ප්‍රාතිහාර්‍යපා දසදහසක් සක්වල ආකාසය පුරා විහිදි පැතිරි සත්රැවන් සක්මනක් මවා එහි සකමන් කරමින්ම බුද්ධ වශය දේශනා කිරිමට හේතු පාදක වු සිදුවිමයි.  එහි පාලි බසින් සිංහලට පෙරළුම පදගලපා කථාවක් මෙන් පහතින් දක්වනු ලැබෙ.
ඊලග ලිපිය හා බැදේ...

ඔබත් බෞද්ධයෙක් නමි නොවරදවාම කියවන්න (02 කොටස)

 නමෝතස්ස භගවතෝ අරහතෝ සමිමා සමිබුද්ධස්ස!
මින් පෙර ලිපියේ බුදුරජානන් වහන්සේ කවුරැන්ද යන්න පිළිබදව සමාජයෙත් ඔබගේත් අදහස් විමසා බැලුවා ඔබට මතක ඇති. දැන් අපි එම අදහස් සියල්ල පසකින් තබා විමසිමට යන්නේ, සත්‍ය වශයෙන් බුදුරජානන්වහන්සේ යනු කවරෙක්ද යන කරැණයි. එසේනමි අපි ඒ සදහා පිළිතුර ත්‍රිපිටකයෙන්ම සොයාගමු. 

ඔබ කුඩා කල සිට බුද්ධ චරිතය අසා ඇතුවාට සැක නැත. නමුත් මෙම බුද්ධ චරිතයේ අන්තර්ගත කරැණු අඩුංගුව ඇත්තේ කොහේදැයි ඔබ කෙ‍දිනක හෝ කල්පනා කර තිබෙද? සාමාණ්‍ය‍ වශයෙන් බොහෝ පොත් පත් වල අඩංගු වි ඇති විස්තරයේ මුලාශ්‍රය එනමි, බුදුරජානන් වහන්සේ හිසමුඩු කර පැවදි විමෙ සිට ආලාර කාලාම, උද්දකරාම පුත්තයන් ඇතුලු ගුරැන් වෙතින් ඔවුන්ගේ දහමි ඉගෙනිම, බුදුවිම, සහමිපති බ්‍රහ්මයාගේ ධර්ම දේශනා ඇරයුම, පස්වග මහනුන්ට දමිසක් පැවැත්විම ආදිය පිළිබද විස්තරයක් ඔබට මජ්ජිම නිකායේ 26 වන ආර්‍ය පර්යේශන සුත්‍රයේයි.(කියවන්න)

නමුත් මා මෙ කථා කරන්නට යන්නේ බුද්ධ චරිතය පිළිබදව නොවෙ. මෙම ආර්‍ය පර්යේශන සුත්‍රයේ සදහන් පරිදි බුදුපියානන් වහන්සේ බුද්ධත්වයෙන් පසු මිනිස් ඇස ඉක්මවු දිවැසින් බරණැස් නුවර ඉසිපතනයේ මිගදාය නමි ස්ථානයේ වාසය කරන පස්වග මහණුන් දැක ඔවුන්ට ධර්ම දේශනා කිරිමට, එනම් ප්‍රථම ධර්ම දේශනය වන ධම්සක් පැවැත්විමට යන අතර මගදී හමුවු උපක නමි ආජිවයෙකු හා බුදු පියානන් වහන්සේ අතර ඇතිවු සංවාදය දක්වා ඇති එම සුත්‍රයේම කොටසක් වෙතය. එය ‍පහතින් දක්වා ඇත.

"මහණෙනි, ඉක්බිති මම උරුවෙල් දනවිවෙහි කැමතිතාක්කල් වාසය කොට බරණැස යමි තැනෙක්හිද එතනට ගියෙමි. මහණෙනි, උපක නමි ආජීවකයෙක් ගයාවටත් අතර බොධීයටත් දීර්ඝාමාර්ගයෙහි යන්නාවූ මා දුටුවෙය. දැක මට මෙසේ කීය.

ඇවැත්නි ඔබගේ ඉන්ද්‍රියයෝ ඉතාමත්ම පැහැපත්ය, ශරීර වර්ණය පිරිසුදුය, හාත්පසින් බබලන්නේය. ඇවැත්නි, ඔබ කවරෙකු උදෙසා පැවිදි වූයෙහිද ? ඔබ කවරෙකුගේ ධර්මය රුචි කරන්නේද ?

"මහණෙනි, මෙසේ කී කල්හී මම උපක නම ආජීවකයාට ගාථාවලින් මෙසේ කීවෙමි.

සියලු තෛභූමික ධර්මයන් මැඩ පැවැත්වූ සියලු චාතූර්භූමික ධර්යන් දැනගත්තාවූ සියපු තෛභූමික ධර්මයන්හි නොඇලුණාවූ සියලු තෛභූමික ධර්මයන් පහ කළාවූ නිවන් අරමුණු කිරීමෙන් භවයෙන් මිදුණාවූ මම තෙමෙම චතුස්සත්‍යය අවබොධ කොට අනික් කවරෙකු ගුරුවරයා යයි දක්වන්නෙමිද ?

මට ගුරුවරයෙක් නැත. මට සමාන වූවෙක්ද නැත. දෙවියන් සහිත ලොකයෙහි මට සමාන පුද්ගලයෙක් නැත. ලෝකයෙහි මම රහත් පුද්ගලයෙක් වෙමි. මම සාස්තෘ වෙමි. කෙලෙස් ගිනි නිවීමෙන් සිසිල්වූ එහෙයින්ම නිවුණාවූ අසහායවූ සමිමා සමිබුද්ධ වෙමි.

අවිද්‍යාවෙන් අන්ධවූ ලෝකයෙහි අමෘත බෙරය ගසමින් ධර්මචක්‍රය පැවැත්වීම සදහා කසීරට බරණැස් නුවර බලා යමි.

ඇවැත්නි, ඔබ යමිසේ ප්‍රකාශ කෙරෙහිද එසේ මා අනන්තජින නමි වන්නට සුදුසුය.

උපකය, යමි කෙනෙක් තුමූ නිවණට පැමිණියාහුද ඒකාන්තයෙන් එබදු මා වැන්නෝ ජිනනමි වෙත්. මා විසින් පාපධර්මයෝ දිනන ලදහ. එහෙයින් මම ජින නම වෙමි යි කීයෙමි."

මෙ දක්වනු ලැබුයේ බුදු පියානන් වහන්සේගේම වදන්ය. මෙයින් අපිට පැහැදිලි වන්නේ කුමක්ද? බුදු රජානන් වහන්සේ යනු මනුශ්‍යයෙකු හෝ දෙවියෙකු හෝ නොවන බවයි. උන්වහන්සේ අසහායවූ සමිමා සමිබුද්ධ වන බවයි.

බෞද්ධයන් ගෙන් සමහරෙක් මල්පහන් පුදා දෙවියන් ගෙන් ඉල්ලන්නාක් මෙන් මට මෙදේ ලැබෙවා යැයි බුදු පියානන් වහන්සේගෙන් ඉල්ලා සිටි. තවත් සමහරෙක් බුදු පියානන් වහන්සේගේ බුද්ධ භාවය බුද්ධ විලාශය ප්‍රතික්ෂේප කරයි. එනමි ඔවුන් සිතා සිටිනේ බුදු පියානන් වහන්සේ යනු තවත් එක් මනුශ්‍යයෙක් පමණක් බවය. නමුත් මෙම ආකල්පයන් ද්විත්වයම වැරදි බව කියා සිටිය යුතුය. ඒ බව ඔබට ඉදිරියේ දී ප්‍රත්‍යක්ෂ වනවා ඇති.

දැන් මින් පෙර ලිපිය වෙත නැවතත් යොමු වෙමු. එහි බුදුරජානන්වහන්සේ ගැන විවිධ පුද්ගලයන් දක්වන ලද මත ඉදිරිපත් කලා ඔබට මතක ඇති.  ඔවුන් ඒ මත ඉදිරි පත් කරන්නේ, ඒ ගුණ කියනුයේ බුදු පියානන්වහන්සේ වෙතින් ඔවුන්ට විද්‍යාමාන වු යමි යමි කරැණු මත බව ඔබට පැහැදිලි ඇත. දැන් ඉදිරිපත් කරන්න යන්නේ ක්‍රි.පු 6 වන සියවසේ බුදුපියානන්ගේ කාලයේ උන්වහන්සේ ගැන මිනිසුන් විසින් දරණ ලද මතයන් හා ඒ මතයන් සමිබන්ධව බුදුපියානන් වහන්සේ විසින් කල ප්‍රකාශයන්ය. එවා පහතින් දක්වනවා ඇති.

මෙම ධර්ම කොටස් දක්වා ඇත්තේ දිඝ නිකායේ පළමුවන සුත්‍රය වන බ්‍රහ්ම ජාල සුත්‍රයේ. මෙහි දක්වනුයේ අදාල කොටස පමණි. (සමිපුර්ණ සුත්‍රය මෙතනින් කියවන්න)

මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා යමි කරුණකින් එය කියානමි එය සුළු දෙයකි. සුළු ස්වභාව ගතියෙකි. අඩු දෙයකි. එසේ ගුණ කියන පෘථග්ජනයෙක් යමි කරුණකින් තථාගතයන්ගේ ගුණ කියා නමි කුමක් කියයිද?

ශ්‍රමණ භවත් ගෞතමයෝ ප්‍රාණඝාතය අත්හැර දමා ප්‍රාණයකට හිංසා කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකුණාහ. දඩු මුගුරු නොමැත්තෙක් වෙ. පාපයට ලජ්ජා ඇත්තෙකි. දයාවන්ත බවට පැමිණියෙකි. සියලු සත්වයන් කෙරෙහි අනුකමි පාවෙන් වාසය කෙරෙයි. ශ්‍රමණ භවත් ගෞතමයෝ නුදුන්දේ ගැනීම අත්හැර දමා නුදුන්දේ ගැනීමෙන් වැළකුණාහ. දුන් දෙයම ගන්නා ස්වභාව ඇත්තාහ. දුන් දෙය ගැනම කැමති වන්නෝය. වංචා රහිතව පිරිසිදු සිතින් වාසය කරන්නාහ" යි.

"ශ්‍රමණ භවත් ගෞතමයෝ කාම සමිපත් දුරු කොට කාම සැපයෙන් වැළකුනෝය. කාම සමිපතෙන් ඉතාම ඈත් වූවෙකි. ස්ත්‍රීන් පාවා ගැනීමි ආදී නොහොබිනා සිරිතෙන් වෙන් වූවෝය" යි.

"ශ්‍රමණ ගෞතමයෝ බොරු කීමෙන් වැළකුණෝය. සත්‍යම කියති. සත්‍යම ගළපා කියති. ස්ථිර වූ ඇදහිය යුතු කථා ඇත්තෝය. ලෝකයා මුළා කරන විෂම වාද නොකරන්නෝය".

"ශ්‍රමණ ගෞතමයෝ පිසුනු බස් නැමැති කේලාමි කීම අතහැර කේලාමි කීමෙන් වැළකුණෝය. මෙසේ භින්නවූවන් සමිබන්ධව ගළපන ස්වභාව ඇත්තෝය. සමගිවූවන්හට අනුබල දෙන්නෝය. සමගිවූවන් කෙරෙහි ඇලුනාහ. සමගිවූවන් කෙරෙහි සතුටු වෙති. සමගි කරණ වචන කියති"

"ශ්‍රමණ ගෞතමයෝ පරුෂ වචනය සත්හැර පරුෂ වචනයෙන් වැළැක්කෝය. යමි වචනයක් නිදොස්ද, කණට සැපද, පෙමි වඩාද, සිත් සතුටු කරයිද, මිහිරිද, බොහෝ දෙනාට ප්‍ප්‍රිය වෙද, බොහෝදෙනාගේ සිත් ප්‍රිය කරන්නේද, එවැනි වචන කියන්නේය".

"ශ්‍රමණ ගෞතමයෝ සමිප්‍රලාපය අත්හැර නිසරු හිස් බස් බිණීමෙන් වැළකෙන්ණෝය. කියයුතු කාලය සලකා කියන්නෝය. සත්‍යම කියන්නෝය. දියුණුව සලකා කියන්නෝය. ධර්මය කියන්නෝය. විනය: මනා හික්මීම ගැන කියන්නෝය. සුදුසු කල්හි උපමා කරුණු සහිතවූ යෝග්‍ය ලෙස සීමාසහිතවූ අර්ථයෙන් යුක්තවූ සිතේ තබාගත යුතුවූ වචන කියන්නෝය.

"ශ්‍රමණ ගෞතමයෝ තණ, ගස්, වැල් ආදීන්ගේ කැඩීම‘, සිදීමි වලින් වැළකුණෝය. "ශ්‍රමණ ගෞතමයෝ රාත්‍රිකෑමෙන් වැළකී විකාල භෝජනයයි කියන ලද නුසුදුසු කාලයේ කෑමෙන් වෙන්ව එක්වෙලක් වළදන්නෝය".

"ශ්‍රමණ ගෞතමයෝ නැටීමි, ගී කීමි, වැයීමි, කෝළමි බැලීමි ආදියෙන් වැළකුණෝය. "ශ්‍රමණ ගෞතමයෝ මල්මාලා, සුවද දැරීම වැනි සැරසීම වලින් වැළකුණෝය".

"ශ්‍රමණ ගෞතමයෝ නුසුදුසු උස් ආසන, මහා ආසනයන් ගෙන් වැළකුණෝය".

"ශ්‍රමණ ගෞතමයෝ රන් රිදී, මිළ මුදල්, අමු මාංශ, ස්ත්‍රින් හෝ ගෑනු ගැහැනු: දරුවන්, දාසයින් හෝ දාසීන්, එඵවන්, බැටඵවන්, කුකුළන්,ඌරන්, ඇතුන්, ගවයින්, අශ්වයින්, වෙළඹුන්, කුඹුරු, වතු පිළිගැන්මෙන් වැළකුණෝය".

"ශ්‍රමණ ගෞතමයෝ දූත ගමන් සහ ගෙන් ගෙට යන මෙහෙවරින් ගණුදෙනු කිරීම ආදී වෙළහෙළදාමෙන්, හොරකිරුමෙන් හා මැනුමෙන්ද රත්රන් වංචා කිරීමාදියෙන්ද අල්ලස් ගැනීමි, වංචා, මායමි කැපීමි, වදදීමි, බැදීමි, වස්තු බලයෙන් ගැනීමි, ගමි ආදිය පැහැරීමි, බලාත්කාර බලහත්කාර ක්‍රියා වලින්ද වැළකුණෝය".

"මහණෙනි මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත අය කියන්නෝය" යි වදාළ සේක.

චූල ශීලය නිමි.

"සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙසේ හෝ තණ ගස් වැල් ආදිය විනාශ කිරීමෙහි යෙදී වාසය කරති. මෙයාකාර තණ ගස් වැල් ආදිය විනාශ කිරීමෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය"


"සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරව දේ රුස්කොට තබා ප්‍රයෝජන ගැනීමෙහි යෙදී වාසය කරති. එවැනි දේ නමි ආහාර වර්ග පාව වර්ග රෙදිපිළි ආදී ඇදීමි රථ වාහන ඇද පුටු ආදිය සුවද වර්ග තබාගෙන ප්‍රයෝජන විදීමය. මෙසේ මෙබදු දේ රුස් කොට තබා ප්‍රයෝජන විදීමෙන් සමිපූණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය".


"සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි විහිලු දේ දැක්මෙහි යෙදී වාසය කරති.එවැනි දේ නමි නැටීමය, ගී කිමය, වීණා ආදිය වැයීමය, රග මඩුලු බැලීමය, ගොතා රස කර කියන ලද බොරු කථා ඇසීමය, කංසතාලමි හෝ අත්තාලමිය, මළමිණී නැංවීම නැමැති විජ්ජා කිරීම, බෙර ගැහුමිය, නෘත්‍යයේදී සිත් ඇලුමි කරන ශරීර චංචලය, සණදෙහුමි කෙළිය, උණගස් ඔසවා නැටුම, මිණී ඇට සෝදා තැබීමිය, ඇත් පොරය, අශ්ව පොරය, මීවුන් පොරය, ගව පොරය, එඵ පොරය, බැටඵ පොරය, කුකුළු පොරය, වටුවන් පොරය, පොලු හරඹය, මිටින් මිට ගැසීමෙ පොරය, මල්ලව නමි පොර ඇල්ලීම යුද්ධ කිරීම, යුදසෙන් පිරික්සීමය, කදවුරුය, සිවුරගසේනාව දැකීමය ආදියයි. මෙසේ මෙයාකාර විසුඵ දැකීමෙන් සමපූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය".

"සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ප්‍රමාදයට කාරණ වූ මෙයාකාර සූදු කෙළියෙහි යෙදී වාසය කරති. එවැනි දේ නමි අට මඩුලුකොටු කෙළිය, දස මඩුලුකොටු කෙළිය ,අහස් කෙළිය කොටු පැනීම කටිටි පැනීම, එක් කොට තබන දේ නොසොල්වා ගැනීමමෙ කෙළිය, සිංහ කෙළිය එනමි සැලුමි කෙළිය කුරු ගැසීමෙන් පින්තුර සෑදීමෙ සෙල්ලම බිම හෝ බිත්තිවල ලී කරු ගසා ඇත් අස් ආදී රූප දක්වා ක්‍රීඩා කිරීම, පන්දු කෙළිය, පත් කුලල්වස්දඩු පිඹීමය, නගුල් කෙළිය, කරනමි ගැසීම, කන්නන්ගුරු කෙළිය එනමි තල්පත් ආදිය පෙන්නා මුළාකොට කරණ වංචනික ක්‍රිඩාවකි, වැලි ආදිය මැනීමෙ සෙල්ලම රථ වාහන යොදා කරන සෙල්ලම, දුනු කෙළිය, අකුරු සෙල්ලම, සිතුදේ කීමෙ සෙල්ලම, දෝෂ රූප දක්වා කරන සෙල්ලම යනුය. මෙසේ ප්‍රමාදයට කරුණුවූ සූදු සෙල්ලමෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය".

"සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ උස් ආසන මහ ආසනයන්හි වාඩිවීමෙන්යුක්තව වාසය කරති. මෙබදුවූ උස් ආසන මහ ආසනයන්ගෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය".

"සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ ෆශරීරයට සමබන්ධවූ සැරසීමය, අඩු තැන් පිරවීමය යන කරුණෙහි යෙදී වාසය කරයි.මෙබදුවූ සැරසීමි හා අලංකාර කිරීමි ආදියෙහි යෙදීමෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය".

"සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ වැඩ නැති කථාවෙහි යෙදී වාසය කරති. එනමි රජුන් ගැන කථාය, සොරුන් ගැන කථාය,මහා ඇමතියන් ගැන කථාය, සේනා ගැන කථාය, භය ගැන කථාය, යුඞ ගැන කථාය, කෑම ගැන කථාය, බීම ගැන කථාය, ඇදුමි පැළදුමි ගැන කථාය, නිදාගැනීමි ගැන කථාය, මාලා ගැන කථාය, සුවද ද්‍රව්‍ය ගැන කථාය, නෑයන් ගැන කථාය, යානාරථ: ගැන කථාය, ගමි ගැන කථාය, ගමි අසල නියමිගමි ගැන කථාය, නුවර ගැන කථාය, ජනයා ගැවසීගත් පළාත් ගැන කථාය, ස්ත්‍රීන් ගැන කථාය, පුරුෂයන් ගැන කථාය, වතුර ගන්නා තැන් වලට හෝ තොටුපළ වලට රුස්වූ අය කරන කථාය, නැසීගිය නෑයින් ගැන කථාය, නොයෙක් ප්‍රයෝජන නැති දේ ගැන කථාය, ලෝකයේ මැවුමි කාරයා ආදී විනිශ්චය නැති දේ ගැන කථාය, මහමුහුද ගැන කථාය, ඇතිවීම නැතිවීම ගැන සීමාරහිත කථාය. මෙබ දුවූ කථාවෙහි යෙදීමෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය"

"සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි දූතකමි සහ පණිවිඩ ගෙන යෑමෙහි යෙදී වාසය කරති. කුහකයෝද වෙති.
සිවුපසය ලබා ගැනීම පිණිස වචන කියන්නෝද, නිමිති දක්වන්නෝද, අනුන්ගේ ගුණ නැති කිරීමට කථා කිරීමෙන් ලාභ ලබන්නෝද ලාභයෙන් ලාභයක් සොයන්නෝද වෙති. මෙවැනි දූතකමි කරන්නෝද කුහක ලාභයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය".

මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය".

"සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යාජීවිකාවෙන් ජීවිකාව කෙරෙත්. එනමි සාමුදිකා ශාස්ත්‍රය නිමිත්තෙන් ශුභ අශුභ කීම උත්පාතය කීම, ස්වප්ණ ශාස්ත්‍රය, ලක්‍ෂණ ශාස්ත්‍රය, මූසික ශාස්ත්‍රය, ගිනිපිදීම, යාග කිරීම, අංග විද්‍යාය වාස්තු විද්‍යාය, නීති ශාස්ත්‍රය, සොහොනෙහි ශාන්ති කරන භුත විද්‍යාය, මන්ත්‍ර විද්‍යාය, විෂ විද්‍යාය, ගෝනුසු විද්‍යාය, මීයන් කෑ කල පිළියමි කිරීමෙ විද්‍යාය, කුරුලු විද්‍යාය, කපුටු ශාස්ත්‍රය, ආයුෂ මෙපමණ යැයි කීම, ඊ පහරින් වළකන විද්‍යාය, මෘග පක්‍ෂීන්ගේ ශබිද දැනීමෙ ශාස්ත්‍රය,මාණික්‍යයන්ගේ ශුභ අශුභ කියන මණි ලක්‍ෂණය, දඩු නැනීමෙහි ශුභ අශුභ කියන දණ්ඩ ලක්‍ෂණය, වස්ත්‍ර ලක්‍ෂණය, කඩු දුනු ඊ ආයුධ ලකුණුය, ස්ත්‍රි පුරුෂ පිරිමි ළමයින්ගේ ගෑනු ගැහැනු ළමයින්ගේ දාසයින්ගේ දාසීන්ගේ ඇතුන්ගේ අශ්ව මීහරක් ගොන් දෙනුන්ගේ එඵ බැටඵ කුකුඵ වටු කබරගොයින් ආදීන්ගේ ලක්‍ෂණය, හිස් කන් ආදී ආභරණ ලක්‍ෂණය, කැසුබුමෘග ලක්‍ෂණය යනුයි.

අසවල් දින රජුගේ බැහෑර යාම හෝ ආපසු ඒම වෙයි. ඇතුඵ නුවර උන් රජුගේ සමීපයට යාම වෙයි. පිට රජුන්ගේ ඉවත යෑම වෙයි. ඇතුඵ නුවර රජුන්ට ජය වෙයි. පිට රජුන්ට පරාජය වෙයි. මෙසේ මොහුය ජය වන්නේය. මොහුට පරාජය වන්නේය.චන්‍ද්‍රග්‍රහණය සූය්‍යෟග්‍රහණය වන්නේය. ග්‍රහ තාරකාවන්ගේ ග්‍රහණය වන්නේය, චන්‍ද්‍ර සූය්‍යෟයන්ගේ
ගමන් ස්වකීය මාර්ගයෙහි හෝ අමාර්ගයෙහි වන්නේය. ග්‍රහ තාරකාවන්ගේ ගමන් ස්වකීය මාර්ගයෙහි හෝ අමාර්ගයෙහි වන්නේය. උල්කාපාත තාරකා වැටීම දිසාවන් දැවීම, භුමිකමිපා, අහස ගිගුරුමි වන්නේය. චන්‍ද්‍ර සූය්‍යෟ ග්‍රහ තාරකාවන්ගේ උදාවීම, බැසීම, කෙලෙසීම, පිරිසිදුවී මවන්නේය. මෙබදු විපාක ඇති චන්‍ද්‍රග්‍රහණයක් සූය්‍යෟග්‍රහණයක් ග්‍රහ තාරකා ග්‍රහණයක් වන්නේය. චන්‍ද්‍ර සූය්‍ය යන්ගේ මෙබදු විපාක ඇති මාර්ග ගමන හෝ අමාර්ග ගමන හෝ ග්‍රහ තාරකාවන්ගේ මාර්ග ගමන වන්නේය.මෙබදු විපාක ඇති අමාර්ග ගමන උල්කාපාතයෙක් දිසාවන් දැවීමෙක්, භුමි කමිපාවක්, අහස ගිගුරුමක් වන්නේය. මෙබදු විපාක ඇති චන්‍ද්‍ර සූය්‍යෟ ග්‍රහ තාරකාවන්ගේ මෙබදු විපාක ඇති උදාවීම, බැහීම කෙලෙසීම, පිරිසිදු වීම වන්නේය යනු දක්වන විද්‍යායි. හොදින් වැහි හෝ නියග හෝ නපුරු වැහි ඇති වන්නේය. ආහාර ආදිය සුලභ වන්නේය හෝ හිග වන්නේය. භය හෝ ලෙඩ ඇති වන්නේය හෝ නැති වන්නේයයි කීමද ‍හස්ත මුද්‍රා ආදී ලකුණුවලින් යමිදේ ප්‍රකාශ කිරීමෙ ශාස්ත්‍රය, ගණිත ශාස්ත්‍රය, ඝණ ප්‍රමාන දැන ගැනීමෙ ගණිතය, ‍කාව්‍ය ශාස්ත්‍රය, ලෝකායත විතණ්ඩ ශාස්ත්‍රය, ලෝකස්වභා ශාස්ත්‍රය යන මෙ විද්‍යායි.

විවාහ කැඩවීම, විවාහ කරවීම, හිත් සිත් දිනාගැනීම පිණිස වචන කීම, වියෝග කරවීම, වස්ත්‍ර රැස් කරවීම, වියදමි කරවීමි යහපත් ශ්‍රියාව ඇති කරවීම හෝ නැති කරවීම, ගර්භය නොනස්නා සේ රැකීම, දිව බැදීම, හක්ක බැදීම, අත් පෙරළවන පිණිස මන්ත්‍ර කිරීම, කන් නොඇසීමට මන්ත්‍ර කිරීම, මූණ බලන කන්නාඩියක දේවතාවන් පිහිටවා ප්‍රශ්න ඇසීම, ආවෙස වූ ගෑනු ගැහැනු දරුවන්ගෙන් ප්‍රශ්න ඇසීම, දෙවිවරුන්ගෙන් ප්‍රශ්න ඇසීම, සූය්‍යෟයාට හෝ බ්‍රහ්මයාට නමස්කාර කිරීම, කටින් ගිනිදැල් පිට කිරීමය, ශ්‍රි දේවිය කැදවීම යනුයි. බාරහාරවීම, බාරහාර ඔප්පූ කිරීම, බිමි ගෙයි සිට උගත් මන්ත්‍ර යොදා කිරීම,නපුංසකයා පුරුෂයෙකු කිරීම, පුරුෂයා නපුංසක කිරීම, ගෙවල් තැනීම, ගෙවල් සෑදීමට සුදුසු තැන බලියාග පැවැත්වීම, අනුහස් ඇතැයි කියන වතුරෙන් කට ශුඞ කරවීම, අනුන් නැහැවීම, අනුන් සදහා ගිනි පිදීම, වමනය කරවීම, විරේචන කරවීම, කණේ තෙල් දැමීම, ඇග් බෙහෙත් දැමීම, නස්‍ය කිරීම, ඇසට අදුන් ගෑම, අදුන් ආදී සිහිල් බෙහෙත් ගෑම, සැත් කටු ආයුධ කටු ආදිය යොදා කරන වෙදකම, ශල්‍යකර්මය, දරු වෙදකම, බෙහෙත් මගින් කරන වෙදකම, තද බෙහෙතෙහි විෂ මැරීම යනුයි.

එවැනි ලාමක පහත් විද්‍යාවෙන් කරන මිථ්‍ය ජීවිකාවෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය"

මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය. මහණෙනි, ඉදින් කෙලෙස් සහිත ජනයා තථාගතයන්ගේ ගුණ වශයෙන් මෙබන්දක් කියාද එය සුඵ දෙයකි. අඩු දෙයකි. සුඵ ස්වභාව ගතියෙකි".


මහණෙනි, අන්‍ය ධර්මයද ඇත්තාහ. ගැඹුරුවූ, දුකසේ දැක්කාවූ, දුකසේ වටහා ගත්තාවූ, මිහිරිවූ, තර්කයෙන් දැනගත නොහැකිවූ, සියුමිවූ, පණ්ඩිතයින් විසින් ගරුකළ යුතුවූ යමි ධර්ම ඇත්තේද එය තථාගතයෝ තමන්ගේ උසස් ඥානයෙන් දැන පිඩුකොට දේශනා කළෝද ඒ ධර්මයෙන් තථාගතයන්ගේ ගුණ හොදින් ප්‍රකාශවෙ. පැහැදිලිව පෙනේ.

ඔබට මෙයින් පෙනි යන්නේ කුමක්ද? කෙලෙස් සහිත ජනයා වු අප විසින් බුදුපියානන් වහන්සේගේ ගුණ දක්වනුයේ උන්වහන්සේ හදුනාගනුයේ උන්වහන්සේගේ ශිලයෙන් පමණක් බව නේද?

එසේනමි බුදුපියානන් වහන්සේ යනු කවරකුද යන්න හොදින් ප්‍රකාශ වන්නේ කෙසේද යන්න උන්වහන්සේ විසින්ම දක්වා ඇත "ගරුකළ යුතුවූ යමි ධර්ම ඇත්තේද එය තථාගතයෝ තමන්ගේ උසස් ඥානයෙන් දැන පිඩුකොට දේශනා කළෝද ඒ ධර්මයෙන් තථාගතයන්ගේ ගුණ හොදින් ප්‍රකාශවෙ"

ඔබත් බෞද්ධයෙක් නමි නොවරදවාම මෙය කියවන්න 01 කොටස


නමෝතස්ස භගවතෝ අරහතෝ සමිමා සමිබුද්ධස්ස!

මෙම ලිපිය කොතනින් කෙසේ ආරමිභ කරන්නදැයි සිතා ගැණිමට හැකියාවක් නොවුවත්, කොතනින් හෝ ආරමිභ කර මෙම ලිපිය ලියාගෙන යෑම කලයුතු යැයි හැගි ගියේ, අසන්නට හා දකින්නට ලැබුණු කරැණු කිහිපයක් හේතුවෙනි. සැබැවින්ම මෙම කාරණා ‍සැබෑ බෞද්ධයෙකුට ඉමහත් සංවෙගය දනවන සුළු කරැණු වන හෙයින් මෙම කරැණු පිළිබදව හැකිතාක් දුරට මාගේ ශක්ති ප්‍රමාණයන්ලිපියක් ලියා දැක්විය යුතු යැයි මා අධිශ්ඨාන කර ගතිමි. මෙම ලිපිය කියවන්නාවු ඔබටත් මෙම ලිපිය ලියන්නාවු මටත් අන් කවර පුජාවකටත් වඩා මහත් කුසල කර්මයක් අත්කර ගත හැකි වනු ඇත. ඒ බව ලිපිය අවසානයේ ඔබටම හැගි යනු ඇත. එබැවින් හැකියාව ඇති සියළු දෙනාම මෙම ලිපිය හැකි සෑම අයුරකින් සැම බෞද්ධයෙක් වෙතම බෙදාහරින ලෙසත් අවශ්‍ය කොටස් රිසිසේ උපුටුගන්නා ලෙසත් මෙයින් දන්වා සිටිනු ලැබෙ.

හරි, දැන් මෙන්න මෙකයි කාරණේ. වර්ථමානයේ බෞද්ධ දර්ශනය අන් සියළුම ධර්මයන් හා තරගකාරි ලෙස ඉතා සිඝ්‍රයෙන් ප්‍රචලිතව යන ධර්මයක් බව අමුතුවෙන් අවධාරණය කල යුතු කරැණක් වන්නේ නැ. මෙ අතර සෙන් බුදු දහම, මහායාන දර්ශනය , තේරවාදය හා මහායාන ධර්මය කවලමි වු බුද්ධ දර්ශනයත් (ඇමරිකානු බුදු දහම) උදාහරණ ලෙස දැක්විය හැක. විවිධ රටවල් වල බුදුදහම ව්‍යාප්ත කිරිමෙදි යමි ප්‍රමුඛ භික්ෂු නමක් හෝ කිහිපදෙනෙක්ගේ මුලිකත්වය ඇති බව අපට හදුනාගත හැකි කරැණක්. කෙසේ වුවත් මෙලෙස බුදු දහම ව්‍යාප්ත කිරිමෙදී සමහරෙක් එම සමාජයන් හා ඔවුන්ගේ සන්ස්කෘතියට ගැලපෙන ආකාරයෙන් බුද්ධ දර්ශනය ඉගැන්විම සිදුකරනු ලබන බව අපට පෙනි යනු ඇත. මෙ කරැණු කිහිපය කිවෙ මතුවට යමි කරැණක් පිළිබදව සාකච්ඡා කිරිමෙ අරමුනෙන්.

හරි ඒ කථා කලේ බටහිර සමාජය ගැන. අපි දැන් පොඩිඩකට අපි දිහා හැරිලා බලමු. මම ඔබෙන් දැන් විමසුවොත් බුදුරජානන්වහන්සේ යනු කවරෙකුද කියා? ඔබගේ පිළිතුර කුමක් වනු ඇතිද? මොහොතක් මෙ පැණය ඔබෙන්ම ඔබ විමසා ගැණිම වැදගත් වනු ඇත. මොකද්ද ඔබෙ පිළිතුර? අනිවාර්‍යයෙන්ම පහත පිළිතුරැ වලින් එකක් ඔබට ලැබෙනු ඇත.

01)බුදු රජානන්වහන්සේ යනු අපගේ ශ්‍රාස්තෘවරයානන් වහන්සේ‍.
02)බුදු රජානන් වහන්සේ තමයි අපිට ධර්මය දේශනා කලේ. උන්වහන්සේගේ ධර්මය ත්‍රිපිටකයේ අන්තර්ගතයි.
03)බුදු රජානන් වහන්සේ චතුරාර්‍ය සත්‍යය කියල දෙයක් දේශනා කරලා තියෙනවා ඒක අවබෝධ වුනාම නිවන් යන්න පුළුවන්.
04)බුදු රජානන්වහන්සේ ඉන්දියාවෙ උප්පත්තිය ලැබුවා. උන්වහහන්සේගේ ධර්මය මිහිදු රහතුන් වහන්සේ ලංකාවට ගෙනාවා.
05)වෙසක් පොය දින බුදු තෙමගුල සිදුවුනා.
06)පන්සිල්
07)තවත් සමහරෙක්ට පන්සල් ඒක් එක් ජනප්‍රිය ස්වාමීන්වහන්සේලා මතක් වෙන්න පුළුවන්.

අනිවාර්‍යයෙන්ම හැම දෙනාම නොවුවත් බහුතරයකගෙන් බුදුරජානන් වහන්සේ යනු කවරෙක්ද කියා ඇසු විට ඔය පිළිතුරැ හෝ ඔය පිළිතුරැවලට සමාණ හෝ ආසන්නතම පිළිතුරැ ලබා දෙනු ඇත.

තවත් සමහරෙක් මම කියන්නේ සමාජයේ දාර්ශනිකයන් පන්ඩිතයන් යැයි සමිමත සමහරෙක් බුදුපියානන් වහන්සේ ගැන දරණුයේ මෙබදු අදහස්.


බුදුරජානන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය
ප්‍රඥාවන්ත බවින් හෝ ශිලවන්ත බවින් ජේසුස් වහන්සේ ඉතිහාසයේ තමාට සම මටිටමක සිටි අන් අයට වඩා ඉහලින් සිටි බවක් මට නොහැගේ. මෙ පිළිබදව බුදුරජාණන් වහන්සේ ජේසුස්වහන්සේට වඩා ඉහල මටිටමක තැබිය යුතු යැයි මම සිතමි.
"බර්ට්රන්ඩි රසල්"

The Buddha's Greatness
I cannot myself feel either in the matter of wisdom or in the matter of virtue Christ stands quite as high as some other people known to history- I think I should put Buddha above him in those respects. "Bertrand Russell, Why I am not a Christian" (කියවන්න)


සත්පුරැෂභාවයේ ප්‍රතිමුර්තිය
බුදුරජානන්වහන්සේ උන්වහන්සේ දේශනා කල සියළු ධර්මයන්හි ප්‍රති මුර්තියක් වැනි විය. උන්වහන්සේගේ සාර්ථක වුත් වැදගත් වුත් 45 වසරක ධර්ම ධුත සේවා කාලය තුල තමාගේ සියළු වදන් ක්රියාවට නැගුහ. කිසිම තැනකදී උන්වහන්සේ මිනිසු දුබලතාවයන්ට හා රාගයට ඉඩන් නොතැබුහ. ලොකයා මෙතෙක් දුටු අංග සමිපුර්ණ අති පාරිශ්ද්ධ ශිලය බුදුන්වහන්සේගෙන් පිළිබිදඹු විය.

Embodiment of Virtues
Buddha was the embodiment of all the virtues he preached. During his successful and eventful ministry of 45 years he translated all his
words in to action; an in no place did he give vent to any human frailty, or any base passion. The Buddha's moral code is the most perfect which the world has ever known.
"Prof. Max Muller, German Scholar"


මානව වෘක්ෂයේ විකසිත වු පුෂ්පය
මහා ප්රඥාවෙ සුවදින් ලොව සුවදවත් කරමින් මහා කරැණාවෙ අමාබිදු ලොවට වස්වමින් අසංඛ් කල්ප ගණනකට පසු මානව වර්ගයා නැමති වෘක්ෂයේ සුපුෂ්පිත පුෂ්පය බුදුරජානන්වහන්සේය. 
"සර් එඩිවින් ආර්නොල්ඩි"

Blossom of The Human Tree
This is the Blossom on our human tree Which opens in many a myriad years but opened, fills the world with wisdom's scent and love's dropped honey
Sir Edwin Arnold "Light of Asia"


මානව සංහතියේ උසස්ම ශ්‍රෙෂ්ඨයානෝ
මානව සංහතියේ අති උත්තම මනුෂ්යයා දැකිමට ඔබ කැමැත්තක් දක්වන්නේ නමි යාචක වස්ත්රයෙන් සැරසුන අධිරාජ්යයා දෙස බලන්න. සිය අති පාරිශුද්ධත්වයෙන් මිනිසුන් අතර ශේෂ්ඨත්වයට පත්ව ඇත.
"අබිදුල් අතෙයියා"

Most Noble of Mankind
If you desire to see the most noble of mankind, look at the king in beggar's clothing’s; it is he whose sanctity is great among men'


බුද්ධාභි වන්දනය
මිනිස් සංහතියේ වැඩිම සංඛ්යාවකින් අභිවන්දනය පුජනය ලැබූ එකම පුදගලයා ලෙස බුදුරජානන් වහන්සේ පහසුවෙන් දැක්විය හැක. 
"මහාචාර් සොන්ඩර්ස්"

Homage To Buddha
Lord Buddha could be very easily singled out as the person known to man who received homage from the great number of mankind.
"Prof. Saunders, Literary Secretary Y.M.C.A India, Burma, Ceylon"

දාර්ශනිකත්වයේ අග්‍රගණ්යයා.
බුදුරජානන්වහන්සේ මිනිසාට කරැණාව දැක්වු විර්යවන්ත භාවය හා තේජස් ඇත්තාවු. දාර්ශනික බුද්ධියේ ශේෂ්ඨවන්තයා මෙන්ම පුරෝගාමියා වුහ. දැනුම නමි වු උප්ලත වටා කලබලකාරිව තෙරපී තෙරපී සිටි කිසිම මිනිසෙකුට හෝ ගැහැණියකට උන්වහන්සේ දේශනා කල කිසිවක් වසර 2500 කට පසුවත් බැහැර කල හැකි නොවෙය. උන්වහන්සේගේ ප්රඥාවටත් වඩා ආදර්ශය උතුමි වෙ.
"මොනි බැගී"

Philosophic Genius
The Buddha was a pioneer as a lover of men' and a philosophic genius rolled into a single vigorous and radiant personality. He had things to say that no man or woman, after 2500 years of bustling and hustling and chattering round the forting of knowledge' can afford to ignore. Grater perhaps than his wisdom was the example he set.
"Moni Bagghee' Our Buddha"

සංයම හිස සහ කුළුණු හදවත
මහා ප්‍රඥාවෙ හිසත් මහා කරැණාවෙ හදවතේති විශ්ව සංකලණය බුදුන්වහන්සේගෙන් වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණයයි. උන්වහන්සේ විසින්ම ඉදිරිපත් කල මනුෂ්යත්වයේ ආධ්යාත්මය නිසා අද ලෝකයම බුදුන්වහන්සේ දෙසට වැඩි වැඩියෙන් නැඹුරැ වෙයි.
"මොනි බැගී"

Cool Head and Loving Heart
The most striking thing about the Buddha is a unique combination of a cool scientific head and profound sympathy of a warm and loving heart. The world today turns more and more towards the Buddha' for he alone represents the conscience of Humanity.
"Moni Bagghee' Our Buddha"

වෙදෙක් වැනි බුදු රජ
බදු රජානන් වහන්සේ වෛද්යවරයෙකු වැනිය.වෛද්යවරයෙකු රෝග විනිස්චයෙන් විවිධ රෝගත් එම රෝග වලට හේතුවත් විශ නාශක ඖෂධත් සොයා ප්රතිකාර කරන්නාක් මෙන් බුදුරජානන් වහන්සේද දුක, දුක ඇතිවමට හේතුව, දුක නැති කිරිම හා දුක නැති කිරීමෙ මාර්ගය යන විශ්ව සත්යයන් වු චතුරාර් සත් ලොවට දේශනා කලහ.
" ආචාර් එඩිවන් කොන්සේ"

The Buddha is like a physician
The Buddha is like a physician. just as a doctor must known the diagnosis of the different kinds of illness' their causes' the antidotes and remedies, and must be able to apply them, so also the Buddha as has taught the Four Holy Truths which indicate the range of suffering, its origin, its cessation and the way which lead to its cessation.
"Dr. Edward Conze, Buddhism"

මාර්ගය බුදු රජානන් වහන්සේය.
ශාක්‍ය මුනින්ද්රයන්ගේ චරිතයෙන් මට වඩාත් හැගෙන්නේ "මාර්ගයද , සත්යයදජීවනයද උන්වහන්සේම බවයි.
"බිෂොප් මිල්මන්"

Buddha is the Way
I feel more and more that Sakyamuni is the nearest in Character and effect to him who is the Way' The Truth" and the Life.
" Bishop Milman"

නිකායන්ට බෙදීම
අනෙක් බොහෝ ආගමි වල අනුගාමිකයන් ඔවුන්ගේ ගුරැ විසින් පාලනය කරණු ලබන අතර අනිත් ආගමි වල ශුද්ධ ලියවිලි මතවාද, සගරා පොත පත සහ ධර්ම පත්රිකා කියවිම තහනමි කර ඇත. බුද්ධ ධර්මය තුල මෙය කලාතුරකින් හෝ දැකිය නොහැක.
"කාන්ති පාලෝ"

Sectarianism
Most neophytes of some other religions are controlled by there Guru and are forbidden to read the scriptures' doctrines' magazines, booklets and tracts of other religions. This very rarely happens within Buddhism.
"Phra Khanthipalo, Tolerance"


හරි දැන් මෙ සියල්ලම ඔබ කියෙවිවා නමි කලින් දක්වන ලද කරැණු හතින් ආවරණය නොවු සමහරෙක්‍ බුදු පියානන් වහන්සේ යනු කවරෙක්ද යැයි ඇසු විට ලබා දෙන්නාවු පිළිතුරැ මෙයින් ආවරණය වනු ඇත.  එසේ වුවුද තවත් සමහරෙක්ගේ පිළිතුර මිට වෙනස් වනු ඇත ඒ ගැන පසුව සාකඡ්චා කරමු.

කෙසේ වුවත් ශ්‍රිලාන්කිකයන් හෝ වෙවා විදේශිකයන් හෝ වෙවා බුදුරජානන්වහන්සේ යනු කවරෙක් දැයි ඇසුවිට ලබා දෙනු ලබන පිළිතුරැ වන්නේ ඉහතින් දක්වන ලද  කරැණු යැයි පැවසුවගොත් එය සාධාරණ වනු ඇත. වර්ථමානයේ ශ්‍රී ලංකාවෙ ස්වාමින් වහන්සේලා බහුතරයෙකගෙන් මෙ බව විචාල හොත් ඔවුන්ට එක වරම පන්සිල් මත්වනු ඇතැයි මම අනුමාන කරමි. මක්නිසාද යත් වර්ථමානයේ සංඝරත්නය පන්සිල් හැර අන් බුද්ධ දේශනයක් පිළිබදව සදහන්  කිරිම  පවා  අසා ගැනිමට අපහසු කරැණක් වන බැවිනි. පන්සිල් රැකිම අවිවාදාත්මකව ඉතාමත් ඉතා විශිෂ්ඨ ප්‍රතිපත්තියක්. නමුත් අපගේ තිලොගුරැ බුදු පියානන්වහන්සේගේ එකම උගැන්විම පන්සිල් පමණක් නමි එය ඔය ආකාරයෙන් අවධාරණය කරමින් සිටියාට කමි නැත.

මිනිසුන් 1000 ක් මැරැ අසුමහා ස්‍රාවකයන්ගෙන් අයෙක් වු අංගුලිමාල මහාරහතානන්වහන්සේ බුදු පියානන්වහන්සේගේන් ධර්මය අසා සොතාපත්ති ඵලයේ පිහිටිමට උපන්දා සිට පන්සිල් රකිමින් සිටියේ නැත. පන්සිල් රැකිය හැක්කා නමි එය ඉතා හොද කරැණකි. වර්ථමාන සමාජයේ පන්සිල් පද රකිනවාට වඩා පන්සිල් පද රැකගැණිමට හැකි පිරිස අඩු බැවින්, පන්සිල්ම අවධාරණය කිරිමෙන් සිදුවන්නේ, පන්සිල් රැකිය නොහැකි බහුතරයක් පිරිස ධර්මයෙන් පසකට ඇද දැමිම බව වර්ථමාන සංඝරත්නය ඇතුල බොහෝ දෙනා සිතාගත යුතු කරැණකි. මෙසේ පන්සිල්ම අවධාරණය කරමින් පන්සිල් රැකිමෙන් තොරව ධර්ම මාර්ගයේ ගමන් කල නොහැකි බව දක්වනුයේ නාම රැප පිළිබදව සරල හෝ අවබෝධයක් නොමැති. මෙ මිනිස් ශරිරයේ හා හිතේ එක්  මොහොතක් හෝ පවතින් එකම දෙයක් හෝ නොමැති බව නොදන්නා හා ආත්ම ලැදි සන්තති වාදී පිරිසක් බව දැනගත යුතුය. කෙසේ වුවත් මා මෙ කියනුයේ බුදු දහම යනු පන්සිල් පමණක් නොවන බව හා ශිලය යනු නිවනට එක් මගක් පමණක් වන බව පමණි. කෙසේ වුවත් මෙයින් පන්සිල් රැකිම අධෛර්‍ය කිරිමක් නොකරන අතර හැකි පමණ සියළු දෙනාම ශිලයක් රක්ෂා කල යුතුය.

ඉහතින් බුදුරජානන් වහන්සේ යනු කවරෙක්දැයි ඔබෙන් අසන ලද පැනයට සමාජයෙන්, ලොවෙන් හා ඔබෙන් ලැබෙන්නාවු පිළිතුරැ අපි සලකා බැලුවා. ඒ පිලිතුරැ සියල්ල නිවැරදියි. වරදක් නැ. එත් මෙහෙම බැලුවොත්. මෙ කියන්න යන්නේ උදාහරණයක්! ඔබ මවක් හෝ පියෙක් යැයි හිතමු. ඔබ ඔබෙ දරැවා වෙනුවෙන් මෙතෙකැයි කිවිය නොහැකි තරමි කැපවිමි රාශියක් කර උගන්වා, උස්මහත් කර, සමාජයේ උසස් තැනකට ගෙනා ආවා යැයි සිතමු. දවසක මෙ දරැවාගෙන් ඔබ අහනවා පුතා දන්නවාද මම පුතා වෙනුවෙන් මොනතරමි දේවල් කරලා තියෙනවාද කියල? එතකොට පුතා මෙහෙම උත්තරයක් දෙනවා "ඔවි ඔයාලා මාව මෙ ලොකෙට වදල තියෙනවා එචිචරයි මටනමි පෙන්නේ" කියල. එතකොට මෙ පුතා දිපු උත්තරේ වරදක් නැ. ඇත්තටම අමිමා දරැවා වදල තියෙනවා. හැබැයි ඒ උත්තරේ නිරවද්‍ය භාවයකුත් නැ කියල ඔබට පෙනි යන්නට ඔන. 

එහෙමත් නැත්නමි දැන් හිතමු උපාධි 15 විතර තියෙන මහා ප්‍රාඥයෙක් ඉන්නවා කියල. මෙ පුද්ගලයා ගැන යමි දැනුමක් ඇති කෙනෙක් දැන් සභවක් මැද්දේ මෙ පුද්ගලයා ගැන ගුණ කථනයක් කරල කියනවා. මෙතුමාට අසවල් උපාධිය තියෙනවා කියල. ඒත් ඒ ප්‍රාඥයාගේ දැනුම මොකද්ද කියල හිතාගන්න වත් ඒ මනුස්යාට බෑ. ඒ මනුස්සයා අසවල් උපාධිය තියෙනවා කියල කියපු කථාව හරි. එත් ඒ ප්‍රාඥයා ගැන නිවැරදි චිත්‍රයක් එම කථාවෙන් මැවෙන්නෙ නැ කියල ඔබට තේරැමි යනවා ඇති.

කොහොම වුනත් දැන් හිතමු ඒ ප්‍රාඥයාම තමා ගැන විස්තරයක් ඉදිරිපත් කරණවා කියල. එතකොට මෙ දෙකෙන් මොකද්ද වඩා නිරවද්‍ය කියල ඔබට තේරැමි යනවා ඇති.

කෙසේ වුවත් බුදු රජානන්වහන්සේ යනු කවරෙක්දැයි ඔබෙන් ඇසුවහොත් ඔබ දෙන පිළිතුරත් අර කථිකයා ප්‍රාඥයා ගැන දෙන පිළිතුර වාගේ දෙයක්. ප්‍රාඥයා ගැන ඊට වඩා දන්නා කථිකයෙක් දෙන්නේ ඊට වඩා සාර්ථක විග්‍රහයක්. ප්‍රඥයා විසින්ම ප්‍රඥයා ගැන දෙන පිළිතුර වඩා නිවැරදි පිළිතුර බව ඔබව තේරැමි යනවා ඇති‍.

එසේ නමි බුදු රජානන් වහන්සේ යනු කවරෙක්ද? යන පැනයට පිළිතුර උන්වහන්සේ ප්‍රකාශිත පරිදිම  මෙතැන් සිට සලකා බලමු. මෙ ලිපියේ ආරමිභයේම සංවෙග ජනක කරැණු ඇති බව කියා සිටියා මතක ඇති . එම කරැණු එම අදාල ස්ථානයන්හිම ප්‍රකාශ කරණවා ඇති.මෙම ලිපියේ සදහන් කරන්නට යෙදුනු කරැණු පිලිබදව අවබෝධයක් ඇතිව ඉදිරි ලිපි කිහිපය කියවිම ඔබට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත. එලෙසම මෙම ලිපි පෙළ හැකි සැම දෙනෙකුම සැම දෙනෙකු වෙතම බෙදා හැරිමෙන් මහත්වු ධර්ම දානයක කොටස් කරැවන්ද වුනු ඇත.


(02 කොටස)