නමෝතස්ස භගවතෝ අරහතෝ සමිමා සමිබුද්ධස්ස!
මින්
පෙර ලිපියේ බුදුරජානන් වහන්සේ කවුරැන්ද යන්න පිළිබදව සමාජයෙත් ඔබගේත්
අදහස් විමසා බැලුවා ඔබට මතක ඇති. දැන් අපි එම අදහස් සියල්ල පසකින් තබා
විමසිමට යන්නේ, සත්‍ය වශයෙන් බුදුරජානන්වහන්සේ යනු කවරෙක්ද යන කරැණයි.
එසේනමි අපි ඒ සදහා පිළිතුර ත්‍රිපිටකයෙන්ම සොයාගමු.
ඔබ
කුඩා කල සිට බුද්ධ චරිතය අසා ඇතුවාට සැක නැත. නමුත් මෙම බුද්ධ චරිතයේ
අන්තර්ගත කරැණු අඩුංගුව ඇත්තේ කොහේදැයි ඔබ කෙදිනක හෝ කල්පනා කර තිබෙද?
සාමාණ්‍ය වශයෙන් බොහෝ පොත් පත් වල අඩංගු වි ඇති විස්තරයේ මුලාශ්‍රය එනමි,
බුදුරජානන් වහන්සේ හිසමුඩු කර පැවදි විමෙ සිට ආලාර කාලාම, උද්දකරාම
පුත්තයන් ඇතුලු ගුරැන් වෙතින් ඔවුන්ගේ දහමි ඉගෙනිම, බුදුවිම, සහමිපති
බ්‍රහ්මයාගේ ධර්ම දේශනා ඇරයුම, පස්වග මහනුන්ට දමිසක් පැවැත්විම ආදිය පිළිබද
විස්තරයක් ඔබට මජ්ජිම නිකායේ 26 වන ආර්‍ය පර්යේශන සුත්‍රයේයි.(කියවන්න)
නමුත්
මා මෙ කථා කරන්නට යන්නේ බුද්ධ චරිතය පිළිබදව නොවෙ. මෙම ආර්‍ය පර්යේශන
සුත්‍රයේ සදහන් පරිදි බුදුපියානන් වහන්සේ බුද්ධත්වයෙන් පසු මිනිස් ඇස
ඉක්මවු දිවැසින් බරණැස් නුවර ඉසිපතනයේ මිගදාය නමි ස්ථානයේ වාසය කරන පස්වග
මහණුන් දැක ඔවුන්ට ධර්ම දේශනා කිරිමට, එනම් ප්‍රථම ධර්ම දේශනය වන ධම්සක්
පැවැත්විමට යන අතර මගදී හමුවු උපක නමි ආජිවයෙකු හා බුදු පියානන් වහන්සේ අතර
ඇතිවු සංවාදය දක්වා ඇති එම සුත්‍රයේම කොටසක් වෙතය. එය පහතින් දක්වා ඇත.
"මහණෙනි,
ඉක්බිති මම උරුවෙල් දනවිවෙහි කැමතිතාක්කල් වාසය කොට බරණැස යමි තැනෙක්හිද
එතනට ගියෙමි. මහණෙනි, උපක නමි ආජීවකයෙක් ගයාවටත් අතර බොධීයටත්
දීර්ඝාමාර්ගයෙහි යන්නාවූ මා දුටුවෙය. දැක මට මෙසේ කීය.
ඇවැත්නි
ඔබගේ ඉන්ද්‍රියයෝ ඉතාමත්ම පැහැපත්ය, ශරීර වර්ණය පිරිසුදුය, හාත්පසින්
බබලන්නේය. ඇවැත්නි, ඔබ කවරෙකු උදෙසා පැවිදි වූයෙහිද ? ඔබ කවරෙකුගේ ධර්මය
රුචි කරන්නේද ?
"මහණෙනි, මෙසේ කී කල්හී මම උපක නම ආජීවකයාට ගාථාවලින් මෙසේ කීවෙමි.
සියලු
තෛභූමික ධර්මයන් මැඩ පැවැත්වූ සියලු චාතූර්භූමික ධර්යන් දැනගත්තාවූ සියපු
තෛභූමික ධර්මයන්හි නොඇලුණාවූ සියලු තෛභූමික ධර්මයන් පහ කළාවූ නිවන් අරමුණු
කිරීමෙන් භවයෙන් මිදුණාවූ මම තෙමෙම චතුස්සත්‍යය අවබොධ කොට අනික් කවරෙකු
ගුරුවරයා යයි දක්වන්නෙමිද ?
මට
ගුරුවරයෙක් නැත. මට සමාන වූවෙක්ද නැත. දෙවියන් සහිත ලොකයෙහි මට සමාන
පුද්ගලයෙක් නැත. ලෝකයෙහි මම රහත් පුද්ගලයෙක් වෙමි. මම සාස්තෘ වෙමි. කෙලෙස්
ගිනි නිවීමෙන් සිසිල්වූ එහෙයින්ම නිවුණාවූ අසහායවූ සමිමා සමිබුද්ධ වෙමි.
අවිද්‍යාවෙන් අන්ධවූ ලෝකයෙහි අමෘත බෙරය ගසමින් ධර්මචක්‍රය පැවැත්වීම සදහා කසීරට බරණැස් නුවර බලා යමි.
ඇවැත්නි, ඔබ යමිසේ ප්‍රකාශ කෙරෙහිද එසේ මා අනන්තජින නමි වන්නට සුදුසුය.
උපකය,
යමි කෙනෙක් තුමූ නිවණට පැමිණියාහුද ඒකාන්තයෙන් එබදු මා වැන්නෝ ජිනනමි
වෙත්. මා විසින් පාපධර්මයෝ දිනන ලදහ. එහෙයින් මම ජින නම වෙමි යි කීයෙමි."
මෙ
දක්වනු ලැබුයේ බුදු පියානන් වහන්සේගේම වදන්ය. මෙයින් අපිට පැහැදිලි වන්නේ
කුමක්ද? බුදු රජානන් වහන්සේ යනු මනුශ්‍යයෙකු හෝ දෙවියෙකු හෝ නොවන බවයි.
උන්වහන්සේ අසහායවූ සමිමා සමිබුද්ධ වන බවයි.
බෞද්ධයන්
ගෙන් සමහරෙක් මල්පහන් පුදා දෙවියන් ගෙන් ඉල්ලන්නාක් මෙන් මට මෙදේ ලැබෙවා
යැයි බුදු පියානන් වහන්සේගෙන් ඉල්ලා සිටි. තවත් සමහරෙක් බුදු පියානන්
වහන්සේගේ බුද්ධ භාවය බුද්ධ විලාශය ප්‍රතික්ෂේප කරයි. එනමි ඔවුන් සිතා
සිටිනේ බුදු පියානන් වහන්සේ යනු තවත් එක් මනුශ්‍යයෙක් පමණක් බවය. නමුත් මෙම
ආකල්පයන් ද්විත්වයම වැරදි බව කියා සිටිය යුතුය. ඒ බව ඔබට ඉදිරියේ දී
ප්‍රත්‍යක්ෂ වනවා ඇති.
දැන්
මින් පෙර ලිපිය වෙත නැවතත් යොමු වෙමු. එහි බුදුරජානන්වහන්සේ ගැන විවිධ
පුද්ගලයන් දක්වන ලද මත ඉදිරිපත් කලා ඔබට මතක ඇති. ඔවුන් ඒ මත ඉදිරි පත්
කරන්නේ, ඒ ගුණ කියනුයේ බුදු පියානන්වහන්සේ වෙතින් ඔවුන්ට විද්‍යාමාන වු යමි
යමි කරැණු මත බව ඔබට පැහැදිලි ඇත. දැන් ඉදිරිපත් කරන්න යන්නේ ක්‍රි.පු 6
වන සියවසේ බුදුපියානන්ගේ කාලයේ උන්වහන්සේ ගැන මිනිසුන් විසින් දරණ ලද මතයන්
හා ඒ මතයන් සමිබන්ධව බුදුපියානන් වහන්සේ විසින් කල ප්‍රකාශයන්ය. එවා
පහතින් දක්වනවා ඇති.
මෙම ධර්ම කොටස් දක්වා ඇත්තේ දිඝ නිකායේ පළමුවන සුත්‍රය වන බ්‍රහ්ම ජාල සුත්‍රයේ. මෙහි දක්වනුයේ අදාල කොටස පමණි. (සමිපුර්ණ සුත්‍රය මෙතනින් කියවන්න)
මහණෙනි,
තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා යමි කරුණකින් එය කියානමි එය
සුළු දෙයකි. සුළු ස්වභාව ගතියෙකි. අඩු දෙයකි. එසේ ගුණ කියන පෘථග්ජනයෙක් යමි
කරුණකින් තථාගතයන්ගේ ගුණ කියා නමි කුමක් කියයිද?
ශ්‍රමණ
භවත් ගෞතමයෝ ප්‍රාණඝාතය අත්හැර දමා ප්‍රාණයකට හිංසා කිරීමෙන් සම්පූර්ණයෙන්
වැළකුණාහ. දඩු මුගුරු නොමැත්තෙක් වෙ. පාපයට ලජ්ජා ඇත්තෙකි. දයාවන්ත බවට
පැමිණියෙකි. සියලු සත්වයන් කෙරෙහි අනුකමි පාවෙන් වාසය කෙරෙයි. ශ්‍රමණ භවත්
ගෞතමයෝ නුදුන්දේ ගැනීම අත්හැර දමා නුදුන්දේ ගැනීමෙන් වැළකුණාහ. දුන් දෙයම
ගන්නා ස්වභාව ඇත්තාහ. දුන් දෙය ගැනම කැමති වන්නෝය. වංචා රහිතව පිරිසිදු
සිතින් වාසය කරන්නාහ" යි.
"ශ්‍රමණ
භවත් ගෞතමයෝ කාම සමිපත් දුරු කොට කාම සැපයෙන් වැළකුනෝය. කාම සමිපතෙන් ඉතාම
ඈත් වූවෙකි. ස්ත්‍රීන් පාවා ගැනීමි ආදී නොහොබිනා සිරිතෙන් වෙන් වූවෝය" යි.
"ශ්‍රමණ
ගෞතමයෝ බොරු කීමෙන් වැළකුණෝය. සත්‍යම කියති. සත්‍යම ගළපා කියති. ස්ථිර වූ
ඇදහිය යුතු කථා ඇත්තෝය. ලෝකයා මුළා කරන විෂම වාද නොකරන්නෝය".
"ශ්‍රමණ
ගෞතමයෝ පිසුනු බස් නැමැති කේලාමි කීම අතහැර කේලාමි කීමෙන් වැළකුණෝය. මෙසේ
භින්නවූවන් සමිබන්ධව ගළපන ස්වභාව ඇත්තෝය. සමගිවූවන්හට අනුබල දෙන්නෝය.
සමගිවූවන් කෙරෙහි ඇලුනාහ. සමගිවූවන් කෙරෙහි සතුටු වෙති. සමගි කරණ වචන
කියති"
"ශ්‍රමණ
ගෞතමයෝ පරුෂ වචනය සත්හැර පරුෂ වචනයෙන් වැළැක්කෝය. යමි වචනයක් නිදොස්ද, කණට
සැපද, පෙමි වඩාද, සිත් සතුටු කරයිද, මිහිරිද, බොහෝ දෙනාට ප්‍ප්‍රිය වෙද,
බොහෝදෙනාගේ සිත් ප්‍රිය කරන්නේද, එවැනි වචන කියන්නේය".
"ශ්‍රමණ
ගෞතමයෝ සමිප්‍රලාපය අත්හැර නිසරු හිස් බස් බිණීමෙන් වැළකෙන්ණෝය. කියයුතු
කාලය සලකා කියන්නෝය. සත්‍යම කියන්නෝය. දියුණුව සලකා කියන්නෝය. ධර්මය
කියන්නෝය. විනය: මනා හික්මීම ගැන කියන්නෝය. සුදුසු කල්හි උපමා කරුණු සහිතවූ
යෝග්‍ය ලෙස සීමාසහිතවූ අර්ථයෙන් යුක්තවූ සිතේ තබාගත යුතුවූ වචන කියන්නෝය.
"ශ්‍රමණ
ගෞතමයෝ තණ, ගස්, වැල් ආදීන්ගේ කැඩීම‘, සිදීමි වලින් වැළකුණෝය. "ශ්‍රමණ
ගෞතමයෝ රාත්‍රිකෑමෙන් වැළකී විකාල භෝජනයයි කියන ලද නුසුදුසු කාලයේ කෑමෙන්
වෙන්ව එක්වෙලක් වළදන්නෝය".
"ශ්‍රමණ
ගෞතමයෝ නැටීමි, ගී කීමි, වැයීමි, කෝළමි බැලීමි ආදියෙන් වැළකුණෝය. "ශ්‍රමණ
ගෞතමයෝ මල්මාලා, සුවද දැරීම වැනි සැරසීම වලින් වැළකුණෝය".
"ශ්‍රමණ ගෞතමයෝ නුසුදුසු උස් ආසන, මහා ආසනයන් ගෙන් වැළකුණෝය".
"ශ්‍රමණ
ගෞතමයෝ රන් රිදී, මිළ මුදල්, අමු මාංශ, ස්ත්‍රින් හෝ ගෑනු ගැහැනු: දරුවන්,
දාසයින් හෝ දාසීන්, එඵවන්, බැටඵවන්, කුකුළන්,ඌරන්, ඇතුන්, ගවයින්,
අශ්වයින්, වෙළඹුන්, කුඹුරු, වතු පිළිගැන්මෙන් වැළකුණෝය".
"ශ්‍රමණ
ගෞතමයෝ දූත ගමන් සහ ගෙන් ගෙට යන මෙහෙවරින් ගණුදෙනු කිරීම ආදී
වෙළහෙළදාමෙන්, හොරකිරුමෙන් හා මැනුමෙන්ද රත්රන් වංචා කිරීමාදියෙන්ද අල්ලස්
ගැනීමි, වංචා, මායමි කැපීමි, වදදීමි, බැදීමි, වස්තු බලයෙන් ගැනීමි, ගමි
ආදිය පැහැරීමි, බලාත්කාර බලහත්කාර ක්‍රියා වලින්ද වැළකුණෝය".
"මහණෙනි මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත අය කියන්නෝය" යි වදාළ සේක.
චූල ශීලය නිමි.
"සමහර
පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙසේ හෝ තණ ගස් වැල් ආදිය
විනාශ කිරීමෙහි යෙදී වාසය කරති. මෙයාකාර තණ ගස් වැල් ආදිය විනාශ කිරීමෙන්
වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය"
"සමහර
පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරව දේ රුස්කොට තබා
ප්‍රයෝජන ගැනීමෙහි යෙදී වාසය කරති. එවැනි දේ නමි ආහාර වර්ග පාව වර්ග
රෙදිපිළි ආදී ඇදීමි රථ වාහන ඇද පුටු ආදිය සුවද වර්ග තබාගෙන ප්‍රයෝජන
විදීමය. මෙසේ මෙබදු දේ රුස් කොට තබා ප්‍රයෝජන විදීමෙන් සමිපූණයෙන් වැළකුණෝ
ශ්‍රමණ ගෞතමයෝය".
"සමහර
පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි විහිලු දේ දැක්මෙහි
යෙදී වාසය කරති.එවැනි දේ නමි නැටීමය, ගී කිමය, වීණා ආදිය වැයීමය, රග මඩුලු
බැලීමය, ගොතා රස කර කියන ලද බොරු කථා ඇසීමය, කංසතාලමි හෝ අත්තාලමිය, මළමිණී
නැංවීම නැමැති විජ්ජා කිරීම, බෙර ගැහුමිය, නෘත්‍යයේදී සිත් ඇලුමි කරන ශරීර
චංචලය, සණදෙහුමි කෙළිය, උණගස් ඔසවා නැටුම, මිණී ඇට සෝදා තැබීමිය, ඇත්
පොරය, අශ්ව පොරය, මීවුන් පොරය, ගව පොරය, එඵ පොරය, බැටඵ පොරය, කුකුළු පොරය,
වටුවන් පොරය, පොලු හරඹය, මිටින් මිට ගැසීමෙ පොරය, මල්ලව නමි පොර ඇල්ලීම
යුද්ධ කිරීම, යුදසෙන් පිරික්සීමය, කදවුරුය, සිවුරගසේනාව දැකීමය ආදියයි.
මෙසේ මෙයාකාර විසුඵ දැකීමෙන් සමපූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය".
"සමහර
පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ප්‍රමාදයට කාරණ වූ මෙයාකාර
සූදු කෙළියෙහි යෙදී වාසය කරති. එවැනි දේ නමි අට මඩුලුකොටු කෙළිය, දස
මඩුලුකොටු කෙළිය ,අහස් කෙළිය කොටු පැනීම කටිටි පැනීම, එක් කොට තබන දේ
නොසොල්වා ගැනීමමෙ කෙළිය, සිංහ කෙළිය එනමි සැලුමි කෙළිය කුරු ගැසීමෙන්
පින්තුර සෑදීමෙ සෙල්ලම බිම හෝ බිත්තිවල ලී කරු ගසා ඇත් අස් ආදී රූප දක්වා
ක්‍රීඩා කිරීම, පන්දු කෙළිය, පත් කුලල්වස්දඩු පිඹීමය, නගුල් කෙළිය, කරනමි
ගැසීම, කන්නන්ගුරු කෙළිය එනමි තල්පත් ආදිය පෙන්නා මුළාකොට කරණ වංචනික
ක්‍රිඩාවකි, වැලි ආදිය මැනීමෙ සෙල්ලම රථ වාහන යොදා කරන සෙල්ලම, දුනු කෙළිය,
අකුරු සෙල්ලම, සිතුදේ කීමෙ සෙල්ලම, දෝෂ රූප දක්වා කරන සෙල්ලම යනුය. මෙසේ
ප්‍රමාදයට කරුණුවූ සූදු සෙල්ලමෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය".
"සමහර
පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ උස් ආසන මහ ආසනයන්හි
වාඩිවීමෙන්යුක්තව වාසය කරති. මෙබදුවූ උස් ආසන මහ ආසනයන්ගෙන් වැළකුණෝ
ශ්‍රමණ ගෞතමයෝය".
"සමහර
පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ ෆශරීරයට සමබන්ධවූ
සැරසීමය, අඩු තැන් පිරවීමය යන කරුණෙහි යෙදී වාසය කරයි.මෙබදුවූ සැරසීමි හා
අලංකාර කිරීමි ආදියෙහි යෙදීමෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය".
"සමහර
පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ වැඩ නැති කථාවෙහි
යෙදී වාසය කරති. එනමි රජුන් ගැන කථාය, සොරුන් ගැන කථාය,මහා ඇමතියන් ගැන
කථාය, සේනා ගැන කථාය, භය ගැන කථාය, යුඞ ගැන කථාය, කෑම ගැන කථාය, බීම ගැන
කථාය, ඇදුමි පැළදුමි ගැන කථාය, නිදාගැනීමි ගැන කථාය, මාලා ගැන කථාය, සුවද
ද්‍රව්‍ය ගැන කථාය, නෑයන් ගැන කථාය, යානාරථ: ගැන කථාය, ගමි ගැන කථාය, ගමි
අසල නියමිගමි ගැන කථාය, නුවර ගැන කථාය, ජනයා ගැවසීගත් පළාත් ගැන කථාය,
ස්ත්‍රීන් ගැන කථාය, පුරුෂයන් ගැන කථාය, වතුර ගන්නා තැන් වලට හෝ තොටුපළ වලට
රුස්වූ අය කරන කථාය, නැසීගිය නෑයින් ගැන කථාය, නොයෙක් ප්‍රයෝජන නැති දේ
ගැන කථාය, ලෝකයේ මැවුමි කාරයා ආදී විනිශ්චය නැති දේ ගැන කථාය, මහමුහුද ගැන
කථාය, ඇතිවීම නැතිවීම ගැන සීමාරහිත කථාය. මෙබ දුවූ කථාවෙහි යෙදීමෙන්
වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය"
"සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි දූතකමි සහ පණිවිඩ ගෙන යෑමෙහි යෙදී වාසය කරති. කුහකයෝද වෙති.
සිවුපසය
ලබා ගැනීම පිණිස වචන කියන්නෝද, නිමිති දක්වන්නෝද, අනුන්ගේ ගුණ නැති කිරීමට
කථා කිරීමෙන් ලාභ ලබන්නෝද ලාභයෙන් ලාභයක් සොයන්නෝද වෙති. මෙවැනි දූතකමි
කරන්නෝද කුහක ලාභයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය".
මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය".
"සමහර
පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන්
මිථ්‍යාජීවිකාවෙන් ජීවිකාව කෙරෙත්. එනමි සාමුදිකා ශාස්ත්‍රය නිමිත්තෙන් ශුභ
අශුභ කීම උත්පාතය කීම, ස්වප්ණ ශාස්ත්‍රය, ලක්‍ෂණ ශාස්ත්‍රය, මූසික
ශාස්ත්‍රය, ගිනිපිදීම, යාග කිරීම, අංග විද්‍යාය වාස්තු විද්‍යාය, නීති
ශාස්ත්‍රය, සොහොනෙහි ශාන්ති කරන භුත විද්‍යාය, මන්ත්‍ර විද්‍යාය, විෂ
විද්‍යාය, ගෝනුසු විද්‍යාය, මීයන් කෑ කල පිළියමි කිරීමෙ විද්‍යාය, කුරුලු
විද්‍යාය, කපුටු ශාස්ත්‍රය, ආයුෂ මෙපමණ යැයි කීම, ඊ පහරින් වළකන විද්‍යාය,
මෘග පක්‍ෂීන්ගේ ශබිද දැනීමෙ ශාස්ත්‍රය,මාණික්‍යයන්ගේ ශුභ අශුභ කියන මණි
ලක්‍ෂණය, දඩු නැනීමෙහි ශුභ අශුභ කියන දණ්ඩ ලක්‍ෂණය, වස්ත්‍ර ලක්‍ෂණය, කඩු
දුනු ඊ ආයුධ ලකුණුය, ස්ත්‍රි පුරුෂ පිරිමි ළමයින්ගේ ගෑනු ගැහැනු ළමයින්ගේ
දාසයින්ගේ දාසීන්ගේ ඇතුන්ගේ අශ්ව මීහරක් ගොන් දෙනුන්ගේ එඵ බැටඵ කුකුඵ වටු
කබරගොයින් ආදීන්ගේ ලක්‍ෂණය, හිස් කන් ආදී ආභරණ ලක්‍ෂණය, කැසුබුමෘග ලක්‍ෂණය
යනුයි.
අසවල්
දින රජුගේ බැහෑර යාම හෝ ආපසු ඒම වෙයි. ඇතුඵ නුවර උන් රජුගේ සමීපයට යාම
වෙයි. පිට රජුන්ගේ ඉවත යෑම වෙයි. ඇතුඵ නුවර රජුන්ට ජය වෙයි. පිට රජුන්ට
පරාජය වෙයි. මෙසේ මොහුය ජය වන්නේය. මොහුට පරාජය වන්නේය.චන්‍ද්‍රග්‍රහණය
සූය්‍යෟග්‍රහණය වන්නේය. ග්‍රහ තාරකාවන්ගේ ග්‍රහණය වන්නේය, චන්‍ද්‍ර
සූය්‍යෟයන්ගේ
ගමන් ස්වකීය මාර්ගයෙහි හෝ අමාර්ගයෙහි වන්නේය. ග්‍රහ තාරකාවන්ගේ ගමන් ස්වකීය මාර්ගයෙහි හෝ අමාර්ගයෙහි වන්නේය. උල්කාපාත තාරකා වැටීම දිසාවන් දැවීම, භුමිකමිපා, අහස ගිගුරුමි වන්නේය. චන්‍ද්‍ර සූය්‍යෟ ග්‍රහ තාරකාවන්ගේ උදාවීම, බැසීම, කෙලෙසීම, පිරිසිදුවී මවන්නේය. මෙබදු විපාක ඇති චන්‍ද්‍රග්‍රහණයක් සූය්‍යෟග්‍රහණයක් ග්‍රහ තාරකා ග්‍රහණයක් වන්නේය. චන්‍ද්‍ර සූය්‍ය යන්ගේ මෙබදු විපාක ඇති මාර්ග ගමන හෝ අමාර්ග ගමන හෝ ග්‍රහ තාරකාවන්ගේ මාර්ග ගමන වන්නේය.මෙබදු විපාක ඇති අමාර්ග ගමන උල්කාපාතයෙක් දිසාවන් දැවීමෙක්, භුමි කමිපාවක්, අහස ගිගුරුමක් වන්නේය. මෙබදු විපාක ඇති චන්‍ද්‍ර සූය්‍යෟ ග්‍රහ තාරකාවන්ගේ මෙබදු විපාක ඇති උදාවීම, බැහීම කෙලෙසීම, පිරිසිදු වීම වන්නේය යනු දක්වන විද්‍යායි. හොදින් වැහි හෝ නියග හෝ නපුරු වැහි ඇති වන්නේය. ආහාර ආදිය සුලභ වන්නේය හෝ හිග වන්නේය. භය හෝ ලෙඩ ඇති වන්නේය හෝ නැති වන්නේයයි කීමද හස්ත මුද්‍රා ආදී ලකුණුවලින් යමිදේ ප්‍රකාශ කිරීමෙ ශාස්ත්‍රය, ගණිත ශාස්ත්‍රය, ඝණ ප්‍රමාන දැන ගැනීමෙ ගණිතය, කාව්‍ය ශාස්ත්‍රය, ලෝකායත විතණ්ඩ ශාස්ත්‍රය, ලෝකස්වභා ශාස්ත්‍රය යන මෙ විද්‍යායි.
ගමන් ස්වකීය මාර්ගයෙහි හෝ අමාර්ගයෙහි වන්නේය. ග්‍රහ තාරකාවන්ගේ ගමන් ස්වකීය මාර්ගයෙහි හෝ අමාර්ගයෙහි වන්නේය. උල්කාපාත තාරකා වැටීම දිසාවන් දැවීම, භුමිකමිපා, අහස ගිගුරුමි වන්නේය. චන්‍ද්‍ර සූය්‍යෟ ග්‍රහ තාරකාවන්ගේ උදාවීම, බැසීම, කෙලෙසීම, පිරිසිදුවී මවන්නේය. මෙබදු විපාක ඇති චන්‍ද්‍රග්‍රහණයක් සූය්‍යෟග්‍රහණයක් ග්‍රහ තාරකා ග්‍රහණයක් වන්නේය. චන්‍ද්‍ර සූය්‍ය යන්ගේ මෙබදු විපාක ඇති මාර්ග ගමන හෝ අමාර්ග ගමන හෝ ග්‍රහ තාරකාවන්ගේ මාර්ග ගමන වන්නේය.මෙබදු විපාක ඇති අමාර්ග ගමන උල්කාපාතයෙක් දිසාවන් දැවීමෙක්, භුමි කමිපාවක්, අහස ගිගුරුමක් වන්නේය. මෙබදු විපාක ඇති චන්‍ද්‍ර සූය්‍යෟ ග්‍රහ තාරකාවන්ගේ මෙබදු විපාක ඇති උදාවීම, බැහීම කෙලෙසීම, පිරිසිදු වීම වන්නේය යනු දක්වන විද්‍යායි. හොදින් වැහි හෝ නියග හෝ නපුරු වැහි ඇති වන්නේය. ආහාර ආදිය සුලභ වන්නේය හෝ හිග වන්නේය. භය හෝ ලෙඩ ඇති වන්නේය හෝ නැති වන්නේයයි කීමද හස්ත මුද්‍රා ආදී ලකුණුවලින් යමිදේ ප්‍රකාශ කිරීමෙ ශාස්ත්‍රය, ගණිත ශාස්ත්‍රය, ඝණ ප්‍රමාන දැන ගැනීමෙ ගණිතය, කාව්‍ය ශාස්ත්‍රය, ලෝකායත විතණ්ඩ ශාස්ත්‍රය, ලෝකස්වභා ශාස්ත්‍රය යන මෙ විද්‍යායි.
විවාහ
කැඩවීම, විවාහ කරවීම, හිත් සිත් දිනාගැනීම පිණිස වචන කීම, වියෝග කරවීම,
වස්ත්‍ර රැස් කරවීම, වියදමි කරවීමි යහපත් ශ්‍රියාව ඇති කරවීම හෝ නැති
කරවීම, ගර්භය නොනස්නා සේ රැකීම, දිව බැදීම, හක්ක බැදීම, අත් පෙරළවන පිණිස
මන්ත්‍ර කිරීම, කන් නොඇසීමට මන්ත්‍ර කිරීම, මූණ බලන කන්නාඩියක දේවතාවන්
පිහිටවා ප්‍රශ්න ඇසීම, ආවෙස වූ ගෑනු ගැහැනු දරුවන්ගෙන් ප්‍රශ්න ඇසීම,
දෙවිවරුන්ගෙන් ප්‍රශ්න ඇසීම, සූය්‍යෟයාට හෝ බ්‍රහ්මයාට නමස්කාර කිරීම,
කටින් ගිනිදැල් පිට කිරීමය, ශ්‍රි දේවිය කැදවීම යනුයි. බාරහාරවීම, බාරහාර
ඔප්පූ කිරීම, බිමි ගෙයි සිට උගත් මන්ත්‍ර යොදා කිරීම,නපුංසකයා පුරුෂයෙකු
කිරීම, පුරුෂයා නපුංසක කිරීම, ගෙවල් තැනීම, ගෙවල් සෑදීමට සුදුසු තැන බලියාග
පැවැත්වීම, අනුහස් ඇතැයි කියන වතුරෙන් කට ශුඞ කරවීම, අනුන් නැහැවීම, අනුන්
සදහා ගිනි පිදීම, වමනය කරවීම, විරේචන කරවීම, කණේ තෙල් දැමීම, ඇග් බෙහෙත්
දැමීම, නස්‍ය කිරීම, ඇසට අදුන් ගෑම, අදුන් ආදී සිහිල් බෙහෙත් ගෑම, සැත් කටු
ආයුධ කටු ආදිය යොදා කරන වෙදකම, ශල්‍යකර්මය, දරු වෙදකම, බෙහෙත් මගින් කරන
වෙදකම, තද බෙහෙතෙහි විෂ මැරීම යනුයි.
එවැනි ලාමක පහත් විද්‍යාවෙන් කරන මිථ්‍ය ජීවිකාවෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය"
මහණෙනි,
තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය. මහණෙනි,
ඉදින් කෙලෙස් සහිත ජනයා තථාගතයන්ගේ ගුණ වශයෙන් මෙබන්දක් කියාද එය සුඵ
දෙයකි. අඩු දෙයකි. සුඵ ස්වභාව ගතියෙකි".
මහණෙනි,
අන්‍ය ධර්මයද ඇත්තාහ. ගැඹුරුවූ, දුකසේ දැක්කාවූ, දුකසේ වටහා ගත්තාවූ,
මිහිරිවූ, තර්කයෙන් දැනගත නොහැකිවූ, සියුමිවූ, පණ්ඩිතයින් විසින් ගරුකළ
යුතුවූ යමි ධර්ම ඇත්තේද එය තථාගතයෝ තමන්ගේ උසස් ඥානයෙන් දැන පිඩුකොට දේශනා
කළෝද ඒ ධර්මයෙන් තථාගතයන්ගේ ගුණ හොදින් ප්‍රකාශවෙ. පැහැදිලිව පෙනේ.
ඔබට
මෙයින් පෙනි යන්නේ කුමක්ද? කෙලෙස් සහිත ජනයා වු අප විසින් බුදුපියානන්
වහන්සේගේ ගුණ දක්වනුයේ උන්වහන්සේ හදුනාගනුයේ උන්වහන්සේගේ ශිලයෙන් පමණක් බව
නේද?
එසේනමි
බුදුපියානන් වහන්සේ යනු කවරකුද යන්න හොදින් ප්‍රකාශ වන්නේ කෙසේද යන්න
උන්වහන්සේ විසින්ම දක්වා ඇත "ගරුකළ යුතුවූ යමි ධර්ම ඇත්තේද එය තථාගතයෝ
තමන්ගේ උසස් ඥානයෙන් දැන පිඩුකොට දේශනා කළෝද ඒ ධර්මයෙන් තථාගතයන්ගේ ගුණ
හොදින් ප්‍රකාශවෙ"
No comments:
Post a Comment