පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

Wednesday, August 29, 2012

සිත පහදවා ගත යුතු කරුණු හතරක්

ධර්ම දේශනාව(බුදුසරණ 2007.10.03)
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
චත්තාරෝ මේ භික්ඛවේ අග්ගප්පසාදා, තථාගත සම්මා සම්බුද්ධෝ අග්ගමක්ඛායති. විරාගෝ අග්ගමක්ඛායති. අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ අග්ගමක්ඛායති. තථාගත සාවක සංඝෝ අග්ගමක්ඛායතී තී.
සැදැහැවත් පින්වත්නි,
අමා මෑණි තථාගතයන් වහන්සේ වදාළනෙ “දුල්ලභෝ මනුස්සත්ත පටිලාභෝ” කියල. මිනිසෙක්වීම දුර්ලභ වූ විශේෂ ලාභයක්. ඔබත් මමත් මේ මිනිස් ජීවිතය ලැබුවෙ පෙර කළ පින් බලයෙන්. පෙර කළ පින් ඇති අය, පෙර පින් බලයෙන් ඉපදුණු අප මේ ජීවත්වන මොහොතෙත් පිනට දහමට යොමු විය යුතුයි. නැතිනම් වන්නෙ පුරාණය වළඳමින් ජීවත්වීම. අලුත් පිනක් නැහැ, පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සිරි මුව මඬලින් මහා කරුණාවෙන් වදාළ හැම බුදු වදනක්ම සිත සංසුන් කරනව, සිත තැන්පත් බවට පත්වෙනව. පාපයෙන් මුදවනව. පින් පුරනවා. දිනක් අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරනව, “චත්තාරෝ මේ භික්ඛවෙ අග්ගප්පසාදා”. මහණෙනි. මේ හතර ගැන ඔබේ පැහැදීම ඇති කර ගන්න. ඒ පැහැදීම විශිෂ්ටයි. මොනවද ඒ හතර? “තථාගත සම්මා සම්බුද්ධෝ අග්ග මක්ඛායති” තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම උතුම්ම පැහැදීමයි. “විරාගෝ අග්ගමක්ඛායතී” විරාගී වූ ධර්මය ගැන පැහැදීම උතුම්. “අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ අග්ගමක්ඛායතී” ආර්්ය අෂ්ටාංගික මාර්ගය ගැන පැහැදීම උතුම්. “තථාගත සාවක සංඝෝ අග්ගමක්ඛායති” තථාගත ශ්‍රාවක සංඝ රත්නය ගැන පැහැදීම උතුම්. මේ තැන් හතර ගැන පහදින අයගේ දුක සෝක සංකා දුරු වී සැදැහැවත් බව, නුවණ දියුණු වෙනව.
පින්වත්නි,
සමහරු කෙනෙක් දැකීමෙන්ම පහදිනව. සමහරු හඬට පහදිනව. තවත් අය කෙනෙකුගේ දක්ෂතාවලට පහදිනව. ඒත් හැම පැහැදීමක්ම තාවකාලිකයි. සමහර පැහැදීම් යහපතට හේතු වනව. සමහර ඒවා විනාශයට හේතු වනව.
පින්වත්නි, මෙලොව පහළ වන මිනිසුන් අතර නොයෙක් විදිහෙ දාර්ශනිකයෝ, ඉතිහාසඥයෝ, මනෝ විද්‍යාඥයො ඉන්නව. ඒත් ඒ හැම දෙනා අතර බුදුරජාණන් වහන්සේ උත්තරීතරයි. හිතල බලන්න පාරමී පිරූ බෝසත් කාලය. අතීත ජාතිවල ගත කරල තිබෙන ජීවිත බැලුවත් අසිරිමත්. වෙස්සන්තර ආත්ම භාවය ගැන හිතන්න. තමන් සතු වස්තුව දන් දීල ජාලිය - ක්‍රිෂ්ණජිනා දරු දෙන්නත් මන්ද්‍රි දේවියත් සමග මහ මඟට බැස්ස. අතර මඟදි අශ්ව කරත්තය දුන්නා. වනගතවෙලා තවුස් දම් රකිද්දි දරුවන් දන් දුන්නා. මන්ද්‍රී දේවිය දන් දුන්නා. මේ හැම දීමනාවක්ම වගේම යමෙක් නෙත් දෙක ඉල්ලුව නං එවේලෙම ගලවල දුන්න. ඉස් - මස් - ලේ - හදවත් දන් දුන්නා. ජීවිත පූජා කළ වාර අපමණයි. ඒ හැම පරිත්‍යාගයක්ම කළේ ඔබ වෙනුවෙන්. මා වෙනුවෙන්.
ඊළඟට බලන්න සිදුහත් කුමාරව ඉපදිලා ළමා කාලය ගත කළ හැටි. ඒ ළමා කාලයෙ හරිම සන්සුන්. අහිංසකයි. එදා වප් මඟුල් දා සිදුවුණු දේ ඔබ දන්නවනේ. දෙව්දත් කුමරු හංසයකුට විදපු වෙලාවෙ සිදුහත් කුමාරය ඒ ඊතලය ගලවල සාත්තු කළානේ. ඊළඟට තරුණ කාලයේ යශෝධරාව විවාහ කර ගෙන රාහුල පුංචි පුතා ඉපදුණු දවසෙ සියලු සැප අත්හැරල තපසට ගියානේ. ඒ අතහැරීමෙන්ම උන්වහන්සෙ මොන තරම් සැහැල්ලු බවට පත් වුණාද? ඉන් පස්සෙ ලොවුතුරා බුදු වුණ දවසෙ උන්වහන්සෙ .... සිත දුකට පත් කරවන සියලු කෙළසුන් කෙරෙන් දුරුවුණා. සියලු සසර බැමි වලින් නිදහස් වුණා. සියලු පූජාවන්ට සුදුසු වුණා. රහසින්වත් පවු නැති අසිරිමත් බුදු සිතක් ලැබුවා.
පින්වත්නි, කෙළෙස් කියන්නෙ සිත දූෂිත කරන - සිත කිළිටි කරන - සිත අපිරිසුදු කරන සිතිවිලිවලට. එයින් එකක් බලන්න. වෛරය. වෛරය - තරහව ඔබේ සිතේ තිබෙනව නම් විශාල වදයක් නේද? සිත ගිනි ගත්ත නේද? එවන් සිතිවිලි මහා බරක්. ඔබ යම් කෙනෙකු සමග වෛර බැඳ ගත්ත කියල හිතන්න. ඒ මොහොතෙ ඉඳලම ඔබේ සිතේ පහළ වන්නෙ නරක නපුරු සිතිවිලි නේද? ඒ ඔස්සෙ ක්‍රියාත්මක වන්නෙ විපත්ති නේද? එය ඔබේ ජීවිතයටම කරගත්ත කොඩිවිනයක් නේද? කිසිම වැදගැම්මකට නැති දේවල් නිසා ඇයි අප අපේ සිත කෙළෙසා ගන්නෙ.
බලන්න, ලොවුතුරා බුදු සිත සියලු කෙළෙස් සහමුලින් දුරු කළ සිතක්. ඒ නිසා නෙ බුදුපියාණන් වහන්සේ මහා කාරුණික වුණේ. ඒ බුදු සිතේ තිබුණු නිවීම, සැනසීම, විරාගී බව, නුවණ බුද්ධිය අපමණයි. ඒ බුදු සිතේ තම පුතා, තම පියා, දෙව්දත් තෙරුන්, ආලවක සෙනෙවි, අංගුලිමාල කියල වෙනසක් තිබුණේ නැහැනෙ. හැමෝටම සම මෙත් කරුණා දැක්වූවා.
පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණු අති විශිෂ්ට ගුණයක් තමා නොඇලීම හා නොගැටීම. ඔබටත් හැකිද ඒ විරාගී දහම අනුගමනය කිරීමට. එසේ හැකි නම් විශාල ජයග්‍රහණයක්. සතිපට්ඨාන සූත්‍රය ගැන දන්න ඇත්තන්ට වැටහේවි.
බුදුරජාණන් වහන්සේ තුළ තිබුණ වීතරාගී, වීතදෝසී, වීතමෝහී සිතිවිලි පිළිබද බලන්න. එම සූත්‍රයෙ මුලින්ම දැක්වෙන කය අනුව සිහි නුවණින් බැලීම තවත් කිසිවෙකුට විවරණය කිරීමට ඉඩ නොතබා විවරණය කළා. ශරීරයේ පැවත්මට මහෝපකාරී වන හුස්ම ටික ගැන දී ඇති විවරණය, ඊළඟට සතර ඉරියව් පැවැත්වීම ගැන, හැම ඉරියව්වක් ගැනම, දෙතිස් කුණප කොටස් ගැන, සතර මහා ධාතු ගැන මරණින් පසු ශරීරයේ ඇති තතු ගැන විවරණය කර ඇති අයුරු අසිරිමත්. ඊළඟට බලන්න අපේ සිත ගැන, විඳීම් ගැන, ලෝකයේ ජීවිතයේ සත්‍යතාවය ගැන කර ඇති විවරණය අසිරිමත් නේද? ලෝකයේ මොන තරම් විද්‍යාඥයො ඉන්නවද? ඒත් ඔබේ මගේ සිත ගැන, ඒ සිතේ පහළ වන සිතිවිලි ගැන, ඒ සිතිවිලි වලින් පහළ වන වින්දන. ඒ වින්දන නිසා එක් රැස්වන කර්ම ශක්ති ගැන අපේ බුදුහාමුදුරුවො මහා පුදුම විදිහට විවරණය කරල තිබෙනව.
ඊළ¼ගට බලන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන. පින්වත්නි, සම්මා දිට්ඨිය ගැන හිතන්න. සම්මා දිට්ඨිය පිහිටන්නෙ සිතේමයි. ලොව තිබෙන හොඳම දැකීම තමා පින්වත්නි සියල්ලටම මුල සිත, ඔය සිතේ පහළවන හොඳ නරක දෙකේම ප්‍රතිඵලයක් හැටියටයි ඔබත් මාත් නිර්මාණය වෙලා තිබෙන්නෙ. ඉන් තොරව අපව නිර්මාණය කළ මොනම අදෘශ්‍යමාන හස්තයක්වත් නෑ. මොනම දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් අපව නිර්මාණය කරල නෑ. ඔබ යම් දුකකට පත් වී ඇත්නම් ඒ ඔබේම සිතේ ඔබම පහළ කර ගත්ත රාගය - තරහව - මෝඩකම - මානය - ඊර්ෂ්‍යාව වගෙ අයහපත් සිතිවිලිවල ප්‍රතිඵලයක්. ඔබේ සිතේ අවංක පිරිසුදු සතුටක් තිබෙනව නම් එතැන ඇලීමක් , ගැටීමක් නෑ. පින්වතුනි, ඔබ යම් දෙයකට තදින් ඇලී සිටිනව නම්, ඔබ යම් කෙනෙකුට දැඩිව ආදරය, සෙනෙහස, ඇලීම, බැඳීම දක්වනව නම් මහා දුකක්නෙ. එය ඔබ හොඳින් අත්විඳල ඇති.
ඕනැම දෙයක් සමග හරි ඕනැම කෙනෙක් සමග හරි දැඩිව බැඳෙන එක ගැටෙන එක දුකක්මයි. පුරුද්දක් පිළිබඳ වුණත් එහෙමනෙ. ඒක හිතට මහා බරක්. බැඳීමෙන්, ගැටීමෙන් දුරස් වන්න වන්න හිතට සැනසිල්ල ළඟා වෙනව. එතැන තමා දැහැමිකම. ඒ තමා පරම සත්‍යය. මේ දැකීම ඔබ තුළ තිබෙනවද? මේ උතුම් සංකල්පනා ඔබ තුළ තිබෙනවද? මෙය උතුම් නිවැරදි වචනයක්. අපි වීරිය දැරිය යුත්තෙ මිථ්‍යා විශ්වාසවලින් මිදෙන්න. වැරැදි ක්‍රියා දුර හරින්න. ඔබ උත්සාහ කරන්න පන්සිල් රකින්න. පන්සිල් රැකීමෙන් ලැබෙන සතුට අප්‍රමාණයි.
පින්වත්නි, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළ අය අතර මහා සංඝ රත්නයම ශ්‍රේෂ්ඨයි. සුපටිපන්න ගුණයෙන් යුක්තයි. ඉන් අදහස් කරන්නෙ සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඥාණයෙන් යුක්තයි. ඒ වගේම උජුපටිපන්නයි. ඒකෙන් අදහස් කරන්නෙ, ඒකාන්තයෙන්ම නිවන් පිණිසම පිළිවෙත් පුරණ නිසයි.
ඔබගේ හද කුටියේ ඉඩක් වෙන් කරන්න, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට, වීතරාගී නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයට, ආර්ය අෂ්ටාංගික මාර්ගයට, සුපටිපන්නාදී ගුණ සපිරි මහා සඟරුවනට. එය දෙලොව යහපතට, නිවන් අවබෝධයට උපකාරී වනව. ඔබටත් මටත් ධර්මාලෝකය පහළ වේවා! නිර්වාණාවබෝධය වේවා!

සුදුසු ඇසුර සොයමු නිතර

ධර්ම දේශනාව(බුදුසරණ 2007.10.10)

නමෝ තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
පූති මච්ඡං කුසග්ගේන
යෝ නරෝ උපනය්හති
කුසාපි පූති වායන්ති
ඒවං බාලූප සේවනා
කාරුණික පින්වත්නි,
මහා කාරුණික භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මිනිස් වර්ගයාගේ යහපත පිණිස සැප පිණිස දියුණුව පිණිස දහම් දෙසූහ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දෙසා වදාළ හැම වචනයක්ම ලෝක සත්ත්වයාගේ යහපත පිණිසම විය. එසේ දේශනා කළ වදාළ දහම් ගාථාවකි. අද අපි තෝරාගන්නට යෙදුනේ.
යම් මිනිසෙක් කුස කණ ගසේ අගින් වුවද කුණු මස් වෙලා ගනීද බැඳ ගනීද , ඔසවාගනීද ඒ හේතුවෙන් කුස තණ ගස ද දුගඳ හමන තත්ත්වයට පත්වනවා. බාලයන්ගේ ඇසුරට යොමු වීමත් එබඳුම යැයි අපේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ වදාළා , මිනිසාගේ සම්පූර්ණ පරිහානිය සිදුවන්නේ බාලයන්ගේ ඇසුරට යොමු වීම නිසයි. බාලයන්ගේ ඇසුර හැම අයුරින්ම පිළිකුල් එකක් බව බුදුහාමුදුරුවො අපට පෙන්වා දෙනවා. මෙහි ‘බාලයා’ යන වචනයෙන් අදහස් වන්නේ වයසින් බාල අය නොව ගුණ දහමින් පෝෂණය නොවූ අයයි. වයසින් බාල අය අපට පහසුවෙන් හඳුනා ගැනීමට හැකි වුවත් ගුණ දහමින් බාල අය නම් හඳුනා ගැනීමට පහසුම නැහැ. ඒ සඳහා අපට අපගේ නුවණ හොඳට අවශ්‍ය වෙනවා. එක අතකින් පාපමිත්‍රයා, මිත්‍රප්‍රතිරූපකයා වශයෙන් හදුන්වන්නේද බාලයය. ඒ අය ලොකු කුඩා ස්තී‍්‍ර, පුරුෂ, උගත් නූගත් හැම දෙනා අතරම අඩුවක් නැතිව සිටිය හැකිය. “සමන්තා පාපමිත්තා” යනුවෙන් දේශනා කළ වදාළේ හැම පැත්තෙම හැම තැනම අඩුවක් නැතිව පවිටු මිතුරන් සිටින බවයි. එනිසා අප බොහෝ විට ප්‍රවේශම් වන්නට ඕනෑ.
බාලයාගේ චරිත බාලයාගේ ස්වභාව , බාලයාගේ ලක්‍ෂණ පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා. එය බාල පණ්ඩිත සූත්‍ර ධර්මය කියවන අයට පැහැදිලි වෙනවා. ඒ පිළිබඳව සඳහන් වන්නේ මෙහෙමයි.
“මහණෙනි , බාලයාගේ බාල ලක්‍ෂණ , බාලනිමිති, බාල චරිත තුනයි. මොනවාද ඒ තුන
1. මෙලොව බාලයා, නොසිතිය යුතු දෙය සිතනවා
2. කථා නොකළ යුතු දෙය කථා කරනවා
3. නොකළ යුතු දෙය කරනවා”
මෙම බුද්ධ දේශනාව අනුව අපට මනාව පැහැදිලි වෙනවා බාලයාගේ ස්වභාවය . ඒ වගේම අපට බාලයා කවර පුද්ගලයකු ද කියලා හඳුනා ගැනීමටත් හැකිවෙනවා. බාලයාගේ් සිතිවිලි හරිම නරකයි, හරිම විෂ සහගතයි. ලෝභය ,ද්වේෂය, මෝහය පදනම් කරගත් පාප සිතිවිලි , පාප විතර්ක මයි ඔහු සිත තුළ පවතින්නේ හැම විටම පස්කම් සැපතට ලොල් වූ ගිජු වූ අදහස්මයි ඔහුගේ සිතේ රජ කරන්නේ , ඒවා සපුරා ගැනීමට විවිධ ක්‍රමෝපායන් පිළිබඳ නිතර සිතනවා. කාමය පිළිබඳ සිතනවා. වගේම නිතර ද්වේෂ සහගත සිතිවිලිත් පහල කරගන්නවා. වෛරය, ක්‍රෝධය, පලිගැනීම, ඊර්ෂ්‍යාව ආදී දුෂ්ට සිතිවිලි මෙන්ම මෝහයට මුලාවට බර වූ මෝහ සහගත සිත් උපදවා ගන්නවා. මෙලෙස පවිටු පුද්ගලයා නො සිතිය යුතු දේ සිතනවා. එපමණින් ඔහු නො නවතියි. එම සිතිවිලි කායික , වාචසික , වශයෙන් ක්‍රියාත්මක කරන්නට පෙළඹෙයි. ඒ අනුව බොරු කීම, කේලාම් කීම පවිටු වචන කථා කිරීම , හිස් වචන කථා කිරීම වශයෙන් වචී දුශ්චරිත බොහෝ ලෙස කරනවා. එනිසයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ‘බාලයා’ නොකළයුතු කථා කරනවා කියලා. සතුන් මැරීම, සතුනට වද හිංසා පැමිණවීම ,සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, මදයට හා ප්‍රමාදයට හේතුවන මත්ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය භාවිතා කිරීම ආදී අනේකාකාර කායික දුශ්චරිත ද බාලයා සිදු කරනවා. මෙම ත්‍රිවිධ දුශ්චරිත ක්‍රියා බාලයාගේ ස්වභාවය අනුව අඩු වැඩි වශයෙන් සිදුවනවා. ඉහත ලක්‍ෂණ ඇති පුද්ගලයා බලවතෙක් නම්, මහා පිරිවර ඇත්තෙක් නම් මහා ධනවතෙක් නම්
ඔහු සිදු කරන විපත සුළු පටු නොවේ. සමාජයට යම් හිරිහැරයක්, කරදරයක්, හිංසාවක්, පීඩාවක්, විනාශයක්, දුකක්, ශෝකයක් සිදුවෙනවා නම් ඒ බාලයා මුල් කර ගෙනමයි සිදුවන්නේ. ලෝකය දෙස සිහිනුවණින් බලා විමසුවහොත් අපට මෙය හොඳින් වටහා ගත හැකිවෙනවා.
සිඟාලෝවාද සූත්‍ර දේශනාවේ පාප මිත්‍රයන් සතර දෙනෙකු පිළිබඳ සඳහන් වෙනවා. අඤ්ඤදත්‍ථූහර, වචී පරම , අනුප්පියභාණි, අපාය සහය යන නම්වලින් පෙන්වා දෙන්නේ ඒ සතර දෙනයි. මේ පුද්ගලයන්ගේ විශේෂ ගති ලක්‍ෂණ අනුවයි. කොටස් හතරකට බෙදා ඇත්තේ කිසිවක් නොදී කිසි සහයෝගයක් නොකර යම් යම් දේ ලබාගැනීම හෝ ඉතා ස්වල්ප යමක් දී බොහෝ දේ ලබා ගැනීමට පැමිණීම ‘අඤ්ඤදත්‍ථුහර’ පවිටු මිතුරාගේ ස්වභාවයයි. තමාට පැමිණෙන බිය උවදුරු වලින් මිදීමට කරදර බාධක වලින් විඳීමට ඔහු පැමිණෙයි. මොහුගේ පැමිණීම ඔහුගේම වාසිය උදෙසා මයි.
‘වචී පරම’ කියන විටම අපට ඔහුගේ ස්වභාවය තේරුම් ගන්නට හැකිවෙනවා. ඒ තැනැත්තාගේ සෑම ක්‍රියාවක්ම වචනයට පමණක් සීමා වෙනවා.
අතීතයෙන් සංග්‍රහ කිරීම, අනාගතයෙන් සංග්‍රහ කිරීම, අනවශ්‍ය දෙයින් සංග්‍රහ කිරීම, නැති දෙයින් සංග්‍රහ කිරීම මොහුගේ කැපී පෙනෙන ස්වභාවයයි.
මිතුරා කියන කරන සිතන හොඳ නරක දෙකම එකසේ අනුමත කරන්නේ අනුප්පිය භාණී පුද්ගලයා .එමෙන්ම සමීපයේ සිටින කල්හි ගෞරව කර ප්‍රශංසා කර, නම්බුනාම දී කථා කළත් නැති තැන බොහෝ දොස් කියයි. නින්දා කරයි, අපහාස කරයි.
සැම විටම නරකයටම, පාපයටම අපායටම යොමු කරවන්නේ අපාය සහය පවිටු මිතුරා අපායට යාමට සහයවන නිසා ‘අපාය සහය’ කියනවා. මදයට හා ප‍්‍රමාදයට හේතුවන මත්ද්‍රව්‍ය , මත්ද්‍රව්‍ය භාවිතයට හුරු කරවීම , නොකල්හි වීදි සංචාරය කිරීම, සූදුවට හා පර අඹුවන් කරා යාම ආදී අනේක විධ පාපක්‍රියාවනට ඔහුගේ අනුබලය , සහය, කැමැත්ත, පෙළඹවීම ලැබෙනවා.
මේ ස්වභාවයේ පවිටු මිතුරන් ඇසුරු කිරීමෙන් වැලකීමට සැමකල්හි නුවණැති උත්තමයෝ කටයුතු කරනවා. ඔවුන් සමග එකට විසීමට ඇසුරු කිරීමට කිසිවිටෙක පි‍්‍රය කරන්නේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ ‘අසේ වනාච බාලානං’ බාලයන් ඇසුරු නොකරන්න කියා උගන්වා වදාළා.
බාලයන් ඇසුරු කිරීමෙහි ඇති භයානක කම, නපුර පිළිබඳ බොහෝ සෙයින් අපට පෙන්වා දී තිබෙනවා. ජාතක පොත් වහන්සේ ගෙන බැලුවත්, අපට එය මැනවින් පැහැදිලි වෙනවා. ධම්ම පද ගාථා, පරීක්‍ෂා කර බැලුවත් දුදනන්ගේ ඇසුර කෙතරම් පිළිකුල් ද කියා හෙලිවෙනවා. නපුරු දුදනන්ගේ ඇසුර කිසි ලෙසකින් යහපත් වන්නේ නැහැ. එහි ඇති භයානක කම මෙලොවට පමණක් සීමා වන්නේ නැහැ. කල්ප ගණනින් දුගතිවල ඉපිද අනන්ත දුක්වලට ගොදුරු වීමටත් නිවන් මඟ වැසීයාමටත් හේතු වන්නේ බාලයාගේ ඇසුරයි.බාලයන්ගේ ඇසුරට යොමුවන කෙනෙක් කිසි දිනෙක යහපත් වන්නේ නැහැ. අවපස සඳ මෙන් මොහොතින් මොහොත පිරිහෙනවා. එනිසා එයින් වෙන්වීමම උතුම් මංගල කරුණක් වෙනවා. මේ හේතු නිසා අපේ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට මහත් කුළුණින් දේශනා කර වදාළ
පවිටු මිතුරන් ඇසුරු නොකරන්න
අධම පුරුෂයන් ඇසුරු නොකරන්න
කළණ මිතුරන් ඇසුරු කරන්න
උතුම් පුරුෂයන් ඇසුරු කරන්න යනුවෙන් අපේ පැතුමක් ඒ අනුව සකසාගෙන තිබිය යුතුයි. අපි සෑම පින්කමක්ම සිදුකර අවසානයේ ‘නිවන් අවබෝධ කරන තුරු බාලයන්ගේ ඇසුරක් නොලැබේවා. කියා පතනවා. මෙය වඩාත් අවබෝධයෙන් හා සිහියෙන් කරන්නට අවශ්‍ය වෙනවා.
මෙපින් බෙලෙන්
අප සැමට බාලයන්ගේ ඇසුර නිවන් ලබනතුරු නොලැබේවා!
තෙරුවන් සරණයි !

නොපසන් මනසින් කළ-කී දෑ පසු පස එන සැටි

ධර්ම දේශනාව(බුදුසරණ 2007.10.19)

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨෙන
භාසතිවා කරෝතිවා
තතෝ නං දුක්ඛ මන්වේති
චක්කංච වහතෝ පද
පින්වත්නි!
ජීවිතයේ කරන කියන හැම දෙයකටම මුල් වන්නේ මනසයි. ශ්‍රේෂ්ඨ වන්නේත් මනසයි. හට ගන්නේත් මනසින්මයි. ඉතින් අපිරිසුදු මනසකින් යුතුව යම් දෙයක් කරයිද, කියායි ද එයින් ලැබෙන අකුසල විපාකය ඔහු පසු පස්සේ දුක ලුහුබඳියි. කුමක් මෙන්ද යත් ගැල අදනා ගොනු පසුපස නොනැවතී යන ගැල්සක මෙනි.
පින්වතුනි! අපගේ භාග්‍යවතුන් වහන්සේ පහළ වූ යුගයේ, සැවැත් නුවර මහාසුවණ්ණ නමැති ධනවත් ව්‍යාපාරිකයෙක් හිටියා. එක්තරා දිනක දිය නා ආපසු පැමිණෙද්දී සුවිසල් නුග රුකක් ඔහු හට දක්නට ලැබිණි. ඒ දුටු මහා සුවණ්ණට මෙසේ සිතිණි. “මේ නුගරුකෙහි මහේශාක්‍ය දෙවිරු අරක්ගෙන සිටින හැඩයි.” සිතා ඔහු රුක් සෙවන ශුද්ධ පවිත්‍ර කළා. අවසානයේ ඔහු එම නුග රුකට වන්දනාමාන කරගෙන “අනේ දෙවියනි! මට දූ දරුවන් නොමැති හෙයින්, මට දුවෙක් හෝ පුතෙක් ලැබුණොත් මම ඔබ වහන්සේට මහත් පූජාවක් කරනවා යැයි ප්‍රාර්ථනා කරන්නට විය.
කාලය කෙමින් ගෙවී යද්දී මහාසුවණ්ණගේ බිරිඳගේ කුසින් පුත් රුවනක් බිහි විය. මහා සුවණ්ණට ඇති වූ පී‍්‍රතිය අසීමිත විය. නුගරුකෙහි වැඩ සිටිය දෙවියා දරුවෙක් දුන්නැයි කියා, ඔහු හට “පාල” කියා නම තැබුවේය. ටික දවසකින් තවත් පුතෙක් බිහි විය. එවිට වැඩිමහල් පුත්‍රයාට “මහාපාල” කියාත්, අලුත උපන් ප්‍රත්‍රයාට “චූලපාල” කියාත් නම් තැබීය.
කාලයාගේ ඇවෑමෙන් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන නිසි වයස එළඹි කල විවාහ දිවියටද ඇතුළත් විය. දිනක් උපාසක උපාසිකාවෝ පිරිසක් සුදුවතින් සැරසී, බුදු මුවින් පිට වන ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට දෙව්රම් වෙහෙරට පිය නගන අන්දම මහාපාලට දැක ගන්ට ලැබිණි. මහාපාල හටද සද්ධර්මය ශ්‍රවණය කරන්නට ආශාව ඇති වූ හෙයින් උපාසක උපාසිකාවන් සමඟ දෙව්රම් වෙහෙරට ගොස් කෙලවරකට වී බුදු මුවින් ගලා එන ඒ උතුම් ධර්ම දේශනයකට සවන්දුන්හ. අර්ථ මෙනෙහි කිරීමෙන් ටිකෙන් ටික ඔහුට ශ්‍රී සද්ධර්මය තේරුම් ගැනීමට හැකියාව ලැබිණි. තෙරුවන්සරණ ගිය මහාපාල උපාසක තුමා, අවසානයේ පැවිදිවීමට තීරණය කළේ ය. “මහාපාල” උපාසක තුමා, ගෙදර ගොස් පවුලේ සියලු දෙනා කැඳවා තමන්ගේ අදහස ඔවුන් වෙත දන්වන ලදී. එවිට “චූලපාල” මෙසේ කියන්නට විය. මගේ ආදරණීය අයියේ, ඔබ පැවිදි වන්න එපා. මවුපියන් නැති වූ දවසේ පටන්, ඔබ තමයි මගේ මවුපියන් වශයෙන් හිටියේ. අයියාට ගිහිගෙයිම ඉඳගෙන පින් කරන්න පුළුවන්නේ. ඇයි? ඔබ පැවිදි වෙන්නේ? එවිට උතුම් ශ්‍රී සද්ධර්මයේ ගුණ මහාපාල උපාසක විසින් කියා දෙන්නට විය. පවුලේ සියලු දෙනාගේ අවසරයෙන් ඔවුන් හඬා වැලපෙද්දී ගෞතම බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් පැවිදි උපසම්පදාව ලබා ගත්තේ ය.
පස් අවුරුද්දක් මුළුල්ලේ තම ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාට අවනත වී ධර්ම විනය ඉගෙන ගත් “මහාපාල” ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ හමුවීමට ගියහ. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කර පැත්තකින් අසුන් ගත් මහාපාල තෙරණුවෝ මෙසේ ප්‍රකාශ කරන්නට විය. “ස්වාමීනී! භාග්‍යවතුන් වහන්ස මා දැන් ධර්ම විනය පස් අවුරුද්දක් මුළුල්ලේ ඉගෙන ගත්තා. මම කැමතියි ධ්‍යාන වඩලා කෙලෙස් දුරු කර ගන්න. මා කෙරෙහි අනුකම්පා කොට මට උපදෙස් දෙන සේක්වා” මහාකාරුණික බුදුරජාණන් වහන්සේ “මහාපාල” තෙරුන් හට උපදෙස් ලබා දුන්නේ ය. උපදෙස් ලබාගත් “මහාපාල” ස්වාමීන් වහන්සේ තවත් ස්වාමීන් වහන්සේ හැට නමක් සමඟ චාරිකාවේ වැඩම කළහ. සැවැත් නුවර සිට යොදුන් ගණනක් ඈතට වැඩියහ.
සන්සුන් ඉරියව් ඇති ස්වාමීන් වහන්සේ දුටු ජනයා වස් තුන්මාසය එම ජනපදයේ වැඩ සිටින ලෙස ආරාධනය කළහ. මහාපාල තෙරුන් ඇතුළු අනිකුත් ස්වාමීන් වහන්සේ එම ආරාධනාව පිළිගත් හෙයින් ඉමහත් පී‍්‍රතියට පත් ජනයා ඉක්මණින් කුටි, සක්මන් මළු, භාවනා ශාලා ඉදි කරන්නට විය. ගමේ සිටි දක්‍ෂ වෙද මහත්මයකු ස්වාමීන් වහන්සේ අමතා මෙසේ පවසන්නට විය. මේ වස් තුන්මාසයේ ඔබ වහන්සේලාට සෑදෙන ඕනෑම රෝගයකට මම බෙහෙත් කරන්නම් මාහට දන්වන්න.
වස් විසීමේ නියමිත දවස උදා විය. මහාපාල ස්වාමීන් වහන්සේ අනෙකුත් ස්වාමීන් වහන්සේ අමතා අහනවා “පින්වත් ස්වාමීන් වහන්ස මේ වස් තුන්මාසය ඉරියව් කීයකින් ගත කරන්නද බලාපොරොත්තු වන්නේ” “මහාපාල ස්වාමීන් වහන්ස! අප ඉරියව් හතරින්ම කල් ගෙවන්නයි හිතාගෙන ඉන්නේ යනුවෙන් අනික් ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්හ” එවිට මහාපාල ස්වාමීන් වහන්සේ අනෙකුත් ස්වාමීන් වහන්සේලා අමතා මෙසේ ප්‍රකාශ කරනවා.
දැන් අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේගෙන් උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබුණා. උතුම් පැවිදි උපසම්පදා බවට පත්වුණා. ප්‍රමාද වීම අනතුරුදායකයි. ඉතින් මම තීරණය කළා සැතපෙන ඉරියව්වෙන් තොරව ඉරියව් තුනකින් කල් ගෙවන්න අනෙකුත් ස්වාමීන් වහන්සේලා එම ක්‍රියාව බොහෝ අගය කොට සැලකූහ.
පින්වතුනි! මේ මහාපාල ස්වාමීන් වහන්සේ පළමු මාසයේ හොඳට භාවනා කළහ. දෙවැනි මාසයේ මුල් සතියේ රාත්‍රියක මහාපාල ස්වාමීන් වහන්සේට අක්‍ෂි රෝගයක් හැදුනා. පසුදා උදෑසන පිඬු සිඟා වඩින්ට සූදානම් වන විට අනෙක් ස්වාමීන් වහන්සේලා දුටුවා මහාපාල ස්වාමීන් වහන්සේගේ දෙනතින් කඳුලු ගලන ආකාරය. ස්වාමීන් වහන්සේලාට මතක් වෙනවා, වස් වසන අවස්ථාවේ වෙදකම් කරන්න පොරොන්දු වූ වෙද මහත්තයා පිළිබඳව. ඒ වෙදමහත්මයාට කරුණු දැක් වූ පසු ඔහු විසින් මහාපාල ස්වාමීන් වහන්සේට වටිනා තෛලයක් පූජා කළා. ස්වාමීන් වහන්ස! මේ තෙල් බින්දු ගෑමෙන් රෝදුක දුරුවී යාවි යැයි වෙද මහත්මයා උපදෙස් දුන්නා.
මහාපාල ස්වාමීන් වහන්සේ ඇස්වල තෙල් දැම්මේ වාඩි වෙලා. හාන්සි වෙලා නොවේ. හාන්සි වෙලා බෙහෙත් දැම්මෙ නොමැති නිසා එන්න එන්නම රෝගය උග්‍ර වනවා මිසක සුවවීමක් පෙන්නුම් කළේ නැහැ. නමුත් මහාපාල ස්වාමීන් වහන්සේ තම අධිෂ්ඨානය අතහැරියේ නැහැ. නිතර නිතරම කල්පනා කළේ මම කොහොමත් මැරෙන කෙනෙක්නේ. තවත් ප්‍රමාද නොවී චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට උත්සාහ ගන්න ඕනෑ. එසේ සිතා උන්වහන්සේ දිගටම භාවනා කළා.
වස් කාලය අවසන් වන දවසේ රාත්‍රියේම මහාපාල තෙරුන්ගේ ඇස් දෙක සදහටම නොපෙනී ගියේ ය. මේ ගෞතම බුද්ධ ශාසනයේදීම සියලු කෙලෙසුන් නසා උතුම් අරහත්වයට පත් වුණේ ද එම අවස්ථාවේදීමය. පසුදා උදෑසන මහාපාල තෙරුන් පිණ්ඩපාතයේ නොවැඩි නිසා, අනෙකුත් ස්වාමීන් වහන්සේලා උන්වහන්සේ බලන්ට ගිය අවස්ථාවේ ඇස් අන්ධ වූ කථාව ඇසූ උන්වහන්සේලා මහාපාල රහතන් වහන්සේට උපස්ථාන කළහ. දෑසම අහිමි වූ නිසා උන්වහන්සේ ප්‍රසිද්ධ වුණේ “චක්ඛුපාල රහතන් වහන්සේ ලෙසයි” වීර්ය වන්ත චක්ඛුපාල මහරහතන් වහන්සේගේ අවවාද අනුශාසනා නිසා, අනෙකුත් ස්වාමීන් වහන්සේලාටත් මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම සියලු කෙලෙසුන් නසා උතුම් අරහත්වයට පත් වීමට වාසනාව ලැබුණි.
චක්ඛුපාල මහරහතන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ සිටින විට මහා වැස්සක් ඇද හැලිනි. පසුදා හිමිදිරි පාන්දර, සක්මන් භාවනාව කරමින් සිටියදී, චක්ඛුපාල මහරහතන් වහන්සේගේ දෙපා වලට පෑගි මඩියෝ මිය ගියහ. මේ දුටු ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දැන්වූහ. “පින්වත් මහණෙනි, සියලු කෙලෙසුන් නසා අරහත්වයට පත් වූ ස්වාමීන් වහන්සේට මරණ චේතනාව ඇති නොවන්නේ ය. කියා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළහ. සංසාර චක්‍රය නවතාලීමට පෙර පින් තිබූ චක්ඛුපාල රහතන් වහන්සේගේ ඇස් අන්ධ වීමට හේතුව කුමක්දැයි ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් විමසූහ.
පින්වත් මහණෙනි! අතීතයේ බරණැස් නුවර කසී කියලා රජකෙනෙක් රජකම් කරන යුගයේ ප්‍රසිද්ධ ඇස් වෙද මහත්මයෙකු වාසය කළහ. දිනක් කාන්තාවක් ඇසක් දුර්වල නිසා, මෙම වෙද මහතා ළඟට පැමිණ, සුව කර දෙන ලෙස ඉල්ලා සිටි අතර, ඇස හොඳ වුවොත් දූ දරුවන් සමඟ පැමිණ වෙද මහතා ළඟ බැල මෙහෙවරකම් කරන බවට ප්‍රතිඥාවක් වූවාය. වෙද මහත්තයා ඒ ගැන සතුටු වී එක බෙහෙතකින් ඇස සුවපත් කළහ. ඇස හොඳ වූ පසු ඒ මහලු කාන්තාව ඇස හොඳ වුවහොත්, දූ දරුවන් සමඟ බැලමෙහෙකාරකම් කරන්න එන බවට වෙද මහත්මයාට පොරොන්දු වුණා. එය කිසිසේත් කළ හැකි දෙයක් නොවේ.
එම නිසා ඇස සනීප නැති බව පවසන්නට ඕනෑ යැයි සිතා වෙද මහතා ඉදිරියේ බොරු ලෙඩක් මවා පෑවා. තවමත් මගේ ඇස් රෝගය තියෙනවා. තවමත් අමාරුයි. කියා මහලු ස්ත්‍රිය කියූ විට, ඇය පවසන්නේ අසත්‍යයක් බවත්, මැය කපටි මැහැල්ලක බව තේරුම් ගත් වෙද මහතා ඒ ගැන කීපී නැවතත් ඇයට ඇස් අන්ධ වීමට බෙහෙත් දුන්නේ ය. බෙහෙත් යෙදූ ස්ත්‍රියගේ දෑසම නොපෙනී ගියේ ය. ඒ වෙද මහතා මේ චක්ඛුපාල රහතන් වහන්සේ ය. පෙර කළ ඒ කර්මය නිවන් දකින අවස්ථාවේ දී විපාක දුන්නේ ය. චක්ඛුපාල මහරහතන් වහන්සේගේ එම කථා පුවතින් අපිරිසුදු මනසකින් යුතුව යම් දෙයක් කරයිද, කියයිද, එහි අකුසලය විපාකය විඳීමට සිදුවන බව මනාව පැහැදිලි වේ.

වැසි සමයෙන් ඇරැඹුණු මහ පිනැ’ති පින්කම

ධර්ම දේශනාව(බුදුසරණ 2007.10.25)

“අනුජානාමි භික්ඛවේ වස්සං වුත්ථානං භික්ඛුනං කඨිනං අත්ථරිතුං අත්ථත කඨිනානං වෝ භික්ඛවේ භික්ඛවේ පංච කප්පිස්සන්ති අනාමන්තචාරෝ අසමාදානචාරෝ ගණ භෝජනං යාචදත්ථ චීවරං, යෝ ච තත්ථ චිවරුප්පාදෝ සෝ නේසං භවිස්සති, අත්ථක කඨිනානං වො භික්ඛවෙ ඉමානි පංච කප්පිස්සන්ති”
කාරුණික පින්වත!
විනය පිටකයට අයත්, මහාවග්ග පාලියේ කඨිනක්ඛන්ධකයෙහි එන මෙම පාඨය මාතෘකාව වශයෙන් යොදා ගත්තේ, ඒ සම්බන්ධයෙන් කථා කරන්නට සුදුසු ම කාලය එළැඹ ඇති බැවිනි. බුද දහමත්, බෞද්ධ විනයත්, බෞද්ධ සංස්කෘතිය හා ශාසන ඉතිහාසයත් එකට කැටිවුණු ඉතා වැදගත් සංසිද්ධියක් වන කඨින මහා පුණ්‍ය කර්මය පැවැත්වෙන්නේ මේ කාල සීමාව තුළ දී වීම ඊට හේතුවයි. භික්ෂූන් වහන්සේට වස් සමාදන්වීම ගැනත්, වස් කාලය නිසියාකාර නිම කිරීමෙන් පසු කඨිනයක් ලබා ගැනීම ගැනත් කඨිනය ලබන භික්ෂුවට ශාසනික පක්ෂයෙන් ලැබෙන වරප්‍රසාදත් සඳහන් වන මෙම පාඨය, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ විසූ ක්‍රි. පූ, 6 වන ශත වර්ෂය දක්වා වසර 2550 ක දීර්ඝ ඉතිහාසයක් වෙත අපගේ අවධානය යොමු කරවන්නක් ලෙස හඳුන්වා දිය හැකි ය.
බුදු දහම ව්‍යාප්ත වන විට, විශාල වශයෙන් බුද්ධිමත් පිරිස් බුදු දහම පිළිගත් විට, බුදු දහමට එරෙහි චෝදනා, දෝෂාරෝපණ මෙන් ම බලවේග ද ඉහළ යන්නට වූ බව පෙනේ. අන්‍යාගමික ශාස්තෘවරුන් තුළ තම තමන්ගේ අනුගාමික පිරිස් අඩුවීම නිසා ඇති වූ ද්වේෂයත්, බුදු දහමට ලැබුණු අසීමිත අනුග්‍රහයත් නිසා හටගත් ඊර්ෂ්‍යාවක් මේ විරෝධතාවන්ට මුල් වූ බව නිසැක ය. මේ පසුබිම සැකෙවින් හෝ සිිහියේ තබා ගත යුත්තේ . අප කථාකරන්නට යන මාතෘකාවට පදනම් වන්නේ ද මේ තත්ත්වය වන බැවිනි.
බුදුරජාණන් වහන්සේ තම අනුගාමිකයනට අවවාද කළේ “චරථ භික්ඛවේ චාරිකං බහු ජන හිතාය, බහු ජන සුඛාය, අත්ථාය හිතාය සදේව මනුස්සානං” (මහණෙනි, දෙවියන් සහිත ලෝකයාගේ යහපත පිණිස සදහම් චාරිකාවෙහි හැසිරෙන්න) යනුවෙනි. මේ අවවාදයට අනුගත වූ භික්ෂූන් වහන්සේ, එකී අරමුණු උදෙසා පූර්ණ කාලීනව කැපවෙමින් ධර්ම ප්‍රචාරයේ යෙදෙන්නට වූහ.
අවු - වැසි නොතකා, දිවා - රෑ නොබලා, සැප - දුක නොසලකා සංචාරය කරමින් බුද්ධාවවාදය අනුව ධර්ම ප්‍රචාරක කටයුතුවල යෙදුණු භික්ෂූන් වහන්සේට වැසි සමයේ දී සමාජයෙන් එල්ල වූ බරපතළ දෝෂාරෝපණයක් වූයේ, නව තණ පත්‍ර මඩිමින් ක්ෂුද්‍ර ප්‍රාණීන් නසමින් ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයන් මහත් නොකටයුත්තක් කරන බවට යි.
ඒ වන විට ඉන්දියාවේ මුල්බැසගෙන තිබුණු විශ්වාසවලට අනුව වැසි සමයේ දී දළුලන තෘණ වර්ගයන්ට පවා කිසියම් ප්‍රාණයක් වූ බවට පිළිගැනීමක් විය. තෙත පසෙහි අනන්ත අප්‍රමාණ ක්ෂුද්‍ර ජීවීහු ඉපිද වැඩෙති. ජීවත් වෙති. එසේ හෙයින් උග්‍ර අවිහිංසා වාදය පිළිගත් ආගමික පිරිස් වැසි සමයේ දී තෙත් පොළොව මැඩීම පාපයක් ලෙස පිළිගත්හ. වැසි සමයේ දී භික්ෂුන් වහන්සේගේ සංචාරයට එරෙහි වූයේ මේ පසුබිම මතය.
ජනතා හඬට සවන් දුන් බුදුරජාණන් වහන්සේ, වැසි සමය තුළ දී උපසම්පන්න භික්ෂූන් වහන්සේ විසින් පිළිපැදිය යුතු පිළිවෙත අනුදැන වදාළහ. එනම් සෑම උපසම්පන්න භික්ෂුවක් ම කිසියම් ආරාමයක් කේන්ද්‍ර කර ගනිමින් වස් විසීම අනිවාර්ය කිරීමට විනය ප්‍රඥප්තියක් නිර්දේශ කිරීම ය. වස් විසිය යුතු කාලය, වස් විසිය යුතු පිළිවෙළ, ඒ සමය තුළ අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති ආදී වශයෙන් විස්තර වශයෙන් පෙන්වා දුන් වැඩ පිළිවෙළක් ඊට ඇතුළත් වෙයි.
ඉන්දියාවේ ඍතු රටාව අනුව, වර්ෂා ඍතුව මාස 03 ක් වෙයි. සාමාන්‍යයෙන් මේ කාලය අධික වර්ෂාව සහිත, දුෂ්කර කාල පරිච්ඡේදයකි. එකල ගමනාගමනය අතිශයින් අපහසු වෙයි. වර්තමානයේ වුවද, මේ තත්ත්වය එසේ ම ය. බුද්ධ කාලයේ මේ තත්ත්වය වඩාත් කටුක වන්නට ඇත. මාර්ග ජලයෙන් යට වී, ගංගා පිටාර ගලා ඇතිවන බරපතළ තත්ත්වය භික්ෂූන් වහන්සේගේ ධර්ම චාරිකාවලට මෙන්් ම උන්වහන්සේ ගේ සෞඛ්‍ය තත්ත්වයට ද අයහපත් අන්දමින් බලපාන්නට ඇත. මේ කාල සීමාව තුළ එක් තැනක රැඳී ආගමික කටයුතුවල නියැළෙන්නට බුදුරජාණන් වහන්සේ නියම කරන්නට ඇත්තේ සමාජයෙන් එල්ල වූ චෝදනා මෙන් ම, එකී තත්ත්වය ද සැලකිල්ලට ගැනීමෙන් විය යුතු ය.
දායකයන්ගේ ආරාධනයක් ඇතත්, නැතත් සෑම උපසම්පන්න භික්ෂුවක් ම නියමිත කාලය තුළ නිශ්චිත ආරාමයක වස් එළැඹිය යුතු වීම, විනය ප්‍රඥප්තියකි. මේ කාල සීමාව තුළ, බොහෝ විට ම දායක දායිකාවෝ වස් විසූ භික්ෂූන් වහන්සේට වැඩි කැමැත්තකින් සිවුපසය සපයති. වස් සමය තුළ - වස් එළැඹි භික්ෂුව, එම ආරාමයෙහි නිත්‍යවාසී විය යුතු ය. කිසියම් අවශ්‍යතාවක් සඳහා බැහැර යෑමට සිදු වන්නේ නම් සත් දිනක් තුළ නොවරදවාම ආපසු පැමිණීම (සත්තාහකරණය) අනිවාර්ය වෙයි. කිසියම් හේතුවකින් එසේ පැමිණීමට නොහැකි වුවහොත් වස් ඡේදනය වෙයි. එසේ වස් ඡේදනය වුවහොත් කඨිනය ලැබීමට හෝ කඨිනානිශංස වශයෙන් විනයානුකූ®ලව හිමිවන වරප‍්‍රසාද ලැබීමට හෝ නොසුදුස්සකු ද වෙයි.
“වස් සමාදන්වීම” යනු, ශාසනික ගිවිසුමකි. ගිවිසුමකට කොන්දේසි අයත් වෙයි. එකී කොන්දේසි සපුරාලමින් ගිවිසුම සපුරා ඉටු කළ පසු, නිශ්චිත දින වකවානුවල දී ගිවිසුමෙන් මිදිය හැකි ය. “වස් පවාරණය” යනු එසේ ගිවිසුමෙන් මිදීම ය. වස් පවාරණය කළ භික්ෂුවකට ලැබෙන ප්‍රතිලාභය, කඨින චීවරයක් ලබා ගැනීමට සුදුස්සකු වීම ය. කඨින චීවරයක් ලැබීම, ශාසනික වරප‍්‍රසාද පහක් ලබා ගැනීමට හිමිකම් ලැබීමකි. ඉහත සඳහන් කළ පාලි පාඨයෙන් පැවසෙන්නේ ඒ සම්බන්ධවයි.
කඨින වස්ත්‍රයක් පිදීමත්, ලැබීමත් මහානිශංසදායක පුණ්‍යකර්මයක් ලෙස පිළිගනු ලැබේ. බුද්ධ කාලයේ සිට අද දක්වා ම එබඳු ආකල්පයක් තහවුරු වී තිබෙන්නේ, එම පුණ්‍ය කර්මයෙහි දුර්ලභකමත්, ඉන් ලැබෙන ආනිශංසයෙහි මහත්වයත් නිසා ය. කඨින පූජාවක් යනු, මුළුමනින්ම විනය කර්මයකි. එය විනය කර්මයක් වශයෙන් දෙවන වන්නේ, සීමා සම්මත විනය කර්මයකට පමණකි. ථෙරවාද - මහායාන භේදයකින් තොරව, සමස්ත සංඝ සමාජයම එක සේ පිළිපදින විනය නීති මාලාවකින් ආවරණය වූ එකම පින්කම, කඨින පූජාව ලෙස සඳහන් කිරීම නිවැරැදි ය.
“කඨින දානං සබ්බදානතෝ අග්ගං ච හෝති සෙට්ඨං ච” (කඨින දානය සියලු දාන අතුරින් අග්‍ර ද
ශ්‍රේෂ්ඨ ද වෙයි) යනුවෙන් කඨින වංශයෙහි සඳහන් වන අන්දමට කඨික පින්කමකින් දායකයාට ලැබෙන ආනිශංස පංච ආනන්තරිය කර්මයකින් හැර අනෙක් කිසිදු අකුසල කර්මයකින් අභිභවනය කළ හැකි නොවේ.
බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීම පරිද කඨින පූජාවෙන් තමන් ලත් අනේක විධ ආනිශංස පිළිබඳ නාගිත තෙරුන් කරන විස්තරය නාගිතාපදානයෙන් දැකිය හැකි ය. මේ අදහස් පසුකාලීන බෞද්ධ සැදැහැවතුන් කඨින පූජාව කෙරෙහි වඩාත් ඇදී යන්නට හේතුවක් වූ බව නිසැක ය.
සාමාන්‍යයෙන් ඕනෑම පින්කමක ආනිශංස ලබන්නේ, පින්කම කරන්නා හෙවත් දායකයා ය. දානයක් දෙන විට දායකයාට පින් ලැබේ. ප්‍රතිග්‍ර‍්‍රාහකයාට ලැබෙන්නේ එහි ප්‍රතිලාභ ය. එහෙත් කඨින පූජාවක තවත් සුවිශේෂත්වයක් වන්නේ, දායකයාටත්, ප‍්‍රතිග්‍රාහකයාටත් එක සේ එහි ආනිශංස ලැබීම ය.
මෙහි ආරම්භයේ දී සඳහන් කළ පාළි පාඨයෙන් කඨිනයක් ලබන භික්ෂුවකට ලැබෙන විනයානුකූ®ල වරප‍්‍රසාද පහක් සඳහන් වෙයි. පාළි වචන වලින් ඒවා නම් කරන්නේ අනාමත්ත චාර, අසමාදාන චාර, ගණ භෝජන, යාවදත්ථ ධීවරුප්පාද සහ චීවරුප්පාද යන නම් වලිනි. මේවා ගිහි පක්ෂයට අදාළ නො වුව ද සිය පණ මෙන් විනය රකින භික්ෂුවකට වචනයෙන් කියා නිම කළ නොහැකි තරම් අගනා විනයානුකූල වරප‍්‍රසාද ය.
“විනයෝ නාම සාසතස්ස ආයු” (සසුනේ ආයුෂ විනය යි) යන බුද්ධ භාෂිතය අනුව, විනය යනු, භික්ෂු ජීවිතයක ජීවය වෙයි. සසුන පවතින්නේ විනය ගරුක භික්ෂූන් වහන්සේ නිසාය. සිය පණටත් වඩා තමන්ගේ විනය සුරැකි භික්ෂූන් වහන්සේ පිළිබඳ කතා පුවත් බෞද්ධ සාහිත්‍යයේ සුලබ ය. එබඳු තත්ත්වයක් යටතේ විනය නීති පහකින් භික්ෂූන් නිදහස් කිරීම යනු අසිරිමත් ස්වාධීනත්වයක් ලැබීමකි. ඒ ස්වාධීනතාව, කඨිනයක් ලබන භික්ෂුවකට නිශ්චිත කාලයකට හිමි වෙයි.
සංඝයා වහන්සේ ගේ අනුදැනීමකින් තොරව ගම් නියම්ගම්හි සංචාරය කිරීම භික්ෂූන් වහන්සේට අකැප ය. සංඝ සමාජයේ සහජීවනයට එබඳු පැවැත්මක් අත්‍යවශ්‍ය වෙයි. එහෙත් කඨිනයක් ලැබූ භික්ෂුවකට ස්වකීය අභිමතය පරිදි එසේ සංචාරය කළ හැකි ය. “අනාමන්තචාරය” යනු එයයි.
භික්ෂුවක් නිරන්තරයෙන්ම තුන් සිවුරෙන් යුක්තව විසීම, අනිවාර්ය වෙයි. නිදා ගන්නා විටක පවා තම අත්පසක තුන් සිවුර තිබිය යුතු බව විනය නීතියයි. එහෙත් කඨිනය ලත් භික්ෂුවට එය බලපාන්නේ නැත. තමන් කැමැති සිවුරකින් - තම අභිමතය පරිදි පරිභෝග කිරීමේ නිදහස උන්වහන්සේට ලැබෙයි. “අසමාදානචාර” නම් ඒ වරය යි.
යමක් ඉල්ලාගෙන වැළඳීම හෝ තමන් වෙනුවෙන් ම දෙන දෙයක් පිළිගැනීම භික්ෂු විනයට පටහැනි ය. කඨිනයක් ලත් භික්ෂුව එකී වාරණයෙන්ද නිදහස් කැරේ. “ගණ භෝජනය” යනු එය යි.
සඟ සසුනේ වැදගත් අංගයක් වන්නේ බහු භාණ්ඩික නොවීම ය. එය අල්පේච්ඡතාවයේ ලක්ෂණයකි. ඒ නිසාම තුන් සිවුරට අතිරේකව සිවුරු පිළිගැනීම හෝ දැරීම හෝ විනය විරෝධී ය.
කඨින චීවර ලබන භික්ෂුව මේ වාරණයෙන් ද නිදහස් වන්නේ ය. “යාවදත්ත චීවර” නමින් දක්වා ඇත්තේ එම වරප්‍රසාදය යි.
“චීවරුප්පාදය” යනු නිශ්චික කාල සීමාවක් තුළ විහාරයට ලැබෙන සියලු වස්ත්‍රවලට හිමිකමන් ලැබීම ය. එසේ ලැබෙන වස්ත්‍ර තම අභිමතය පරිදි බෙදා දීමට කඨින චීවරය ලත් භික්ෂුවට අයිතිවාසිකමක් හිමි වෙයි. එහි අදහස සාංඝික න්‍යායට ඒ දීමනා අයත් නොවන බව ය.
මේ වරප‍්‍රසාද පහ කථින චීවරයක් ලබන භික්ෂුවකට මාස පහක කාලයක් ගත වන තුරු හිමි වෙයි.